නාඩි සෙට් එක

Monday, January 28, 2013

ගල් වැලි මඩ ඉවත් කර ඇත!








දිනය ඊයේය! ඊයේ කිව්වේ 27 ය! දවස මල් හතය! අන්තර්ජංජාලය වැනසූ බ්ලොග්කරුවන් බ්ලොග්කාරිනියන් ගම්පහ මල් වත්ත වැනසුවේ ඊයේය!

බැලු බැලු අත මඩය! මංතුමා මඩ නොගසමි! සිදුවූ දෑ කියමි! ;)

ඔන්න ඉතිං නාඩියාත් ගෙට්ටුවට යන්න කියලා උදේ පාන්දරම ගෙදරින් පිටත් උනා කියමුකෝ...සිංහ ජෝඩුවත් මටත් කලින් එන්න පිටත් උනාලු! හැබැයි ඉතිං මං එනකම් ඒ ඩබල ගම්පහට ඇවිත් හිටියේ නෑ කියලයි ආරංචිය! අනේ අනිච්චං ඒකෙත් හැටි නේ!

වෙලාව උදේ 8.30 –
නාඩි - අයියේ..මම මේ ගම්පහ ස්ටේෂන් එක ළඟ ඉන්නේ..කස්ටිය කොහෙද?

ප්‍රදීප් අයියා - මල්ලි අපි මේ දෙමටගොඩ...හරි හරි වෙලාවට එනවා!

නාඩි - ^&%&%&$#!

යාන්තම් බස් ස්ටෑන්ඩ් එකට එද්දී දැකලා පුරුදු එකෙක් බස් එකේ කිරනවා! හුටස් පටස්! අසම්මතයා! ඔන්න ඉතිං ඩබල බස් කට්ටක ගාටලා මල් වත්ත යැයි හදුනා ගත ස්ථානයට සැපත් උනා.

නයි කයිද රෝස් පාන් කියපි! මඟුල් කාර් පෝලිමයි! මල මඟුලයි! අසම්මතයා ඉතා චිත්තප්‍රිතියෙන් යුතුව කියා සිටියේ “මගේ මඟුලත් මම මේකේ ගන්නවා බං” කියාය!

සිරා අයියාගේ ලෝ පරසිදු ස්කුටරය පට පට හඩින් ලඟා වෙද්දී තව පොඩ්ඩෙන් රත්ගමයා ඇලට වැටෙනවාය!

“මොකෑ රත්තෝ උඹ බය උනේ?”

“නෑ බං මම හිතුවේ අර ජස්ටින් කාරයා බේබි බේබි කියා කියා මේ පැත්තට එනවා කියලා!”


ඊලඟට තිබ්බේ ටිකට් ගන්නට පෝලිමය! ටිකට් කඩන සමියා එකේ Lunch කියන තැන “K” අකුර දැම්මේ “කුකුලා” සංකේතවත් කිරීමට බව ඔහු අවධාරණය කරන ලදී!

“මං දන්නවා ඉතිං චිකන් තියෙන්නේ කියලා! ඒත් සතා මොකාද කියලා ලියන්න ඕනෙනේ බං!”

මේ අලකලංචි අතරතුර වී පොකුරු අයියා සිරාගේ දඩුමොනරය පන්චිකාවත්තට export කිරීමට තැත් කල අවස්තාව නාඩි කාචයේ මෙසේ සටහන් විය!

නාඩි තුමා පිට එල්ලගෙන සිටි විශේෂ බෑගය නැන්දා සොරා ගැනීමට තැත් කල අවස්තාව ප්‍රවීන ඉන්දීය විකට නළු තරියාගේ කැමරාවේ මෙසේ සටහන්ව තිබී ඇත!

කුලියට සොයාගෙන පැමිණි කාරය මල් වත්තට ඇතුල් කිරීමට ගිය මලියාට වාහන පාක් ටිකක්ට් එකක් ගැනීමට රුපියල් 200ක් නොතිබි හිඟා කෑ බවටද දුෂමාන ආරංචියක් පැතිර ගියාය!

කස්ටියම සෙට් වූ පසු හදුනවා දීමේ මෙව්වා එක තබන ලදී! එහිදී හෙළි වූ විශේෂ කරුණක් වුයේ පවනි තරංගා යනු ලිංග විපර්යාසයට ලක්වූ සුවිශේෂ ගැහැනියක් බවය.

සිරා අයියා විසින් මාස ගණනාවක් ප්‍රැක්ටිස් කර ඉදිරිපත් කල රබර් කතාව ඉතා ලගන්නා සුළු විය! සිරා අයියා කියන විදිහට මුල්ම රබර් මෙව්වා එකක් මොකක් හෝ සම්බන්ධයක් ඒ සත්ගුණවත් මනුස්සයාට තිබිය යුතුය!

දිනෙල්කයා - “මචං මෙකලු ලංකාවේ ලොකුම කඳ!”

නොහික්මුණු ඇය - “වෙන්න බෑ බං *$%&*%& ඔයිට වඩා ලොකුයි!”

එසේ මෙසේ කෙසේ වී 96 ක්‍රිකට් කණ්ඩායමටත් උපදෙස් දුන් සු-දී-ක අයියාගේ ප්‍රධානත්වයෙන් මහා ක්‍රිකට් සංග්‍රාමය ඇරඹුණි!

නංගි සමඟ පැමිණි ලජ්ජා ටැක්සි රජා ( LT රජා) බංකු අන්තයේ ක්‍රීඩා කළාය! මඩිස්සලේ ඉතා දැක්ස අන්දමින් පන්දු රැක්කාහ! තරියා ඉතා අගනා ඉනිමක් ක්‍රීඩා කරමින් 0 වට දැවී ගියේය! ස්කුබ්යා ද  ඉතා සතුටින් බින්දුවෙන් සැහීමකට පත්ව ක්‍රීඩාගාරයට පියමන් කරන ලද්දාහ!

දේවා සමඟ එක්වූ අහිංසක යැයි කියා ගන්නා සිංහයා සිංහ දේනුවගේ චියර් කිරීම් මැද අති ප්‍රවේගකාරී ඉනිමක් ක්‍රීඩා කළේය!

මැච් එක එසේය! දැන් ලන්ච් ටයිම් ය!  හුටස් පටස්! ලන්ච් නැත! කවුරුන් හෝ අලුගුත්තෙරුවෙක් සෑමාගේ සපත්තු ජෝඩුව හන්ගලාය! ඒකාට නහයක් නොමැති එකෙක් බවනම් ඉඳුරාම ප්‍රකාශ කල හැක!

මේ අලකලංචි මැද අයිස්, දුලා, නෙරන්ජි, උෂාන්, JD සමඟ බස් රේඩියෝ කස්ටිය බස් එකේ ඇවිත් තිබුණාය! ඒ සමඟ අයිස් ගේ ටකරන් වොයිස් එකෙන් මුළු ගම්පහ ප්‍රදේශයම ඒකාලෝක විය! කුරුල්ලෝ දසත් පියාඹා ගීයෝය! බංකු වල අසරණව සිටි පෙම් ජෝඩු තැත් කිටි කිටියේ එක එකා වැළඳ ගන්නා ලදී!

කෑම පැමිණියාය! ලොකු ජෝන් අයියා පපඩම් ඔක්කොම හොරෙන් කෑ බවට ආරංචිය! දමිතා..සිතුම් පැතුමා එක්ක පපඩම් හොරකම් කල බවටද පොලිසියට ආරංචි වී තිබේ!

අක්කෙක් සොයාගෙන පැමිණි අක්කපාලයා ප්‍රදීප් තුමා අසලටම වී සිටීම කාටත් ප්‍රගේලිකාවක්ම විය! ඇපල් මල්ලි කාටදෝ කියා බත් කවා ගත් බවටද ආරංචි පැතිර යමින් පවතී!

තරියා අනුෂ්කා නැතැයි කියා අඩමින් ඉස්මොල්ලේ යවා ගද්දි රත්ගමයා අලුත ගෙනා මනමාලිත් එක්ක බත් කෑවාය! 

තහනම් වචනයා නම් අවලං කතා සාගරයක්ය! යාමය ලියන ඒකාට ඒවා අසා බඩේ රුජාවක් සෑදී ඉතා ඉක්මනට ගෙදර දුව ගියාය! අනේ දුක්කේ සංසාරේ!

කෑමෙන් පසු කස්ටිය තොප්පි පාස් කරගෙන තිබුණාය! නාඩියා ඉස්පෙෂල් මිටීමක් තිබුන නිසා සුළු වෙලාවකට එතනින් බැහැර වූ බව කරුණාවෙන් සලකන්න... ;)

හවස මැච් එක දැඩි හිරු රශ්මිය මැද්දේ ගලා යද්දී.... කැලණියේ කොල්ලන් පරදා දේවා සහ සිංහයා කප් එක වයඹට ගෙන ආවෝය! මල් හතය! අපිත් වයඹ කොල්ලෝ තමයි හරිය!

ගවේශකයා බොලේ දෙක මෙන් පෙනුණු බව කියා ඉතාතදින් වැළපුනාය!

රත්ගමිට සින්දු කවි කිරීමේ අපූරු හැකියාවක් ඇති බව විදහ පාමින් ගීතයෙන් ගීතය විකාසනය විය! නෙරන්ජි නම් කිව්වේ ළමා සින්දුමය! 

නලින් අයියා සින්දු කීමට නොහැකි බව පවසා බොරු ඇඩ් එකක් දමන ලදී! අනේ ගුණේ අපි නොදන්න නලීන්! :පි

උමා අක්කා ට සුපිරිම ගේමක් දෙමින් අපේ සෑම් අයියා 2013 ගම්පහ බ්ලොග් ගේට්ටුවේ ගීතදේව සම්මානය දිනා ගන්නා ලදී! අවසානයේ 18 පහල දරුවන්ට ඇස් වසා ගැනීමට කියා සිදුකල උම්මා වැස්ස අපි නම් දැක්කේ නැත!

අටම් අයියා අවසානයේ නැගී සිටිමින් කල කතාව තුලින් ගම්‍ය වූයේ ශම්මි කෙල්ල ඛනිජ තෙල් සංස්ථාවේ වැඩ කරන බවය!

වැඩේ උනේ ඔහොමය! ආපු හැමෝම එලය!!! මාගේ මෙමරියටද අතමක වූ කතා තිබිය හැක! මතක් වූ සැනින් කොටමි!ෆොටෝ ටික වටෙන් පිටෙන් හොයා ගතිමි!

අවසානයේ සභා තොමෝ සතුටින් නිවෙස් බලා??  ගිය බව ආරංචිය!  

Saturday, January 26, 2013

පිස්සෙක් ! ! !



කඩමාල්ලක් ඇඟේ දවටාගෙන කොණ්ඩය රැවුල වවාගෙන පොලිතින් කොළ, පත්තර ඇඟේ ඔතාගෙන පාරේ තොටේ ඉන්න මිනිස්සු ඔබ දැකලා ඇති...

සමහර විට ඒ මිනිස්සුන්ට බැනලා ඇති! නැත්නම් පව් අසරණයෝ කියලා රුපියල් කාසියක් නැත්නම් කොලයක් ඒ දිහාට විසික් කරන්න ඇති..ඒත්..... ඒ අයත් අපේම සහෝදරයෝ කියලා අපි හිතුවද????

නාඩියා අද කොටන්නේ නාඩි හිතට තදින් වැදිච්ච දෙයක්! පාරේ තොටේ නිතරම යන එන මිනිහා වෙච්චි නාඩියා ට මේ වගේ මානසික ආබාධ තියෙන හිසට වහලක් නැති මිනිස්සු අනන්තවත් හම්බ වෙනවා! ඒ මිනිස්සු හයියෙන් හිනා වේවි හිටියත් ඒ හිනාව පිටිපස්සේ හැංගිච්ච තනිකම..අසරණකම....ඒ වටකුරු ඇස් අස්සේ හැංගිලා තියනවා කියලා නාඩියාට හිතුන වාර අනන්තයි!

“සලමන්”! නාඩි පුරේ පැත්තේ හරිම ප්‍රසිද්ධ චරිතයක්. පොඩි මානසික ආබාධයක් තියනවා..මහ පාරේ තමයි දවසේ වැඩි හරියක් ඉන්නේ...ලොකු මල්ලක් කරේ දාගෙන දිග පොල්ලක් අතේ අරගෙන තමයි ඉන්නේ... හැබැයි අපේ පැත්තේ නාඩි වැටෙන මිනිස්සු ඒ අසරණයාට හැමදාම කන්න බොන්න දෙනවා! මනුස්සයා කිසිම කරදරයක් නොකර පාඩුවේ ඉන්නවා! හැබැයි මොනවා හරි කියලා විහිළු කලොත් එහෙම ගලකින් වත් ගහනවා...

නම නොදන්න තවත් මේ වගේ අසරණයෙක් මට හම්බ උනා... තනියම දේශපාලන කතාවක් කරනවා වගේ කතා කර කර පාරේ එහෙ මෙහෙ යන එක තමයි එයා කරන්නේ... දවසක් මම මහා වැස්සේ රෑක ගෙදර එද්දී අර මනුස්සයා ලයිට් කණුවක් එක ලොකු කතාවක්! 

හිනා වෙන්න එපා!!!!!!! අපි අඩන්නයි ඕනේ!!

මනස නොවැඩුණු..නැත්නම් මොකක් හරි හේතුවක් නිසා මනස විකෘති වෙච්ච දහස් ගානක් අපේ අය අපිත් එක්කම හුස්ම ගන්නවා. ඒත්... ඒ අය අපෙන් වෙන් කරලා...නැත්නම් “පිස්සෝ” කියලා හංවඩු ගහලා.. අංගොඩ පටෝලා ප්‍රශ්නේ ඉවර කරමු කියලයි අපි හිතාගෙන ඉන්නේ...

මචං ලා..මචීලා.... අනන්ත සසරේ අපිත් අනන්ත පව් කරන්න ඇති..අපිට වඩා ඩින්ගිත්තක් වැඩියෙන් පව් කරපු අය අර විදිහට දුක් විදිනවා ඇති! දැන්වත් අපි වෙනස් වෙමු! වෙනස්ම ඇසකින් අපිත් එක්කම ඉන්න ඒ අය දිහා බලන්න අපි පුරුදු වෙමු...
Related Posts Plugin for WordPress, Blogger...