“කම්පියුටර් නැත්නම් බං job කට්ටක්
හොයා ගන්න බෑ බං” ගෙදර ආපු වෙලේ සැලුන් එක පැත්තේ කැරකුනා. අපිත් එක්ක එක පන්තියේ
හිටපු ඩයල් එකක්! දැන් ගාමන්ට් එකක සුපවයිසර්! උගේ බජාජ් ඩිස්කවරි බයික් එකේ මාව ගෙදරට
ගෙනත් දාන ගමන් කිව්වා. උඹනම් කියයි තෝ සුපවයිසර් වෙලා බයික් එකක් හරි අරගෙන.
මෙච්චර කොරලා අපි තාම දුවන්නේ ලක්ෂ 60 රෝද 6 වාහනේ! ඒ ටික කියන්න හිතුනත් අමාරුවෙන්
වචන ටික ගිල ගත්තා.
OL නැත්නම් AL ඉවර
වෙලා ගෙදර එද්දී අත පුරෝලා බාගෙට බාගයක් හම්බවෙන පාට පාට කොළ වල තියෙන්නේ IT
ඩිප්ලෝමා... සහතික පත්‍ර කෝස් අරවා මේවා ඉවරයක්
නෑ! සති අන්තේ පත්තරේ වැඩියෙන්ම තියෙන්නේ පුද්ගලික උපාධි ආයතන වලින් දෙන IT
උපාධි එක එක එව්වා. ඒවා මේවා කොහොම තිබුනත් මේ
ලඟදි මම ගිය conference එකක මෙහෙම කතාවක් කිව්වා.
“ලංකාවට විදේශ විනිමය ගේන්න තියෙන ඉතා වැදගත්
අංශයක් තමයි තොරතුරු තාක්ෂණ සේවා සැපයීම. නමුත් ප්රශ්නය ලංකාවේ පුහුණු ශ්‍රමිකයන්
හිඟකම”
කිරි අප්පට බල්ලෝ පැනපි! එතකොට මේ ඔක්කොම IT
කරනවා කියපු උන් රට ගිහින්ද මෙච්චර අහේනියක්
හැදිලා තියෙන්නේ?
ඔය එක කතාවක්. අනිත් කතාව උනේ 2012 දී. ඒ
අවුරුද්දේ තියපු ජන සංගනනේ සංගණන නිලධාරියෙක් විදිහා මංතුමාත් ගමේ ගෙවල් ගානේ
ගියා. ඔය පුරවන්න තිබ්බ කොලේ තිබ්බා තොරතුරු තාක්ෂණ සාක්ෂරතාව කියලා එකක්! දැන් ඕක
මනින්න මොකක් හරි නිර්ණායකයක් ඕනෙනේ. ඒ ගැන අහපුවහම උඩ ඉන්න ඇත්තෝ කිව්වේ “කොම්පිතරයක්
on off කරන්න දන්නවනම් ඒකට හරියක් දාන්න” කියලා විතරයි!
ඔන්න අපේ රටේ ඒ සාක්ෂරතාවේ මැන්න හැටි!
ඔය අහව් අස්සේ මංතුමා ලෙක්චර් එකක් එහෙම ගානට කට්
කොරලා නින්දක් දාන්න උන වෙලාවක කාමරේට කඩන් පාත් උනා අපේ සහෝදර සාත්තර ෆැකල්ටියේ යාලුවෙක්!
මිනිහා ඒ පැත්තේ ප්‍රසිද්ධ චරිතේ. පොතක් දෙකක් එහෙමත් ලියලා තියනවා. ඇවිත් කියපි “මචං
මේ pen එකේ තියෙන file එක
මේ අනිත් pen එකට දාල දියන් බං” මම පුදුම උනා. මෙච්චර පොඩි
වැඩක් කරවාගන්න ඇයි මොකෝ මෙහාටම දුවගෙන එන්නේ කියලා...
“නෑ බං අපි ඉතිං ඔය තාක්ෂණ සුකුරුත්තම් දන්නේ
නෑනේ බං” ඔන්න ඒ මනුස්සයා නිදහසට කාරණේකුත් කිව්වා.
නාඩියා IMCD සමාජ
සත්කාරත් එක්ක එකතු වෙච්චි කොලුවා වෙච්චි මේ ටිකේ ලංකාවේ ඈත ගම් වල තියෙන ඉස්කෝල
වලටත් යනවා. පුස්තකාල පොත් දෙන්න වගේ වැඩවලට! ඔහොම ගිය වේලාවකදී ගොඩ උනා මහකනදරාව වම්
ඉවුර යාය 1 විද්‍යාලයට. ඒ ඉස්කෝලේ IT සර් මට
පෙන්නුවා ඒ ළමයි හඳපු අධ්‍යාපන වැඩසටහන් වගයක්! 7 වසරේ ළමයි! හරිම ඉහල
නිර්මාණාත්මක හැකියාවකින් කරපු නිර්මාණ! සමහර ඒවා අපේ සමහර ලෙක්චර්ස් වල presentation
වලට වඩා හොඳයි! හැබැයි තියෙන්නේ සීමිත සම්පත්
ටිකක්!:D
ඔන්න ඔහොමයි මං දැකපු විදිහට ලංකාවේ තොරතුරු
තාක්ශනේ!
එක පැත්තක ලොකු දියුණුවක් තියෙද්දී අනිත් පැත්තේ
මෙලෝ දෙයක් දන්නේ නෑ! රටේ මහජනතාව මොනවා කිව්වත් තොරතුරු තාක්ෂනේ නිසි පල නෙලා
ගන්නේ නෑ! කීයෙන් කී දෙනාද තමන්ගේ අතේ තියෙන ෆෝන් එකෙන් train time table එක බලාගන්න පුළුවන් කියලා දන්නේ? (වැරදි එක වෙනම
කතාවක්! ;) ) නැත්නම් කීයෙන් කී දෙනාද ඇත්තටම ඕනේ සින්දුවක් internet එකෙන් download කරලා
අහන්නේ??
පාසල් යන ළමයි කොච්චර නම් පය ගානක් නිකරුණේ සමාජ
ජාල අඩවි වල වැය කරනවද? Internet money කියලා පැය
ගණන් net එකේ එල්ලීගෙන ඉන්න වෙලාවේ මොකක් හරි online
course එකක් හරි e-book එකක්
හරි කියවලා දැනුම කියන දේ හොයාගෙන ඒ ඇසුරෙන් ප්රතිලාභ ලබන්න හිතන්නේ කීයෙන් කී
දෙනාද?
කොතනද අපිට වැරදුනේ????
අපි කතා කරමු!