බස්සි අක්කා එක දවසක් ගුරුවරු
ගැන සොඳුරු මතකයන් කෙටුවට පස්සේ මංතුමාටත් හිතුනා
ඒ වගේ ලස්සන දවස් ටික ගැන මතකේ ආයේ එකතු පහදු කරගෙන නාඩියක් කොටන්න ඕනේ කියලා.
දැනට ඉස්කෝලෙන් එලියට
පැනලා අවුරුදු 4ක් විතර වෙච්චි ඉස්කෝලේ කාලේ වෙච්චි කෙරිච්චි දේවල් මතක් වෙද්දී
තාමත් ඉස්කෝලේ යන්න හිතෙනවා. ඒ කාලේ කරපු ගොබ්බ වැඩ, මෝඩ වැඩ එහෙම දැන් මතක්
වෙද්දී බඩ අල්ලාගෙන හිනා වෙන්න පුළුවන්.
නාඩියා හෝඩියේ ඉඳන් උසස්
පෙළ ඉවර කරනකම්ම ගියේ ගෙදර ඉඳන් හූවයි බල්ටියයි දුරින් තියන ගමේ ඉස්කෝලේට. ඇස්
වහක් කටවහක් නෑ අපේ ඉස්කෝලේ ඒ දොහේ වැඩියෙන්ම හිටියේ ගුරුවරු කියලා කටක් ඇරලා
කියන්න පුළුවන් “මිනිස්සු”.
ඒ කාලේ ඉස්කෝලේ තිබිච්ච
එක කේස් එකක් තමයි හැම ගුරුවරයාම වගේ මාව දැන ගැනීම! මොකෝ අපේ මව්තුමි ඉගැන්නුවෙත්
ඒ ඉස්කෝලේ නිසා. හැබැයි මව්තුමි හිටියා කියලා කරපු නසරානි වැඩ වලට දඬුවම් දෙන එක
නැවැත්තුවේ නෑ! වැඩියෙනුත් එක්ක දුන්නා.
ඉස්කෝලේ කාලේ මුලින්ම
මතක් වෙන්නේ අපේ හෝඩිය පන්තියට උගන්නපු රෝහිනී මිස්. මිස්ට ටිකක් වයසයි. හැබැයි
අපිට හෙනම ආදරෙයි. ඉස්කෝලේන් එලියට ඇවිත් පාරක තොටක දැක්කත් “අනේ මේ පුතා නේද”
කියලා ඇහේ කඳුළු පුරෝගෙන කතා කරන්නේ.
ඕනෙම ඉස්කෝලෙක
ගුරුවරුන්ටත් රෙජිස්ටර් වෙච්චි කාඩ් ටිකක් තියනවා. සමහර වෙලාවට ඒ ගුරුවරුන්ව දන්නේ
ඒ කාඩ් එකෙන් විතරයි.
අපේ හිටියා ගණිතය කරන
සර් කෙනෙක්. කාඩ් එක “ඩයියා” කොහොමද හැදුනේ ඒ කතා එහෙමනම් අහන්න එපා! ඒ දවස් වල නම
මතක් වෙද්දීත් අපිට බයයි. මොකෝ හිස් පීරියඩ් වල අපි දාන මියුසිකල් ෂෝ වලට එහෙම
පැනලා කණ රත් කරලා යන්න ඩයියා සර් පසුබට උනේ නෑ. අපි කලේ අපේ එකෙක්ටත් “ඩයියා”
කියලා දැම්මා කාඩ් එක. ඩයියා සර් දුරින් එනවා පෙනුනහම කරන්නේ “ඒයි මෙහෙ වරෙන්
ඩයියා” කියලා කෑ ගහලා දුවනවා. අහු උනොත් “නෑ සර් මේ අපි මෙයාට කිව්වේ කියලා ඌව
පෙන්නනවා. සර් ඉතින් දත් මිටි කකා එලියට යනවා! :D
අතමක කරන්න බැරි තවත්
චරිතයක් තමයි අපේ බුද්ධාගම ටීචර්. කවදාවත් උදේ “ගුඩ් මෝනින්” කියලා කියන්නේ නෑ. “තෙරුවන්
සරණයි” කියලා තමයි කියන්නේ. මිස්ගේ පොඩි අවුලකට තියෙන්නේ තමන්ගේ දුවලා ගැන වරුණාව
වැඩියි! :D පන්තියට ආපු ගමන් අපි
කරන්නේ “කොහොමද මිස් ඉතින් ලොකු අක්කා එහෙම දැන්?” කියලා මිස්ව කතාවට අල්ලා ගන්න
එක. ආයේ වෙන මොකුත් නෑ පීරියඩ් එකෙන් තුන් කාලක්ම දෝණි වරුණාව තමා! කතාවක් තිබ්බා
බුද්ධාගම ප්‍රශ්න පත්තරේ උත්තර වලට මිස් ලකුණු දෙන්නේ දිග බලලා කියලා. ඉතිං අපේ
උන් කලේ “අප මහා බෝසතාණන් වහන්සේ” කියලා උත්තරේ පටන් අරගෙන මැදට මොනවා හරි බයිලා
ටිකක් ලියලා අන්තිමට “සේක...” කියලා ලියපු එකලු!
සිංහල ඉගැන්නුව මිස් ට
පේන්න බැරි එක සවුන්ඩ් එකක් තිබ්බා. “ඤාව්” කිව්වොත් ඉවරයි. මිස්ගේ නමත් එක්ක පොඩි සම්බන්ධයක්
මේ සවුන්ඩ් එකේ තිබ්බා. ඉතිං අපේ උන් කරන්නේ ලස්සනට ගුත්තිලේ කවියක් එහෙම වර්ණනා
කරගෙන එද්දී පේන්නේ නැති වෙන්න “ඤාව්” සවුන්ඩ් එක දාන එක. “කවුද
දැන් ඒ කා ගහපු එකා. තොපි මාව විහිළුවකට ගන්න ආවද!” ඔන්න ඊට පස්සේ ප්‍රතිචාරේ!
දවස් දෙක තුනක් වැඩේ කෙළවර උනේ අපි සෙට් එක ප්‍රින්සිපල් ගේ ඔෆිස් එක ඉස්සරහා දන
ගහගෙන ඉඳලා!
ඉංගිරිසි කරන සර් මරුම
මනුස්සයා. AL කරන කාලේ කොහොමත් ඔය
ජෙනරල් ඉංගිරිසි එක්ක වැඩි ඇයි හොඳයියක් නෑනේ. මනුස්සයා පන්තියට ආපු ගමන් අහන්නේ “ මේ.. ඔයාලට ඔය project වැඩ වලට එහෙම යන්න
තියනවා නේ... ඕනෙනම් ගිහිං කරගෙන එන්න..” :D අපිටත් හොඳ පල්ලම! :D
AL කරන කාලේ අපේ පන්ති භාර
උනේ physics මිස්ට. මිස් අපිට
ගුරුවරයෙක් වගේම හොඳ යාලුවෙක් උනා. ක්ලාස් කට් කරපු ඒවා, කෙල්ලෝ පස්සේ ගිය ඒවා වගේ
නසරානි වැඩ ඔක්කොම මිස් දැනගෙන හිටියා. හැබැයි අපිට ගැලපෙන විදිහට හොඳ නරක කියලා
දුන්නා. “කොල්ලෝ ඕක කලොත් නම් නතර වෙන්නේ මෙතන තමයි” කියලා සුද්ද සිංහලෙන්ම තේරුම්
බේරුම් කරලා දුන්නා.
ලොකු අක්කා, නයිස් බුරි,
ගොරකා බුරි, ලොසියා, ගජන්, දයාවතී මේ අපේ එදා ආදර ගුරුවරුන්ගේ කාඩ් ටිකක්. අලුතින්
ඉස්කෝලෙට ආපු ටිකක් තරුණ පහේ මිස් කෙනෙක්ට ස්..ස්.. කියලා පුක පැලෙනකම් ගුටි කාපු
හැටි... පන්තියට මිස් කෙනෙක් එද්දී පුටුවේ චුයින්ගම් තලියක් අලෝලා මාරු උන ඒවා මතක්
වෙද්දී ආයේ ඉස්කෝලේ යන්න හිතෙනවා බං.....
දෙයියෝ සාක්කි...
ReplyDelete//ඉස්කෝලේ කාලේ මුලින්ම මතක් වෙන්නේ අපේ හෝඩිය පන්තියට උගන්නපු රෝහිනී මිස්. මිස්ට ටිකක් වයසයි. හැබැයි අපිට හෙනම ආදරෙයි. ඉස්කෝලේන් එලියට ඇවිත් පාරක තොටක දැක්කත් “අනේ මේ පුතා නේද” කියලා ඇහේ කඳුළු පුරෝගෙන කතා කරන්නේ.//
ඔතන හෝඩියේ පන්තිය කියන එක විතරයි වෙනස්.
//AL කරන කාලේ අපේ පන්ති භාර උනේ physics මිස්ට. මිස් අපිට ගුරුවරයෙක් වගේම හොඳ යාලුවෙක් උනා. ක්ලාස් කට් කරපු ඒවා, කෙල්ලෝ පස්සේ ගිය ඒවා වගේ නසරානි වැඩ ඔක්කොම මිස් දැනගෙන හිටියා. හැබැයි අපිට ගැලපෙන විදිහට හොඳ නරක කියලා දුන්නා. “කොල්ලෝ ඕක කලොත් නම් නතර වෙන්නේ මෙතන තමයි” කියලා සුද්ද සිංහලෙන්ම තේරුම් බේරුම් කරලා දුන්නා.//
ඕක එහෙම් පිටින්ම හරි.
මූ නිකං බලං හිටිය වගේනේ...
සිංහල මිස්ගේ නම ඤාණලතා/ඤාණවතී වගේ නමක්??
ඒ ගුරුදෙවිවරු මචං... ඔව් ඔව් ඒ වගේ නමක් තමා
Delete//physics මිස්//
ReplyDelete///කෙමෙස්ට්‍රි සර් // ඉංග්‍රීසි මිස් හි හි ,, අපෙත් සර් කෙනෙක් හිටියා එයාගේ වැඩේ කලිසම උස්සන ඒකමයි,, බෙල්ට් එක බුරුලට දාගෙන එන එක වෙනස් කලානම් හරියනවා ,, ඒත් අපි දැකපු හැමදාකම එය කලිසම උස්සනවා සැරින් සැරේ නැගිටපු වෙලේ ඉදන්,, ඉතින් සර් බ්ලැක් බෝර්ඩ් එක දිහා හැරෙනක්ල් ඉදල පිරිමි ළමයි නැගිටලා ඒ වගේ කලිසම ඉන හොල්ලනවා ,, පස්සේ සර් ලියද්දි සැරින් සැරේ බලනවා ,,නිකන් හරි අපි එකෙක් හරි හෙල්ලුනොත් ටක් ගාලා හැරෙනවා,, ප්‍රින්සිපල් ලගට ගිහින් ,ප්රින්සිපලුත් හිනා වෙලා වැඩේ නැවතුනේ .. සුන්දර මතක ගොඩයි නේද මල්ලි ඒ කාලේ
අපේ හිටියා ,ශර්ට් එක අහවල් එකට යට කරන සර් කෙනෙක් බොඩ් එකේ ලියනකොට පටිය බඩේ පොඩි කාලේ හිනාවෙලා බඩ රිදෙනවා ,පොර දන්නෙ නෑ අපි හිනා වෙන්නෙ ඇයි කියලා ...පස්සෙ අපි දැන ගත්තා සර්ට තියෙන එවා ගාන ..හැක් හැක් පාට තුනයි සතියේ දවස් පහට ...ඕක කිව්වෙ කෙල්ලෙක් ...කිව්ව ගමන් අර කෙල්ල ඉවරයි ..කාඩි තමා හරි ලක්ෂණ එකක් ...හැක් හැක්
Deleteසුන්දරයි කියන්නේ හරිම සුන්දරයි.. සර් කෙනෙක් හරි මිස් කෙනෙක් හරි කරන එක ටික් ගාල අපිට මීටර් වෙනවනේ අපිට කොහොම හරි
Deleteමාවත් ඉස්කෝලෙ කාලෙට මලයගේ ලියවිල්ල ගෙනගියා. ඒ කාලේ කොච්චර හොඳ ගුරැවරැ අපට හිටියද? මටත් ගොඩක් කථා තියෙනවා. අනාගතේ පෝස්ටු වලින් එලිදක්වන්නම්.
ReplyDeleteඅපේ එව්වොත් ගුරැවරැන්ට නම් පටබැඳලා තිබුනා. සර් කෙනෙක් හිටියා ' පුක පුංචා' කියලා. මිස් කෙනෙකුට ' කිරි හොදි' කිව්වා. මතකත් නෑ දැං. ඉස්කෝලෙන් අවුට් වෙලා ස්වල්ප කාලයක් යැ. උඹට ජය!!
ඒ ලියවිලි ටික එලියට එනකම් බලාගෙන ඉන්නේ අපිත්....
Deleteජය....
පාසල් දිවිය කාටත් සොදුරු මතකයන් තියෙනවා බං .
ReplyDeleteපිනා පුකට දීපු වේවැල් පාරවල් තාමත් මතක් වෙද්දී රිදෙනවා වගේ...
මතක් කරන්න එපා ඒවානම්
Deleteඅපේ මෙහෙමයි..
ReplyDeleteබුද්ධාගම ටීචර් - ටීචර්ගෙ ගෙදර බල්ල ගැන, රත්තරං බඩු ගැන වර්නනවා. ටීචර් මේව ඉමිටේෂන් නේද කිව්ව හැටියෙ ඉදන් කියවනවා පැලෙන්න.
ඉංග්‍රිසි ටීචර් - ගම ගාල්ලෙ පුක ලැල්ලෙ. පන්තියෙ හැමෝම නහය වහගන්නවා ටීචර් එද්දි
තාත්ත ඉස්කෝලෙ හිටපු නිසා මටත් වැඩිපුර දඩුවම් තිබ්බ බං කාලයක්. පස්සෙ සිස්සත්තෙ ගොඩ දාල මම වෙන එකකට ගියා :)
ටීචර්ලගෙ හිස්ට්‍රිය ගැන මගේ පරනම පෝස්ට් වල ඇති..
සොදුරුයි මචං..
වහාම ඔය මව/පියා ඉන්න පාසලට දරුවා ඇතුල් කිරීම වෙනස් කල යුතුයි :D
Deleteම්....නාඩියෝ අපේ කාලෙ ඔය ටීචර්ලාට කාඩ් ගහන එක ගොඩක් අඩුවෙන් තමා තිබුනෙ.කිව්වට තිබුනෙම නෑ.හැබැයි ඊට වඩා දේවල් අපේ කාලෙ අපි කරා. ඕව මේ දෙකයි පනහෙ වැඩනෙ නාඩි.හැබැයි අර ඔමායා කියපු විදියට චිත්‍ර සර්, සිංහල සර් කියල බැනුම් අහල නම් තියෙනවා.නමුත් ඔය කාඩ් ගහන එක ඉතින් ඕක ටික කාලයයිනෙ නේද. ඇත්තටම සුන්දරයි ඒ කාලෙ . අපිට විද්‍යාව උගන්නපු සර් කෙනෙක් හිටියා තිලකරත්න කියල.අපි එයාට කිසිම දවසක කාඩ් ගහල නෑ.ඒත් මෑතක අපෙ මල්ලිලාගෙ පන්ති වල ළමයි වගයක් කියනව ඇහුනා “ බීඩියා“ කියලා. ඕක මං හිතන්නකොලෙන් කාලෙට වෙනස් වන දෙයක් වගේ දෙයක්
ReplyDeleteඒ කොහොම උනත් උඹේ කතාව කියවගෙන යනකොට හුස්ම හිරවෙලා බේරුනේ 99 යි තුන්කාලෙන්.
ඔව් ඉතිං කාලෙන් කාලෙට කාඩ් එකනම් වෙනස් වෙනවා....
Deleteඅප්පේ. කට්ටියම මතක් වුනා. ඒ කාෙල් ආයෙත් එනවා නං කොච්චර හොදද?
ReplyDelete"ජීවිතය නම් කිමැයි - කියා දෙන්නේ ඔබයි
අනුන් සෙත උදෙසා - තමන් සුව නොතකා
දිවිය කැප කල උතුම් මිනිසුනි
මිනිස්කම නම් කිමැයි - කියා දුන්නේ ඔබයි"
ඒකනේ..... අනිවාර්යෙන්ම ඒ ය තමයි නියම සමාජ සේවකයෝ....
Deleteඅපිටනං හිටියේ මහ ජරා යක්කු ටිකක්
ReplyDeleteහෙක් හෙක්
Deleteඉස්කෝලේ යන කාලේ කලේ පැනලා ගුරුවරුන්ට බයින්න එපා ඉදගෙන :D
Deleteයකෝ.. එච්චරටම දරුණු ද ඒ කාලේ?
Deleteආ.........තල් සමය.. :)
ReplyDeleteදිගට උත්තරේ ලියන එක නම් මරු. අපිත් ඉන්ටවල් එකෙන් පස්සෙ එන පීරියඩ් එහෙම කම්මැලි වගෙ නම් ගුරුවරයව කතාවට අල්ලගෙන වෙලාව යවා ගන්න බලනව. සමහරු ඒවට කැමතියි නෙ. සාමාන්‍ය පෙල කරපු ඉස්කෝලෙ හිටපු ප්‍රින්සිපල් නම් ඒ අංශෙන් එක තමයි. (පොඩි ඉස්කෝල වල ප්‍රින්සිපලුත් මොකක් හරි විෂයයක් උගන්වනව) නොදන්න දේකුත් නෑ. ඒ සර් පන්තියට එනවට අපි කවුරුත් කැමතියි. හරියට, දැන් අපි අරූගෙ, නැත්නම් හැලප අයියගෙ, රවි අයියගෙ බ්ලොග් පෝස්ට් එකක් කියවනව වාගෙ තමයි.. රස සාගරයයි..
නයිස් බුරි කියල උඹ පෝස්ට් එකකුත් දාල තිබුන නේද කලින් ..
ඔව්.. ඔය රිලිෆ් කියලා එන ගුරුවරුත් මරු තමා! :D
Deleteනැත්නම්... ඔය තාම වැඩියෙන් බලපු ඒවාගේ උඩම තියෙන්නේ ඒකනේ....
//නාඩියා හෝඩියේ ඉඳන් උසස් පෙළ ඉවර කරනකම්ම ගියේ ගෙදර ඉඳන් හූවයි බල්ටියයි දුරින් තියන ගමේ ඉස්කෝලේට.// මාත් එසේම තමයි.
ReplyDeleteඅපෙත් ඕ ලෙවල් කාලෙනං ආතල් කතා ගොඩක් තියෙනව.
ඒ ලෙවල් වලදිනං මුලු ඉස්කෝලෙම පාලනේ අපේ අතේ තිබ්බ හින්ද ප්‍රින්සිපල් ගෙන්වත් අවුලක් නෑ.
ලියමු බං අයියේ ඔය රස කතා ටික.....
Deleteඅඩෝ පස්ට ...අපිට ආර්ථික විද්‍යාව කරේ අලුතෙන් අපු ටිචර් කෙනෙක් දවසක් මම කෙල්ලෙක්ට පොඩි විහිලුවක් කරා මිස් හිතුවේ මිස්ට කියලා ,මිස් අඩාගෙන ගියා ,හිතපන් පංතියේ තත්වෙ කොම ඇතිද ??? පස්සෙ ප්‍රින්සිපල් ඉස්සරහා වැදලා සමාව ගත්තා ,...එත් කුපාඩි කාඩි වැදුනා ..මිස් පස්සෙ තෙරුම් ගත්තා මම එයාට නෙවි එක කිව්වෙ කියලා ,,
ReplyDelete,ඉස්ස්කොලේ ගිහින් එහෙම කරපු දෙවල් විතරයි බන් මතක ...එක නිසා ඉන්න කොතන වුනත් මම නම් කරන්න තියෙන හැම මගුලම කරන්න බලනවා ...හැක්
තොපිත් කරන වැඩ! මමත් එහෙම තමා ඉතිං තාමත්
Deleteඅපේත් මිස් කෙනක් හිටියා ආ මිස් ලස්සන සාරියක් කියලා කතාවට අල්ල ගත්තාම මිස් ඉතින් සාරි අරන් දුන්න කෙනගේ ඉදලා වර්නනා කරන්න ගන්නව ඉතින් පීරියඩ් එක ඉවරයි.
ReplyDeleteඅපිත් එක්කත් එකතු වෙන්න http://www.sinhalahelp.com
හික්ස්! අන්න ට්‍රික්ස්!
Deleteගුරුවරු ගැන විවිධ මතක හිතට ආවා....
ReplyDeleteඒ මතක අමතක කරන්න බෑ කොහොමත්...
DeleteThis comment has been removed by the author.
ReplyDeleteපාසල් වියේ සොඳුරු මතක..... අර 'නයිස් බුරි' ගැනනම් කලින් පෝස්ටුවකත් කියවුවා වගේ මතකයි.
ReplyDeleteඔව් ඔව්.. ඔන්න පොස්ට් හිට්ස් එකේ උඩින්ම ඇති
Deleteපාසල් සමය ගැන නම් කතා කෝටියක් දාන්න බැරිය. හෙක් හෙක්...
ReplyDeleteඒත් මගේ හිතට වැදුනු හොඳම ගුරුවරයා වුනේ පාසල් ගුරුවර්යෙක් නෙවේ.කෙමිස්ට්‍රි ටියුශන් සර් වුනු ප්‍රසන්න බද්දෙවිතාන.
දුලාගේ අඩවිය ලියන දුලා
ටියුෂන් සර් ලත් මරු මතක ටිකක් දුන්නා තමා
Deleteඅප්පා පාසල් කාලෙනම් කියලා වැඩක් නෑ අපිටත් හිටියා නියම සෙට් එකක් අපේ පංතිභාර සර් තමා නියම කොමිටල් ඩයල් එක අපිට හිටිය ඒ අපි AL කරද්දි මිනිහා හරියටම මිස්ට බීන් වගේ කරන්නෙත් ඒ වගෙ වැඩ අපි ඉතින් එයාට කිව්වෙ මිස්ට බීන් කියලා පන්තියට ඇවිල්ලා අපිට කියලා දෙන්නේ දත් මදින්න ඔනේ බුරුසුව දත් බේත් එක සල්ලි අයන් කරලා පාවිච්චි කරන හැටි ඒ වුනාට මනුස්සයගෙ විෂය ඉංග්‍රීසි. තව හිටියා සුරනිමලයා නිහාලයා පොල්කට්ටා ඔවා තමා අපේ සර්ලට තිබුනු කාඩ්. අපේ තාක්ෂණය මැඩම්ටනම් කිව්වෙ කිරිගරුඩේ කියලා ඕං..... නියම පොස්ට් එකක් යාලු අදමයි මම මේ පැත්තේ ආවෙ niyamayi...
ReplyDeleteකිරිගරුඩේ කියන්න ඇත්තේ නිකම් නෙවෙයි එහෙනම් .. ;)
Deleteඅපිට උගන්නන්න ආපු ගුරුවරුන්ට නම් පෙර කරපු කරුම තිබිලද කොහෙද...
ReplyDeleteඒකනම් ඇත්ත! :D
Deleteඋසස් පෙළ කරන අවධියෙ අපේ පන්තියට ගණකාධිකරණය උගන්වපු ගුරු තුමාගෙ තිබුනා Benly 125 ලොකු බයිසිකලයක්. ඕකෙ සීට් එක යට බයිසිකලය පිහින රෙදි කෑල්ල තියලා තිබුනෙ. මේ රෙදි කෑල්ල එසේ මෙසේ එකක් නෙමෙයි. සෑර්ගෙ පරණ වැල් ජොකෙක්. මේකව සීට් එක යටින් කරළියට අරන් පැත් කණ්නාඩියක එල්ලලා අපි මාරු උනාම සෑර් අපේ පන්තියට ඒ කාලඡේදය නැති උනත් මාරාවේශ වෙලා තමයි කඩා වදින්නෙ...මොනවා උනත් හරිම අහිංසක මනුස්සයා...අයිස් ගහන්නෙ නැතුව අවංකව උගන්වපු ගුරු පියෙක්...
ReplyDeleteබලපන්කො ඉතිං.. අපිත් එක සැරයක් අපිට පොඩ්ඩක් සද්ද දාපු මනුස්සයෙක්ගේ බයික් එකේ plug එක ගැලෙව්වා
Deleteහරිම සුන්දර මතකයන් ගොඩක් නේද ...මම ගියේ බාලිකා පාසලකට වුනත් අපේ අය ටීචර්ස්ලට දාපු නම් වල නම් අඩුවක් තිබුනේ නෑ. ම් .. අපිට හිටියා physics උගන්නපු එච්චර උස නැති සර් කෙනෙක් ... ළමයි එයාට කිව්වේ අඟහරු බට්ටා කියලා... chemistry උගන්නපු සර්ට කිව්වේ චව් චව් කියලා...
ReplyDeleteකැතයි හොඳේ අඟහරු බට්ටා කියපු එකනම්..;)
Deleteසුන්දර පාසල් කාලේ......ආයේ කිසි දවසක නොලැබෙන .......................
ReplyDeleteඒත් ඉතින් ඒ දවස් වල නම් හිතුවේ මේ කාලේ ඉක්මණට ඉවර වුණා නම් කියලා..විභාග එහෙම තියන කොට..
අප්පේ ඔව්.. විභාග කාලේ තමයි අබාගේ!
Deleteඉස්කෝලේ කාලේ මතක් වෙනකොට නම් ආයේ යන්න ඇත්නම් කියලා හිතෙනවා.අපෙත් හිටියා ඔය වගේ අපූරු නම් පටබැඳුන ගුරුවරු කීප දෙනෙක්ම.
ReplyDeleteහැමතැනම ඉන්නවා වගේ බලාගෙන ගිහාම
Deleteඅපෙත් හිටිය සර් කෙනෙක් ප්‍රොෆෙසර් ඩේමියන් කියල බුවාට දාල තිබුනේ ගෝඩ්සිලා කියලා කරාටි මාස්ටර් කෙනෙක් හැබැයි සුපිර් ගුරුවරුන්ගෙන් කෙනෙක්. අපිට එන්ජිනියරින් කලේ
ReplyDeleteබලපන් ඒ නමේ කැත
Deleteඔව් අප්ප මතක් වෙනකොට පට්ට ආතල්
ReplyDeleteආතල් කිතල් පොල්තෙල්
Deleteපාසල් කාලෙ ගැනනම් කියන්න ගියොත් ඉවරයක් නැහැ නේද මචෝ..එච්චරටම සුන්දරයි
ReplyDeleteආයෙත් අහලා!
Deleteහිතුනට කමක් නෑ ආයේ එහෙම තොපි ඉස්කෝලේ පැත්තේ යන්නේ නෑ හරිද? නසරානියෝ
ReplyDeleteආ.. නරක් වෙලා තියෙයි ගියොත්...
Deleteමේක කියවද්දි මගෙ A/L පන්තියෙ ඉන්න කොල්ලන්ව මතක් වුනා.අනිත් ගුරුවරුන්ට කියන නම් මට කියනවා. මටත් නමක් දාල ඇති. ඇහුවට කියන්නෙ නෑ.
ReplyDeleteදාල ඇති අනිවා! ටික දවසක් ගිහාම කියයි
Deletebitlis
ReplyDeleteurfa
mardin
tokat
çorum
YT0
görüntülüshow
ReplyDeleteücretli show
AY5
https://titandijital.com.tr/
ReplyDeletebalıkesir parça eşya taşıma
eskişehir parça eşya taşıma
ardahan parça eşya taşıma
muş parça eşya taşıma
6CKNO
adana evden eve nakliyat
ReplyDeletebolu evden eve nakliyat
diyarbakır evden eve nakliyat
sinop evden eve nakliyat
kilis evden eve nakliyat
GY3DAC
DBBD2
ReplyDeleteÇerkezköy Ekspertiz
Lbank Güvenilir mi
Artvin Şehirler Arası Nakliyat
Kripto Para Borsaları
Adana Parça Eşya Taşıma
Karapürçek Parke Ustası
Ünye Oto Boya
Ünye Yol Yardım
Aksaray Parça Eşya Taşıma
9BEC9
ReplyDeleteSincan Boya Ustası
Tokat Lojistik
Kırşehir Evden Eve Nakliyat
Kripto Para Nedir
Yalova Evden Eve Nakliyat
Konya Parça Eşya Taşıma
Çerkezköy Televizyon Tamircisi
Rize Şehirler Arası Nakliyat
Karapürçek Fayans Ustası
FDEF9
ReplyDeleteTwitter Takipçi Satın Al
Telegram Görüntüleme Hilesi
Aion Coin Hangi Borsada
Bitcoin Nasıl Çıkarılır
Facebook Sayfa Beğeni Satın Al
Binance Ne Zaman Kuruldu
Kripto Para Oynama
Luffy Coin Hangi Borsada
Tiktok Takipçi Satın Al
FD65B9B9F8
ReplyDeletetürk takipçi