නාඩි සෙට් එක

Monday, August 22, 2016

රංගධරයාගේ බිරිඳ

ඔහු නැත සැම විටම ළඟ පාතක...
ඇත ඒ විටක ඈ ළඟ තිරය පිටුපස...
සුසුම් හෙලුවත් දැනුනේ මටම මිස
වළකනු කෙලෙස ඉකි බිඳුමන් ගැහැණු හිතකට

ආලින්දය පිරි පිත්තල සම්මාන ගොන්නට
පෙනෙනා ආලිංගන රඟනා ඔහු මැදි කොට
සැප එරෙන මෙට්ටයට බර දී
නො ඔරවා සිටින්නේ කෙලෙස රූ පෙට්ටියට

බදු ගත් පළල් උර මත සැතපෙවෙන ළඳකට
බුරුසු රැවුලේ පහස ලැබූ ඕ ගත පිපුණු හිරි ගඩුවකට
සාප නොකරනු කියම් කෙලෙසද
කෙලෙස් සපිරුණු මිනිස් ළඳකට

නිදහසේ තොදොල් වන්නට
යන විටෙක උයන් කෙළියට
කෙලෙස ඉවසම්ද කරන කෝලම
ඇදෙන කෙල්ලෙන් සෙල්පි ගැනුමට  

යනෙන හැම තැනකම
ලැබෙනා පුද සත්කාර අඩු නැතිවම
කඳුළු ගෙන දෙයි දෑසට
උදම් වනවා වෙනුවට

Thursday, July 7, 2016

අනූ...

මිදුලේ කෙලවරේ තිබිච්චි අඹ ගහෙන් ඊයේ රෑ වැටිච්චි කොළ කන්දරාව හින්දා මුළු මිදුලම හැඩි වෙලා. මාසෙකින් අතු ගෑවේ නෑ වගේ. 

“හැම අවුරුද්දෙම මල් විතරයි. ගෙඩි එකක්වත් හැදුනේ නෑනේ. අඹ ගහ කපලා දාන්න ඕනේ. මිදුල හැඩි වෙන එක විතරයි වෙන්නේ.” තාත්තා ඊයෙත් කියනවා මං අහගෙන. 

මං ඉක්මනට ඉදල අරං මිදුල පැත්තට ගියා. නැත්නම් අම්මාගේ අඩෝඇඩියාවෙන් බේරෙන්න බෑනේ.... 

“ගෑනු ළමයෙක් උනහම කොස්සක් ඉදලක් අල්ලන්න දැන ගන්න ඕනේ. මිදුලක හැටි! ඉදල් පාරක් දැකලවත් නෑ. කෝ ඉතිං මංම කරන්න එපැයි ඒවත්. උපාධි ගත්තු නෝනා මහත්තුරු හිටියට ඇහැක් ඇරලා බලන එකක්යැ ගේ දොර දිහා!”

මිදුල අතු ගාන, මල් වලට සාත්තු සප්පායම් කරන එක අමාරු දෙයක් නෙවෙයි. හැබැයි එළියට පහලියට බැහැලා ඉන්න එකනේ තියෙන ප්‍රශ්නේ... එහා ගෙදර හිමාලි නැන්දා එහෙම හිටියොත් අහන ප්‍රශ්න වලට උත්තර දීලාම එපා වෙනවා. 

“දැන් ඉතිං දුවේ ගොඩ කාලයක් නේද ගෙදර ඇවිත්. තාම රස්සාවක් බැලුවේ නැද්ද?”

“නෑ නැන්දේ තාම ගුරු පත්වීම් ගැසට් කරලා නෑනේ.. ගැසට් කරනකං ඉන්නේ.”

“ඔව් ඉතිං private companies වල vacancies වලට යන්න ටිකක් අමාරුයි නේ... ඒ ගොල්ලෝ ඔය ආණ්ඩුවේ කැම්පස් වල කට්ටිය ගන්න එච්චර කැමතිත් නෑලු. අපේ අක්කගේ දුව, සුවී... දැන් private bank එකක වැඩ. ලඟදි marry කරලා ausi යන්න යන්නේ... “

“හ්ම්ම්....”

“දැන් වයසත් යන එකේ marry කළානම් හරිනේ අනූ... boy friend කෙනෙක් එහෙම ඇතිනේ... “
එහෙම කෙනෙක් නෑ නැන්දේ. මං ගිහිං එන්නං..”

හිමාලි නැන්දට විතරක් නෙවෙයි.. ලේන් එකේ ඉන්න බාගෙට බාගයක් මිනිස්සුන්ට මගෙන් අහන්න තියෙන්නේ එකම ප්‍රශ්න ලිස්ට් එක තමයි.. “තාම රස්සාවක් නැද්ද... බදින්නේ නැද්ද...කොච්චර කල්ද දැන් ගෙදරට වෙලා... “ වෙලාවකට හිතෙනවා මේ ඔක්කොම ප්‍රශ්න වලට උත්තර ටික බෝඩ් එකක ලියලා කරේ එල්ලගෙන යන්න!

වත්ත පහළ ඇට්ටේරියා ගහ යට හයි කරලා තියෙන කුරුළු ලෑල්ල ටිකක් ඇද වෙලා. අක්කගේ පොඩි එකා බයිසිකලේ පදින වෙලාවේ හැප්පෙන්න ඇති. තියෙන්නේ එසේ මෙසේ දාංගලයක්යෑ! පොඩ්ඩක් ඉහළට කරලා අල්ලලා බදින්න ඕනේ.. නැත්නම් හැමදාම ලෑල්ලට එන මයිනෝ රෑන නෑවිත් ඉඳියි. 

මිදුල අතු ගාල කුණු ටික වලට දාල එළියේ ටැප් එකෙන්ම අත හෝදගෙන ඇතුළට එන ගමන් මං කල්පනා කළා... 

මේ ටික කාලේට කොච්චර දේවල් වෙනස් උනාද... ටියුට්, ප්‍රජෙක්ට්, ප්‍රසන්ටේෂන් ඔක්කොම ඉවර කරලා කැළණි කන්ද බැස්සේ බලාපොරොත්තු පොදියක් හිතේ තියාගෙන. ලංකාව වටෙන්ම එකතු වෙච්චි අපේ උන්... කැන්ටිමේ අඩුව එකට කාපු අපේ උන් නුවර පාරේ බස් වල එල්ලිලා කොටුවට ඇවිත් හතර පැත්තට ගියේ ආයේ කවදා හරි සෙට් වෙන්න හිතාගෙන. 

“ආයේ ඉතිං උඹලව සෙට් වෙන්නේ එක එකාගේ මඟුල් ගෙවල් වලදී තමයි” 

“මං බදින්නේ නෑ බං. හදපානේ පැනලා යන්න ඉන්නේ. ගානත් ශේප් නේ” 

“අනේ පලයන් බං යන්න. උඹේ වෙඩින් එකට බුක් කරන්න වෙන්නේ සුගතදාස එක තමයි එන සෙනගේ හැටියට!”

හිනාවෙද්දී කම්මුලේ පුංචි වලක් හැදෙන ඉමා තොර තොරෝන්චියක් නැතිව කියවා කියවා මහනුවර බස් එකකට නැගලා අත වන වනා ගියා.

ඒත්...

මං තාමත් එතැන.. දාපු ඇප්ලිකේෂන් තොගේ එකතු කළානම් බේත් කවර වලට විකුණලා කීයක් හරි හොයාගන්න තිබ්බා.

“ඔයා රස්සාවක් කරන්න ඕනේ නෑ අනූ...”
එයා එහෙම කිව්වා.. හැබැයි ගෙදරින් දාපු ප්‍රශ්නත් එක්ක මාත් එක්ක කතා නොකර මාස හතරකට වැඩියි. කුල ගොත් මනස්ගාත. මං අතට ගත්තු ෆෝන් එක ටීපෝ එක උඩින් තිබ්බා. 

“ඊයේ රෑ ප්‍රවෘත්ති වලත් අන්න ඔයාලගේ කැම්පස් එකේ පිකට් එකක් පෙන්නුවා. ඒකෙ තියෙන්නේ පිකට් විතරද අක්කේ?” මේ අවුරුද්දේ AL ලියන්න ඉන්න ලොකු නැන්දාගේ දුව මේ ටිකේ අපේ ගෙදර. මං මොනවා කියන්නද... කවුරු කවුරුත් එක එකාගේ අතකොළු වෙලා.

අම්මා කුස්සියේ තනියම උයනවා. ඒ පැත්තට ගියේ නැත්නම් ආයේ හොඳට අහගන්න වෙයි. අප්පච්චි දවල්ට කන්න ගෙදර එනවද දන්නේ නෑ මෙච්චර ලකේට උයන්නේ අද.. 

“අන්න අද දවල්ට රද්දොළුගම නැන්දා එනවා කිව්වා. ඒ අයියා සැප්තැම්බර් වල බදිනවලු. නුවර උසාවියේ වැඩ කරන ලෝයර් කෙනෙක් කියන්නේ.. අනූ... පොඩ්ඩක් මට උදව් වෙනවකෝ පොල් ටිකවත් ගාලා දීලා... “

සිකුරාදා දිනමිණ පත්තර තොගේ සාලේ අයිනක ගොඩ ගැහිලා. ඒ ටික අදවත් පත්තර කාරයට විකුණලා දාන්න ඕනේ... 

“කහ පාට ගැහිච්චි ගැසට් අස්සේ ඉරිදා ලංකාදීපේ... ටීපෝ එක උඩ තිබිච්චි අප්පච්චිගේ කන්නාඩිය පූසි බිම දාන්න කලින් අරං තියන්න ගිහාම දැක්කේ... 

මංගල කිංකිණියේ තැන තැන කළු පෑනෙන් ඉරි ඇදලා...


Monday, April 18, 2016

ආලය නම් වූ අග්නිය - Ashiqi Angar

සංගීතය විශ්ව භාෂාවක්. සප්ත ස්වරයට දේශ සිමා නෑ. සුදු කළු බේද නෑ.. පකිස්තානය කිව්වහම මුලින්ම අපිට මතක් වෙන්නේ බෝම්බ පිපිරෙන රටක්.. හා නැද්ද? හැබැයි ඒ අළු පාට කඳුළු අස්සේ හරි අපූරු සුන්දරත්වයක් මං දැක්කා. පහුගිය දොහේ පාකිස්තානේ ගච්චපු නාඩියා අහපු දැකපු අපූරු දෙයක් බෙදා හදා ගන්න හිතුවා.

පාකිස්තානයේ චිත්‍රාල් කඳුකර ප්‍රදේශයේ කෝවර් (Khowar) භාෂාවෙන් ලියවුනු මේ ගීතය විශ්වීය ආදරය ගීතයක්...

Noor, Shujaat... how can I forget the warmth of this music... ;)

Ishq hai khuda ki pehchan
(Love is the depiction of God)
Farishton ka hai yeh bayaan
(It is the discourse of the Angels)
Ishq se zameen asman
(Love holds the sky and the earth within)

Asheqi angar ki birai
( If love is a Fire )
Mashooq gulsambar ki birai
(If beloved is a spring-flower)
Haseen parchamdar ki birai
(With soft and beautiful leaflets)

Ishqa se pului behchurey
(A lover will rejoice buring in the fire of love )
Hamish tan burui behchurey
His soul will always keep melting with it.
Hardi beer ului behchurey
(His Heart will keep flying )

Jale Mora Man
(My heart burns)
More sajan
(O beloved!)
Rasta na Koi
(There is no way out)
Main hui birhan
(I am a shattered being)

Haye yeh majburi
(O this helplessness)
Kaisi hai duri
(Why is there a separation?)
Dastaan yeh kaisi
(Why this story end up like this ?)
Reh gayi adhuri
(Why we have become partitioned)

Ishq hai khuda ki pehchan
(Love is the depiction of God)
Farishton ka hai yeh bayaan
(It is the discourse of the Angels)
Ishq se zameen asman
(Love holds the sky and the earth within)

Jungle'a shotara asum
( I am wondering in Jungle and deserts )
Umeed aitbara asum
(Surviving in the hope and trust of you )
Nishi intizara asum
( I am waiting with a conviction)

Jale mora man
Mere sajan
Rasta na koi
Main hui birhan

Hoi khyo ta posheen
( The time I saw you )
hardiyo bateen
(Oo the beat of my heart)
Ma hush hoi boteen
( My senses have been tied )
Harush tu haseen
(That is how charismatically beautiful you are)

Ta choom hosik, bo zalim,
(Your witty smile is cruel inside)
Ta choom hosik, ma bo khosh,
( Oh your smile, the most loveable thing )
Ta roi marik, ma bo khosh ta choom hosik
(People die over it and I love are way you smile )
 
මාර්ගලා කඳු පාමුල... සීතලට ගුලි වෙමින්... හිනාවෙනකොට කම්මුලේ වලක් හැදෙන, හිම වගේ සුදු..... ඈ.... නෑ ඕනේ නෑ...

Related Posts Plugin for WordPress, Blogger...