නාඩි සෙට් එක

Wednesday, July 11, 2012

මං ෆොටෝජෙනික් !!

පඩ සරත් ගැන අහල පිස්සු දෙපිටින් යන වෙලාවේ නාඩියා හිතුවා නාඩියාගේ වෙරි වෙරි ඉන්ටරස්ටින් ටොපික් එකක් ගැන පොඩ්ඩක් කතා කරන්න...

ඔය හැමෝටම වගේ  නාඩියාට විනෝදාංශ ගොඩාක් තිබ්බා!අර leisure time activities කියන එව්වා!දැන් නම් ඉතින් leisure time කියන එක හොයා ගන්න එක කළු නික හොයනවා වාගේ වැඩක් හින්දා හරි අඩුවන් තමයි ඕවට set වෙන්නේ!

ඇවිත් කොල්ලන්ට කාර්,බයික්,ගේම්ස් ... පිස්සුව ගහන කාලේ නාඩියට ගැහුවේ camera පිස්සුව!!ආයේ කැමරාවක් දැක්කොත් කන්න ඕනෙත් නෑ!මුලින්ම නාඩියාගේ අප්පච්චි ගාව film role දාන lens එක කරකෝන සුවිශාල ප්‍රමාණයේ කැමරාවක් තිබ්බා!Yashika FX-3 එකක්!(දැනටනම් ඒවා තියෙන්නේ කටු ගෙයි විතරයි!)හැබැයි ඒක නාඩියාට තහනම් භාණ්ඩයක්!මොකද ඇල්ලුවොත් කැමරාවේ පළුවක් නෑනේ!(ඊට පස්සේ නම් පාවිච්චි කරන්න දුන්න ඈ!)

පරණ අයිටම් සෙට් එක!
කොහොම කොහොම හරි නාඩියාට පුංචි පහේ කැමරාවක් තෑගි ලැබුණා!මිනිහා ගොඩ! දකින දකින එක photo ගන්නවා!හැබැයි reel එක සුද්ද කරපුවහම මොකුත් නෑ!ෆොටෝ ඔක්කොම සිරිසගබෝ!!!නැත්නම් technical mistakes!!!

Digital camera එකක් මුලින්ම අත පත ගෑවේ අප්පච්චිගේ යාළුවෙක්ගෙන් ඉල්ලගෙන...ඊට පස්සේ ඉතින් ක්ලික් ක්ලික් තමයි!!

නාඩියා හිතන විදිහට ෆොටෝග්‍රෆි කියන්නේ ආසාවෙන් කරන්න පුළුවන් හොබියක්‌...පට්ට අත්දැකීම් රොත්තක් එකතු කර ගන්න පුළුවන් එකක්! මට නම් මේ subject  එක  කියල දෙන්න ගුරෙක් හිටියේ නෑ!හැබැයි හැමදාම ලඟින් ඉදන් අඩු පාඩු පෙන්නලා දීල support එක දෙන්නේ මගේ අප්පච්චි...

නාඩියා කැමරාව උස්සන් යද්දී වෙච්චි සෝක් අද්දැකීම් නම් එමටයි..දෙකක් තුනක් කොටන්නම්...ඔන්න එක දවසක් නාඩියා තව සෙට් එකක් එක්ක ෆොටෝ ගන්න කියල ලංකාගම පැත්තෙන් සින්හරාජෙට රිංගුවා..ඔය -ඇත්තෙන් ඇතුලට ගියහම තියනවා ගින් ගඟෙන් එගොඩ වෙලා යන්න ඕනේ සංචාරක නවාතැනක්!යම්ම ඕනේ පොඩි පාලම් පාරුවක!නන කස්ටිය හවස් වෙලා බැරල් වලින් හදපු අර අටමන්ගල්ලෙට නැගල එහා පැත්තට ගියා!කාපිය බුල්ටොත් එක්ක පාන්!එදා රෑ දෙගොඩ තලා යන්නම වැස්සා!උදේ බලද්දී අර බැරල් වලින් හදපු එහා පැත්තට එන්න  තියන අයිටම් එක නෑ!

“මහත්තෙලාට ඉතිං ඒක හොයා ගෙන එනකම් ඉන්න වෙනවා..කමක් නෑනේ...”

අපිත් එක්ක ගිය ගයිඩ් කාරයා කිව්වා..දැන් ඉතිං ඉදපන්කෝ ෆොටෝ ගගහම!කොහොම හැටි පාරුව හොයාගෙන අපි මෙගොඩ එද්දී හොදටම හවස් වෙලා!ගෙදර ආවේ ඊටත් පස්සේ දවසේ!ගෙදර ඉහල මන්ත්‍රී මණ්ඩලේ දාපු කචල් ගැන ඉතිං කියන්න ඕනේ නෑනේ! ;)
පාරුව හොයන් ඇවිත්

ඊළඟ සීන් එක ගැනනම් තාම මතක් වෙද්දී කකුල් රිදෙනවා...දවසක් නාඩියා හවසක විවේක සුවයෙන් ඉද්දි නිකමට වත්ත පහලට යන්න හිතුනා!කිරි අප්පට ඩොග්ස් ජම්පින් කිව්වලු..කටුස්සෙක්(කටුස්සියක් ) බිත්තර දානවා!ටක් ගාල ගෙදර දුවල ගෙනාවා කැමරාව(එච්චර ලොකු එකක් නෙවෙයි sony බට්ටෙක්!)පැයක් විතර කටුස්ස ළඟ බිම නිදා ගෙන බිත්තර දානවා ෆොටෝ ගත්තා...ඒ අස්සෙන් කකුලේ කඩි කනවා..හෙල්ලෙනත් බෑනේ!මොකෝ අරූ බය වෙනවනේ..මොකෝ මගේ අයිටම් එකේ zooming තියන එකක්යැ! කොහොම කොහොම හරි ෆොටෝ අරං ඉවර වෙද්දී මගේ කකුලත් හොදටම ඉදිමිලා!(edit කලේ AMS අයියා)

මේ තියන ෆොටෝ එක තමයි මගේ කැමරාවෙන් මම ගත්ත පුජනියම චායාරුපේ..අසිරිමත් බුද්ධගයාව!

නාඩියාගේ චායාරුප එකතුවේ තියන නාඩියා ආසම එක!අම්මා කෙනෙක්ගේ ආදරය තිරිසනෙක්ගේ ඇස් දෙකකින් බේරෙන හැටි..මම මේ ෆොටෝ එක ගත්තේ පොළොන්නරුවේ තිවංක පිළිම ගේ ගාවදි...කැමරාව Fuji602 එකක්..මේකට ඔන්න ඔය ෆොටෝග්‍රෆි තරගයක සහතිකයක් එහෙම හම්බුනා ඔන්න... 


ඊළඟ සිද්ධිය අසල්වැසි රටේදී වෙච්ච එකක්!නාඩියා ගියා “යටගිය දවස බ්‍රහ්මදත්ත නම් රජ්ජුරු කෙනෙක්” ගේ මාලිගාව බලන්න කියල..මාර කේස් එක!ඇතුලේ ෆොටෝ ගන්න දෙන්නේ නෑ!ඒ උනාට නාඩියාට මාරම ආසයි ඇතුලේ එකක් ගහන්න...ඉන්දියාවේ ඩයල් කොහොමත් සම්තින් එකක් දුන්නොත් ඕනේ දෙයක් කරනවා..සබන් කෑල්ලක් එහෙම දුන්නොත් පු*ත් හෝදයි!පොඩ්ඩක් වට පිට බලලා එතන හිටිය සික්කට දුන්න ඉන්දියන් රුපියල් 20 ක් !අඩේ පොරට මාර සැටිස්!

“කම් සර්ර්ර්ර්....දිස් වේ සර්ර්ර්....ෆොටෝ සර්ර්.....බියුටිෆුල් සර්ර්ර්......”

නාඩියාත් හිතුන හිතුන අතේ ෆොටෝ ගහ ගත්තා!මේ තියෙන්නේ ඒවායින් එකක්!මොකද්ද අමුතු ඔරලෝසුවක්!ඉන්දියාවෙලු හදල තියෙන්නේ...


හොද ෆොටෝ එකක් ගන්න හොද DSLR එකක්ම ඕනේ නෑ!ඕනේ ඉවසීමයි හොද ඇහැකුයි විතරයි..එහෙම තමයි නාඩියා හිතන්නේ.....අනිත් එක තමයි විනය....

නාඩියාගේ කැමරාවේ වැදිච්ච හිතට අල්ලපු දෙක තුනක් ඔන්න දැම්මා....

ශ්‍රද්ධා

 ඉතුරු ෆොටෝ ටිකත් මෙන්න මෙතනට ගිහින් බලලා...කොමෙන්ට් එකක් එහෙම දාල යන්නකෝ.....


බස් රේඩියෝ බ්ලොග් සතියට එක දිගට කොටපු නාඩි...(අද කෙටුවේ හතරවෙනි එක ඈ!)
 





ලයික්  එකකුත් දාල යමුද?

23 comments:

  1. කටුස්සාගෙ පින්තුරේ නම් නියමයි සහෝ..දුර්ලබ රූපනෙ..

    කකුල හොදටම ඉදිමුනාට පාඩු නැහැ ඔන්න! :)
    අවසාන රූපෙත් අගෙයි හ්ම්ම්..

    ReplyDelete
  2. සිරිසඟ බෝ දෙක තුනකුත් දැම්මනම් තමයි මරු....

    ස්‍රද්ධාව ෆොටෝ එකට හුඟාක් කැමතියි

    ReplyDelete
    Replies
    1. ඉන්න බලන්න..scan පාරක්වත් දීල දාන්න...
      තැන්කු ඈ!!!!

      Delete
  3. ෆොටෝ ග්‍රැෆික් කියන්නේ මාත් මාරම ආස සබ්ජෙක්ට් එකක්.
    ඉස්කෝලේ යනකාලේ ෆොටෝග්‍රෆික් ක්ලබ් එකෙත් හිටියා.දැන් නම් ඒවගෙන් ඈත්වෙලා.
    ලස්සන ෆොටෝ ටික නාඩ්ස්.
    මම ආසම මෙතනින් ආසම ෆොටෝ එක තමා "ශ්‍රද්ධා"

    ReplyDelete
    Replies
    1. කවදාවත් තමන් ආදරේ කරන දේවල් වලින් ඈත් වෙන්න එපා...
      "ශ්‍රද්ධා" ෆොටෝ එක මම ගත්තේ ශ්‍රී මහා බෝ මළුවේදී....!
      තැන්කු ඈ!

      Delete
  4. යකෝ ගින්දර කොල්ලෙක් නේ ඈ... :-)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. අපි කොහොමත් එල කොල්ලෝ තමයි ඈ!!!!

      Delete
  5. ෆොටෝග්‍රෆි මාත් ආසා වැඩක්
    ලස්සනයි පින්තූර ටික, බුකියේ දාල තිබ්බ එව්වත් බැලුවා

    ReplyDelete
  6. නාඩියාට දක්ෂතා ගොඩක් තිබිලානේ :D

    ReplyDelete
    Replies
    1. එහෙම තමයි එල කොල්ලෝ!!! :D
      තැන්කු ඈ!!!

      Delete
  7. හොඳ හැකියාවක් තියෙන පාටයි

    ReplyDelete
    Replies
    1. එහෙම තමයි..එහෙම තමයි..තැන්කු ඈ! :)

      Delete
  8. මමත් ආසම සබුජෙට් එකක බොලන්.

    ReplyDelete
  9. ඔන්න හොයාගත්තා.. අඩේ මං ඔය පින්තූර ටික ගෲප් එකේ දැකලා තියනවා නෙ.. කවුද දන්නෙ ඒ අයියගෙ කියලා..

    ReplyDelete
  10. මගෙත් ෆේවරිට් ටොපියක් මේක.ඒත් අපිට කොයින්ද නාඩියො ඩිජිටල් මෙව්ව,ඩී ඇස් ඇල් ආර් එව්ව.මම තාම පොටෝ ගන්නෙ 5MPXL ජංගමේකින්.ඇන්ඩෙක් නිසා ඩී ඇස් ඇල් ආර් වගේනම් තමා සෙටින්ස් හදතෑකි .හොද පොටෝ එකකට මෙගා පිස්සල් ගානයි කැම් එකේ පෆෝමැන්සුයි ඕන්නෑ.ෆොටෝග්‍රැෆර්ගෙ ඇහැ තමා ඕන.ඕන් බුකි රිකුවෙස්ටුවක් දැම්ම.කොම්ෆෝම් කලපන්කො.පට්ට ෆොටෝ ටික.කඩි කෑවත් නියමෙට නාඩි වැටීල තියෙනව.ශ්‍රද්ධා එකයි කටුසු ගෑල්ලමයයි. බුද්ධගයාවයි පට්ට ඈ;)

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත බං..... තැන්කු තැන්කු....

      Delete
  11. //Yashika FX-3 එකක්!(දැනටනම් ඒවා තියෙන්නේ කටු ගෙයි විතරයි!)//

    හෑ... බොරු කියන්නේ නැතිව හිටු කොලුවෝ... මගේ ලඟත් එකක් තියෙනවා. තාම සුපිරියට වැඩ.

    ReplyDelete
    Replies
    1. මගේ ඒකත් තාම වැඩ ඇති! රීල් දාන්න ගිහාමත් කරදර හින්දා පාවිච්චි වෙන්නේ නෑ! ඒකයි!

      Delete
  12. මගෙත් ආසම subject 1 තමයි... ඒත් කැමරා 1ක් නෑ...

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...