නාඩි සෙට් එක

Tuesday, September 18, 2012

බුකියේ සංගමේ...




උදේ හවස chat කරන්න...HI කියන්න...
රටේ තොටේ ඕප දූප ඔක්කොම දැන ගන්න..

ඔය poke කරන...massage කරන
Set එක සැමදෙන රැස් වන
බුකියේ සංගමේ මුල් තැන...///

කැම්පස් ගිය angel ගේ යාලුවා princess…
නයිස් pose ෆොටෝ එකක් upload කරලා...
ඒක දැකලා කොල්ලෝ ගොඩක් request එවලා...
Sweet හනි මේක දැකලා බුකියේ කියලා!!

උදේ හවස chat කරන්න...HI කියන්න...

Group එකේ admin මේ ටිකේ චැට් කරන්නේ නෑ...
කාටත් නොකියා ඌ in a relationship වෙලා...
කවුද එකෙක් මූගේ account එක hack කරලා...
මනමාලිගේ ෆොටෝ අරං publish කරලා...!!

උදේ හවස chat කරන්න...HI කියන්න...


මේ ටිකේ වැඩ කටයුතු වලට බස් එකේ එල්ලිලා චපාන් එකේ ගමන් බිමන් යද්දී සුනිල් පෙරේරා මහත්තයා ප්‍රමුඛ ජිප්සීස් සෙට් එක කියන මල් හතයි ගස් දෙකයි සින්දුවක් නාඩියාගේ කණට වැටුනා...

තියෙන අලුගුත්තේරුකමට එකේ ලස්සනට තිබිච්ච පද වචන ටික මාරු කරලා අලුත්ම පද රචනයක් කළා...නාඩියා හෙනම පද රචකයා ඈ!!! ;)

ඔය සින්දු කියන්න කැමති කස්ටිය..අර ලිරික්කන් ද මොනාද හදන කස්ටිය ඕන උදව්වක් ඉල්ලන ඈ! :D
අවවාදයයි - bathroom වල මෙය ගායනා කිරීමෙන් වලකින්න!!!(ඉතා අනතුරුදායකයි!!අත්හදා බලා ඇත!)

මෙන්න ඔරිම ජිනල් එක ඈ!!


අනිත් සීන් කෝන් එක....අපේ Needy Readers සමාජ සත්කාරේ.....අපි මේ ටිකේ BMICH එකේ පොත් ප්‍රදර්ශනෙත්ඉන්නවා ඈ....ඔන්න ඒ පැත්තේ ආවොත් නාඩියා එහෙම meet වෙලා යන්න පුළුවන් ඈ! J




ලයික් එකක් දාලම යමු ඈ...  

Monday, September 10, 2012

මල් කැකුලකට පාට දෙමු....


අර මොකාටද ඇති වැඩකුත් නෑ..හිමින් ගමනකුත් නෑ කියල කතාවක් තියනවනේ!!! අපිට තියෙන ආදරේට සුදු බණ්ඩා මාමා කැම්පස් වැහුවට නාඩියා නම් හුස්මක් කටක් ගන්න ඉස්පාසුවක් නැතිව එක එක වැඩ වලට සෙන්ටිමෙන්ටල් උනා. දවස් 5 ක් එක දිගට කැලෑ ගානේ ගෑටුවා..ඒ අති භයංකර අත්දැකීම් ගැන ළඟදීම නාඩියක් කොටන්නම්කො...

මේ ඉතිං සැප්තැම්බර් මාසෙනේ....ලංකාවම පොත් වලින් පිරි ඉතිරිලා යන දකින දකින අත පොත් පෙරලෙන කාලෙනේ....ඔන්න ඔය අතරේ නාඩියා තවත් සමාජ සේවා කර්තව්‍යක් එක්ක සෙට් වෙනවා! මේකත් පොත් සම්බන්ධ එකක්!

බ්ලොග් ලියන කියවන අපේ අය දන්නවනේ මේ ටිකේ  2012 සයිබර් සිහින උළෙලට සමගාමීව බ්ලොග් අවකාශයේ මිතුරෝ සංවිධානය කරන සමාජ සත්කාර වැඩසටහනත් හරිම ලස්සනට ගලා ගෙන යනවා කියලා....ගලහිටියාගොඩ මාධ්‍ය මහා විද්‍යාලේ අහිංසක නංගිලා මල්ලිලාට උදව් කරන්න ඔය ගොල්ලොත් එකතු වෙමු ඈ!


අනිත් සිද්ධියත් පොත් වලට සම්බන්ධ එකක් තමයි! මේ සමාජ සත්කාරය සංවිධානය කරන්නේ IMCD (International Movement for Community Development) එක.නාඩියා ව මේකට පන්ගරාත්තු උනේ අර Youth Fest 2012 ට ගියාට පස්සේ....

අපි ගොඩක් අය නිදහස් අධ්‍යාපනෙන් ඉසරහට ආපු ඒකෙ පිහිටෙන් කොන්ද කෙලින් තියාගෙන ජිවත් වෙන්න උත්සාහ කරන අය. ඉස්කෝලේ අගේ..ඉස්කෝලෙන් අපි ගත්ත අත්දැකීම් ආයේ කවදාවත් අපිට ලැබෙන්නේ  නෑ....

හැබැයි අපිට ලැබුණු ඒ පහසුකම් වලින් පුංචි කොටහක් වත් ලැබෙන්නේ නැති අහිංසක මල් කැකුළු ටිකකගේ පොත් පිපාසාව නිවන්න තමයි අපේ මේ වෑයම.

ඒ වගේම තමන් වරදක් කරලා සිරගත උනත් අපි අතරම හැදිලා වැඩුණු..අපිත් එක්ක හිනා වෙච්ච කතා කරපු අපේම සහෝදර පිරිසකට...ඒ කියන්නේ බොරැල්ල මැගසින් බන්ධනාගාරේ ඉන්න රැඳවියන්ටත් පොත් පරිත්‍යාග කරන්න අපි හිතන් ඉන්නවා... 

මේ ඉන්නේ හංවැල්ල තුන්නාන සිරි සුමනජෝති විද්‍යාලයේ අහිංසක මල් කැකුළු ඔබේ අතින් පිරි නමන ඒ සුවද හමන පොත් මල් භාර ගන්න හිනා කටක් පුරෝ ගෙන මග බලන් ඉන්න හැටි...


මේ වගේ හිස් වෙච්ච පොත් රාක්ක, මනුස්සකමේ ගුණ සුවඳ අදුනන ඔබේ අතින් පුජා වෙච්ච පුංචි පොත් වලින් පිරිලා....ඒ පොත් වල අකුරු අස්සේ පුංචි අහිංසක ඇස් බෝල  කැරකවෙද්දී.....වචන වලින් කියා ගන්න බැරි තරම් සතුටක් ඔයාගේ හිතේ පිරිලා දොරේ යන්න ගනීවි...

  
සුමනජෝතියේ පුංචි උන් විතරක් නෙවෙයි....දෑල දෙමළ විද්‍යාලය-දෑල ,සිරිහඬ සිංහල විද්‍යාලය-රාජගිරිය,කොලොම්බුගම විද්‍යාලය-නිවිතිගල .......මේ ඉස්කෝල වල පුංචි එවුනුත් ඔක්තෝම්බර් 1 වෙනිදා ඔයා දීපු පොතුත් අරං අපි එනකම් බලන් ඉන්නවා.... 






ඒ අහිංසක මල් කැකුළු වලට යවන පොත් පාර්සලේ දෙන්න ඕනේ හැටි..වැඩි විස්තර ඔක්කොම අපේ බුකියේ පිටුවට ගිහින් ගන්න පුළුවන්...

එහෙමත් නැත්නම් කෙලින්ම මේ විස්තර ටික පුරවන්න.

නැත්නම් කතා කරන්න....
+94 77 2517512
+94 71 5651502

එහෙමත් නැත්නම් නාඩියා මුලච්චි වෙන්නකෝ......

Related Posts Plugin for WordPress, Blogger...