නාඩි සෙට් එක

Friday, June 29, 2012

Museum De Naadiya - නාඩියාගේ කටු ගේ!


නාඩියා සුට්ටම් බට්ටිච්චා කාලේ ඉඳන්ම ඔය පරණ අයිටම් වලට හරි ආසයි!අමුතු අමුතු අයිටම් කෑලි  එකතු කරලා නිකම් අර ඩිස්කවරි චැනල් එකේ වගේ ඒවා තියාගෙන පොඩි පොඩි experiment කොරන එක තමයි ලොකුම වැඩේ!

ඉස්කෝලේ යද්දිත් මේ අයිටම් එකක් දෙකක් සාක්කුවේ දගෙන  ගිහිං යාළුවොන්ට ඒ අටමංගල්ල ගැන බහුසෘත talks දෙන්නත් නාඩියා අමතා කලේ නෑ!

හැබැයි ඉතිං කොහේ හරි තියෙන දූවිලි පිරිච්ච ලට්ට ලොට්ට ගේ අස්සට ගේනවා කියලා ඉහල මන්ත්‍රී මණ්ඩලෙන් නම් හැමදාම කචල් දානවා..

ඔන්න ඉතින් මම හිතුවා නාඩියාගේ ඒ මහානර්ඝ කටුගෙයි ඇති දුර්ලභ වටිනා පින්තූර කෑලි ටිකක් බ්ලොගේ දාන්න!මේවා ඉතිං තාමත් නාඩියා ගාව ඉතා සුරක්ෂිත විදිහට තියනවා..මොකෝ ඉතිං ලොකු උන දවසකට සුට්ටම් කාලේ කරපු ආතල් වැඩ මතක  තියෙන්නත් ඕනෙනේ!


මේක ආරංචි විදිහටනම් නාඩියාගේ සියාගේත් තාත්තගේ!ඒ කයන්නේ මුත්තාගේ!මහගෙදර ගච්චපු වෙලේ සීයට පොඩි නාඩියක් දාල තමයි ඉස්සුවේ.මේකේ යට Barratts – Northampton කියලත් ඔන්න ගහලා තියනවා..ඉස්සරහ මොනර පිහාට්ටකුත් ගහල තියනවා!මල් හතයි නේ!මේක දාගෙන මුත්තා කොල්ලා වගේ ඉන්න ඇතිනේ!ආච්ච්චිලා බලන්න ඇති හැරී හැරී!!හැටි කරදරේ තියෙන්නේ ඇති නාඩියාට වගේම...





මේ අයිටම් ඒක ඉතා වටිනා භාණ්ඩයක්!පරණ බිස්කට් ටින් එකක් පුරෝලා සත 5 හේ 10 යේ ඒවා!එලිසබත් ආච්චිට ඉස්සරලා රජා වෙච්ච ජෝර්ජ් කාරයාගේ මුණ කොටපු කාසිත් තියනවා මේකේ!සෙල්ලම් බරක් නෙවෙයි කිලෝ 5.2 ක්!තඹ නම් කොච්චරක්ද?හැබැයි ඉතිං නාඩියා මේවා උණු කොරන්න නම් ගියේ නෑ!දවසක රුපියල පාවලා පාවෙලා ගිහිං සත පහට දහයටත් තැනක් එන දවසක් එයිනේ!එදාට නාඩියා ලොකු සල්ලිකාරයෙක් ඔන්!



 
 


මේ පින්තුරේ තියන එකනම් හොදට දැකලා විදලා තියෙන එකක්!බැටන් පොල්ලකුයි බින්තැන්නෙන් ගෙනාපු ඊ තල කෑල්ලක්!බැටන් පොල්ලනම් කොහෙන් හම්බුනාද කියලා මතක නෑ!(නාඩියා නම් පොලිසිය පැත්තේ ගියේ නෑ ලගකදී!)











කටු ගෙයි තියෙන “Made in China” බඩුවක්!පරණ මදුරු කොයිල් පැකට් එකක්..DDT දාලලු හදල තියෙන්නේ...මම දන්න විදිහට DDT දාල කොයිල් හදන ඒක නවත්තල හුඟක් කල් දැන්!කොහොමද ඉස්සරහ  ඉන්න චිනෝ තුන් දෙනාගේ අපූරුව !








  මේ තියෙන්නේ කටු ගෙයි ටිකක් බර සාර අයිටම් තුනක්!


01.මේක නාඩියාගේ ඉතා පැරණි අන්වීක්ෂයක් කියන එකක්ලු!හැබැයි ඔකේ උඩින බලපුවහම මෙලෝ දෙයක් පෙන්නේ නම් නෑ!හැබැයි ඉතිං ලස්සන අයිටම් එකක්!ඒ නිසා නාඩියා කටු ගෙයි තියාගෙන ඉන්නවා!
02.ඊළඟ පත අයිටම් ඒක තමයි වයින් කරන ඔරලෝසුව..ඕකේ ඉලක්කං ටික රෑටත් පේනවා!රේඩියම් කියල එකක් දාලලු හදල තියෙන්නේ..West Germany කියල යටින් කොටලා තියනවා..ඒ කියන්නේ මේ අයිටම් එක බර්ලින් තාප්පේ කඩන්න ඉස්සරලා හදපු එකක්!
03.මේ අයිටම් එකනම් මොකද්ද කියලා නාඩියා  දන්නේ නෑ!පිස්ටන් එකක් වගේ කෑල්ලක් තියනවා..මොකද්දෝ මන්දා..ඒ උනත් අමුතු ගැජමැටික් එකක් වගේ!කවුරු හරි මේ මොකද්ද කියල දන්නවනම් කියන්ඩෝ...!!

චාල්ස් ඩාවින්ට පස්සේ ලෝකේ පහළ වෙච්ච ඇති ශ්‍රේෂ්ට නාඩියා කියන පරික්ෂකයාගේ ජීව විද්‍යාත්මක නිදර්ශක!පුග්!

  1. නාඩියාගේ ගෙදර හදලා තියෙන  වැහිලිහිණි කුඩුවෙන් වැටිච්ච පස් වගයක්!මේවා හරි ගණන්ලු!කඩලා විකුනනවලු!මේවගෙන් Bird nest soup කියල එකක් හදනවලු!හැබැයි අපේ ගෙදර එකනම් තවම තියනවා!
  2. ඊළඟ අයිටම් එක වේලිච්ච බත් කුරෙක්!බිම වැටිලා තියෙද්දී හොයා ගත්තේ!(ඇත්තට දැන්නම් මුන් හරි අඩුයි!ඇයි  ඉතින් මුළු ලෝකෙම වස ගොඩක් නේ!
  3. ඉත්තෑ කූරක්!ඇනුනොත්  නම් සොරි.කොම් තමයි!
  4. මේ තියෙන්නේ නාඩියාගේ කෞතුක වස්තු එකතුවේ තියෙනේ වටිනාම පොසිලය!මම හත වසරේදී..2002 දී තමයි හොයා ගත්තේ..ඒ කාලේ මගේ බුදු පිට් එකක් හිටියා පන්තියේ මක්කයා කියල..ඒ යකා එක දවසක් මට ඇවිත් කියනවා.. 
“අඩේ බං ඊයේ අපේ ගෙදර මයිනෙක් මැරිලා ඉඳල වල දැම්මනේ බං!”
නාඩියාට ඉතින් ෆුල් ඉන්ටරස්ටින්!

“මට දියන්කෝ ඒ මයිනගේ ඇට සැකිල්ල බං...”
“පිස්සුද ඒක එහෙම දෙන්නේ නෑ!”

“අනේ බං...”
උඹ මට මොනවාද දෙන්නේ කියපන්කො..”

“හ්ම්ම්..මම උඹට මවුස් බෝලයක් දෙන්නම්....!”
(මවුස් බෝලේ කිව්වේ අර ඉස්සර මවුස් වල යට තිබ්බ බෝලෙට බං!ඒවා ඒ කාලේ හෙන වටින බඩු!)

ඔන්න ඔහොමයි ඒ වටිනා කියන මයින ඇට සැකිල්ල මගේ අතට ආවේ!ඒ කාලේ ඉතින් ඕක හෙනම අයිටම් එක!ඇයි කාටවත් එහෙම එකක් නෑනේ!

(අවුරුදු 10 ක් විතර මේවා තියල තිබ්බේ මේ විදිහට සුප් කට පෙට්ටි වල දාල..තව ජම්බෝ පිනට් පැකට් ඇතුලේ අර “DO NOT EAT” කියල ගහල තියෙන එකකුත් උඩින් දාලයි තිබ්බේ!කොහොමද ටිකිරි මොලේ!)


  1.  05.ඊට පස්සේ තියෙන ඔය නැට්ටක් වගේ අයිටම් එකනම් මොකද්ද කියල මම දන්නේ නෑ!දන්නා එකෙක් කියමු බලන්න...(ඕකත් අර වගේ බිස්නස් එකකින් හොයා ගත්ත එකක්!)

 



මේක බරසාර UNIC වෑර්ලස් එකක්!FM නම් නෑ!හැබැයි  ලගක් වෙනකම් හොදට වැඩ කළා...








ඔන්න ඉතින් නාඩියාගේ subject එකට අදාළ antic බඩුවක්! IBM Personal System/2 – Model P70-386!පිස්සු බම්ප් වෙනවා නේ!මුලින්ම ආපු ලැප්ටොප් එකක්ලු!මේක ලැප් එකේ තියා ගත්තොත් නම් සදා සොත්ති තමයි!කිලෝ 8.5!


මේක නාඩියට හම්බුනේ නාඩියාගේ පරණ fit එකකගේ(ගැහැණු)ගෙදර පිටිපස්සේ වත්තේ තිබිලා!උස්සන් ආවේ කොහොමද කියල නම් අහන්න එපා!

ඔන්න ඔහොම තමයි නාඩියා පොඩි කාලේ එක එක අයිටම් එකතු කලේ..ඒ කාලෙනම් හරිම ජොලි!හැබැයි  ඉතින් දැන් කාලේ පොඩි එවුන්ට එහෙම කාලයක් තියනවද කියල තමයි සැක!

ලයික්  එකක් එහෙම දාල යමු!හරි නෑනේ නේද? :)

Sunday, June 24, 2012

“පී” සමඟ දෙපැයක් සහ තවත් බස් කතා!


ලංකාවේ ජනප්‍රියම ප්‍රවාහන මාධ්‍ය තමයි බස් එක .ටර්බෝ ඉන්ටර්කුලර් ,වොල්වෝ ,රෝල්ස් රොයිස් පාරේ යද්දී අපිත් ඒවගේ යන්නේ නැත්තේ බස් එකේ යන තරම් ආතල්  එකක් ඒවගේ නැති නිසා.. අද මම ලියන්න යන්නේ ලංකාවටම ආවේණික වූ අපේම බස් කලාවේ නාඩි අද්දැකීම් ටිකක්...

නාඩියාගේ ගෙදර ඉදන් ඉස්කෝලෙට හූවයි බල්ටියයි හින්ද ස්කූල් බස් එකක යාමේ වාසනාව අහිමි උනා!ඉස්කෝලෙට ගෑටුවේ  පයින් තමා!

ඒත් ඇතුගල්පුරේ..මිගොන් පුරේ ක්ලාස් ගිය කාලේ හොද හොද බස් experience ගන්න පුළුවන් උනා!

මේක AL ක්ලාස් යන අන්තිම දවස වල උන සිද්ධියක්..එදත් සුපුරුදු පරිදි මිගොන් පුරේ (මිගොන් කියන්නේ මීගමුවට බොලවූ..අර හිංගලෙන් නිගම්බෝ කියන්නේ..මොකෝ කොන්දොස්තර මාමලා බස් එක ලෝඩ් කරන්නේ “මීගොන්..මීගොන්...මීගොන් නගින්න....හරේ හරේ !” කියලනේ..) රසායන විද්‍යාව පන්ති ගොහිං පුෂ්පයයි මායි බස් එකේ එනවා..(පුෂ්පයා කිවේ අර තල කිරි බීපු වෙලාවේ අසමජ්ජාති වැඩ කොරපු එකා!)සුන්දර ලලනාවෝ ගොදාරියයි බස් එකේ!පුසුඹේ බැරුවා..ඉන්ටනැෂනල් කිට් ඇදගත්ත ලස්සන නංගිලා දෙතුන් දෙනෙකුත් බස් එකේ...පුෂ්පයා ඉතින් ෆෝන් එක ඇදන් වැඩ දානවා..

බස් එකෙත් අච්චාරුවට මාළු මිරිස් පැක්  කොලා වගේ සෙනග..ඔන්න ඔහොම එන බස් එකෙන් දන්කොටුව හරියේදී අර අසරණ ඉන්ටනැෂනල් නංගි කෙනෙක් පැන්නේ නැතෑ බස් එකෙන් බිමට!පිස්සු බම්ප් වෙනවා!ඩයිවර් අයියා පට ගාල බස් එක නැවැත්තුවා!මොකෝ ඒ හරියේ ඉන්නේ හරිම අහිංසක සුකුමාල ජනතාවක්නේ..කොන්දා මල්ලි වාෂ්ප වෙලා!මොකෝ සිද්ධිය කියල බලපුවහම කොන්දා මල්ලිට බෙල් එක ගහන්න අතමක වෙලා!නංගිගේ ගේ පහු උනා කියල තමයි බිමට පැනලා තියෙන්නේ..ඒ ළමයා බස් එකේ යන පලවෙනි දවසලු ඒ!කොහොමද වැඩේ!

කෝකටත් ඇගට ගුනයිනේ කියලා ඩයිවර් අයියා ළමයව ගෙදරට ගිහින් භාර දෙන්න තීරණය කළා..කොන්දොස්තර මල්ලි බස් එකේ කස්ටියට සල්ලිත් බෙදුවා වෙන බස් එකක යන්න කියල..මොකෝ දැන් වැඩේට පරක්කු වෙනවනේ...අර ළමයට තුවාල වලට බේත් දාන්නත් සත්ගුණවත් ඩයිවර් අයියා භාර අරගෙන...

අපි ඩබලත් පැනපු ගමන් සල්ලි ඉල්ලා ගත්තා...හැබැයි ඉතින් ගෙදර යන්නත් මොකද්ද වගේ..මිනිස්සු අසරණ උන වෙලාවේ උදවු කරන්න එපැයි!එහෙම හිතාගෙන පැයක විතර බස් එක මුර කරලා මහ රෑ ගෙදරට සැපත්  උනා..එහෙම කලේ අර රුපියල් 30 ආපහු නොදී ඒ බස් එකේම දන්කොටුවේ ඉදන් ඉබ්බා පුළුවන් හින්ද නෙවෙයි ඕන්!නාඩියා එච්චර හිත උණු වෙන කොල්ලෙක්!


ඊළඟ සින් එක උනේ නාඩියා කැම්පස් ගිය අලුතම වගේ...අපේ අයියලා හැම අවුරුද්දෙම ඒ පැත්තේ දුෂ්කර පාසල් වලට ගිහින් OL /AL වැඩමුළු තියනවා..කැම්පස් ආපු දවස වලම නාඩියාවත් ඕකට සෙට් උනා ඉන්ගිරිසි කියල දෙන්න(ඉගැන්නුවේ කොහොමද කියල නම් අහන්න එපා!)

යන්න තිබ්බේ මහදිවුල්වැව කියල ලස්සන ගමකට..අනුරාධපුරේ ඉදන් පැය දෙකක විතර ගමනක්..හොරොව්පතානට ගිහින් එතන ඉදලත් පැය බාගයක් විතර යන්න ඕනේ...ඔන්න දැන් කස්ටිය හොරොව්පතානෙන් බස් එකට නැග්ගා...Full condition තියෙන CTB බස් එකක්! බස් එකේ කුකුල්ලු එළුවෝ හිටන් අරන් යනවා..ඒ පැත්තේ බස් එහෙමයි!පොදු ප්‍රවාහන සේවයනේ!

ඔන්න බස් එක  ටික දුරක් ආවා!පැය කාලක් විතර..කොන්දා බස් එකේ නෑ!අපිටත් ෆුල් ත්‍රිල්!ඇයි බස් එකේ කෙලින්ම ඉබ්බා පාරක් දාන්න පුළුවන්නේ!බස් එක පිටිපස්සෙන් ලොරියක් පිබගෙන එනවා..එකේ ඉස්සරහ ඉදන් කවුද එකෙක් අත වනනවා හෝ ගාල!බලද්දී කොන්දා!ඌ එතන තිබ්බ කඩේකට රිංගලා විටමින් කූරක් ගන්න කියල.බස් එක අද්දනවා දැකල නෑ!ඩයිවර් උන්නැහේටත් එච්චර මීටර් වෙලා නෑ පොර නෑ කියල..තව පොඩ්ඩෙන් නාඩියාලට ඉබ්බා චාන්ස් එකක් ඇදෙනවා!

අනිත් සිද්ධිය උනේ නම් මේ ඊයේ පෙරේදා!නාඩියා කොළඹ ගියා මීටිං එකකට!(නාඩියාටත් මිටින් තියෙනවා ඈ!ඌත් වැදගත් කොල්ලෙක්!) කාපිය බුල්ටොත් එක්ක පාන් කිව්වලු!රෑ එන්න බස් නෑ!කරන්න දෙයක් නැති හින්ද නැග්ග ගද ගහන ඉන්ටසිටියකට! (මනියත් ආවා ඕන් ගෙදර යන්න කියලා!එකටත් බස් නෑ!ඌ ගම්පහ කිව්වට ගම්පහට එන්න පැය තුනක් යනවලු!බස් නැති වෙලේ පිටකොටුවේ බෝ ගහ යට අඩ අඩා තමයි කිව්වේ!)

ඉන්ටසිටියේ හම්බුණේ ජම්පින් සිට් එකක්!දෙපැත්තේ හොද හැදී දැඩි “පුරුෂයෝ” දෙන්නෙකුත් හිටියා වගේ අඩ අදුරේ දැක්ක!

“අනේ අක්කේ....”

“ඇයි දම්මි....?”

මම හිමිට වටපිට බැලුවා..
මල කෙලියයි!මම ඉදගෙන තියෙන්නේ “පී” දෙන්නෙක් මැද!උන්  දෙන්න අර බියුටි කචල් කරන දෙන්නෙක්!මනාලියන්ට ඇඳුම් ගන්න කොටුවට ඇවිත්!
මුන් දෙන්න දැන් එක එකා වතුර බෝතල් පාස් කරගන්නවා..ෂොපින් ගිහිං ගත්ත මාල වළලු සුකුරුත්තම් බලනවා එක කෙලියයි!මම මැද!අහෝ කුමක් කරම්ද!!!!
බයෙත් බෑ!කෝකටත් කියලා මනියාට මැසේජ් එකක් යැව්වා...

“අඩෝ මනියෝ!මට දෙපැත්තේ පී දෙන්නෙක් බන්..මොකෝ මං කරන්නේ?”

“බය වෙන්න එපා බන්!උඹ මාත් එක්කත් බස් එකේ ඉදන් යන්නේ...ඒ වගේමයි කියල හිතා ගනින්!”
 
හික්ස්.....

Sunday, June 17, 2012

සල්ලි


සල්ලි.....!දෙයියන්ගේ මල්ලිලු!

ඇත්තද?
නෑ....ලොකු බාප්පා වෙන්න ඇති!
ඉලව් මගුලේ ඉදං නැතිවවම බෑනේ....!

පිස්සුද...! “ආඩම්බරකාර තාත්තා!”

කවුද?
“සල්ලි”
කාගෙද ?
“දෙයියන්ගේ!”
ඒ මොකෝ???

චූ කොරන්නත් රුපියල් 10 ක් බන්!

Tuesday, June 12, 2012

මම ඔයාට ආදරෙයි!

අද නම් මම කොටන්න හිතුවේ ලෝක ප්‍රචලිත මාතෘකාවක් ගැන!FM චැනල් එකක් ඇහුවොත් වැඩියෙන්ම සින්දු යන්නේ මේක ගැන.මේක තමයි ලෝකේ තියෙන වටිනාම අකුරු හතර.. “ආදරය”...

අපි මේ ලෝකෙට එන්න කලින් ඉදන් අපේ අම්මයි අප්පච්ච්යි අපිට දුන්න ආදරේ තමයි ලෝකේ තියෙන පුජනියම ආදරේ..ඒ ආදරේට සම කරන්න..ඒ ආදරේට වටිනාකමක් දෙන්න... අපිට කවදාවත්ම බෑ!ඒක ඒ තරම්ම පුජනියයි..

මමනම් අද කොටන්න හිතුවේ ඒ ආදරය ගැන නෙවෙයි...අර තරුණ ගැටව් ගැටිස්සියෝ කාලේදී ඔළුවට එන ආදරේ ගැන!හැබැයි ඉතින් නාඩියාට නම් ඒ ගැන වැඩිය experience නෑ!මොකෝ නාඩියා තනිකඩ බුවානේ!

දොස්තර මහත්තුරු නම් කියන්නේ විරුද්ධ ලිංගිකයන් ගැන අපිට හිතක් පහළ වෙන්නේ ද්විතික ලිංගික ලක්ෂණ පහළ වෙන කාලේදිලු..ඒ කියන්නේ වයස අවුරුදු 16 යි.. මාසෙදි විතර..අනේ මන්දා..හැබැයි ඊට කලිනුත්..ඒ කියන්නේ තුනේ හතරේ පන්ති වලදීත් ඒ වගේ හැගීම් ඇති වෙනවා කියල නාඩියා හොයා ගෙන තියනවා!හොයා ගත්තේ කොහොමද කියල නම් අහන්න එපා!

ඉස්කෝලේ කාලේ ඒ කියන්නනේ O/L කරන  කාලේදී එහෙම ලව් කොරනවා කියන්නේ සුපිරිම ගේමක්!ටීචර්ලා විතරක් නෙවෙයි!පන්තියේ වෙනම ඔත්තුකාරයෝ සෙට් එකකුත් ඉන්නවා ඔය ලව් කේස් ගැන නිව්ස් ටික ඉහළට දැනුම දෙන්න!class අබිලින්ස්!නැත්නම් ජාතික ගොටු හමුදාව!ආසාවට කන්න හරි චොකලට් එකක් ගෙනාවොත් ඉවරයි!ලෝක වෙළද මධ්‍යස්තානෙට තියන්න ක්ලේමෝ බෝම්බයක් ගෙනාවා වගේ ප්‍රශ්න කරන්නේ!

හැබැයි ඉතින් ඒක එච්චර තේරුමක් ඇතිව කරන දේකුත් නෙවෙයි..නාඩියා හිතන විදිහට එතැනදී වෙන්නේ  නම් බොහෝ විට අනුකරණය!අයියල අක්කලා බස් වල පාරේ ජෝඩු දාගෙන යන හැටි දැක්කම අපිත් කරන්න ඕනේ කියල හිතෙන එකත සාධාරනයිනේ!අනිත් එක තමන්ට අම්මගේ තාත්තගේ ආදරය අඩුයි කියල හිතාගෙන තවත් කෙනෙක්ගේ ආදරයක් හොයාගෙන යනවා!පච පෙට්ටිය ඔන් කරපු ගමන්ම පෙන්නන්නෙත් සින්තටික් ලව් ස්ටෝරිනේ!

A/L කරන්න ආපුවහම සමහර කොල්ලෝ කෙල්ලන්ට ගෙදරින් පොඩ්ඩක් නිදහස හම්බවෙනවා! අතට ෆෝන් එකක් හම්බ වෙනවා..පොකට් මනි ටිකක් ලැබෙනවා...බස් එකේ එහෙ මෙහෙ රවුම් ගහන්න චාන්ස් ඒක හම්බ වෙනවා!කල්ල මරේ!ක්ලාස් යන එක පැත්තක තියල ආදර සුව විදින්න යන්න පටන් ගන්නවා!දැනුමක් තේරුමක් ඇතිව කරනවානම් හොදයි..ඒත් ගොඩක් ආදර කතා ඉවර වෙන්නේ ශෝඛාන්ත වලින්..බොහෝ විට පෙම්වතිය තමන්ගේ ජිවිතේ වටිනාකම සදහටම නැති කරගෙන පති වත අහිමි කර ගන්නේ ඇද රෙදිත් නැතිව!අන්තිමේ අසරණ අම්මලා තාත්තල දුක් කදුළු බොද්දි අසරණ වෙච්ච මල් කැකුළු අකාලයේ පර වෙලා යනවා..

හැබැයි ඉතින් ඔය කාලෙදිත් යම්කිසි දැනුමක් ඇතිව හදපු කුරුළු කුඩු අදටත් යහතින් තියනවා නාඩියා දැකල තියනවා..

සරසවිය කියන්නේ ආදරයේ මුදුන් මල්කඩ වගේ තැනක්...අපේ කස්ටිය ගොඩක් ජිවන සහකාරයා හරි සහකාරිය හොයා ගන්නෙත් එතැනින්ම තමයි!ඒ කාලේ නම් හරිම සුන්දරයි!(හැබැයි ඉතින් මටනම් උත්තම පුර්ෂ අද්දැකීම් නම් නෑ ඔය subject එක ගැන) හැබැයි නාඩියා දැක්ක දෙයක් තමයි එතනට ඇවිදිනුත් අපේ කස්ටිය ආදරේ ඉස්සරහ මෝඩ වෙනවා.

සමහරක් භාහිර පෙනුමට රැවටෙනවා..නැත්නම් සල්ලි බාගෙට රැවටෙනවා..තවත් අය තව එක එක දේවල් වලට රැවටෙනවා!රැවටිලා අන්තිමට වෙන්නේ තමන් එච්චර කාලයක් හදාගෙන ආපු හොද නම නිකම්ම නැති වෙලා යන එක.

නාඩියානම් හිතන විදිහට ඇත්ත ආදරේට සිමා මායිම් නෑ...ජාති බේද...ආගම් බේද..කුල බේද..මේ දේවල් ආදරේට බලපානවද කියලා නාඩියා තවම හොයනවා.

අනිත් එක වයස් බාධක...ඇත්තටම මම නම් හිතන්නේ නෑ වයස කියන එක ආදරයට බාධාවක් කියල...නාඩියානම් හිතන විදිහට මෙතන වෙලා තියෙන්නේ සමාජය ඕනේ දෙයක් දිහා වපර ඇහින් බලන එක. 

අනේ..මන්දා..බලන් ගියාම කට්ටියගෙම පිස්සු බම්ප් වෙලාද මන්දා!

Thursday, June 7, 2012

පශ්චාත් පොසොන් උඩු බිරීම!



ඔන්න එහෙනම් පොසොනුත් ඉවර උනා!නාඩියා පොසොන් දවස් වල පට්ට බිසී වෙලා හිටියේ..ඒකයි මොකුත් කොටන්නවත් බැරි උනේ...

පොසොන් සමයේ නාඩියා හිටියේ සිරි ලංකාවට බුදු දහම රැගෙන ආපු අනුබුදු මිහිඳු හිමිගේ පාදස්පර්ශයෙන් පවිත්‍ර වෙච්ච සුන්දර මිහින්තලා පුද බිමේ...!(කොහොමත් නාඩියාගේ සාමාන්‍ය පදිංචිය එහෙ තමයි..සංගනනේදී ලියල තියෙන්නේ එහෙම!)

පොසොන් එකට කොහොමත් අපේ විස්ස විද්දියාලේ බැහැලාම වැඩ!හැම අවුරුද්දෙම වගේ මේ අවුරුද්දෙත් අමුතුම පහන් කුඩුවක් හදන්න කට්ටිය සුදානම් උනා!භක්ති ගීත..ඔසු පැන් දන්සැල්...වැඩ ගොඩයි...
රජරට විශ්ව විද්‍යාලේ අපේ කොල්ලෝ කෙල්ලෝ හදපු පොසොන් පහන් කුඩුවට ගහන්න කුඩුවක් ඉතින් ලොවෙත් නෑ!ලොවි ගහෙත් නෑ!මුළු කුඩුවම හදලා තියෙන්නේ අටපට්ටම් වලින්...!අටපට්ටම් 2500 ක්!සෙල්ලම් නෑ නේ!

දන්සැලත් නරකම නෑ!දවස් දෙකක් මිහින්තලා වන්දනාවේ යන අපේ වන්දනා නඩ වලට ගමන් විඩාව යන්න ඔසු පැන්!ලස්සනට සුද්ද කරපු පොල කට්ටක හකුරු කෑල්ලක් එක්ක දේශීය ඖෂධ සාරයෙන් හදපු අපේම ඔසු පැන් ඩිංගක්...

(හැබැයි හදන්න ගිහින් නම් පණ ගියා!මහා කල්දේරම් තුනක් එක්ක ගින්දර අතේ තියන් ඔට්ටු වෙන එක ලේසි පහසු වැඩක් නෙවෙයි!දුම් වැදිලා ඇහෙන් කදුළු කැට කඩා වැටෙද්දීත් අපේ කොල්ලෝ එතන හිටියේ දන්සලෙන් ඔසු පැන් පොල් කට්ටක් රස බලන සියදෝරිස් මාමගේ...සිරියලතා නැන්දගේ  අහිංසක හිනාව ඒ කදුලට වඩා බර හින්දා...)


හැබැයි ඉතින් අප්සෙට් වැඩේ තමයි ලංකාවේ අපේ අය මේ උතුම් පෝය දවසත් කානිවල් එකක් කරගෙන තියෙන එක!
ලංකාවේ අපේ පෙර පොසොන් සුදානම දැකල නාඩියාට පිස්සු බම්ප් උනා!

දවස පොසොන් දවසට කලින් දවස...ස්ථානය - ඇතුගල්පුර බස් ස්ටෑන්ඩ් එක....නාඩියා කලාස් ක්ලෝස් වෙලා ආපහු කැම්පස් එකට එන්න බස් එකකට රිංග ගන්න ස්ටෑන්ඩ් එකට ආවා!පිස්සු හැදෙයි..සඳ බොඳ වෙයි!කොහේ යන්නද!කිලෝමීටර් 2 ක් විතර අනුරාධපුරේ යන්න පෝලිම!වන්දනා නඩ අලංකෘත ඇදුමෙන් සැරසිලා පාට පාට විච්චුරණ එල්ලගෙන, තියෙන බියුටි කචල් සේරම කොරගෙන තණ්හා ..රතී..රඟා..වගේ උපාසක අම්මලා රොත්තක් පෝලිමේ ඉන්නවා!නාඩියා හිමින්ම එතනින් ශේප් උනා!නැත්නම් එතනම රහත් වෙයිද දන්නේ නෑනේ!

බස් කට්ටක නැගලා ඉස්ටේසමට ආවා කොච්චියෙවත් එල්ලිලා කැම්පස් එකට දුව ගන්න ඕනේ කියලා හිතලා! කොල්ලා 2 වෙනි පන්තියේ ටිකට් එකක් ගත්තා ඉඩක් කඩක් තිබ්බොත් ඒකටවත් පැන ගන්න කියලා!කෝච්චිය ආවා!කිසි  ප්‍රශ්නයක් නෑ!ඉඩ තියනවා!හැබැයි ෆුට් බෝර්ඩ් එකේ යටම පඩියේ විතරයි!ඒ තරම් ශ්‍රධාවන්ත ජනතාව පොසොන් වන්දනාවේ යනවා!හරි අමාරුවෙන් ඇතුලට රිංගලා කොච්චි පෙට්ටියේ ටොයිලට් එක ඉස්සරහ අඩි  4 ක විතර ඉඩක් අත්පත් කොර ගත්තා!ඇත්ත කියන්නයි බිම වාඩි වෙන්නයි බය වෙන්න ඕනේ නෑනේ කියලා හිතාගෙන එතනම බිම ඉඩ ගත්තා! වවුලගේ ගෙදර ආපුවහම වවුලෙක් වගේ ඉන්නේ ඕනේ කියනවනේ.. 

අති සුන්දර සුවදවත් දුම්රිය සංචාරෙකින් පස්සේ පුරේ ඉස්ටෙමට ආවා!යාන්තම් ඇති! NDB නොමිලේ කෝච්චිය තිබ්බ හින්දා රුපියල් 30 ක් ඉතුරු කරගෙන කැම්පස් එකට සේන්දු උනා!

එදා රෑ පොසොන් පෙරහරේ සේසත් උස්සන් යන්නත් නාඩියාට සිද්ද උනා!කවද කාපු ටකරන්ද!හැබැයි ඉතින් සේසතක් උස්සන් දහස් ගණන් ලලනාවෝ පාර දෙපස ඉද්දි ඒ මැදින් ගාම්භීර විදිහට යන්නත් පින් කොරල තියෙන්න ඕනේ!

ඔන්න පොසොන් දවස!හෝ ගාල සෙනග මිහින්තලේ වදින්න එනවා!මිහින්තලේට යනවා නෙවෙයි..මහා සෙනගට තෙරපිලා ඒ දිහාට යැවෙනවා!

හොදම වැඩේ තමයි “පොසොන් කානිවල්” එක!ලංකාවේ ඉන්නේ කොහොමත් පශ්චාත් භාගයත් ආදායම් මාර්ගයක් කර ගන්න බලං ඉන්න මැන්ටල් බුවාලා ඉන්න රටක් නේ!උතුම් පොසොන් පෝයත් දැන් කට්ටිය මාකට් කරනවා!

මාරක ළිද...කතුරු ඔන්චිල්ලා....පාට පාට නූල් කඩ...රුපියල් 50 ක් දීලා බොලේ හිලට දාන පොට්...පච්ච කොටන ගුබ්බෑයම්....මේ සියල්ල අංගසම්පුර්ණ පොසොන් උත්සවයකට අවශ්‍යයිලු!

මහ රෑටත් sunglass දාගත්ත පච්ච සිරාල රංචු රංචු බොන්ගෝ ගගහා වටේ කැරකෙනවා!කටේ කිරි සුවදවත් ගිය නැති කොල්ලොන්ගේ කටින් එන්නේ C2H5OH සුගන්ධය...!

හොදම සීන් කෝන් එක තමයි සෙරෙප්පු මාටියා ගැසීම!නාඩියානම් කවදාවත් හොදයි කියන සෙරෙප්පු දෙකක් පන්සලට දාගෙන යන්නේ නෑ!(අනිත් එක හොදයි කියලා එකක් නාඩියාට නෑ!හැම එකක්ම නැනෝමීටර් 10 ක විතර ගනකම තියෙන ඒවා!)මොකද අපේ උපාසක මහත්තුරු නෝනලා ඒවා එර්දි කොරන බව අද්දැකීමෙන් දන්න නිසා!

ඔන්න අපි කස්ටිය මිහින්තලාව නැගලා පහළ බහිද්දී අපේ සෙට් එකේ සෙරෙප්පු කුට්ටම් 5 ක් ම එර්දි වෙලා!ශ්‍රද්දාව දෙගොඩ තලා යනවා ඉතින්...කට්ටිය ඉතින් සෙරෙප්පු නැතිව සෙරෙප්පු උස්සපු සුපින්වත් උපාසකයන්ගේ ජාතිය මතක් කර කර පල්ලම් බැහැලා පාර දෙපැත්තේ ගජ රාමෙට තියෙන තාවකාලික සෙරෙප්පු මාලිගාවකට ගොඩ උනා! මල jumping! එතන සෙරෙප්පු කුට්ටමක් ඔඩෙල් එකේ කුට්ටමකටත් වඩා ගණන්!මොනවා කරන්නද ඉතින්..අලි බෙටි පාග පාග මහ පාරේ යන්නැයි! මාසයක් ජිවත් වෙන්න තියෙන 2500 න් 10 න් 1ක්  සෙරෙප්පු දෙකකට ගෙවලා ලයිට් වක්කරපු අඹ ගස් මැද්දෙන් අපි හොස්ටල් ආවා!

මිහිදු හාමුදුරුවෝ මේවා දැක්කානම් ලංකාවට පය තියන්නෙත් නෑ කියල නාඩියාට හිතුනා....

Related Posts Plugin for WordPress, Blogger...