නාඩි සෙට් එක

Tuesday, July 29, 2014

බත් කමි!


අසව් අසව් අසව්!!!!
අති සාර්ථක එක්සත් ජනපද චාරිකාවකින් පසුව නාඩියා නාඩිරත්න නැවත සියරට බලා සැපත් ව ඇත! තම චාරිකාවේ විනෝදබර, හැගුම්බර, ජොලිබර, චූ බර  තොරතුරු වලින් සයිබරයේ සර්වර් රාජයාණන් පිරවීමේ එතුමාගේ ඒකායන වෑයම ඉදිරියේදී ඔබට අකමැත්තෙන් හෝ දැක ගැනීමට හැකි වනු ඇත!

ප.ලි
චොකලට් ඉල්ලීම වැනි මරණිය දණ්ඩනය ට හේතු වෙන කරුණු කාරණා වලින් බැහැරව දැහැමිව සෙමෙන් ආප්පයක් කා සැනසෙන ලෙස එතුමා හුදක්ම ඉල්ලා සිටි! (යකෝ චොකලට් ගේන්න ඌ ගියේ ස්විස්ටර්ලන්තේ යෑ බොලව්!)

හදිසියේ එක පාර ගුවන් යානා චකබ්ලාස් වීමට හේතුව මෙතුමා නොවන අතර ඉදිරි දින කිහිපයේ එක්සත් ජනපදයේ සිදුවන හදිසි ආපදා කිසිවකටඑතුමාගේ සම්බන්ධයක් නැති බවත් මෙලෙසදන්වා සිටිමි!

ඒ වගත් මෙසේම....

(යකෝ ඒ දවස් ටිකට ලංකාවේ උද්ධමනේ වැඩි වෙලා තියෙන තරමක්! උදේ ආප්පයක් කාලා ප්ලේන්ටියක් බොන්න ගිහාම ආප්පේ ඩොලර් 2ක් කිව්වනේ යකෝ!)
Related Posts Plugin for WordPress, Blogger...