නාඩි සෙට් එක

Thursday, July 19, 2012

නාඩියා හිරේ යයි! (16+)

එක දිගට පොස්ට් දාල දාල නාඩියා විකාර ටොපික් ගොඩක් කතා කරද්දී වොර්නින්ග්ස් ආවා “පරිස්සම් වෙලා ඉදපන්!!!සුදු වෑන් එකක්වත් ගේ ඉස්සරහ නවත්තයි කියලා”! ඔන්න එහෙනම් හීනේ හැබෑ උනා! නාඩියා හිර ගෙදර!

හී..ආසයි නේ...!!! 

නෑ යකුනේ තාම නෑ!නාඩියා යහතින් ස්ට්‍රයික් සුවවිදිමින් ගෙදරට වෙලා ඉන්නවා!හැබැයි අද කොටන්න යන්නේ මහා උළු ගෙදර විස්තරයක්!!

නාඩියා ගෙදර හිටපු ටිකේ ඔය එක එක අහු මුළු වල් රිංගන්න ගියානේ...ඔය යන ගමනේදී එක එක ආකාරයේ නාඩි වැටෙන ගෑනු මිනිස්සු හම්බෙන්න පුළුවන් උනා... 

AL කරන කාලේ නාඩියාට සෙට් වෙච්ච සුපිරි කඩයක් තියනවා **** බස් ස්ටෑන්ඩ් එක පිටිපස්සේ...හැබැයි ගොඩක් මිනිස්සු එතනට යන්නේ නෑ...ඒක ඉතින් කඩයක් කිව්වට කඩයක්ම නෙවෙයි...ලෑලි ගහලා ඇතුලේ පුටු දෙක තුනක් තියාපු පොඩි කාමරයක්! ඇතුලට ගියාම මොකුත් පෙන්නේ නෑ!ඒ තරම් මීදුම!මාර පිරිසිදුකමක් තියෙන්නේ!කොච්චරද කිව්වොත් ටැප් එකක්වත් නෑ!හැබැයි එතන තියෙන තරම් රස බිත්තර බනිස් හිල්ටන් එකේවත් නෑ!

ඔතනට එන්නේ සාමාන්‍යයෙන් සමාජයේ පහත් යැයි සම්මත කරගෙන තියෙන මිනිස්සු !(හැබැයි නාඩියා නම් කවදාවත්ම එහෙම කියන්නේ නෑ!!!!!) නාට්ටාමිලා...කුණු කරත්තේ ගෙනියන අය...ඔය අතරේ එතනට එන්න පුරුදු වෙච්ච මරුම කස්ටියක් ඉන්නවා!ඒ මහඋළුගෙදර ජිවත් වෙලා පොඩි නිවාඩුවකට එලියට ඇවිත් යන්න ආපු ඩයල්!!!

ඔන්න ළඟ පාත දවසක නාඩියා මේක ඇතුලට වෙලා බිත්තර බනිසයක් කකා ඉන්නවා...මනුස්සයෙක් ඇවිත් එහා පැත්තේ තිබිච්ච ප්ලාස්ටික් බංකුවේ වාඩි  උනා...ගත්තා ආසිරි බීඩියක් !දැන් හෙමින් හෙමින් දුම පිට කරනවා...ටිකකින්..

“මල්ලි..අදිනවද උගුරක්‌?”
“නෑ..අයියේ..පාවිච්චියක් නෑ...”


“අන්න එල කොල්ලෙක්!පුරුදු වෙන්න එපා බං ඕවට!අපි වගේ නාස්ති වෙන්න එපා!මේ ඇතුළේදී බං මටත් මේ මඟුල හුරු උනේ..”

නාඩියා පොඩ්ඩක් මිනිහට ඉන්ටරස්ටින් පාර දානවා වගේ පෙන්නුවා!
ඩයල් ඒක දැන් සිරා මනෝ පාරක් ගහගෙන ටෝක් එකක් දෙන්නයි ලෑස්තිය!

“මෙහෙම හිටියට කොල්ලෝ මං මිනිමරුවෙක්!”

පිස්සු බම්ප් වෙනවා ඕයි!!නාඩියා මිනිමරුවෙක් එක්ක සම්මුඛ සාකච්චාවක්!

“නෑ බං!ඒක විතරයි මට කරන්න තිබුන එකම දේ!මම මගේ අයියගේ ගෑනිව මැරුවා!එකී පට්ට ***ක්!මගේ අයියා ඉන්නේ රට..ඒකා අවු කාස්ටකේ දහ දුක් විඳලා එවන සල්ලි වලින් ඒකි මෙහෙ මිනිස්සුත් එක්ක ජෝගි නටනවා!!මට ඉවසුවේම නැත්තේ මල්ලි අයියගේ පොඩි කෙල්ල නිසා බං!ඒ අම්මණ්ඩි හින්දා අර අහිංසක කෙල්ල නාස්ති වෙනවා මට බලාගෙන ඉන්න බැරි උනා බං!”

“හා..උඹම කියපන් මම ගත්ත තීරණේ වැරදිද?ඒ  **යොන්ව කොට්ටේ තියලා නලවන්නද බං ඕනේ?”

“හ්ම්ම්....”

ගෙදර තිබිච්ච මන්නේ අරං ගිහින් කෙටුවා ඔලුවටම!පස්සේ පිහියත් එක්කම ගිහින් පොලිසියේ භාර උනා!ඇතුලේ හිටියා දැන් මාස තුනක්!ඇප පිට එළියේ ඉන්නේ..නඩුව මේ මාසේ ** දා ..


“ඇතුළ මෙහෙට වඩා මරු ඕයි!!ආයේ යන්න හිතෙනවා!උඹ ගිහින් තියනවද?”
(යකෝ නාඩියාගේ අහිංසක මුණ දැක්කහම එහෙම හිතෙනවද මං අහන්නේ.....)

"නෑ අයියේ...."

ඊට පස්සේ ඩයල් එක මට පට්ට විස්තර ටිකක් කිව්වා..ඒවා මේ කොටන්නේ ඇතුලට හදිස්සියෙවත් යන්න උනොත් කෝකටත් දැනගෙන ඔන්න එක හොඳ නිසා!

මහඋළුගෙදර හිරකාරයෝ සෙට් දෙකයිලු!එකක් සැකකාරයෝ(අර මාත් එක්ක කතා කරපු එකත් සැකකාරයෙක්!) අනිත් සෙට් එක අච්චු කාරයෝ!(ඒ කියන්නේ වරදකට උසාවියෙන් දඬුවම් ලැබිච්ච කට්ටිය)
අච්චුකාරයොන්ව හිරේ ඇතුලේ එක එක වැඩ වලට දැම්මට (ඒවාට කියන්නේ “පාටි” කියල... “කුස්සි පාටි”.....එහෙම එක එක ඒවා තියනවා..) සැකකාරයෝ මේවට දාන්නේ නෑලු!නිකම්ම ඉන්නලු තියෙන්නේ!මරු නේ!

නාඩියා එක්ක කතා කරපු ඩයල් එක වැටිලා තියෙන්නේ “මෝරා” වාට්ටුවකට! ( ඒ කියන්නේ ටිකක් හයි ෆයි ඩයල් ඉන්න එකකට!)  ඒකෙ ඉඳල තියනවා නිදන් හොරකම් වලට අහුවෙච්ච හමුදාවේ මහතැනක්...ප්‍රසිද්ධ පන්සලක හාමුදුරු කෙනෙක්....ඔන්න ඔය වගේ ලිස්ට් එකක්!

“මල්ලි..අපේ ***ට (හමුදා නිලයක නමක්) ඉරිදට ගෙදරින් විසිට් එක හම්බෙනවා 25,000 ක විතර බඩු!වතුර බෝතලේ ඉඳන් ඇතුලට එනවා!

ඔන්න වැඩේ!මේවා මෙහෙම එන එක නිතිවිරෝධිද නැද්ද කියල මමනං දන්නේ නෑ...

තව මරුම කතාවක් මට මගේ අලුත් මිත්තරයා කිව්වා!

“කොල්ලෝ ඇතුලේ පට්ට බිස්නස් එක තමයි ලහිපිට බිස්නස් එක!”

“ඒ කිව්වේ අයියේ..”

“ලහිපිට කොළ වලින් වේලලා කුඩු කරපු දුන්කොල ඔතලා ඇතුලේ හදනවා ලෝකල් එකක්!!විටමින් කුරු වලටත් වඩා මාකට්! මම කලේ ඇතුලට එන පත්තර ඔක්කොම එක්කහු කරල ඒවා කොලේ කොලේ විකුනපු එක! ලහිපිට පිටු දෙකක් රුපියල් 20 දීලා අරං යන වෙලාවල් තියනවා බං!”


නාඩියාට ඔක්කොම අත ඇරලා ඇතුලට යන්න හිතුනා!!!!


ප.ලි  - මොනවා උනත් හිරකාරයෝ කියන්නෙත් අපි වගේම මනුස්සයෝ...හුගක් වෙලාවට ඒ අය ඇතුලට යන්නේ සමාජයේම වරදින්!ඕනේ තරම් වැරදි කාරයෝ එළියේ යහතින් වැජබෙනවා!කුඩු මුදලාලි ප්‍රාඩෝ එකේ යද්දී කුඩු කන හැන්දක් විකුණපු එකා ඇතුලේ!

ඔන්න ඕක තමයි අද තත්ත්වේ ඈ!අනිත් එක අපරාධ කරන කෙනාගේ මානසික තත්ත්වේ!ඒ ගැනනම් මම දන්නේ නෑ! ප්‍රදීප්අයියගෙන් තමයි අහන්න ඕනේ! නැත්තනම් අර හොඳට හිටපු මිනිහෙක් එක පාරට තමන්ගේ අයියගේ භාර්යාවට මන්නෙන් කොටයිද??

සමහර ජේලර් ලා....කාකි සූට්...ගැන කතා නොකර ඉමු නේ!මොකෝ කතා කරලා වැඩක් නෑනේ!!!

 (16+ කියල දැම්මේ දුම්කොළ හා මධ්‍යසාර පනත නිසා ඈ!මොකෝ නිස්කාරනේ දඩගෙවන්න බෑනේ)

67 comments:

  1. හා හා හා.... එක ජාතියේ අය එකට සෙට් වෙනවලු නාඩියා!!! මරු චාන්ස් පාරවන්නෙ තමුන්නැහැට පන්ගාත්තු වෙන්නේ !!!

    ReplyDelete
  2. පව් ඒ මනුස්සයා..
    තමන්ගේ දෙකට හිරේ ගියා නෙවෙයිනේ ඉතින්..

    ReplyDelete
    Replies
    1. ඇත්ත ප්‍රමුදි..මටත් දුක හිතුනා.....

      Delete
  3. උඹත් පලයං ඇතුලට... එලියට වෙලා අපිට නිදහසේ ඉන්න.. :P :D

    ReplyDelete
    Replies
    1. ඇතුලට ගියත් උඹලට මගෙන් නම් නිදහස් වෙන්න ලැබෙන්නේ නෑ! :ඩි

      Delete
  4. සිරාවටම උබට මාර පොරවල්නෙ සෙට් වෙන්නෙ බන් නාඩියො.... එල එල ඔහොම යාන්...බැරි වෙලාවත් හිරෙ යන්න උනොත් කෝකකටත් දැනන් ඉන්න එක හොදයිනෙ....... ඒත් පොඩි ප්‍රශ්නයක්..උබ ඔය කියන ගුබ්බැයන් කඩේට සෙට් උනෙ...ක්ලාස් යන කාලෙ වෙන කඩවලින් කන්න බැරිවෙන්න තරම් පච වැඩ කොරපු නිස නෙවෙයි කියලනම් කියන්න එපා......

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්..ළඟදීම යන්න වෙයිද දන්නේ නෑනේ!!!![ඉස්සුද යකෝ!! ඒ කාලේ මම කඩවල් වලින් සල්ලි දීලා කෑවේ!උඹ වගේ හොරෙන් කෑවේ නෑ!!! :පි

      Delete
  5. මාරුනේ මචෝ..උබ ලගදික ආණ්ඩුවේ බෝඩිමෙන් නිකම් කන්න යනවනම් මටත් කියපන්කො...මම ගෙදර තියෙන පත්තර ටික එකතු කරලා ලොකු මිටියක්ම හදා ගත්තා... අයියෝ සල්ලි! අපිත් බිස්නස්කාරයෝ වෙයි එහෙනම්...හේ හේ , එත් අර ආසිරිය බීපු මනුස්සයාගේ පැත්තෙන් ලොකු කතාවකුත් තියෙනවා නේද...

    ReplyDelete
    Replies
    1. අනිවා අම්බත් වරෙන් මගේ තනියට!!!අපි දෙන්නම් හොඳ බිස්නස් එකක් කරමු!
      ඔව් බං..ලොකු කතාවක්!

      Delete
  6. හරිනම් ඕකේ මුලින්ම දුම්කොල හා මද්‍යසාර ශරීරයට අහිතකරයි. ඔබේ නොදරුවා දැනුවත් කරන්න කියලා දාන්න තිබුනා. එතකොට 18+ ඕන නෑ. හැබැයි අවවාදයයි කියලා උඩින් තද ර්තු පාටින් බෝල්ඩ් අකුරින් දාන්න ඕන. එතකොට කට්ටිය නොදරුවෝ ටික දැනුවත් කරයි.

    උදාහරනයක් ඕන නම් TV එකේ film එකක් යන්න කලින් බලන්න.

    ReplyDelete
    Replies
    1. හරි,,අනිවා ඊළඟ එකේ එහෙම දාන්නම්... :)
      තැන්කු ඈ!

      Delete
  7. ඕනෙනං ඇතුලට යන්න මොර වාට්ටුවකට දල දෙන්නම් ඇතුල් එකේ ඉන්න

    ReplyDelete
    Replies
    1. අහා..දැනුයි මට මතක උනේ!හික්ස් හික්ස්..... ;)

      Delete
  8. නාඩිය මලයගේ පොස්ට් එක දැක්කාම මට මතක් වුනා මිනීමැරීමකට රිමාන්ඩ් වුන පොරක්ගේ පාපෝච්චාරණයක්. ඒක ලියන්න වටින කථාවක්. හැබැයි මිනිහා කිව්වා හිර කාරයෝ අඹු-සැමි විදියට පවුල් කන විස්ටරයක්. මෙතනදී අඹු වෙන්නෙත් කොල්ලෙක් තමයි. පස්සේ දාන්නම් විස්තරේ. ඒව ඇහුවාමනම් නාඩි ඉලිප්පෙනව කොල්ලෝ.

    ReplyDelete
    Replies
    1. අප්පේ..ඒ වගේ ඒවානම් වෙනවා කියල මටත් ආරංචියි......අනිවා දාන්න අයියේ!!! නාඩි ඉලිප්පිලා ඉතුරු උනොත් ඇති! ;)

      Delete
  9. වැදගත් ලිපියකි..සිරකරුවන් ගැන නොදත් දේ බොහොමයක් දැනගන්නට ලැබුනි..

    ReplyDelete
    Replies
    1. තැන්කු වේවා කොමෙන්ටුවට! :)

      Delete
  10. ම් .... මම දැන් ටිකකට කලින් දාපු කමෙන්ට් එකට මොකක්ද වුනේ.

    ReplyDelete
    Replies
    1. ඇයි මොකෝ අස්පට් එකක්ද බං????

      Delete
  11. මමත් ගිහින් එන්න ඔනේ ඔක ඇතුලට කොහොමද බලන්න , තාම ඔකට විතරයි යන්ඩ ලැබුනෙනැත්තෙ ( කතාවක් තියෙනවනේ ගෙදර ගෑනී මරල හිරේ ගියත් සැපයි කියල) හි..හ්.හි.... ඇයි හිරේදිවත් කනක් ඇහිලා ඉන්න පුලුවන්නේ.... හැබැයි හිරේ යන ඔක්කොම අය වැරදි කාරයෝ නෙමේයි.. නිවැරදි අයත් ඔනේ තරම් ඉන්නව.....එක ඇතුලෙත් ඉන්නේ මේ සමාජයෙම කොටසක්...ඔය අපේ මහ රජතුමත් කාලයක් එහෙ ඉදල තියනවා කියල එතුමාම ටී.වී එකේ කිව්වේ.

    ReplyDelete
    Replies
    1. "ගෑනී මරල හිරේ ගියත් සැපයි" හි හි..ඒකනම් ඇත්තද මන්දා... ;)
      මහ රජානම් කොහෙද ඉඳල නැත්තේ....හික්ස්.....

      Delete
  12. අයියා හිල්ටන් වගේ කෑම ලොවෙත් නෑ හොඳේ.. :p
    ඇත්ත කතාව ..

    ReplyDelete
    Replies
    1. අනිවා අනිවා!!! :පි
      හිල්ටන් එකේ කෑම නම් ඉතිං සුපිරිම තමා!

      Delete
  13. 'පිස්සු බම්ප් වෙනවා ඕයි!!නාඩියා මිනිමරුවෙක් එක්ක සම්මුඛ සාකච්චාවක්!' - හිනා :)

    “මල්ලි..අදිනවද උගුරක්‌?”
    “නෑ..අයියේ..පාවිච්චියක් නෑ...” - අගය කරනවා මං..

    කොහොම උනත් නාඩි අයියේ ඔබේ අත්දැකීම් අපුරුයි!

    ReplyDelete
  14. කොහොමත් ඔය වගේ තැන් වලදි ගොඩාක් අත්දැකීම් එකතු කර ගන්න පුළුවන් වෙනවා..

    මම කිව්වෙ ඔයා ගියපු කඩේ ගැන..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්..ඒකනේ මම ඒ වගේ තැන් වල ගැවසෙන්නේ.... ;)

      Delete
  15. සමහර උන් හිරේ ගියත් උන්ට තියෙනවා පට්ට අත්දැකීම් ගොඩක්,ඔය හිරේ ගිය හොද බුද්ධිමත් එවුන් ඉන්නවා නේ උන්ගේ බුද්ධිය වැදගත් විදිහට පාවිච්චි කළා නම් උන් අද සමාජයේ හොද තැනක ඉන්නවා,අනික හිරේ යන හැම එකාම වැරදි කාරයෝ නෙමේ නේ :).ඔය වගේ මිනිස්සුන්ගේ ජීවිත කතාවලින් අපිට ගොඩාක් අත්දැකීම් ගන්න පුළුවන්.


    නාඩි වැටෙන බ්ලොග් එක බලන්න අදමයි ආවේ,අපි දිගටම මේ පැත්තේ එන්නම්කෝ ඈ....:)

    ReplyDelete
    Replies
    1. අනිවා මඩයෝ!ඒක ඇත්ත!!!එල එල..දිගටම නාඩි වැටෙනවා බලන්න වරෙන්.... :)

      Delete
  16. මේ අදහස් අනුව පෙනී යන්නේ කමෙන්ට් එකක් දැමීම පලක් නැති බවයි. ඒ නිසා මේ පිළිබද පෝස්ට් එකක් බලාපොරොත්තු වන්න.

    ReplyDelete
    Replies
    1. ඒ වගේ තමා..මටත් ඒක හිතුනා..වදින්න ඕනේ තැනට වැදිලා නෑ වගේ......

      Delete
    2. එහෙම නෙමෙයි. කියන්න දේවල් ගොඩක් තියෙනවා මේ ගැන. නැත්තං පෝස්ට් එකේ අවුලක් නෑ. ඒක නියමයි...

      Delete
    3. අම්මපා නියමයි!!!!!!!!!!!!

      Delete
    4. ප්‍රදීප් අයියා - එහෙනම් අවුලක් නෑ... :)
      ධාරා - තැන්කු ඈ!අම්මපා!!! :පි

      Delete
  17. සිරා ලිපිය ඈ
    මොනා වුනත් ඌ හිතන්න ඇති උඹත් ළඟදීම ඇතුලට යන්න ඉන්න එකෙක් කියලා

    ReplyDelete
    Replies
    1. ඒ මොකෝ බං ඒ?මාව දැක්කහම එහෙම හිතෙනවද?????? ;)

      Delete
  18. මිනී මරුවෙක් එක්ක සාකච්ඡාවක් :O මගේ නාඩි වැටෙන එකත් නතර වුනා...පී

    ReplyDelete
    Replies
    1. එහෙනං ඉක්මනට කෘතීම සුවසනේ දෙන්න වෙයි මං හිතන්නේ..... :පි

      Delete
  19. ඕං මාත් ආවා. ගොඩක් නිවැරදි අයත් හිරේ යනව තමන්ගේ නිවැරදි බව ඔප්පු කර ගන්න බැරි නිසා. ඒකට ඉතින් සල්ලිනේ ඕනි. එහෙම ගියාම සමහරු හිටියටත් වඩා අන්ත වෙනව, ට්‍රේනින් වෙලානේ එලියට එන්නේ.

    ReplyDelete
    Replies
    1. ඔව් ඉතින් පෙරකදෝරුවා තමයි ඔක්කොම තීරණේ කරන්නේ..... ස්තුතියි ඈ මේ පැත්තේ ආවට... :)

      Delete
  20. හිර ගෙවල් හදලා තියෙන්නෙත් මනුස්සයින්ටමනේ
    පෝස්ටුව වැදගත් ජය!

    ReplyDelete
    Replies
    1. හැබැයි හිර ගෙවල් හදනවට වඩා අපි බලන්න ඕනේ ඒවා වහන හැටි.....

      Delete
  21. උඹ එක බිත්තර බනිසයක් කන ගමන්ද මේ ඔක්කොම අහ ගත්තෙ... මක්ක වුනත් වෙනස් කථා බහක්.. ජය !

    ReplyDelete
    Replies
    1. නෑ මචං..බිත්තර බනිසයයි...රෝල්ස් එකයි...ප්ලේන් ටී එකයි! ;)

      Delete
  22. ඔන්න අද තමයි නාඩියට සෙට් උනේ.... එලකිරි සබ්ජෙක්ට් එක ඈ...

    ReplyDelete
  23. ඔන්න කිරිල්ලිත් ආවා නාඩිව බලන්න..ඇත්තටම කොහෙද නාඩි ඒ බනිස් කඩේ තියෙන්නෙ..?

    ReplyDelete
    Replies
    1. ඒකනම් කියන්නේ නෑ!අන්තිමට ඔක්කොම ටික යයි එතන බිත්තර බනිස් කන්න,...එතකොට මගේ යාලුවෝ ටික කම්මැලි වෙයි එතනට එන්න... ;)

      Delete
  24. හිරේට ගියාම දැන් නම් වෙන්නේ පුනරුත්ථාපනේකටත් වඩා හිටිය මිනිහා තව නරක් වෙන එක.

    ReplyDelete
  25. යකෝ ඇතුලෙනෙ ඉන්න තිබ්බේ..
    ඉදහන්කෝ මේ ස්ට්‍රයික් අස්සේ කරන්න දේකුත් නැති හින්ද ඔන්න ඔහේ ට්‍රයි එකක් දාල බලන්න ඕන..
    මොකෝ නාඩි කියන්නේ..? :D :D

    ReplyDelete
    Replies
    1. එල එල!ඊයේනම් පොඩි ට්‍රයි එකක් දුන්නා!ඒත් එක්කන් ගියේ නෑ බං.... ;)

      Delete
  26. මම ආවමද මන්දා...කොහොම උනත් එළ පෝස්ටුව...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් හ්ම්ම්.....තැන්කු ඈ මේ පැත්තේ ආවට!

      Delete
  27. නාඩියටත් මාරම නාඩි පාරවල් තමයි සෙට් වෙන්නේ ආ...... අර අයියට පස්සේ මොකද උනේ කියල දැන ගත්තොත් කියහන්. නීතිය අතට අරගෙන වැඩ කල උනාට තමන්ගේ සහෝදරය, එයාගේ දුව වෙනුවෙන් කරල තියෙන්නේ හොද වැඩක නෙවෙයි කියල කියන්නමත් බෑ...... දිගටම ලියපන් කොල්ලෝ(මේ වගේ කතා කියනකොට පොඩ්ඩක් හැගීම් බරව ලියහන් බොක්කටම වදින්න'
    )......

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් හ්ම්ම්....තැන්කු ඈ අදහස් වලට!හැඟීම් බර උනොත් කඳුළු පනියිද දන්නේ නෑ නේ... ;)

      Delete
  28. "මොනවා උනත් හිරකාරයෝ කියන්නෙත් අපි වගේම මනුස්සයෝ...හුගක් වෙලාවට ඒ අය ඇතුලට යන්නේ සමාජයේම වරදින්!ඕනේ තරම් වැරදි කාරයෝ එළියේ යහතින් වැජබෙනවා!කුඩු මුදලාලි ප්‍රාඩෝ එකේ යද්දී කුඩු කන හැන්දක් විකුණපු එකා ඇතුලේ!" සහතික ඇත්ත නාඩියෝ. අපේ මිනිස්සු ඕව හිතන්නේ නැහැ සමහර වෙලාවට නිරපරාදේ ඇතුලේ ඉන්න උන් ඉන්නවා. දඩ ගෙවනන් කෙනෙක් නැතිව ඉන්නවා. පව් බන් හරිම පව්. බලපන් මගේ අනෙක් කොටසත් උඹට තේරේවි.

    ReplyDelete
  29. එල පොස්ට් එක. ඇතුලට ගියොත් ප්‍රයෝජනවත් වෙඉ.....

    ReplyDelete
  30. මරු මරු.පොස්ට් එක එළකිරි වගේ තියනවා.

    "මහ උළු ගෙදර ජීවිතය" හෙවත් "ඇතුලේ life එක"

    http://susthiposts.blogspot.com/2012/06/life.html

    ReplyDelete
    Replies
    1. එල! කියවලා බලනම්කෝ! තැන්කු ඈ!!!

      Delete
  31. මචං ඇතුළේ ජීවිතේ ඔය කියන තරම් සුන්දර නැහැ..!! සැකකාරයෝ අච්චුවෝ කියල නැහැ..

    පොඩි කතාවක් කියන්නම්. ඔන්න කුඩු ගහන්න සෙට් වෙච්ච පොඩි කොල්ලෝ වෙන්නෙක් උසාවි ආවලු. නඩුකාර තුමාට මුන්ව ඇතුළට අරින්න ලොබ කමට කිවලු මෙහෙම:

    "මම තමුන්ල දෙන්නට සතියක් දෙනවා. තමුන් වගේම වැරදි පාරෙ ගිය කොල්ලෝ දහයක් වත් නිවැරදි මාර්ගයට ගන්න ඕනේ. නැත්නම් දානවා ඇතුළට"

    ඔන්න සතියකින් මුන් දෙන්න ආවලු. නඩුකාරය පළවෙනියා ගෙන් ඇහුවලු කීයක් යහමගට ගත්තද කියල. ඌ කිව්වලු ස්වාමීනී විසි දෙකයි කියල. නඩුකාරයට මාර හැපී. ඇහුවලු කොහොමද කළේ කියල. ඌ බිම ඇඳල පෙන්නුවලු රවුම් දෙකක්: එකක් ලොකුයි දෙවෙනි එක පොඩියි. මෙන්න මෙහෙම:

    O o

    නඩුකාරය ඇහුවලු මේකෙන් කොහොමද මුන් යහමගට ගත්තේ කියල. කොල්ල කිව්වලු, ස්වාමීනී, මම උන්ට පැහැදිලි කරලා කිව්වා, මෙන්න උඹේ මොළේ කුඩු ගහන්න කළින්, මෙන්න දෙවෙනි එක කුඩු ගැහුවට පස්සේ කියල. හරි. නඩුකාරයා සැටිස්.

    දෙවෙනි එකාගෙන් ගාන ඇහුවම ඌ කිව්වලු ස්වාමීනී එකසිය දාසයයි කියල. නඩුකාරය හන්ටර් වෙලා ඇහුවලු ඒ කොහොමද ඒ කියල. අර කොල්ල කිව්වලු, ස්වාමීනී මමත් ඇන්දා රවුම් දෙකක්, හැබැයි පලවෙනි එක පොඩියි දෙවෙනි එක ලොකුයි.. මෙන්න මෙහෙම:

    o O

    නඩුකාරයා ඇහුවලු මේකෙන් කොහොමෙයි එකසිය දාසයක් බේර ගත්තේ කියල. කොල්ල කිව්වලු ස්වාමීනී, මම උන්ට කිව්වා, මෙන්න උඹේ "සයිලන්සරේ" ඇතුළට යන්න කළින්, මෙන්න ගියාට පස්සේ කියල.

    ප/ලි: සයිලන්සරය යනු කුමක්දැයි මගෙන නොඅසන්න!!

    ReplyDelete
    Replies
    1. අනේ අප්පේ.... සයිලන්සරේ.......... :D

      Delete
    2. ජෝක්‌ එකක් වාගේ උනත් ඒක ඇතුලේ දිග කතාවක් තියෙනවා. ඒක තමා ඇත්ත.

      Delete

Related Posts Plugin for WordPress, Blogger...