නාඩි සෙට් එක

Monday, July 9, 2012

පඩ සරත්!!!

අල ගෝනි හා නයිස් බුරි ලියලා මරණ තර්ජන..සුදු වෑන් භිතිකා වගේ ඒවා එන්න පටන් ගත්ත නිසා කස්ටිය කූල් වෙලා යන්නත් එක්ක කියල අද නාඩියා ඉස්කෝලේ යන කාලේ සිද්ධ වෙච්ච පොඩි පොඩි කතා දෙකක් තුනක් කොටන්න හිතුනා...ඉස්කෝලේ කාලේ වෙච්ච ජල්තර වැඩ ඔක්කොම ලියන්න ගියොත් මුළු බ්ලොග් අවකාශයම බදු ගන්න වෙයි! ඒ නිසා අද ලියන්නේ නාඩියාගේ අවුරුදු 5 ක රසබර කැඩෙට් ජිවිතේ ජොලිබර අද්දැකීම් ටිකක්!
රන්ටැඹේ

නාඩියා කැඩෙට් කෙනෙක් උනේ 2006 අවුරුද්දේදී!ඒ කියන්නේ 10 වසරේදී!platoon එකේ 24 වෙනියා විදිහට තමයි කැම්ප් ගියේ!(platoon එකකට කොල්ලෝ ඉන්නේ 25 යි!24 උනාම ලැබෙන සැලකිලි එහෙම අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ!)හැබැයි ඉතින් ඒ කාපු කට්ට නිසා තමයි අදත් ඔළුව උස්සලා ජිවත් වෙන්නේ!

පළවෙනි ජොලිබර කතාව උනේ කැම්ප් ගිය පලවෙනි අවුරුද්දෙමයි!රන්ටැඹේ ජාතික ශිෂ්‍ය භට බලකා පුහුණු මධ්‍යස්තානේ තමයි අපිට සති දෙකක පුහුණුව තිබ්බේ...යන කොට ඉතින් කැඩෙට් ගැන දන්නේ බොහොම ටිකයි නේ!ගිය දවසේ ඉදන් වෙන්නේ චාටර් කන එක!මොකෝ නාඩියාගේ කටත් ඇති සුන්දර වක්කඩ වගේනේ!රන්ටැඹේ කැම්ප් එකේ කැන්ටිමක් තියනවා..ඕනේ අයට ගිහින් අහාර වේලට අමතර ඔය පැණි කජු එහෙම කන්න පුළුවන්!ගිය කස්ටිය කාලත් ඇතිනේ.... ඔය කැන්ටිමේ ඉන්නෙත් හමුදා නිලධාරිනියෝ..තරු 3 නේ එක්කෙනෙකුයි...තනි තරුවේ එක්කෙනෙකුයි තමයි හිටියේ මට මතක විදිහට...නාඩියා ඉතින් ගිය ගමන් ඕවා දන්නේ නෑනේ!දවසක් හවසක ගිහින් 50 හේ කොලයක් දික් කරලා..

“ඇන්ටි..පැණි කජු එකා...ක්!!”

අල් යන්න පිට උනා විතරයි...

“කවුද කොල්ලෝ ඇන්ටි!!!උඹ හිතුවද මේක නයිට් කඩයක් කියලා....”

“සොරි අක්කේ......”(නාඩියා හිතුවේ ඇන්ටි කියපු නිසා සත්තම දානවා කියල)

“අක්කේ!!! ගිහින් $%^&...... !පැණි කජු ඉල්ලන්න ආවා!” 

එදා තමයි දැන ගත්තේ ඒ අයට “මැඩම්” කියලා කතා කරන්න ඕනේ කියල!හික්ස්...  

ඊට පස්සේ අවුරුද්දේ නාඩියා ලාන්ස් කෝප්‍රල්!!!තනි පටියයි!ඕක ලැබුනා කියල කරපු ජල්තර වැඩ වැඩි උණ එක විතරයි උනේ...අපිට ශිෂ්‍ය භට පුහුණුවට තියනවා භුමි උපක්‍රම කියල පාඩමක්!එකේ තියනවා වෙස් වලාගැනීම..භුමි නිරීක්ෂණ වගේ ඒවා!(අනාගතේට හරි ප්‍රයෝජනවත්!) එක දවසක් ඔන්න භුමි උපක්‍රම පාඩම..නාඩියා තමයි සතුරා...කොළ අතු එල්ලගෙන..මුනේ දැලි ගාගෙන මාන අකුලක් අස්සේ හැංගිලා ඉන්නවා..අනිත් කස්ටිය හොයන්න ඕනේ..හැබැයි දුර ඉදන්!නාඩියාට තියෙන සහජ හැකියාවක් තමයි ඕනෑම ගුබ්බෑයමක සැපසේ නිදා ගැනීමේ හැකියාව....කස්ටිය දැන් පණ දාගෙන මාව හොයනවලු....කාලෙත් ඉවරයි..සර් විසිල් එක පිබිනවා..ඩයල් එක නෑ!!!සර්ටත් හීන් දාඩිය දාළලු මූට මොකක් හරි කරදරයක් වෙලා කියල...හොයලා බලනකොට නාඩියා මාන අකුලේ සැපසේ දොයි!!කොහොමද සැඟවී සිටීමේ අලුත්ම උපක්‍රමේ!

කස්ටිය දැකලා ඇතිනේ කැඩෙට් ලා ටයි කෝට් දාපුවහම කෝටියක්‌ විතර බැජ් එල්ල ගෙන යනවා!සාමාන්‍යයෙන් අපි ඒවාට හරි ආදරෙයි....ඔය අලුතින් කැම්ප් එන පොඩි කස්ටිය හිතන්නේ බැජ් 6 ක්‌ 7 ක්‌ තිබ්බ කියන්නේ ඉතින් ජෙනරාල් වගේ චරිතයක් කියල!අපිටත් ඉතිං ඕක හොද ආතල් එකක් ගන්න වෙලාවක්!මේ තියෙන්නේ නාඩියා බැජ් වනාගෙන ගහපු පින්තුර කෑල්ලක්!

දවසක් මමයි මගේ අතීසාර මිත්තරයයි ටයි කෝට් දාල බැජ් වනාගෙන සුවද එන්න air freshner පාරක් එහෙම ගහගෙන බර ආදී තිය තිය mess එක පැත්තේ ඉදන් එනවා...ජුනියර්ස්ලා පෝලිමක් ම ඉස්සරහං එනවා!මුලින්ම ආපු එකා එක පාරට සීරුවෙන් හිටගෙන “Good Evening Sir!!!!” කියල කිව්වා!මෑන්ස් රැවටිලා!
ඔන්න පල්ලම!

“කොහෙද යන්නේ ??” (මම ටිකක් බර කරලා ඇහුවා!”)

“බිලට් එකට සර්...”

“මොනවද බකට් ඇතුලේ???හොරෙන් කෑම ගෙනියනවා නේද බිලට් වලට!!!”

“න්..නෑ....නැ ..නෑ..සර්ර්.....” 
(බිලට් වලට කෑම ගෙනියන්න තහනම්!හැබැයි අපිත් ඕක අනිවා හොරෙන් කරනවා!)

“ආ.. කෑම ගෙනියන්න නේ!ගන්නවා ඔක්කොම බකට් ටික ඔළුවට!පනිනවා සෙට් එකම හාවෝ!!ඩබල්!!ඩබල්!!”
දුන්න සෙට් එකට හොද පෝරියල් එකක්!අර සෙට් එක හාවෝ පනිනකම් අපි දෙන්න හිමින්ම මාරු උනා!නැත්නම් සදා සොත්තිනේ!!!


කොහොම කොහොම හරි කට්ට කාගෙන ඉදලා 2011 අවුරුද්දේ නාඩියා ශිෂ්‍ය භට සැරයන් උනා!පටි තුනයි!ගෙන සැලකිලි ඉතින්!හැබැයි කොල්ලෝ 25 ක් අරගෙන උන්ව පාලනය කරගෙන කොහොම හරි ගේම ගොඩ දාන ඕනේ! ඒ අවුරුද්දේ නාඩියාට පුළුවන් උනා “හොදම විනය ඛණ්ඩය” කියන සම්මානේ පාසලට අරන් දෙන්න!පිස්සු බම්ප් වෙනවා නේ!

සේවා ප්‍රණාම ලැබුණු දවසේ
කැම්ප් ගිය මිනිස්සු නම් දන්නවා ඇති සාමාන්‍යයෙන් හමුදා සිරිත් විරිත් අනුව රෑ කෑම ගන්න full kit ඇදලා මහත්තුරු වගේ යන්න ඕනේ..හැදි ගෑරුප්පු තියලා මේසෙට රෙද්දක් එලලා..මල් වාස් එකක් එහෙම තියන්නත් ඕනේ!නැත්නම් mess(බෝජනශාලාව) එකට එන්න දෙන්නේ නෑ!එක දවසක් හදිසියේ නාඩි සාජන් platoon එකත් අරගෙන යකෙක් කන්න තරම් බඩගින්නේ mess එකට එනවා!මල කෙලියයි!!මල් වාස් එක ගෙනත් නෑ! Mess duty ඉන්න උන්ගේ ජාතිය අමතලා එකෙක්ට කිව්වා...

“ඩබල් ගිහිං මල් පෝච්චිය අරං වර!”
මේ යකා දැන් පණ එපා කියල දුවල ගිහිං මොකක්දෝ කරේ තියන එනවා මට දුරින් පේනවා!!පිස්සු කොර!මේසේ උඩ තියන මල් වාස් එක ගෙන්න යවපු එකා billet එක ඉස්සරහ තිබිච්ච තඩි බෝගන්විලා පෝච්චියක් උස්සන් එනවා  හති දම දමා...!!!!

දැන් තමයි හොදම කතාව...හැබැයි මේක ලියන්නේ අපේ විරෝධාර හමුදාවට කරන අගෞරවයක් හැටියට නෙවෙයි...(just a jolk හොදේ...)මේක කියෝන කස්ටිය දැකලා තියනවනේ හමුදා ආචාර පෙළපාලි?ඒවාගේ නිලධාරීන් යන්නේ කඩු අරගෙන!(ඔය නිදහස් දිනේ දවසේ එහෙම පෙන්නන්නේ..)

නාඩියා හෙන උස මනුස්සයා නිසා හිටියේ පළවෙනි පෝලිමේ ...Platoon commander විදිහට හිටපු නිලධාරියා (තරු දෙකක්!) නාඩියාට පොඩ්ඩක් ඉස්සරහින් තමයි ඉන්නේ..ඔන්න commands පටන් ගත්තා...තාර පිට්ටනියේ කිසිම සද්දයක් නෑ!
“සීරුවෙ....න් අවි!!!!”
“ටක්ස්..ටක්ස්..ක්‍රක්ස්..!”   
(Weapon එහා මෙහා වෙන සද්දේ විතරයි ඇහෙන්නේ..)

 “පහසුවේ.....න් අවි!!!”
“ටක්ස්..ටක්ස්..ක්‍රක්ස්..!”  

“.....ප්රුප්......!!!!!”

නාඩියාට බකස් ගාල හිනා ගියා !සද්දේ ආවේ ඉස්සරහ හිටිය තරු දෙක පැත්තෙන්!අසරණ සර්ට හෝල්ට් එක ගහද්දි පොඩි අධෝ වාතයක් ටිකක් සද්දෙන් පිටවෙලා!ආයේ මොකෝ!නාඩියා හිනා වෙන්න පටන් ගත්තහම මුළු squad එකම හිනා සාගරයයි!

තරු දෙක අපි දිහාට හැරිලා අර කැපෙන්නේ නැති කඩුව දික් කරලා....
“කපනවා තොපේ %&%&!!” කිව්වා! 

හැබැයි වැඩේ හරි ගියේ නෑ!මුලින් හිනාවෙච්ච එකා හොයා ගන්න සෑහෙන්න වද වින්ද ඒ අසරණ සර්!හැබැයි තාමත් ඒ ඩයල් එකට කොල්ලෝ කියන්නේ “පඩ සරත්!” (නම් පමණක් මනහ්කල්පිතය !)



  
ලයික්  එකකුත් දාල යමුද?

36 comments:

  1. හී හී..නියම කතාව සහෝ.. :) :)

    ඒත් පව් අනේ ඒ මනුස්සයට ආය ඔහොම කියන්න එපා..:)

    ReplyDelete
    Replies
    1. ආයේ කියන්නේ නෑ!! :p
      තැන්කු ඈ!!!!

      Delete
  2. නාඩියෝ, මම පාසල් ශිෂ්‍ය භට සැරයන් වරයකු ලෙස පටි තුන ඇන්දේ 1968 දී. මම යුද්ද හමුදාවෙන් විශ්‍රාම ගත්තේ 2010 දී. ඒ කියන්නේ නාඩියා මගේ දරුවෙක් හා සමානයි. හැබැයි ඔයාගේ ශිෂ්‍යභට ජීවිතය බොහොම රසවත් එකක් බව පෙනෙනවා. ඒවා නොකලොත් ඒකා ශිෂ්‍ය භටයෙක් නෙවෙයි. පොතක් ලියන්න තරම් මටත් ඒ වගේ අත්දැකීම් තියනවා. අපි ඒ කාලේ ශිෂ්‍යභට පුහුණුව ලැබුවේ දියතලාව යුද හමුදා කඳවුරේ. ගමන යන්නේ කෝච්චියෙන්. ඒවා ගැන ටිකක් විස්තර මගේ බ්ලොග් එකේ තියනවා. මට තවම මතකයි මම නිලධාරියකු ලෙස අධිකාරියට පත්වූ දවසේ සිදුවුණ දෙයක්. ඔයා දැකලා ඇතිනේ ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් සෑම නිලධාරියාටම අධිකාරි අසිපත ලබාදෙනවා. ඔන්න මගේ වාරය ආවා. මට අසිපත දුන්නේ එවකට හමුදාපති ලුතිතන් ජෙනරල් ඩෙනිස් පෙරේරා. මම අසිපත අරන් ලස්සනට අංශක 180 ක් ආපසු හැරුනා. හැරීම සම්පූර්ණ කරන්න වම් කකුල උස්සා විලුඹ පොළොවේ ගැසිය යුතුයිනේ. වම් කකුල උස්සනකොටම බරාස් ගාලා කලිසමේ පස්ස පැත්තේ මැස්ම ඉරුනා. මට හීං දාඩිය දැම්මා. මොනවා කරන්නද ඒ විදිහටම පෙළපාලියේ ගියා. ඉවරවුන ගමන ඉදිකට්ටකුයි නූලකුයි හොයාගෙන තාවකාලික පිලියමක් දාගෙන දවසේ ඉතිරි වැඩ කළා.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි විචාරක තුමනි.....අප්පේ අධිකාරි ලබපු දවසේ අහරේම දෙයක් සිද්ද උනා කියන්නේ!!!!!පිස්සු බම්ප් වෙන්න ඇති!!!
      ඇත්තටම කිව්වොත් කැඩෙට් ඉවිතේ තමයි මාව මිනිහෙක් කලේ!

      Delete
  3. නියම කතාව බන්.........අපේ අතල් කලේ ගැනත් දාපන්කෝ නාදිරත්නේ

    ReplyDelete
    Replies
    1. අහා..දාන්නම්කො..හැබැයි පසියෝ කොටු තමයි දාන වෙන්නේ!හොක්ස්‌...හික්ස්.... ;)

      Delete
  4. හ්ම් හ්ම්
    බොහෝම ස්තුතියි බ්ලෝග් සතියේ 4 වන දිනයේ දායකත්වයට

    ReplyDelete
    Replies
    1. වෙල්කම් වේවා! මේ පැත්තට අවාට තැන්කු ඈ!

      Delete
  5. හි හි හී නාඩියත්නියම වැඩනෙ කරල තියෙන්නෙ...අර හාවො පන්නපු එක අහුවුණානම් කථාව ඊට වැඩිය රසවත් වෙයි

    ReplyDelete
    Replies
    1. හි..හි...හාවෝ පනින එක අහු උනානම් එදා මුළු රෑම නාඩියාටයි මිත්තරයටයි හාවෝ පනින්න තිබ්බ රන්ටැඹේ!

      Delete
  6. hahh nadige sagaweeme upakramaya nam aganeya.american army undala meka dakkoth nadiyawa ussanawa sikuruya.

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා..US ARMY එකෙන් කතා කොලා අද දවල් ඒ පිළිබද වැඩි දුර විස්තර අහලා... ;)

      Delete
  7. නාඩියා හදුනා ගන්නට ලැබීම සතුටකි.. සිරාද ඒ කාලේ කැඩෙට් කරැවෙකි... එහෙත් ඒ කාලේ සිරාගේ කරැමෙට අපේ උන් කෑම්ප් ගියේ නැත. වෙස්ටර්න් බෑන්ඩ් රෙජිස්ටර් කරන්නට දහසක් දේ සොයන නිසා වැඩේ ටිකක් අමාරැය.. අවසන කෙසේ හෝ කලහ. රන්ටැඹේ දී එකපිට වසර 3ක් ශූරතාව දිනා 4 වන වර සුලු අතපසු වීමකින් දෙවන තැන ලැබීමට සිරාට පසුව පැමිණි වුන් කටයුතු කලහ.. ගිය වසරද අපේ උන් දිනුවෝය..

    ඔබේ පෝස්ටුවෙන් ඒ රසාලිප්ත යුගය මතක් විය... ජය!

    ReplyDelete
    Replies
    1. සෝයි ඈ!එහෙනම් සිරාද සිරා කැඩෙට් කාරයෙකි!එල එල..
      අප්පේ ඒ කාලේ කොහොම අමතක කරන්නද....??
      තැන්කු ඈ මේ පැත්තේ ආවට.... :)

      Delete
    2. බොලා ඒ පැත්තෙ එන්නෙ නැතෙයි...

      Delete
    3. මේ දැනුයි කාමරේ හොයා ගත්තේ.... :) මරු ඈ!

      Delete
  8. අපේ ඉස්කෝලවල කැඩෙට් තියා කබඩ් එකක්වත් තිබුන් නැ

    ReplyDelete
  9. අයියේ උඹ ආමි ද? අම්බෝ බයේ බෑ

    ඔහොම හිනාගිය සීන් එකක් මටත් වුනා හෙන සෙනග ගොඩක් මැද්දේ.ඒවා දැන් මතක් කරද්දීත් හිනා යනවා.

    ReplyDelete
    Replies
    1. උඹ ආමි වෙන්න බෑනේ මල්ලි..අක්ය්යාතය වැරදියි..... ;)

      Delete
    2. නාඩියෝ අක්ය්යාතය කියන්නෙ මොකක්ද බං? ජයවතී මිස් අපිට ඕක ඉගැන්නුවෙ නෑනේ...

      Delete
    3. :D :D මං අහපු දේට උත්තරේ දුන්නේ නැහැනේ?

      Delete
    4. ප්‍රදීප් අයියේ..මමත් ඕක අහගත්තෙ පොඩි මැණිකේ මිස් ගෙන්! ;)

      නෑ නෑ නිශාන් මල්ලි..මම නෙවි! :පි

      Delete
  10. අම්මට උඩු නාඩියට කැඩෙට් system එකටනෙ නාඩි වැටෙන්නෙත්.
    ලියපන් කොල්ලෝ පට්ට. හිනාවෙලා නාඩි නැවතුන බන්...........
    ජය වේවා

    ReplyDelete
    Replies
    1. අඩේ නාඩි නවතුනානම් හොස්සපිටල් එකකට පලයන් ඉක්මනින්... ;)

      Delete
  11. ප්රූ.....ප්!!!!!

    හූ...ඈ... :-)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  12. තවත් මේ වගේ කතා ලියපන් කොල්ලෝ ...

    ReplyDelete
  13. අර කෝට් බෑය ඇඳගෙන වහින වෙලාවල්වල එළියට එහෙම බැස්සේ නැහැ නේද :D

    ReplyDelete
    Replies
    1. නෑ නෑ!සන්නායකයක් හයි කරලයි තිබ්බේ! ;)

      Delete
  14. කෑම්ප් එක මතක වුනා මට :)

    ReplyDelete
  15. 2006 ප්ලැටූන් එකේ 24 වෙනියා හැටියට කෑම්ප් ගියා කියන්නේ උඹයි මායි එක බෝට්ටුවේ..මෙස් එකේ සීන් එකත් එමමයි.2006 පටන් අරන් 2011ත් යන්න උඹ 92 ජනවාරි ඉපදිලා කලින් අවුරුද්දට පැන්නා නේද

    ReplyDelete
    Replies
    1. හි හී...නෑ බං ඔක්තෝම්බර්!ගානටම වගේ වැඩේ හරි ගියා!

      Delete
  16. මම කැඩෙට් නොකලට අපේ එව්වන්ටත් ඔය වගේම ආතල් වෙලා තිබුනා...

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...