මේ සතියේ හොඳට
මඩ තැවරිච්ච ආතල් නාඩියක් දානවා කියල හිතන හිටියට මේ වෙන කෙරෙන වැඩ එක්ක අමුතුම
නාඩියක් කොටන්න ඕනේ කියල හිතුනා...අලුත් කැටගොරියක් එහෙමත් හදන්න සිද්ද උනා ඔන්න..
මේ ටිකේ
නාඩියා බුකිය පැත්තේ එනවා අඩුයි...වැඩ හොද ගැහිලා...ඒත් ඊයේ හදිස්සියේ ඔන්ලියින්
ආපුවහම අයියා කෙනෙක් ලින්කුවක් එව්වා...
“මේක බලපන්!”
නයි කයිද රෝස්
පාන් කියපි!!!!මොකෙක් හරි අවලමෙක් හදපු බුකි පිටුවක්!මමත් හොඳට දන්නා කියන කෙල්ලෝ
වගයකගේ ෆොටෝ දාල මහා කැත විදිහට!!!තව අවලමෝ රැලක්ම ඒවාට කමෙන්ට් හිටං දාල! ඇඟේ
මාළු ගඟේ නටනවා දකිද්දී!!
මොනවා
කරන්නද..දන්න කියන සෙට් එකට කියල report කළා..දන්න වැඩ කෑලි ඔක්කොම දාල page එක හදපු එකාගේ ප්‍රොෆයිල්
එක හොයා ගත්තා..ඒකත් ෆේක් එකක්ද මන්දා...
යාන්තම් අද
උදේ වෙද්දී page එකත් නෑ!හදපු
එකත් නෑ!
ඔන්න ඉතිං ඒක
දැකලා නාඩියාට හිතුනා බුකිය පාවිච්චි කරන සෙට් එකට පොඩි උපදේස ටිකක් දෙන්න ඕනේ
කියල..ගොඩක් අය මේක දන්නවා...හැබැයි දන්නේ නැති අයත් ඉන්නවද දන්නේ නෑනේ....
ඔන්න ඉතිං
මාක් අයියා කියල කෙනෙක් 2004 දී පේස්බුකිය හැදුවා..දැනට ලෝකේ වැඩියෙන්ම පාවිච්චි
කරන social networking එක කියලනේ
කියන්නේ...සෙල්ලන් නෑ!
සිරි ලංකාවෙත්
1,293,560 දෙනෙක් බුකියේ
ඉන්නවා! (http://www.socialbakers.com/facebook-statistics/sri-lanka) එ කියන්නේ රටේ
ජනගහනෙන් 6.01% ක්!
කොහොමත් බුකිය
එක්ක වැඩිය ඉන්නේ අපි වගේ තරුණ කොල්ලෝ කෙල්ලෝ...හිරිමල් වයසනේ නේ... ;)
හැබැයි ඉතිං
ඕනෙම දෙයක් ඕනෑවට වඩා ඕනෙම නෑ කියනවනේ..ඒ වගේ තමයි මේකත්!දැලි පිහියෙන් කිරි කනවා
වගේ වැඩක්!
එහෙනං ඔන්න
නාඩියා පොඩි වැඩ කිඩ ටිකක් පෙන්නනම් පරිස්සමෙන් බුකියේ ඉන්න ඕනෙනං කර ගන්න ඕනේ..
01. හැම වෙලේම බුකියට ලොග් වෙද්දී ඒක secure connection
එකකින්ද connect වෙන්නේ කියල බලන්න.ඒ
කිව්වේ address එකේ මුලට https:// කියලද තියෙන්නේ කියල
පොඩ්ඩක් බලන්න. http විතරක්
තියනවනම් පොඩ්ඩක් පරිස්සමෙන්...
02. Friend request එකක් accept කරද්දී දෙපාරක් හිතන්න..කිරි කෑලි වගේ මුණු
දාගෙන හිටියට බාගෙට බාගයක් ෆේක්!
03. ඔයාලගේ ෆෝන් නම්බර් එක...ඊ-මේල් එක වගේ
පුද්ගලිකයි රහසිගතයි ඒවා බුකියේ දාන්න එපා!
04. අනිත් එක තමයි Facebook
apps! ඔය කවුද
වැඩියෙන්ම මට ලයික් කලේ... වැඩියෙන්ම මාව බලන්න
ආවේ වග එක එක මගුල් හොයන ඒවා! මේ වගේ apps පාවිච්චි කරද්දී සමහර apps වලින් FBML නැත්නම් php
processor එකක් පාවිච්චි
කරලා user ගේ තොරතුරු
ඔක්කොම ගන්නවා අපි දන්නෙම නැතිව! ඊට පස්සේ ඉතිං........... තමා!!!
05. Chat කරද්දී එන එක එක ලින්ක් ක්ලික් කරන්නේ
බලාගෙන!!!!!මැෂින් එකම පිස්සු කෙලින්න පටන් ගනියි!
06. You have won! Verify your account... මේ වගේ ඒවා ආවොත් කොටන්නේ
බලාගෙන!!කොට්ටෝරුවට උන වැඩේ තමයි අන්තිමට වෙන්නේ!
07. හොඳම දේ තමයි Facebook privacy
settings හරියට
පාවිච්චි කරන එක! https://www.facebook.com/settings/?tab=privacy
මේ තියෙන්නේ.....ඕකෙන් අපේ profile එක බලන්න පුළුවන් අය පවා පාලනය කරන්න
පුළුවන්! සෝක් නේ!
08. අනිත් එක ඔය ගෑනු ළමයි එහෙම තමන්ගේ
ලස්සන ලස්සන ෆොටෝ (තියනවනම්..හික්ස්...)බුකියට දාද්දි ටිකක් පරිස්සම් වෙන්න....ඒක ඇල්බම් එකකට
දානවානම් මතක් කරලා ඒක බලන්න පුළුවන් අය කවුද කියල හොයල බලන්න!
09. අපිට මීටාර් වෙන්නේ නැති එක තැනක්
තියනවා අපේ timeline
එකේ!
Cover
photo කියන
එක! අපි ආසාවට ඕකට අපි ඉන්න පින්තුර දානවා!හැබැයි පුතේ අවසනාවට ඕක public විදිහට
තියෙන්නේ!වෙනස් කරන්නත් බෑ!ඕනේ එකෙක්ට බලන්න පුළුවන්!(මටත් අද උදේ මගේ හොඳ
යාලුවෙක් කිව්වේ...එයාට තැන්කු ඈ!) අනිත් ඔක්කොම ඒවා හංගලා තිබ්බත් ඕකට දාල
තිබ්බොත් ඕනේ කෙනෙක්ට අර ගන්න පුළුවන්!
10. අන්තිමට......ළමයිනේ බුකිය පාවිච්චි
කරද්දී මම මොකටද මේක පාවිච්චි කරන්නේ කියල හැම වෙලේම හිතන්න....
නාඩියා
2011 දී අර වයඹ විස්ස විද්‍යාලේ ඉංගිරිසි diploma එක කරන කාලේ project එක
විදිහට කලේ “පෙස්බුකිය යකෙක්ද?”(Facebook; Is it a MONSTER?”) කියල
එකක්! සමීක්ෂණ විද්වත් සාකච්චා එහෙම කරලා තමයි ලිව්වේ!සිරා ඈ! කැමති කෙනෙක්
ඉන්නවනම් මෙතනින් ගිහින් කියවලා බලන්නකෝ...
හරි..බැරි
වෙලාවත් අපිට බුකිය නිසා මොකක් හරි අපහසුතාවක් වෙන විදිහේ දෙයක් උනොත් මොකද
කරන්නේ...?
ලංකාවේ
මේ සම්බන්ධයෙන් කටයුතු කරන්න ඉන්නේ SLCERT (Sri Lanka Computer Emergency
Response Team) ආයතනය..රජයට අනුබද්ධ ආයතනයක්..ඕනෙම වෙලාවක පරගණක අපරාධ සම්බන්ධයෙන්
ඒ අයව දැනුවත් කරලා නීතිමය වශයෙන් පියවර ගන්න පුළුවන්..
COMPUTER CRIME ACT, No. 24 OF 2007 මේක තමයි පරිගණක අපරාධ සම්බන්ධයෙන් ලංකාවේ තියන පනත්
කෙටුම් පත...පොඩ්ඩක් කියවලා බලන්නකෝ මොනවාද තියෙන්නේ කියල...
මෙන්න අපේ ජාතිකේ
බුකිය ගැන දාපු නිව්ස් එකක්!
අන්තිමට නාඩියාට කියන්න තියෙන්නේ
මෙච්චරයි......දැලි පිහියෙන් කිරි කනවනම් පරිස්සමෙන් කන්න!නැත්නම් කටයි දිවයි දෙකම
කැපෙන්න පුළුවන්!!!
ලයික් එකක් එහෙම දාල යමු ඈ!
නියම කාලීන එකක් හෑබෑයි ඔය කියන ෆේක් එකවුන්ට් එක මමත් කලින් රාත්‍රියේ දෑක්කා..මම අදුරන ගෑනූ ලමයෙකුගේත් පින්තූරයක් දාලා තිබුනා.මෙහෙමයි මෙතන මානසික රොගීන් එහෙමත් ඉන්නවා.ඉතින් ඒක නිසා තමන්ගි පුද්ගලිකත්වය ගෑන නිතරම හිතලා කටයුතු කරනවානම්,අනික මොලයක් හෑමොටම දීලා තියෙනවානේ එක සමානවම ඒක තියෙන්නේ තෑන්පත් කරලා තියන්න නෙමේ...හිතන්න බුද්දිමත්ව හිතලා මෙතන වෑඩ කටයුතු කරන්න....විශේශයෙන් කාන්තාවන්......( මොකද කෙල්ලෙක් දෑක්ක ගමන් කසන ගති ඇති පිරිමිත් බහුතරයක් මේකේ ගෑවසෙන නිසා )
ReplyDeleteවිහින් මානසික රෝගීන් වෙච්ච අය තමයි බහුතරයක් ඉන්නේ....
Deleteමම නම් බුකියට ලොග් වෙන්නේ ගෲප් එකට දාන ස්ටේටස් පෝස්ට් කියවන්ඩ විතරයි.
ReplyDeleteවෙලාවකට ඕක මහ ඇනයක්. තවත් වෙලාවක මරු !
ඒකනේ..නිකම් දැලි පිහිය වගේ තමයි....
Deleteමේක නම් කාලින අපූරු ලිපියක් නාඩි අයියේ.ෆේස් බුක් නොයා ඉන්න තරමට එක අතකට හොඳයි.අන්තර්ජාලයට පින්තුර එකතු කරනකොටනම් ඇත්තටම ලක්ෂපාරක්වත් හිතන්න ඕනෑ..ප්‍රතිපල බයානක නිසා..නියමයි.හොඳ පණිවිඩයක්!වැදගත් පෝස්ට් එකක්!
ReplyDeleteහ්ම්ම් හ්ම්ම්..තැන්කු ඈ!
Deleteනඩියෝ මමත් ඔය කියන පරිගණක පනත කියවල තියනවා. මගෙ අම්මෝ ඒක කියවපුවාම පික්සු බම්ප් වෙලා ආයෙත් බම්ප් වෙනවා. එකේ තියන දඩුවම් ලැබිය හැකි වැරිදි දැකල්නම් නෙවෙයි. ඒක ලියල තියන ශෛලිය තමයි ලොකුම අවුල. කවුරු හරි හරියට තේරුණ එකෙක් ඉන්නවනම් කියපන් ඈ... අපි කොරන එව්වා වැරදි කියලවත් තේරෙන්න එපැයි.
ReplyDeleteඒක ටිකක් ලිහිල් කරලා හැමෝටම තේරෙන විදිහට පබ්ලිෂ් කලොත් හොදයි වගේ නේ....
Deleteෆේස්බුක් නෙමෙයි ඕනම දෙයක් වැරදියට හරි නොසැලකිල්ලෙන් හරි පාවිච්චි කළොත් වෙන්නෙ නරකක්ම තමයි. නමුත් මං දන්නවා ෆේස්බුක් එකෙන් හම්බ වෙලා ගොඩක් සමාජ සේවා කරන කණ්ඩායම් කීපයක්. මමත් ෆේස්බුක් එකෙන් අදුනගත්ත හොද යාළුවො ගොඩක් ඉන්නවා. අපි පරිස්සමෙන් පාවිච්චි කරනවානම් ෆේස්බුක් එච්චර නරක තැනක් නෙමෙයි.
ReplyDeleteඒක ඇත්ත අයියේ..හරියට තේරුම් ගන්නවනම් යක්කුන්ගෙන් උනත් වැඩ ගන්න පුළුවන්නේ...
Deleteබුකිය යකෙකි!! සාමාන්‍යයෙන් යක්කු කළු ය. එලෙසින් ම මේ යකා ද කළු ය.. හැබැයි කියන තරම් කළු නැත. සැබෑ වර්ණය තේරුම් ගෙන වැඩ කළ යුතු ය!!
ReplyDeleteඅනිවාර්යෙන්ම... :)
Deleteවැදගත් ලිපියක් යාලුවා. කෙල්ලො කොල්ලො ඕව ගැන වැඩිය හිතන්නෙ නෑ . මොකක් හරි ලස්සන පාට පාට එකක් දැක්කම ඒක පස්සේ තමයි.
ReplyDelete…එලස්
හික්ස් හික්ස්...අත්දැකීම් තියනවා වගේ... ;)
Deleteස්තූතියි නාඩි අයියේ..ඒකත් හරියට සුදුවක් වගේ ..පරිස්සමෙන් භාවිත කරන්න ඕනේ :)
ReplyDeleteඒකනේ "බුකිය" කියල කියන්නේ....... :)
Deleteමමත් මුලින් ඔහොම add කරා.. පස්සේ පස්සේ කෙස් පැහෙද්දී වැඩේ තේරිලා හොයලා බලලා add කොරන්ට ගත්තා.. නැතිනම් msg එකක් දාලා මොකාද කියලා අහලා බලලා මගේ කොර ගත්තා
ReplyDeleteදැන් එතකොට කෙස් හැලිලද.......??? :පි
Deleteමූනු පොතත් දෙපැත්ත කැපෙන පිහියකි..ඇනල මරන්නත් පුලුවං...පාං පෙත්තක බටර් ගාන්න ගන්නත් පුලුවං...
ReplyDeleteඑල ලිපිය නාඩි මලයෝ
හ්ම්ම් හ්ම්ම්..තැන්කු අයියා!
Deleteඅදමයි මේ පැත්තට අවේ වටිනා ලිපියක් අපු ගමන්ම දැක්කේ අයෙමත් එන්නම් ජය ..........."D
ReplyDeleteඑල එල...තැන්කු ඈ!!!
Deleteඑල පොස්ට් එක මචන්
ReplyDeleteමේක මං හිතන්නේ ගෑනු ළමයිට මේක ගොඩක් වටින එකක් වේවි නේ....
එහෙම හිතලමයි ලිව්වේ! ;)
Deleteඒ කාලේ පික්සු හැදිලා වගේ ඇඩ් කරාට දැන් ලිමිට් පැනලා ඕන කරන එකෙක්වත් දාගන්න බෑ
ReplyDeleteබුකිය නම් පිස්සුවක් තමා මේ ඊයේ පෙරේදා අඳුරගත්ත එවුන්ට චැට් කරන දේවල් අපේ ගෑණු ලමයි අයියෝ සල්ලි
හ්ම්ම් හ්ම්ම්... )
Delete