නාඩි සෙට් එක

Tuesday, April 30, 2013

එමමයි! අපේ මැයි!

නැගිට ඉදිව් නිල් කොඩි තොග ගෙන අතට...
කෑමට බත් පාර්සල දෙයි හෙට දවාල ට...
හවසට නිකං ගල් බොමු තනි උගුරක ට...

හිරුණිලා දුමින්දලා අත් අල්ලන් යා වී...
රතු කොළ පාට කොඩි කඳුලින් තෙත් වේ වී...
හවසට පාරේ බැරියර් ලඟ තග දා වී...
ගෙවපං ලයිට් බිල් දැං මගෙ බඩ යා වී...


කියපං කට වහං හිටියා හොඳට ඇතී...
'දිනවව් අපේඅතිගරු මිහිඳු  ජනපතී...
කේ එෆ් සී කෑම කෑමට මුදල් නැතී...
මෙහෙමයි ගෙවෙන්නේ අපෙ මැයි දිනය නිතී...

]ඇම්සීඇස්
]McS

Wednesday, April 24, 2013

සයිබරේ අවුරුදු


සයිබර් සිහින උළෙල අහවර උනාය! ඒ 21ය! මේ දවස් ටිකේ බුකියේ ටැග් ගැහුණු ෆොටෝ කෑලි ටික.. බ්ලොග් ලියවිලි ටිකවත් ඉස්පාසුවක් ඇතිව බලා කියා ගන්න බැරි උනේය! “වසන්තය” ඇවිත්ය. ;) පිලි ගන්නට ගජරාමෙට වැඩ තිබ්බේය!

මොනවා නොකිව්වත් 21 වැඩේ ගැනනම් ටිකක්වත් කොටන්නට ඕනෑය! උදේ පාන්දරම ලක ලැස්ති වී මංතුමා මාරගම බලා යන ගමන පටන් ගතිමි. තව පොඩ්ඩෙන් අවුරුදු කුමාරයාටයි කුමාරිටයි දාන්න අන්දපු සාටකේ ගෙදර දමා එනවාය!නොයෙක් අලකලංචි මැද්දේ කොටුවට සේන්දු උනෙමි.හැත්තාවයි! රජා කොටුවේය! ඒකාට කවුදෝ එනකම් ඉන්ට ඕනෑය කිව්වේය! මම “තනියම” 138 ක නැගී ආවෙමි! මුදියා නොහොත් සමියා මොකද්දෝ හුස්ටප්පරයක් මම බස් එකේ කරනු දැක්කා යැයි මඩක් ගසා තිබුණි! අමුලික පචය!

කස්ටිය රෙජිස්ටර් උනේය! චිකන් කියා බෝඩ් කෑල්ලක් ෂර්ට් එකේ ගසා ගන්න කියා චතු මිතු අක්කා දුන්නාය! 

තහනමා සරමක් පටලවාගෙන යටට සිවිල් පිට බැස්සේය! තරියාද එසේමය! අනේ දෙව්දත් නොදුටු මොක් පුර!

මුලින්ම තිබ්බේ මීටර් 100ක් දුවන්න කියලා එකක්ය! ඒකනම් ටක්කෙටම මීටර් 100 ට වැඩිය! ඉවාන් පවුලුෂා අයියා තම සිවිල් දැනුම උපයෝගී කරගෙන එය කියා පෑවේය!( එදා තමා මිටින් උනේ! සෝයි අයියා පොඩ්ඩ)!
සොනිකා, දඟයා දිව්වේය! මං තුමා නම් හිමින් හිමින් ආවෙමි! නොහික්මුණු එකා එකය! (අන්තිමෙන්ය)

කාන්තා මීටර් 100 පස්ටය! උමා අක්කා එකය! දිව්වේ එකය! චතු මිතු ඉතා වේගයෙන් ඇවිදිමින් තියුණු තරඟයක් ලබා දුන්නාය!

බස් එකේ අයිසා..දුලාන් කොලුවා..නෙරන්ජි අක්කා උෂාන් ළමයා උදේ ඉඳන්ම අවුරුදු කන් පැලීම පටාන් අරගෙන තිබුණි!

සු දී ක අයියා හරිම හුරතල් අක්කලා දෙන්නෙක් එක්කන් ඇවිත් තිබ්බේය! ඒ redbull බෙදන්නය! තැන්කු ඈ! ;)

මුට්ට්ය බිඳින එක ඉක්මනින්ම ඉවර උනේය! අනේ ඒකට මට උස නෑ කියා ශම්මි කෙල්ල අඬන වෙලේ සාදිරිසා ඇය සනසන බව නම් හුදී ජනයා දුටුවෝය!

අලියාට ඇහැ තිබ්බේය! නිශානයා කොහේදෝ කොලේකට ඇහැ තිබ්බේය! ඉසුරු කොලුවා ටක්කෙටම ඇහැ තිබෙබේය! කොහොමද දන්නේ නෑ නේ? ඌ ට කළු අතරින් විනිවිද පේනවාවත් ද?

මේ අලකලංචි අස්සේ බලද්දී කස්ටිය ගජරාමෙට මොනවාදෝ ලියනවාය! ප්‍රෙහේලිකා පුරවනවාය! යාන්තම් මගේ කොලේ frozen Heart කෙලි පුරවා දමා තිබ්බේය! දිනුම් නම් නැත! අවුලක් නෑනේ!

“නංගි ඔයා ලියන බ්ලොග් ඒක මොකද්ද?”
“කියවනවා විතරයි අයියේ....”
“ආ... මම ඒක දැකලා නෑනේ..ලින්ක් එක එවන්නකො බලන්න..”
“නෑ අයියේ එහෙම බ්ලොග් එකක් නෑ! මම බ්ලොග් කියවනවා විතරයි!”
“&^ ^%&^*&$^” !!
මේ ආකාරයේ සංවාදයක් සිදු වූයේ කලණි ළමයා හා මි ගොඩ අයියා අතර නොවන බව කරුණාවෙන් සලකන්න.

තුන් පා දුවද්දී සාදිරිසා සමඟින් ශම්මි පවුල් කණ්ඩායම් ලෙසද.. සෑම් සමඟින් උමා මඩ පවුල් කණ්ඩායම් ලෙසද තරඟයට අවතීර්ණ විය!

මංතුමා හිතුවේ බනිස් වැඩියෙන්ම කාපු එක්කෙනා දිනුම් කියාය! මොකෝ මාරයා අයියා කිව්වේ එහෙමය! කොහොමෙන් කොහොම හරි බනිස් කෑමේ තරඟයේ යෙදී නාඩියා බනිස් තුන හතරකටම වග කිව්වේය!

දවල් කෑම ටිකක් පරක්කු විය! තව පොඩ්ඩෙන් අපෙ උන් ප්‍රදීප් අයියාව කනවාය!කෑම එනකම් නටන්න කියා සින්දු දැම්මේය! අපිනම් ඔන්න නැටුවේ නැත! ;)

කළුවර හීනේ අක්කා, සිත්තරි,ස්කුබියා, සුදු මහත්තයා, ගවේශකයා, මංජුල අයියා, ලොකු ජෝන්, වෙනි අයියා, බනියා මෙකි නොකී පෙරකී සෑම සියලු දෙනාම ඇවිත් සිටියෝය! එහෙන් මෙහෙන් කතා බතා කළෙමු! මිස් උනා නම් සොරි ඈ!

කෑම කාල බිලා ජන ගී මෙව්වා ඒක පටාන් ගත්තේය! පස්ටම ජජ් බෝඩ් එකක් උන්නේය! ඕනයා අයියා ඉතා කෘතහස්ත සංගීත වේදියෙකුගේ ප්‍රතිභාව පෙන්නුම් කළේය! වැප් නිශාන්ත අයියාද ඉතා විශිෂ්ට සංගීත විචාරකයෙක් බව අපි දැන ගත්තේ එදාය!

ලොකුම බොරුවාද සෙව්වේය! මම නම් ඉතිං බොරු නොකියන එකානේ! බොරු කිව්වේ නැත! සෑම්, රනා, චමිල, මංජුල සෙට් එක තරඟයට බොරු කිව්වෝය!

වෙනදා අක්කපාල කියා බොරුවට ලෙඩ ඇඟේ දමා ගන්නා බිම්සර කොලුවා මේ සැරේ නම් හුරුබුහුටි නංගි පොඩිත්තක් එක්කන් ඇවිත් තිබ්බේය! අනේ වාසනාවන්!

පස්සේ දවසේ උදේම විස්ස විද්‍යාලේ ඉන්න ඕනෑය! ඒ නිසා අවුරුදු කුමාරයාට සෙට් නොවී එන්නට පිටත් උනේය! (මොකෝ හිටියානම් පණු අයියාට ප්ලේස් නැත!) 

එන අතරමග ප්‍රමුදි කෙල්ල සෙන්ටිමෙන්ටල් විය! යකෝ එදානේ දැක්කේ මෙච්චර කල් බැන ගහ ගත්තට! සාමිට අයියා, පිටස්තරයා, දුෂ් ඩ කොහේදෝ ගිහින් එද්දී සෙන්ටිමෙන්ටල් විය!

අටං අයියා පොඩි එකිවත් එක්කන් ඇවිත් තිබ්බේය! මෙකි නේද අටං අයියේ අර Hanthana වලින් වැඩ දාන එකී? වාසනාවන් ඈ!

මොනවා උනත් රෙපා අයියා, සිහින මදාරා, සදකිදුරා, ප්‍රදීප් අයියා, වර්ණා අක්කා ඇතුළු මුළු සංවිධායක මණ්ඩලේම සෑහෙන මහන්සියක් වෙලා තිබ්බේය! පංකාදු පහයි ඈ! අපි අඩු පාඩු හදාගෙන ඉස්සරහට යමු බොල!

තොරෝන්චියක් නැතිව හිතට එන අනම් මනම් බ්ලොගියකට කොටන ඒක වගේ උන් ගොඩක් එක තැනක මෙහෙම කාල බිලා ජොලි කරන ඒක කොච්චර සුන්දර ද ඈ?????

මේකේ ෆොටෝ නැත! උඩම එක cyber festival බ්ලොගෙන් ඉස්සුවෙමි! රජා ගෑනු බෑග් උස්සන එක ලෝක ප්‍රසිද්ධ නිසා ඒක දාලත් වැඩක් නැත!

ඔච්චරම ෆොටෝ ඕනෙනම් වැප් අයියාගේ පෝස්ට් එකට යනවා හොඳය! එකේ සුපිරියට ඔක්කොම කැටගරි කරලා තියනවාය! 


අප්පේ... මම ඔන්න නාඩි 50ක් කෙටුවලු  ඈ! මේ 50ස් වෙනි නාඩිය බොල!!!!

කාටද ඉතිං ආඩම්බර..... ;)  

Thursday, April 18, 2013

පේමේ මාමාට රෙවුනේය!

මේක ඉස්සර කාලේ සිද්ධ වෙච්ච දෙයක්ය. අපෙ ගමේ පේමේ මාමා කියා ඩයල් එකක් සිටියේය. මිනිහා කලේ ඉලෙක්ට්‍රික් වැඩසටහන්ය! ඒ කිව්වේ ගෙවල් දොරවල් වයරින් කරනවා වගේ වැඩය! ඒ පැත්තටම සිටියේ ඒකා පමණකි! ඒ නිසා හොඳ මාකට් එකක් තිබුනේය! සල්ලි බාගේ අතේ නිතර ගැවසුනේය!

පොඩි පරහක් තිබුණි!පේමේ මාමා කෝපි කඩේ අබිලින්ගේ වැරදුනු ෂොට් එකක ප්‍රතිපලයකි! ඒ මහා කුජිතකර්මයේ ප්‍රතිපලයක් ලෙස පරම්පරා කුට්ටම නැති අයෙකු ලෙස හැසිරීමට ඔහු වග බලා ගත්තේය!

මේ යකා දවසක් ගෙයක් වයරින් කිරිමට ගියේය! ගෙදර ඇහැට කනට පෙනෙන කෙල්ලක් සිටියාය. මාමා ට අවාසනාවට තවත් ලෙඩකි. මනුස්පයා ක්ෂණික නුඩ්ල්ස් ය! මාමා පොඩ්ඩක් සිරික්කිය දැම්මත් කෙල්ල නැමුණේ නැත. රෙද්ද තෙමා ගත් පේමේ තොමෝ විලි සංග නැති එකෙකු මෙන් හැසිරීමට සිතා ගත්තේ(තා)ය.

ආරංචියේ හැටියට මේ යකා සුරංගනා කතා නිර්මාණය කරන්නේ පොඩි උන් රැවටීමට පමණක්ම නොවන්නේය! කී බෝඩය උඩ පරහන්නට තරම් අසහනයක් ඌ ට ඇති නිසාය!

ගම වටේ අපූරු සුරංගනා කතාවක් පැතිර යන්නට පටන් ගති! කතාවේ හැටියට ගෙදර ගෑනු ළමයා උන්ගේ මලයා එක්ක අනාචාරයේ යන්නාහ... ගෙදර පොඩි එකා ඒකාගේ නෑදෑ ගෑනු ළමයෙක් එක්ක අනාචාරයේ යන්නේය! ඌත් එක්ක කඩ පිලේ ඇවිදින්නේය. හතර බිරි කතාවක්ය!! ඇසු හුදී ජනයා මුනින් මූන බලා ගද්දි සුරංගනා කතාවේ චරිත හිමි ජනයා කොක් හඬලා සිනා සීමට පටන් ගත්තෝය!

පේමේ මාමාට රෙවුනේය! කුමක් කරම්දෝ සෙව්වාය! නැමී බැලුවේය. මොකුත් නැති බව දැක්කේය!
 කවුරුත් දැන් සුරංගනා කතා පිලි නොගන්නා බව තේරුම් ගත්තේ(තා)ය. දැන් ඉතිං ගමෙන් පිටවී හේනක් කොටාගෙන ජිවත් වීමට කාලය හරි බව වැටහුනේය...  
 ඒත්.................

පේමේ මාමා මැරුනේ(නා)ය.........!   

එහෙනම් කස්ටිය 21 සෙට් වෙමු ඈ!! අලුත් අවුරුද්දනේ බොලවූ!!!!!!

Thursday, April 11, 2013

ඇවිල්ලලු අවුරුදු!!!!

'එරබදු මල් කෙට්ටු කෙට්ටු
කොහා බදී පත්තු පත්තු'

බඩගින්නේ තටමන ගමන් ඇඟිලි තුඩු අස්සෙන්
හිරිකිත හීන මිරිකන අපිටත්
ඇවිල්ලලු අවුරුදු...!!

ස්ත්‍රීලිංග ගානට පාටි දාන
තඩි බඩගෙඩි කාරයන්ට
සැන්ඩි දාන්නමූදෙ ලුණු වතුරත් මදි වෙද්දි..,
බතට පොල් ගන්න...
බැදුමට තෙල් ගන්න...
ණය වෙනවා අපේ උන්
හතර අතේ...!!

අඩේ ජයලලිතා වරෙන්
'උණු කිරිබත් කටක් කමු...
කළු කෝපි උගුරක් බොමු...'

අපි නොදකින
ආශ්චර්යමත් අනාගතේටවත්
බලාපොරොත්තු වෙමු;

සුභ අලුත් අවුරුද්දක්...!!

]ඇම්සීඇස්
]McS

මේ කියන්නේ මම නෙවෙයි! ඇම්.සී.ඇස් !!!! කවියෙක්!!!! ඉහ නිකට පැහිලා නැති උනාට පෑන T56 එකකටත් වඩා දරුණු විදිහට භාවිතා කරන කොල්ලෙක්!!! නමින් මන්රුචි චතුරංග සිරිවර්ධන! මේ කවිය නාඩි බ්ලොගේ වැටෙන්නේ හැමදාම උගේ කවි වලට වහ වැටිලා කෑදරෙන් ඒවා තලු මරන නාඩියාගේ ඉල්ලීමකට මේකා අද කන් දීපු නිසා!!!

එහෙනම් හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා!!!!!!!
Related Posts Plugin for WordPress, Blogger...