වනේ වන
කුසුම් පරයන පැහැ වත කමලේ
බාලේ
ඉඳන් රැහැ බබලපු නෙත් සඟලේ
කොමළ
සිනා කැන් වගුරපු දසන් පෙලේ
මිහිර
කෙලෙස මකවන්න ද පපු මඩලේ
උක්දඬු
බටනලා සර රස හිඟ උනාදෝ
මොර
පලු කෝන් දිව තෙත් නොකලාදෝ
තුන් ගල්
ලිපේ ඉදෙනා බත් රස නොවුනාදෝ
පුලා
යදින්නට හිත දිරි මදි උනාදෝ
ඇත්
අස් සෙනග පිරිවර නැත රැකවල් යන්න
රන්වන්
දුහුල් සළු නැත සතපන්න
තන්තිරි
මාල නැත ගෙල පටලා රදවන්න
ආල
පිරුණු හිත ඇත මදි නොකියන්න
රන්මසු
උයන් කෙළි කැප නැත රොඩි දනන් හට
අඩ
මස්සටත් වේ මහජන වැද යදින්නට
සාලිය නාමේ
ළඟකින් බෑ තබන්නට
ඒත් හිතේ
ආලේ බෑ වහන්නට
රජ
කුමරෙකු රවටපු මායම්කාරි
චණ්ඩාලියකැ
වාසල අවමන්දාරි
රන්මසු
උයනේ මල් නෙලනා කටකාරි
ඔබමයි
තවත් මගේ හිත දිනු හැඩකාරි
සාලිය
අශෝකමාලා පවත ලක් ඉතිහාසයේ පරසිඳු පෙම් වෘතාන්තයකි. සාලිය කුලගොත් නොසලකා රාජ සම්පත්
අතහැර අශෝකමාලා සරණ කොටගත් බව සැබෑව...
නමුදු....
අශෝකමාලාවන්ට
පෙම් බැඳී රැහේ එකෙක්ගේ සරය මෙසේ විය නොහැකිද...?