නාඩි සෙට් එක

Thursday, July 12, 2012

සිරිමලී - ඈ ජුකී කෙල්ලකි!




ඊයේ හවස නාඩියා ටවුන් එක පැත්තේ යද්දී නිල පාට ෂර්ට් ඇඳ ගත්ත කාන්තාවෝ රොත්තක්ම ටවුන්  එකේ එහෙ මෙහේ ඇවිදිනවා....නාඩියා පොඩ්ඩක් විපරම් කරලා බැලුවා..මොකෝ FBI එකෙන්වත්ද දාන්නේ නෑනේ!

අනේ නෑ..අපේ රටට විදේශ විනිමය ගේන දැයේ වීර කාන්තාවෝ!ඇඟලුම් කම්හල් සේවිකාවෝ...සමහර අයගේ වචනෙන් කියනවනම් ජුකී කෙල්ලෝ!නාඩියා පොඩ්ඩක් එක්කෙනෙක්ට කිට්ටු කරලා ඇහුවා..


“නංගි අද නිවාඩුද?”
“නෑ අයියා..අද 2 ට off…”

“මොකෝ මේ කස්ටිය අතේම ලොකු බඩු මලු?”
“අද පඩි බැංකුවට දාන දවසනේ අයියා..මේ ගෙදරට ඕනේ බඩු ටිකක් අරං යනවා”

මේ කතා ටික ඇහුණාම නාඩියාට හිතුනා ගොඩක් කල ඉදන් හිතේ ගුලි කරන් ඉන්න මොනවාදෝ ටිකක් කොටලා දාන ඕනේ කියලා..

77 විවෘත ආර්ථිකෙත් එක්කම රටට ආපු දෙයක් තමයි ඇඟලුම් කම්හල්..අද අපේ රටේ විදේශ විනිමය ගේන ප්‍රධාන මාර්ගයක් වෙලා..කාලයක් යද්දී රටේ කතාවකුත් හැදුන “මල්ලි ආමි..නංගි ජුකී” කියලා..ඇත්තටම කිව්වොත් ලංකාවේ තියන අධ්‍යාපන ක්‍රමෙත් එක්ක පවුල් බර කරට ගන්න පාසලෙන් පිටවෙන අපේ ගම් වල අක්කල නංගිලා ගොඩකගේ එකම ගැලවුම් කරුවා වෙන්නේ ගාමන්ට්!

නාඩියා මේ ලඟදි අර ජන සංගනනේ කියන ඒකට ගියානේ...එකේදී මම ගිය “එක්තරා” ගමක තරුණ කාන්තාවෝ ගොඩාක් අය නාඩියට හම්බුනේ නෑ..(නාඩියා දවල් ගියේ ඈ!මොකෝ මෝල් ගස් පාරවල් කන්න බෑනේ) ගෙවල් වලින් ගොඩක් වෙලාවට මෙහෙම උත්තරයක් තමයි ලැබෙන්නේ...

“නංගි/අක්කා *****(ගාමන්ට් එකක නමක් ) එකේ වැඩට යනවනේ පුතේ..උදේම යනවා..බස් එක හන්දියට එනවනේ...”

නාඩියා ගණන් හදපු විදිහට මේ වටේ තියෙන ගාමන්ට් ෆැක්ටරි තුන හතර නැත්නම් ඒ ගමේ කාන්තාවන්ගේ විරැකියාව 80% ත් පන්නනවා!!

හැබැයි ඉතිං අපේ නංගිලා අක්කලා මේවට යන්නේ අහසේ මාලිගා හදන්න නෙවෙයි...ඉස්සරහට එකලාසයක් වෙන්න අත කන කර ටික හදා ගන්න..ඔත්පල වෙලා ඉන්න අප්පච්චිට බේත් ටික අරං දෙන්න...ඉස්කෝලේ යන නංගිට පොත් පෑන් අරං දෙන්න...ඒ වගේ අහිංසක බලාපොරාත්තු ටිකක් තමයි තියෙන්නේ...

මොකෝ හම්බෙන සොච්චමෙන් ඊට වඩා දෙයක් කරන්න බෑ...


AL ඉවර වෙලා ගෙදර ඉන්න දවස් වල නාඩියාත් ගියා පොඩි ජොබ් කට්ටකට...හැබැයි සතියක් විතර තමයි ගියේ...ඉතා ප්‍රසිද්ධ ඇඟලුම් කම්හල් ජාලයක audit වැඩේ කරන්න...හැබැයි ආතල් ජොබ් එකක්!එක තැනක අපිට කරන්න තිබ්බේ ඒවගේ ගබඩා පරික්ෂා කරන එක..එක දවසක් වැඩ කර කර ඉද්දි අක්කා කෙනෙක් ඇවිත් කතා කළා..

“මල්ලි කැම්පස් ද?”
“තව නෑ අක්කා..යන්න ඉන්නේ...”

“මාත් කැම්පස් තමයි මල්ලි..**** හිටියේ...අවුට් වෙලා අවුරුදු  3 ක් රස්සාවක් නැතිව හිටියා..ඊට පස්සේ හැමදාම ගෙදරට බරක් වෙන්න බැරි හින්ද මෙතනට ආවා...මෙතන අපිත් එක්ක කැම්පස් හිටිය තව දෙන්නෙක් වැඩ කරනවා මල්ලි...!!!"

නාඩියාට කතා කරගන්න බැරි උනා!මොකෝ ඒ වෙනකොට අපි කැම්පස් එකේ ඩිග්‍රිය කියන එක පුජනියත්වයෙන් අදහන කාලේ!මේක තමයි අද අපි වැටිලා ඉන්න තත්ත්වේ...!

තව දවසක් අපිට උන්න උනා ඒ සමාගම් ජාලයේම තවත් කම්හලක transport audit එකකට...(වල් රජාලගේ ගෙවල් පැත්තේ!)ඒ කියන්නේ කුලී පදනමට අරන් ඉන්න ඩ්‍රයිවර් මහත්තුරු හොර කරනවද කියල බලන්න තමයි අපිට තිබ්බේ...Night shift එක කරලා කස්ටිය එලියට එද්දී රෑ 10 යි! ඊට පස්සේ සමහරු වැන් එකේ ගිහින් ගෙදරින් බහිද්දී රෑ 11.30 වත් වෙනවා!(නාඩියාත් ඔය වෑන් එකේ ගියා!විත් එක්ස්පිරියන්ස් ඈ!)ඒත් කොච්චර රෑ උනත් පහුවදා වැඩට එන්නත් ඕනේ!ඇත්තටම එදා නම් නාඩියාට පවු කියල හිතුනා..

නාඩියාත් එක්ක එකට ඉස්කෝලේ ගිය යෙහෙළියෝ ගොඩක් අද ගාමන්ට් යනවා...සමහරු අපිව දැක්කහම බිම බලාගෙන යන්නේ..මොකද්දෝ ලැජ්ජාවකින් වගේ....අපේ සමහර යාලුවොත් එයාලා දැක්කහම නොදැක්ක වගේ යනවා..දවසක් නාඩියා එහෙම එකෙක්ගෙන් මෙහෙම ඇහුවා..

“මොකෝ බං උඹ අරකි දැක්කහම නොදැක්ක වගේ ගියේ?උඹේ පන්තියේ නේද හිටියේ?

“යකෝ එහෙම කතා කරන්න පුලුවන්ද බං..අපි කැම්පස් නේ!එකී ගාමන්ට් කෙල්ලෙක්!අපේ තත්ත්වෙට හරි නෑනේ මචං...!”
අනේ උගේ *** රෙද්දේ තත්ත්වේ!
ඔන්න ප්‍රබුද්ධයි කියන සම“හරක්” හිතන විදිහ!

අනිත් එක ඔය එක එක ස්ටයිල් දාන පොස් යැයි කියා ගන්න කෙල්ලෙක්ගෙන් අහන්න ජුකී මැෂින් කරකෝන නංගි  කෙනෙක් එක්ක shopping යන්න...Dinner out එකකට යන්න කැමතිද කියල...?

මං කියන එක බොරුනම් ඕනේ කොල්ලෙක්ගෙන් අහල බලන්න උඹ මොනවා කරන කෙල්ලෙක්ද බදින්න කැමති කියලා.... “දොස්තර කෙනෙක්..ටීචර් කෙනෙක්....ලේචියක්...රස්සාවක් ඕනේ නෑ බං...” ඔය වගේ උත්තර ගොඩාරියක් දෙයි..ඌ ගෙන්ම අහන්න බලන්න “ගාමන්ට් යන කෙල්ලෙක් කොහොමද?” කියල.. “අනිවා ඌ ගොළු වෙනවා!


හැමදාම අපි බලං ඉන්නේ මේ අය දිහා වපර ඇහින් බලන්න...කවදද අපි ඇස් දෙක ඇරලා ලෝකේ දිහා බලන්නේ??? 

බස් රේඩියෝ බ්ලොග් සතියට එක දිගට කොටපු නාඩි...(අද කෙටුවේ පස්වෙනි එක ඈ!)





ලයික්  එකකුත් දාල යමුද?

35 comments:

  1. ඇත්ත කතාව ..හැමදේටම වඩා වටින්නේ මනුස්සකම....මගේ සුබ පැතුම් නාඩියෝ ...!!!!

    ReplyDelete
    Replies
    1. මනුස්සකම...ලස්සන වචනයක්....තැන්කු ඈ!!

      Delete
  2. වටින පෝස්ට් එකක්...රැකියාව කුමක් වුණත් හැදිච්ච කම තියාගෙන ඉන්නවනම් ඒ ගැහැණු කත ලෝකයටම වටිනවා...

    නමුත් ගාමන්ට් යන ගැහැණු ළමයි ගොඩක් දුරට වැරදි කරන නිසා සමාජයට ගොඩක්ම එපා වෙලා... සම හරක් කරන වැරදි වැඩේ නිසා ගාමන්ට් සමාජයම එපා වුන තැනක් දැන් තියෙන්නේ..එහෙත් ඒ අය නැත්නම් ඇගේ පඩියෙන් ජීවත් වන පිරිමි අය බඩගින්නෙ කියන එකත් ඔය තත්වයට සමාජයට ගැ‍ලපෙන්නෙ නෑ කියන පිරිමි උදවිය දැන ගත්තොත් හොදයි...

    ReplyDelete
    Replies
    1. ඒ වැරදි වලට ඇදලා දාන්නෙත් සමාජයම කියල තමයි මං නම් හිතන්නේ....මොකෝ තනි අතින් අත්පුඩි ගහන්න බෑනේ....

      Delete
  3. මතුපිටින් මිනිස්සු මනින්න හොඳ නෑ කියන එකට හොඳ උදාහරණයක් :) තව තව නාඩි වැටේවා :)

    ReplyDelete
  4. වටින පෝස්ට් එකක්... මට මතක් වුනේ සන්නාලියනේ කියන සිංදුව..

    මේ රැකියාව කරන අයගේ තත්වය බල්ලට දාලා සලකන නිසා තමයි මේ අවුල වෙලා තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. බල්ලටත් අන්ත තත්ත්වෙකට තමයි ඇදලා දාල තියෙන්නේ!

      Delete
  5. උඹටත් හම්බෙන කට්ටිය ඈ... හොදා හොදා.... :-)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. උඹත් වාසලෙන් පොඩ්ඩක් එලියට බැහැල බලපන්..ඕනේ තරම් කස්ටිය හම්බ වෙයි!

      Delete
  6. වටිනවා බං පෝස්ට් එක සීමිත පිරිසක් හින්දා සේරම ගාමන්ට් කෙල්ලන්ව බ* විදිහට හංවඩු ගැහිලා

    ReplyDelete
    Replies
    1. ඒක තමයි වෙලා තියෙන්නේ බං අවතාරයෝ!තැන්කු ඈ!

      Delete
  7. හ්ම්ම් ඇත්ත කතාව සහෝ.. අනේ මන්ද .. :(

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්..මේ මොකෝ අනේ මන්ද????

      Delete
  8. මම නම් එහෙම කෙල්ලන්ගේ තත්වේ බලන්නේ නැහැ අෆ්ෆා..
    කොල්ලෙක්ගේ වුනත් දුප්පත් උනත් පෝසත් උනත් මම ආශ්‍රේ කරන්නේ උන්ගේ මනුස්සකම් වලට.

    ReplyDelete
    Replies
    1. මෙන්න එල කොල්ලෙක්!හැමෝම මෙහෙම වෙනවනම් කොච්චර හොදද...? ;)

      Delete
  9. Aththa kathwa malli. ape minissu thathweta hari ne kyla ganan nogaththta lankwe adayamen abgeta bagyak adinne oya akkala nagila.

    ReplyDelete
  10. වික්ටර් මහත්තයාගේ ලස්සන සිනුවක්‌ තියෙනවා සප්ත සයුරින් එහා කියල ,ජුකී අක්කල ගැන කියවෙන අහල තියෙනවා ද??
    පව් හැම මනුස්සයම මේ දිරිය කාන්තාවෝ දිහා වපරැහින් බලන්නේ ඇයි කියල තමයි මටත් හිතාගන්න බැරි :/

    ReplyDelete
    Replies
    1. "සියල් සිරිලක පරසිඳු සළු වියනා...කුමාරී....."
      ලස්සන සින්දුවක්!
      හැම මනුස්සයම නෙවෙයි...
      සම"හරක්" විතරයි....

      Delete
  11. ඔව් ඔය කතාවටම තව එකක් කාගේ හරි අතවරයකට ලක් වුනු කෙල්ලෙක් බදින්න ඔය මේකට කොමෙන්ටු කරපු කොල්ලො කෑමතිද?....අම්මො මට එපා ඔය ගොන් බඩු....ඔන්න වචනය බහුතරයක් ඔකට සමාන වචනයක් කියනවා...කෙල්ලෙක්ට ගරු කරන්නට වඩා අපේ බහුතර පිරිමි කෑමති කෙල්ලන්ගේ යට ඇදුම පාත් කරවගන්න....හෑබෑයි ඒකට කෑමති පිරිසකුත් ඉන්නවා කෙල්ලො,ඒත් දුප්පත්කම,රෑකවරනය නෑති කෙල්ලො කී දාහක් බිලිවෙනවාද දිනකට මේ වගේ කාලකන්නියන්ට........

    ප/ලි හරිත මල්ලි කතාව කාලීන අවශ්‍යතාවයක් ඒක ඉටු කරපු ඔබට පින්..දිගටම ලියන්න ශක්තිය ලෑබේවා,

    ReplyDelete
    Replies
    1. සිරා කතාව අනුපිය අයියේ...!!!
      බොහොම ස්තුතියි ඈ...!

      Delete
  12. තවත් කෙනෙක්ට බරක් නොවී ඉන්න මේ වගේ දුක මහන්සි වෙන අක්කලා නංගිලා අපේ රටට සම්පතක්...එයාලාගේ උත්සහවන්තකමට අපි ගරු කරන්නන ඕනි... :

    ReplyDelete
  13. නියම ලිපියක්... එල..

    ReplyDelete
  14. නියමයි මල්ලි

    ReplyDelete
  15. mata mathak une me sinduwa.....http://www.youtube.com/watch?v=btSE6GMgl-o

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්...හරිම ලස්සන සින්දුවක්......ඒ වගේම අර්ථාන්විතයි...

      Delete
  16. නියම ලිපියක් යාළුවා.. වික්ටර් රත්නායක මහත්තයාගේ සප්ත සයුරින් එහා සින්දුව මෙතනට දාල තිබ්බනම් තවත් එල.. ඒ වගේමයි බලන්න නිල් මහනෙල් බරයි කියා ගෙලේ නොබැන්ද කියලා දීපිකා ප්‍රියදර්ශනී මහත්මියගේ සින්දුවක් තියෙනවා.. ඒ සින්දුවට මේ ලිපිය හොඳ කමෙන්ට් එකක්...:) ජය වේවා !!

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්..ඔය උඩින් ඒ සින්දුවේ ලින්ක් එකකුත් දාල තිබ්බා....බොහොම ස්තූතියි! :)

      Delete
  17. මේක දැක්කම නම් මලේ මටත් කොමෙන්ටුවක් නොදා ඉන්නට බැරිය.. ඇත්තම කිව්වොත් අපේ සන්හතිය ( පිරිමි ) ගැනු කියන්නෙ සෙල්ලම් බඩු කියල හිතන් ඉන්නේ... නම් ගම් කිව නොහකි උනත් මම දන්න ගොඩක් අයට විශේෂයෙන් ගාමන්ට් කෙල්ලෙක් කියන්නෙ ගනිකාවගේ තත්වෙන් මනින්නේ... මචන් දුප්පත් උනා කියලා ඊටත් හපන් කෙල්ලක් උනා කියලා එ කෙල්ල ගාමන්ට් ගියා කියලා ඔයා තත්වෙට දාන එවුන් සක්කිලි කියල තමයි මගෙ මතේ නම් ඔන්න... අත්ත ප්‍රශ්න තියනවා එත් එ ප්‍රශ්න ඈති කරල එ කෙල්ලන්ට බඩක් දීලා කෙල්ලව පාරට බස්සන්නෙත් පිරිමිම තමයි කියන ඒක අමතක කරල සුදනො වෙන ඒක තරම් අජුත වැඩක් නෑ...

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත අයියේ..... පිරිමිකමට නිගා දෙන වැඩ කරන එවුන් ඕනේ තරම්!!

      Delete
  18. මම වැඩ කරේ garment එකක HR එකේ. ඒ ළමයින්ගෙ ප්‍රශ්න ඇහුවම අපිට තියෙන්නෙ මොන ප්‍රශ්නද කියල හිතෙනවා. කොච්චර අසනීප උනත් පන ඇද ඇද හරි වැඩට එන්න වෙනවා. හිනා වෙවී වැඩ කරාට පුදුම දුකක් විදින්නෙ. හැබැයි අපිට ඉන්න ලොකු ලොකු යලුවොන්ට වඩා ඒ ළමයින්ගෙ හිත් හොදයි. ඒක මන් අත්දැකීමෙන් දන්න දෙයක්.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...