සුරුට්ටුවක් වගේ දුම් පිඹගෙන යන යාල්දේවියට හයි
කරපු අලුත් නිල් පාට කෝච්චි පෙට්ටි අනුරාධපුරේට උදේට සැරේට වැටෙන අව්වට දිලිසෙනවා.
පේන තෙක් මානෙකට විහිදිච්ච වෙල් යාය හාල කරලා වපුරන්න ලඟයි. හිනියට එන රොන් මඩේ
කුයිල නහය හාරගෙන යනවා.
අලුත් ටයිම් ටේබල් එක හින්දා සිට් ඕනේ තරම්
තියනවා. මමත් කරේ එල්ලගෙන ආපු විසාල බෑග් මල්ල උඩින් ගහලා තියෙන සුදු යකඩ රාක්කෙට
තල්ලු කරලා අව්ව නැති පැත්තෙන් සිට් එකකට බර වෙනවා. අලුත් නැවෙන් ආපු නංගි කෙනෙක්
මාත් එක්ක හිනියට හිනා වෙලා ඉස්සරහට යනවා. ඉස්සරහ පෙට්ටියේ පොඩි බැච් එකේ මල්ලි
කෙනෙක් සිට් එකක් අල්ලාගෙන බෙල්ල දික් කර කර බලාගෙන ඉන්න හැටි මට යාන්තමට වගේ
පේනවා...
හිත ගිය තැන මාළිගාව කිව්වලු....
ගල්ගමුවෙන් හැමදාම වගේ කෝච්චියට ගොඩ වෙන පැටිස්
ශෝටිස් විකුණන මිනිහෙක් ඉන්නවා. පොඩ්ඩක් නිල් වැඩි වෙච්චි සුදු පාට ෂර්ට් එකට කොටු
වැටිච්චි පලේකාට් සරමක් මිනිහා හැමදාම අඳිනවා. කරේ තියෙන ලොකු යකඩ බේසමේ දාරේට
හේත්තු වෙන්න එලපු විනිවිද පේන ඉටිකොලේ අස්සෙන් කහ දුඹුරු පාටට බැදිච්චි තුන්
හුලස් බිත්තර රෝල්ස් අට්ටියක් ගොඩ ගහලා තියනවා පේනවා. හීනියට පිට වෙන රස්නේ දුම
හින්දා ඉටි කොලේ වටේට මිදුම් බැඳිලා තියනවා. මට සිට් දෙකක් එහා පැත්තෙන් සුදු
ඇඳගෙන ඉන්න ජෝඩුව ඒ මිනිහා නවත්තලා රෝල්ස් අරගන්නවා. දුම් දාන බිත්තර රෝල්ස් අතෙන්
අරගෙන අච්චු ගහපු කඩදාසි පිටු වලින් හදපු කවර වලට දාල දෙනවා. මිනිහා හීනියට හිනා
වෙලා ඉතුරු සල්ලිත් දීලා ඉස්සරහට යනවා. ඉතුරු සල්ලි දෙන්න පර්ස් එක අදිද්දී පර්ස්
එකේ විනිවිද පේන පොකට් එකේ පුංචි ළමයෙක් වඩාගෙන ඉන්න අම්මා කෙනෙක්ගේ පින්තුරේ
තියෙනවා මට පේනවා.
හිත ගිය තැන මාළිගාව කිව්වලු...
සිට් එකේ තුන් දෙනෙක්ට අත පය දිග ඇරලා යන්න ඉඩ
තිබ්බත් රෝල්ස් ගත්ත ජෝඩුව එකට ගුලි වෙලා රෝල්ස් කනවා. විටින් විටෙ මොනවදෝ හිමිට කිය
කියා හිනා වෙනවා. ඒ ගෑනු ළමයා හිනා වෙද්දී කම්මුලේ පුංචියට හැදෙන වලක් තියේ. උඩට
උස්සපු ජනේලෙන් එන හුළඟට ඒ ළමයගේ කෙස් ටික අවුල් වෙනවා. පිරිමි ළමයා ඇඟිලි වලින්
කෙස් හදන්න ලොකු ට්‍රයි එකක් දෙනවා.
හිත ගිය තැන මාළිගාව කිව්වලු...
ඊයේ රෑ නිදි මරපු හින්දද කොහෙද මට හොඳ නින්දක්
යනවා. වැල්ලව ස්ටේෂන් එක පාස් කරද්දීම වගේ මට නැගිට්ටෙනවා. ලාවට සිරි සිරි පොදක්
එළියේ වැටෙනවා. ඒත් අව්ව පායලා තියේ. “අව්වයි වැස්සයි නරියගේ මඟුලයි” මට හීනියට
හිනා යනවා. කෝච්චිය වේගේ අඩු කරලා කුරුනෑගල නවත්තනවා. ටිකට් එක දීලා එලියට එද්දිම
යාන්තම් බස් එකක් අහුවෙනවා.
වෙනසකටත් එක්ක ඉම්පීරියල් හෝල් එක ලඟින් බැහැලා
පයින් යන්න හිතෙනවා. ඉස්සරහ “මට මගේ නොවන මගේම ආදරයක්” බැනර් එකක්. උදේ ෂෝ එක ඉවර
වෙලා ජෝඩු ජෝඩු එලියට බගින වෙලාව. ගෑනු ළමයා ඇස් කරකෝ කරකො වටේ බලනවා. ඒ අතරේ
ඇඳුමත් පොඩ්ඩක් හදාගෙන ඉස්සරහ නවත්තලා තිබ්බ රතු පාට ත්‍රි විලරේට දෙන්නත් එකක්ම
නගිනවා. දුම් දාගෙන උඩ පාරේ ගිය ත්‍රී විලරේ වැව පැත්තට වංගුව ගන්නවා.
හිත ගිය තැන මාළිගාව කිව්වලු...
වැහි වැස්සට ගන සැරේට අව්ව වැටෙනවා. මුණ
දෙපැත්තෙන් දාඩිය බේරෙනවා මට තේරෙනවා. ඉක්මනට ගෙදර යන්න නම් ඉන්ටසිටියක් ගන්න
හිතාගෙන පෝලිමට ගියත් දිග පෝලිමක් එතන තියනවා. යාන්තම් කොන්දා තනි සිට් එකකට ඉඩ
තියේ කියපු හින්දා බකට් සිට් එකක වාඩි වෙලා බරසාර බෑග් එක උකුලේ තියා ගන්නවා. හින්
සීරුවේ දෙපැත්ත බලපුවාම පන්ති යන වයසේ ජෝඩු දෙකක් බ්ලෝවරේ සීතලට ගුලි වෙලා ඉන්නවා
මට පේනවා. එක කොල්ලෙක් රවලා වගේ මං දිහා බලනවා.
හිත ගිය තැන මාළිගාව කිව්වලු...
ස්ටෑන්ඩ් එකෙන් බහිද්දී නිල් පාට ෂර්ට් ගොඩක් එහෙ
මෙහෙ යනවා පේනවා. ළඟ තියෙන ගාමන්ට් එකේ අයගේ පඩි දවස. සමහරු අතින් කටින් බඩු මලු
උස්සගෙන අද්දන බස් වලට නගින්න පොර කනවා. තවත් අය ෆෝන් එක කනේ ගහගෙන ලොකු කතාවක්. බුදු
මැදුර ඉස්සරහ නවත්තලා තිබ්ච්ච රතු පාට පල්සර් බයික් එකේ හිටිය මල්ලි නිල් පාට
ෂර්ට් ඇද ගත්තු අක්කා කෙනෙක්ගේ අතට ෆුල් ෆේස් හෙල්මට් එකක් දීලා නග්ග ගන්නවා.
බයික් එක සැර දාගෙන මීගමු පැත්තට යනවා.
හිත ගිය තැන මාළිගාව කිව්වලු....
අපේ ගෙවල් පාර මේ ටිකේ හදනවා. හැරෙන තැනම තියෙන
පරණ උළු හෙවිල්ලපු ගේ පාර ලොකු කරද්දී කැඩෙනවා. අලුත් JCB එකක් ඉස්සරහ කඩපු ගෙයි ගල් අස් පස් කරනවා. පාරෙන්
එහා පැත්තේ හිටගෙන කනුවකට බර දීගෙන ගෙයි හිටපු සීයයි ආච්චියි අව්ව හින්දා ඇස්
උඩින් අත් තියාගෙන ඒ දිහා බලාගෙන ඉන්නවා.
හිත ගිය තැන මාළිගාව කිව්වලු....
Nice set of observations Nadiya. Welll written.
ReplyDeleteමෙය අවසාන කළ යැතුව තිබුණේ ඔබ නිවසට ලඟාවෙන මොහොතෙනි.
DeleteThank you Ka ka.. :)
Deleteමෙහෙම ඉවර කරන්න හිතුන ඉතිං...
great work nadiya...well written...superb....
Deleteකතන්දර කීව වගේ මිනිස්සු දිහා මේ විදියට බලන්නේ රචකයෙක්ම තමා නාඩියා. හරිම ලස්සණයි. ඒත් මේකේ ඔයාගේ හිත පොඩ්ඩකට හරි ගිහින් හැදුණු මාලිගාවල් ගැන කියලා නෑනේ. :)
ReplyDeleteඔව් ඉතිං වටපිට බල බල එන එක මගේ ලොකුම වැඩේ. තාම එහෙම තැනක් හරියට නෑනේ! ඒ දවසට බලමු නේ...
Deleteමේ ඔක්කොම බල බල මම ගෙදර එනවා , වැස්ස තව ටිකක් තද වෙනවා , මම කුඩේ ගන්න බලනකොට දකිනවා බස් හෝල්ට් එකේ ක්ලාස් ගිහින් එන ළමයි දෙන්නෙක් ලංවෙලා මොනවදෝ කොඳුරනවා .
ReplyDeleteහිතගිය තැන මාලිගාව කිව්වලු
මට ඉස්සරහින් තවත් ජෝඩුවක් එකම කුඩේ යටින් තෙමී නොතෙමී තුරුල් වෙලා යනවා . හිත ගිය තැන මාලිගාව කිව්වලු.
මම කුඩේ ඉහල ගත්තා . තෙමෙන්නේ නෑ එත් තනිකමෙන් හිත තෙමිලා . මං කවදද හිත ගිය තැන මාලිගාව හදන්නේ .....................?
මං නාඩියා
හ්ම්ම්... එහෙම නැත්තෙමත් නෑ! ;)
Deleteනියමයි. පැණි වළලු මතක් වුනා. “හිත ගිය තැන මාලිගාව කිව්වලු“.
ReplyDeleteටිකක් ඒ style එක ගත්තා....
Deleteඑළ
ReplyDeleteඅවසානයනම් පොඩ්ඩක් sad mood . පවු ආච්චියි සීයයි . ( හිත ගිය තැන මාලිගාවලු )
ReplyDeleteජිවිතේ අන්තිම කාලේ මාළිගාව කඩා වැටිලා බං...
Deleteමෙයා වටපිටම බල බල ඇවිල්ල... පුදුමයි ගැටි නොකෑවා කපල්ස් දිහා බලන්න ගිහින්... හි හි
ReplyDeleteගුටි කන්න ඉතිං නරක විදිහකට බලනවයැ
Deleteමැලේ කෙල්ලකුයි දෙමල කොල්ලෙකුයි .....
ReplyDeleteදෙමල කෙල්ලකුයි චීන කොල්ලෙකුයි........
චීන කෙල්ලකුයි ..... මැලේ කොල්ලෙකුයි......
ඔන්න අපි දකින හිත යන එවුන්ගේ මාලිගා
හරිම සුන්දරයි හරිම සුන්දරයි
Deleteහැබෑටම චීන කොල්ලෙක් දෙමළ කෙල්ලෙක් එක්ක ගියේ කොයි හරියෙද බොලං...මම තාම දැක්කෙ නෑනෙ...
Deleteඋබට මෙහෙ බලන්න තව ගොඩක් දේවල් තියෙනවා බොලන් කලබල නොවී ඉදපන්... චීන අය දෙමල කෙල්ලන්ව බලල හම්බවෙන ළමයින්ට මෙහෙ කියන්නේ චින්ඩියන් කියලා.... ඔය සරත් අයියාලත් එක්ක වදකොරන ලංකාවේ කෙනෙකුත් ඉන්නවා එහෙම චින්ඩියන් කෙල්ලක්ව බැදලා
Deleteමට නම් මේක අවසාන කරපු විදිය බොහෝම අපූරුයි.. ජීවිතය ගැන අපූරු පඩමක් හා චිත්‍රයක් උඹ මවලා පෙන්වනවා.. සමහර උන් දිගටම ලියන කොට පරිපූර්ණ වෙනවා... මේ ඒකට අපූරූ උදාහරණයක්...
ReplyDeleteබොහෝම ස්තුතියි!
Deleteබොහොම සුන්දරයි
ReplyDeleteනාඩියෝ මේවා තමා හැමෝම දකින්නේ ඒත් කව්ද කතා කරන්නේ. ඒ කියන්නේ ඇස් අරල නොබලන එක නේද?? උඹ හරියට බලල තියෙනවා. හරියට කිව්වොත් නාඩියෝ කෙටි කතා දහයක් උනත් ගොඩදාන්න කරුණු තියෙනවා මෙතන..
ReplyDeleteඔය වගේම එකක් ගැන ලියන්න මම අද උදේ හිතුවා නෙව බං.. හැබැයි වෙනත් කරුණක් ගැන..
ඒකනේ බං.. මිනිස්සු අපි මිනිස්සු දිහා ටිකක් ඕනෑකමින් බැලුවොත් කතා දාහක් හොයා ගන්න පුළුවන්....
Deleteලියපන් ලියපන් අනිවා හවස් වෙද්දී...
අම්මප හැමෝගෙම හිතගිය තැන මාලිගාව කිව්වට උඹේ හිතගියේ නැවෙන් ආව කෙල්ලට නේද මොකද එකලියන්න මිස්වුනේ
ReplyDeleteකවුද යකෝ එහෙම කියන්නේ????
Deleteසිට් එකේ තුන් දෙනෙක්ට අත පය දිග ඇරලා යන්න ඉඩ තිබ්බත් රෝල්ස් ගත්ත ජෝඩුව එකට ගුලි වෙලා රෝල්ස් කනවා. විටින් විටෙ මොනවදෝ හිමිට කිය කියා හිනා වෙනවා. ඒ ගෑනු ළමයා හිනා වෙද්දී කම්මුලේ පුංචියට හැදෙන වලක් තියේ. උඩට උස්සපු ජනේලෙන් එන හුළඟට ඒ ළමයගේ කෙස් ටික අවුල් වෙනවා. පිරිමි ළමයා ඇඟිලි වලින් කෙස් හදන්න ලොකු ට්‍රයි එකක් දෙනවා.
ReplyDeleteමේ මම නෙමෙයි නේද ? :D
මමනම් නෙවෙයි.. උඹද දන්නේ නෑ!
Deleteහිත ගිය තැන මාලිගාව... ඕක ඉතින් සදාකාලික සත්යක් නොවැ :)
ReplyDeleteහ්ම්ම් හ්ම්ම්....
Deleteකෝ නාඩියාගේ මාලිගාව ගැන කියලා නෑ නේ !
ReplyDeleteඑහෙම එකක් තව නෑනේ!
Deleteහිත ගිය තැන මාළිගාව කිව්වලු.... ඉදගෙන
ReplyDeleteනෑ නෑ හිටගෙන!
Deleteහිතගිය තැන හදන මාළිගාවේ වහලෙට රයිනෝ රූෆින් ශිට්ම දාන්න හිටගෙන :)
ReplyDeleteබලමු බලමු....
Deleteඅන්තමට වයසක ජෝඩුව ....
ReplyDeleteකතාව නියම තැනින් නැවතිලා.
කොහොමත් අපි හැමෝටම වෙන්නේ ඕකනේ බං
Deleteඋඹේ තියෙන්නේ මාර රටාවක්...
ReplyDeleteහිතගිය තැන මාලිගාව.... අන්තිමට නවත්තපු තැන හොඳම තැන තමයි
:)
Deleteපැණි වළලු නේද බං,කොහොම උනත් ලස්සනට ලියල තියනවා
ReplyDeleteඒකනම් පට්ටම රහ කොලමක් අයියේ. ටිකක් ඒ වගේ වෙන්න පොඩි try එකක් දුන්නා!
Deleteෙම් හැලපයා කතාව ෙනාකියවා කව්රු හරි විස්වාස වන්ත ෙකෙෙනකුෙග් ප්‍රතිචාරයත් ඒක්ක උත්තර ෙදනවයි කියල අැයි මට හිෙතන්ෙන්...
Deleteඋබගේ කථාවත් එක්ක මනසින් මමත් කෝච්චියේ නැගලා අනුරාධපුරේ ඉදං කුරැනෑගලටම ආවා.
ReplyDeleteහෆ්ෆා! දැන් ඉතිං රුපියල් 100ක් ගෙවලා ආපහු පලයන්කෝ
Deleteමට මතක් උනෙ මුනුපොතෙ තිබුන කොහෙද ගොඩාක් ජනප්‍රිය වයලින් වාදකයෙක් ගොඩාක් රෂ් වෙලාවක් ඉස්ටෙෂන් එකක වයලින් ගහල කවුරුවත් අහන්න නැවතිලා නැ.අදුර ගෙනත් නැ.මට මතක හැටියට ලන්ඩන් හන්දියෙ.එත් මෙයාම ෂොස් කරනකොට ලොකු ගනන් ටිකට් අරන් බලන්න ගොඩාක් සෙනග එනව.මග තොටෙදි අපි උවමනාවෙන් කිසි දෙයක් බලන්නෙ නැ.එකෙ අපුර්වත්වය විදින්නෙ නැ.උබ එක වෙනස් කරල බලල.නියමයි
ReplyDeleteඅපි උවමනාවෙන් ඕනේ දෙයක් දිහා බලනවනම් ඒකෙ අමුත්තක් ලස්සනක් දකින්න පුළුවන්.
DeleteMeaningful.... Keep it up Haritha! :)
ReplyDeletethnx aa!! :)
Deleteහොඳා.. ඒත් මේක මහාචාර්ය ගංගානාත් දිසානායකගෙ ස්ටයිල් එකනෙ.. මං නම් කැමති නාඩියා වෙනඳ ලියන තක්කඩි ස්ටයිල් එකට :/
ReplyDeleteපොඩි experiment එකක් කරලා බැලුවේ. මොකෝ මම ඒ ආසම ස්ටයිල් එකක්! :) තක්කඩි ස්ටයිල් එක වෙනස් වෙන්නේ නෑ කොහොමත්! :D
Deleteකලින් ඇවිත් ගිය මතකෙකුත් තිබුණට ෂුවර් නෑ. බොහොම ලස්සන රටාවකට ලියලා... නිරීක්ෂණ විස්තරාත්මකයි, ඒ නිසාම තාත්විකයි. හැබැයි මට පොඩියට අඩුවක් දැනුණා. "හිත ගිය තැන මාළිගාව" කියලා අපි සාමාන්‍යයෙන් කියන්නේ බැලු බැල්මට නොගැලපෙන විදිහට පේන දෙන්නෙක්ගේ ආදරය හඳුන්වන්න කියලයි මම හිතන්නෙ. හිත ගියාම අනිත් දේවල් යටයි කියන අදහසින්... ඉතින් මේ නිරීක්ෂණ සියල්ලටම ඒ යෙදුම ගැලපෙනවද කියන ප්‍රශ්නේ මට ආවා....
ReplyDeleteමම මේ හිත ගිය තැන මාළිගාව කියලා දැම්මේ ඒ ගැන හිතලා නෙවෙයි මචං.. අපි හැමෝටම හිත යන තැනක් තියනවා. ඒ කියන්නේ අපි කැමති තැනක්. එතන තමයි අපිට තියෙන එකම සැපත... ඉතිං එක එක්කෙනාට ඒ දේ වෙනස්...
Deleteමාලිගා................ ව. :D
ReplyDeleteලස්සනට ගැලපිලා මල්ලි කතාව. ඔය තියෙන මාලිගා හැම එකක්ම ඉතින් කාලයක් කල් පවතින්නේ නෑ නෙව. හොදවයින් බවුන්ඩේසමක් දාපු එකක් තම ඉතින් අන්තිමට ඉතුරු වෙන්නේ... :)
ReplyDeleteඅනි අනි! ඒක තමා වැදගත්
Deleteඋඹ පහුගිය දොහේ ඉසිඹුවක් නැති නිසාම කොටපු කෙටි පෝස්ටු කීපය අතර නැවතත් උඹේ නාඩි ලකුණ සටහන් කරපු පෝස්ටුවක් විදියට හදුන්වන්න කැමතියි. ප්‍රදීප් කියලා තියෙනවා වගේ මටත් මුල ඉදන්ම දැනුනා මහාචාර්ය ගංගානාත් දිසානායක මහතාගේ ඉට්ටයිල් එක....
ReplyDeleteහ්ම්ම්.. මේත් වැඩ අස්සේ එක පාරට හිතට ආපු දේකින් කොටපු එකක්! :) අප්පේ යාන්තම් ඒ ලකුණ තිබ්බොත් ඇති!
Deleteමේ එතුමාගේ style එක තමා.. ;)
හිත ගිය තැන මාලිගාව.....
ReplyDeleteඔව් ඔව්.. වෙන කොහෙද!
Deleteහිතට වදින්න ලියාපු අපූරු පෝස්ටුවක් නාඩියෝ... ජයවේවා!! දැන් නාඩියාගෙ මාලිගාව හැදෙන්නෙ කොතනද?
ReplyDeleteඒක තමා මමත් මේ බලාගෙන ඉන්නේ කොහේ කොතන කොහොම හැදෙයිද කියලා! ;)
Deleteඅප්පෝ මං බැලුවේ නාඩියට සුබ මංගලම් කියන්න කියලා..කෝ ඉතින්:(
ReplyDeletehttp://hithru.blogspot.com/2012/07/blog-post_09.html අපිත් ගියා ඕම
හෆ්ෆා! කෝ ඉතිං ඔය පැත්තෙන් වත් සපෝට් එකක් නෑනේ! ;)
Deleteහ්ම්ම් හ්ම්ම්.. මතකයි මට ඔය පෝස්ට් එක
උඹ මේක නම් ලස්සනට ලියලා තියෙනවා නාඩියා. ඒකෙන් අදහස් වෙන්නේ උඹ ලියන අනිත් ඒවා ලස්සනට ලියලා නෑ කියන එක නෙවෙයි. මේකේ අමුතු ගතියක් මම දැක්කා.
ReplyDeleteටිකක් වෙනස් ස්ටයිල් එකක් නිසා වෙන්න ඇති හෙන්රි අයියේ.. :)
Deleteමම ආසම කරන ස්ටයිල් එකක්.. ලස්සනට ලියලා තියනවා..
ReplyDeleteබොහෝම ස්තුතියි.
Deleteදැන් ඔය මාළිගා වලින් හිත හරියටම නතර වුනේ කොතනද බං..
ReplyDeleteකිසිම තැනක නතර උනේ නෑ බං..
Deleteනියම පද ගැලපිල්ලක් නාඩියා.
ReplyDeleteදැං කවද්ද නාඩියගෙ හිත මාළිගාවකට යන්නෙ.
ඒක තමා මාත් මේ බලාගෙන ඉන්නේ කොතනද නවතින්නේ කියලා!
Deleteමැවිල පේන විදියට ගොතපු නිර්මාණය විශිෂ්ටයි....!
ReplyDeleteස්තුතියි...
Deleteහොදයි
ReplyDeleteමේ වගේ ඒවා අපිට තේරෙන්නෑ ඕයි...
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ඇයි යකෝ අන්ඩර දෙමළ ද!
Deleteකෙටි චිත්‍රපටියක් වුණත් හදන්න පුළුවන් තව ටිකක් මොඩිෆයි කරලා..
ReplyDeleteහදමු හදමු එහෙනම්....
Deleteඑතකොට කෝ හිතෙ තිබුන හිතගියතැන මාලිගාව ගැන ලියලා නෑනෙ
ReplyDeleteඒ කිව්වේ??
Deleteමටත් මේක කියවද්දි මතක් උනේ පැණි වළලු....ඒ ස්ටයිල් එකට ළඟින් යනවා. ආදරය කරන අය දිහා කුහක විදිහට බලන්නෙ නැතුව මේ විදිහට බලන්න හැමෝටම පුලුවන් නම්...
ReplyDeleteහිත ගිය තැන මාළිගාව
හදා ගන්න හිතෙන නමුත්
මගේ පවට මක් කරම්ද
එය වටකර වැට බැඳ ඇත.....
(කොහේදෝ දැක්ක දෙයක් )
හ්ම්ම්....
Deleteවෙනස්ම ආකෘතියකට ලියපු ෆස්ට් ක්ලාස් වැඩක්. නියමයි නාඩියෝ.
ReplyDeleteබොහෝම ස්තුතියි...
Deleteඔබ මේ ලිපිය ලියන්න තෝරාගෙන ඇති ආකෘත්යත් රිද්මයත් හරිම අපුරුයි සහෝදරයා... හොද ලිපියක් අද දවසේ කියවන්න ලද.
ReplyDelete:) ස්තුතියි සහෝදරයා!
Deleteඅනුන්ගෙ මාලිගා දිහා නොබලා තමන්ටම කියල එකක් හදාගනින් බං,පොඩි උපදෙසක්...! මරේ මරු පෝස්ට් එක.
ReplyDeleteබලමු නේද හදා ගන්න ඉක්මනටම....
Deleteවෙනද දවල් 12 ට වත් ඇහැරෙන්නේ නැති මම එක මිස් කෝල් එකකට එකපාරම අවදි වෙනවා...
ReplyDeleteඉක්මනට මුණ හෝදගෙන IT කරන මම කුරුල්ලෝ බලන්න එයත් එක්ක කැලේට යනවා මොකද...
හිත ගිය තැන මාලිගාව...
නාඩියා
පලයන් යන්න!
Deleteජෙමා නාඩියාගේ අඩවියට ආවේ පළමු වතාවට වුවත්...නාඩියාගේ ආරට හිත වැටුනු බව කිව යුතුමය...නිර්මාණකාරයෙක්ට උත්තේජනයන් ලැබෙන තැන් මේ මේ යැයි කිසිවෙකුට කිව නොහැක..එසේම මා විශ්වාස කරන්නේ නිර්මාණකරැ යනු විශ්වය සමග අවිඥානිකව සම්බන්ධතාවයක් ඇත්තකු ලෙසයි..ලියන විට, අදින විට නිර්මාණයක් කරන විට කොහෙන්දෝ ලැබෙන සිතුවිලි ධාරාවකින් ආසක්ත වන බවයි...නාඩියාට ඒ හැකියාව අපූරැවට පිහිටා ඇත...
ReplyDeleteමගේ අම්මේ.. වචන වල බර! බොහොම ස්තුතියි ජෙමෝ.....
Delete//ඉස්සරහ පෙට්ටියේ පොඩි බැච් එකේ මල්ලි කෙනෙක් සිට් එකක් අල්ලාගෙන බෙල්ල දික් කර කර බලාගෙන ඉන්න හැටි මට යාන්තමට වගේ පේනවා...
ReplyDeleteකවුද මේ මල්ලි...?
ඒක රහසක්........
Deleteඅපටත් දැන ගන්නත් එක්කම කියන්නකෝ.....
Delete