නාඩි සෙට් එක

Thursday, February 28, 2013

කටුව : කවියක් කතා කරයි - අංක 01

කවියක් කියන්නේ රටාවකට ඇමිනිච්ච අකුරු ගොඩකට...ඒ අකුරු ඇමිණිලා හැදිච්ච වචන හරඹය එක්කෙනෙක්ට “කවියක්” වෙද්දී තවත් කෙනෙක්ට ඒක විකාරයක් වෙන්න පුළුවන්...

“කවිය නැති වෙලා...” කියලා සමහරු කෑ ගහද්දි නාඩියා මේ හදන්නේ මං තුමා හිතන විදිහට කවියට අලුත් පණක් දීපු “බ්ලොග් කවිකාරයෝ” ලියපු කවි මරන්න!

මරන්න කිව්වේ ඒ අකුරු අස්සේ හැංගිලා ගුලිවෙලා තියෙන අපූරු රහස් අපිට තේරෙන විදිහට එලියට ඇදලා දාන්න!

බලමු...ගල් වදින්නත් පුළුවන්..මල් පුදන්නත් පුළුවන්! කරගෙන යමු....අපිට පුළුවන් විදිහට....

මුලින්ම මරන්න තෝරා ගත්තේ නාඩියා කියලා එකෙක් ඊයේ පෙරේදා ලියපු “කවියක් වගේ එකක්”! මාතලන් ලොක්කා තමයි කියලා ගිහින් තිබ්බේ “ඉතිං උඹම පටන් ගනින්” කියලා! ඔන්න මම පටන් ගත්තා.. සමහර කවි වගේ ඒවා ටියුබ් ලයිට් වෙන අපි කාටත් මේක නම් පොඩි හින්ට් පාරක් වෙයි නේ...

ඔන්න ඒක

ඇත්තටම කිව්වොත් මේක මේ ලියපු එකාගේ..ඒ කියන්නේ නාඩියා කියන එකාගේ පොඩි අත්දැකීමක්...කවුරු මොනවා කිව්වත් මොන මොන චොකා බයිලා ගැහුවත් “ආදරය” කියන්නේ කාගේ කාගේත් අන්ගේ හිරි ගඩු පුප්පවන...සමහර වෙලාවට පිස්සු වට්ටවන අමුතුම එකක්...
කොහොමෙන් කොහොම හරි මේ තුමාත් ඒ ලෝ දහමට යටත් උනා..හැබැයි...ඒක පාර්ශවික ආදරයක්! දෙවන පාර්ශවය මේ ගැන හාන්කවිසියක් දන්නේ නෑ...! ( පිස්සු නේ!) .කොහොමෙන් කොහොම හරි විපරම් කරලා බලනකොට ඒ සොඳුරු සිතැත්තී මගේම කර ගන්න බාධක ගොඩයි.. “ආදරයට වැට කඩුලු..සිමා නෑ ...” කියලා කවුදෝ කෙනෙක් කියලා තිබ්බට අසම්මතයට එකතු වෙලා off road යන්න බැරි වෙන්න තවත් බැමි ගොඩකින් මාව වෙලලා තිබ්බා...
මම ඒක හිතින් අත ඇරියා! හැබැයි කාලාන්තරයක් තිස්සේ හිතේ අස්සක ගුලි වෙලා පැසවපු ඒ හැඟීම් එක පාරින් අයින් කරලා දාන්න කියලා වටේ ඈයෝ කිව්වත් කළු ලෑල්ලක හුණු කුරකින් ඇඳපු ඉරක් මකලා දානවා වගේ ඒක ලේසි වැඩක් උනේ නෑ!
පැසවපු තුවාලයක් වගේ ඒ සිතුවිල්ල මට හැමදාම රිදුම් දුන්නත් කුළුදුලේ ඉපදිච්ච ඒ සිතුවිල්ලට මම හැමදාම ලෝබයි...

ගැලෙව්වත් ඒ ක‍ටුව..
විශ උනත් ඒ ක‍ටුව...
අහවරයි සිදුරු කර..
රිදුම් දෙන හදවතම...!
වී පොකුරේ වීයා ඒ කවිය කියවලා මෙහෙම කියලා ගිහින් තිබ්බා...ඇත්ත... සිදුරු කරපු ඒ හදවතට එබිලා බලන්න පුළුවන් තවත් සිතැත්තියෙක් එනකම් ඒ හදවත බලාගෙන ඉන්නවලු....
මෙහි සිටින
අප හැමට
වැදී ඇත කටුව
කෙදිනක හෝ
කොතැනක
ගලවනු බොරු
මියෙන තුරු
සුදීක අයියා අකුරු කරලා තිව්වේ ඒ විදිහට...  14 වෙනිදාට සිමා නොවිච්ච “ආදරය” කියන අකුරු හතරට නියම අර්ථය දීපු ඒ “කටුව”, අඩි හයේ පෙට්ටියක මහ පොළොවේ පස් වෙන දවස වෙනකම් අමතක කරන්නනම් බැරි වෙයි.
ඔන්න ඔහොමයි ඒ කතන්දරේ.... බලමු ඉස්සරහට කලින් ලියපු කවිත් එක්කම මරන්නම්කෝ.....

Wednesday, February 27, 2013

කටුව

මේක දිග කතාවක්...පුළුවන් තරම් කෙටි කරලා වචන වලට ගලපලා හරි අමාරුවෙන් ගැට ගැහුවා....බ්ලොග් කවි වලට default දාන "පට්ටයි මචං" කමෙන්ට් වලින් ඈත් වෙලා කවිය (නැත්නම් ඒ වගේ එක) ගැන ඇත්තටම හිතෙන දේ..මල් වගේම ගලුත් මේ පැත්තට විසි කරනවානම් මං ආසයි!

තවත් දෙයක්.. "බ්ලොග් කවිකාරයෝ" ගැට ගහන වචන වල හැංගිච්ච තේරුම කතා කරන වැඩක් පටන් ගත්තොත් නරකද?

Wednesday, February 20, 2013

එන්න....අපි එකතු වෙමු.....

හසන්ගි.... ඇය මට හම්බ උනේ Microsoft Student Champs කණ්ඩායමේ සාමාජිකාවක් විදිහට...පරිගණකත් එක්ක හැප්පෙන අතරේ ඇගේ හිත මිතුරු සිනහව මගේ මතකයේ රැඳුනා....

මුණු පොතේ හදිස්සියේ දැක්ක පොස්ට් එකකින් මාව ගැස්සුනා..අපිත් එක්ක හිනාවුණු..කතා කරපු හසන්ගිට අපේ උදව් ඕනේ වෙලා....

කොළඹ විශ්වවිද්‍යාලයේ 3 වන වසරේ ඉගෙනුම ලබන හසංගිට පිට්‍යුටරි ග්‍රන්ථියේ ඉදිමීමක් නිසා මාසයක් ඇතුලත ශල්‍යකර්මයකට මුහුන දෙන්න සිද්ධවෙලා. එය ඉතා ඉක්මනින්ම කලයුතු බව වෛද්‍යවරුන් පවසා ඇති අතර දැනට ගණන් බලා ඇති ආකාරයට මේ සදහා රු ලක්ෂ 10 ක් පමණ වැයවේ.

අපි සමහර වෙලාවට සල්ලි හේතුවක් නැති දේවල් වලට වියදම් කරන අවස්ථා තියෙනවා. ඒත් හිතලා තියෙනවාද රු 100 ක් වැනි පොඩි මුදලකින් කෙනෙක්ගේ ජීවිතයක් බේරගන්න පුලු වන් බව ?

මේ Facebook එකේ කෝටි ගණනක් සිටින අපේම හදවතින් ගතිගුණවලින් පොහොසත් ශ්‍රී ලාංකික අපිට එය කිරීමට හැකියි.. මන්ද යත් අපේ රටේ කෙනෙකුගේ දුක අපි හැමෝටම දැනෙන හින්දා.

ඒ හින්දා පුලුවන් හැමෝම මේ පහත තියෙන ගිණුම් අංකයට හැකිතරම් ඔබගේ ආධාරය ලබාදෙන්න.. ඇගේ ජීවිතය රැදී තිබෙන්නේ අපි අතේ බැවින් ඔබේ සෑම සුළු මුදලක් පවා ඇයට වැදගත්.

ඔබට වැඩි විස්තර අවශ්‍ය නම් පහත අයගෙන් ඒ ගැන දැන ගත හැකියි.

විමසිය හැකි අය..

නිමේෂ් ගමගේ , අසංක හෙන්දහේවා හෝ අසන්ත මෙන්ඩිස් සම්බන්ධ කරගත හැක.

( 0773444819 0725226516 )

මේ ඇය වෙනුවෙන් පිහිටවූ ගිණුමයි.. ඔබේ ආධාරය ඇය වෙනුවෙන් ලබා දෙන්න.

ගිණුම් අංකය : 100953703167
නම : N.R.R.Gamage
බැංකුව : සම්පත් බැංකුව නවම් මාවත
ශාඛා අංකය :009

උපුටා ගැනීම - බස් රේඩියෝ

අපි එකතු වෙමු......හසන්ගිට අත දෙමු.....
කොළඹ විශ්වවිද්‍යාලයේ 3 වන වසරේ ඉගෙනුම ලබන හසංගිට පිට්‍යුටරි ග්‍රන්ථියේ ඉදිමීමක් නිසා මාසයක් ඇතුලත ශල්‍යකර්මයකට මුහුන දෙන්න සිද්ධවෙලා. එය ඉතා ඉක්මනින්ම කලයුතු බව වෛද්‍යවරුන් පවසා ඇති අතර දැනට ගණන් බලා ඇති ආකාරයට මේ සදහා රු ලක්ෂ 10 ක් පමණ වැයවේ.
අපි සමහර වෙලාවට සල්ලි හේතුවක් නැති දේවල් වලට වියදම් කරන අවස්ථා තියෙනවා. ඒත් හිතලා තියෙනවාද රු 100 ක් වැනි පොඩි මුදලකින් කෙනෙක්ගේ ජීවිතයක් බේරගන්න පුලු වන් බව ?
මේ Facebook එකේ කෝටි ගණනක් සිටින අපේම හදවතින් ගතිගුණවලින් පොහොසත් ශ්‍රී ලාංකික අපිට එය කිරීමට හැකියි.. මන්ද යත් අපේ රටේ කෙනෙකුගේ දුක අපි හැමෝටම දැනෙන හින්දා.
ඒ හින්දා පුලුවන් හැමෝම මේ පහත තියෙන ගිණුම් අංකයට හැකිතරම් ඔබගේ ආධාරය ලබාදෙන්න.. ඇගේ ජීවිතය රැදී තිබෙන්නේ අපි අතේ බැවින් ඔබේ සෑම සුළු මුදලක් පවා අපට වැදගත්.
ඔබට වැඩි විස්තර අවශ්‍ය නම් පහත අයගෙන් ඒ ගැන දැන ගත හැකියි.
විමසිය හැකි අය..
නිමේෂ් ගමගේ , අසංක හෙන්දහේවා හෝ අසන්ත මෙන්ඩිස් සම්බන්ධ කරගත හැක.
මේ ඇය වෙනුවෙන් පිහිටවූ ගිණුමයි.. ඔබේ ආධාරය ඇය වෙනුවෙන් ලබා දෙන්න.
ගිණුම් අංකය : 100953703167
නම : N.R.R.Gamage
බැංකුව : සම්පත් බැංකුව නවම් මාවත
ශාඛා අංකය :009

- See more at: http://www.buzzradio.lk/help#sthash.PGqG4574.dpuf

Wednesday, February 13, 2013

හෙට 14 ලු

 ආදරේ නාමයෙන් සීනිබෝල සුකුරුත්තම් විකුණන තොරොම්බල්කාරයන් පාරේ කොහෙවත් නෑ....

ආදර කෝච්චි....ආදර ඩිස්කවුන්ට් කොහෙවත් හොයන්ඩ නෑ....

පීසා එකක් එක්ක ආදර ටෙඩියෙක් ගන්න කොහේවත් තැනක් නෑ....

ආදරේ උණුසුමට box එකක් ඇතුලේ කවුරුවත් ඉන්නේ නෑ....

ඉන්ටසිටියක කොනේ මුල්ලේ තුරුළු උන ජෝඩුවක් බේතකට ගන්න නෑ....

කොල්ලගේ පර්ස් එක හිදෙනකම් රවුම් යන ගැහැනියන් මෙහේ නෑ.....

ආදරේ ලාබෙට උණු උණුවේ විකිනෙණා පෙට්ටි කඩයක් වත් නෑ....

ආදරේ නාමයෙන් ජපන් කොඩි ඉල්ලනා නරුමයන් මේ ලෝකේ කිසි තැනක නෑ...

- Meanwhile in a Parallel Universe (සමහර විට සමාන්තර විශ්වයක....)
 
Related Posts Plugin for WordPress, Blogger...