අද කොටන්නේ තවත්
යක්කු කතාවක්!හැබැයි මේකා බුකියේ යකා වගේ නෙවෙයි!හැබෑ
යකෙක්!වැරදුනා..යකින්නියෙක්!!!
“මචං..අද රෑ
යකෙක් අල්ලන යන්න තියනවා!!අනිවා වරෙන්!”
ගිය සතියේ
දවසක නාඩියා කැම්පස් එකට යන්න කියල (කැම්පස් නම් තාම ඇරලා නෑ ඈ!අපිට තව
නිවාඩු!)කෝච්චියේ ගච්චද්දී තමයි ගරිසන්ගෙන්
ඒ කෝල් එක ආවේ! අනිවා මොකක් හරි ජල්තර කේස් එකක්!
මෙන්න මෙහෙමයි
සීන් එක!අනුරාධපුරේට ටිකක් ලඟින් තිබිච්ච ගමක ආච්චි කෙනෙක් මිට මාස 3 කට විතර
කලින් අන්තරා වෙනවා!කොහොම කොහොම හරි ටික දොහක් යද්දී අර ආච්චිගේ පුංචි මුණුපුරා
ආච්චි වගේ කතා කරන්න ගන්නවා!එක එක විකාර කරනවා!ආච්චිගේ අවතාරේ ළමයට වැහිලාලු!ඒ යකා
එලවන්න කියල අද රෑ ඒ ගෙදර ලොකු තොත්තරක්ලු!නිල කැමරා ශිල්පියා විදිහට ගරිසන් ට
එන්න කියල!යක්කු ෆොටෝ ගන්න!මිනිහා ඉතිං ආරක්ෂාවටත් හොඳයිනේ කියල තමයි බය කියන එක
අදුනන්නෙවත් නැති නාඩියා හා මනියා කියන වීර ධීර පුරුසයෝ දෙන්නට ගමනට කතා කලේ!
කොහොම කොහොම
හරි කෙම්මුර දවසට කලින් දා හවස 4 ට විතර යකා අල්ලන්න යන ගමන පිටත් උනා!මාර්ගෝපදේශක
ගරියා!ඒ උනත් ඌ තියෙන තැනවත් හරියට දන්නේ නෑ කියල දන ගත්තේ මඟක් ගියාට පස්සේ!පාරේ
යනකම් ඌ ආච්චිලගෙන් අහනවා....
“අක්කේ...
***කුලමට තව ගොඩක් දුරද...?”.....
“නෑ
මල්ලියේ...තව හෝල්ට් දෙකයි!”
ඒ හෝල්ට් දෙක
ඉවර උනේ බිත්තර පටවන් යන බස් එකක පැයක් විතර වල් වන අලි පාරට එන පැත්තක බැස්සට
පස්සේ!ඒ බස් එකේ ඔන්න මනියා ටිකට් අරං තමයි ගියේ ඈ!හික්ස්...
යකා එළවීමට
ගෙනගිය බඩු ලිස්ට් එක
- ඩිජිටල් ගනයේ කැමරා යන්ත්‍ර 2 ක්!(යකා ආවොත් “චිස් “කියන්න කියා ෆොටෝ එකක් ගසා ගැනීමට)
- කලුපාට ෂර්ට් 2 ක්!(යකත් එක්ක හැංගි මුත්තන් කිරීමට උනොත්...)
- මනියාස් මෝ බයිලාව (හතර පැත්තෙන් විසේස උපදෙස් ලබා ගැනීමට)
- ඩොන්ගල් එකක් හා ලැප්ටොප් එකක්!(යකා සිටින ස්ථානය GPS මඟින් සොයා ගැනීමට)
- ඉතිරි අඩුවැඩිය ....
(යකා අල්ලා
සීල් තැබීමට බෝතලයක්ද අවශ්‍ය බව මනියා දිගටම පැවසුවත් ඌට බදුල්ලේ මෙන් ***කුලමේද
තරු පාත් වී ඩිෆ් ගැසීමේ දොළ දුක පහල වේයැයි
බියෙන් නාඩියා එය වැළකුවේය!)
කොහොම කොහොම
හරි නාඩියා..මනියා එක්ක ගරිසන් තුන් කට්ටුව හවස 6 විතර වෙද්දී battle
field එකට එන්ටර්
උනා...පිස්සු බම්ප් වෙනවා ඕයි!කෙසෙල් කඳන් කපලා..මිනි ඔළු ගෙනත්!මල් පැලවල්
හදලා....කුකුලෙක් ගෙනත්..(බ්‍රොයිලර් එකෙක්!) කෝකටත් කියල ආපු ගමන් හිස් බඩනේ කියල
කුස්සිය පැත්තේ තිබිච්ච අග්ගලා දෙක තුනකට වැඩේ දීලා ප්ලේන්ටියක් ගැහුවා!
හැබැයි තව යකා
අල්ලන පාටක් නෑ!
“මාමේ එතකොට
මේ යකා අල්ලන්නේ කීයටද...කොහොමද මාමේ?”
මනියා "සුදු බබා"
වගේ ගිහින් එතන සුදු ඇදගෙන ආපු කට්ටඩි මහත්තයෙකුට කිට්ටු කරලා ඇහුවා...
“මේවා එහෙම
ලේසි පහසුවෙන් කොරන්න පුළුවන් ඒවා නෙවෙයි ළමයෝ..දැන් මේ පිදේනි තට්ටුව එහෙම
හදලා..අපි මේ ආතුරයාට වැහිලා ඉන්න අමනුස්ස පරානේ බෝතලයකට අල්ලාගෙන මුහුදට ගිහින්
දාන්න තමයි ඉන්නේ!කොහොමත් එලි වෙන ජාමේ වෙයි වැඩේ ඉවර වෙද්දී...”
කාපියකෝ දැන්
බුල්ටොත් එක්ක පාන්!යකෙක් අල්ලන්න මුළු රෑම නිදි මරපන්කෝ!
රෑ 8 විතර වෙනකම් වත්තේ පොල් කොටයක් උඩ ඉඳගෙන ගමේ
මිනිස්සු මේ “යකා” ගැන කියන කතා ඇහුවා!
“මේ යකින්න
එසේ මෙසේ බලයක් තියෙන කෙනෙක් නෙවෙයි..සුදු ඇඳගෙන එන්නේ..කොන්ඩේ කඩා දාල..ඇස් වලින්
ලේ පනිනවා!සුදුමැලියි....බෙල්ලේ දම්වැලක් ඔතලා තියනවා...කකුලේ රෙදි පටියක්.....”
“කවුද දැන්
මෙයාව දැකලා තියෙන්නේ..?”
නාඩියාට ප්‍රශ්නයක්!
“අපේ අයියගේ
ලොකු දුව දිලිනි ඇස් දෙකට දැකල තියනවා..එයාට ඉන්න තැන පේනවා...”
අහල පහල කරක්
ගහල පොඩි ටෝක් එකක් දාන්න දිලිනි කියන ළමයව හෙව්වත් හම්බුනේ නෑ...ඒ වෙනුවට මිටින්
උනා ගෙවල් ළඟ තවත් තරුණ ගැටිස්සියක්! “ජපන් බට්ටි”!(ඒ කාඩ් එක ගැහුවේ නම් මම
නෙවෙයි ඈ!මොනවා උනත් සිරියාවන්ත අක්ක පොඩිත්ත...)
“දිලිනි දැකල
තියනවා ආච්චි(මැරිච්ච) අර පල්ලෙහා ගල් ගොඩේ ඉඳගෙන කල්පනා කරනවා...තවත් දවසක් බල්ලට
බත් දාපුවහම ඒ පිගානෙන්ම පැත්තකින් කනවා!”
ජපන් බට්ටි කියපි!!!!
“ඔයත් දැකලා
තියනවද......?”
“නෑ මම නම්
දැකල නෑ!මම බයයිනේ...!චායාව වගේ දැකල තියනවා...”
හික්ස්......යකාගේ
චායාව.......
කොහොම කොහොම
හරි කෑම වෙලාව කිට්ටු උනා....ආයේ අඩුවක් පාඩුවක් නෑ කොල්ලෝ තුන් දෙනා යක්කු හතර
පස් දෙනෙක්ගේ කෑම වලට වග කිව්වා!
දැන් යකදුරා
පණ එපා කියල මතුරනවා!
“ඔන්.....වර
වර.......දෙබෑ කරගෙන වර..පලාගෙන වර........වර වර.....පාමුලට වර...අඩ අඩ වර......”
පොඩි එකාව
ඉස්සරහ පැදුරක් දාල එකේ වාඩි කරලා තියනවා..ඔන්න ඇප නූල කියන එකත් කැඩුවා....පොතේ
හැටියට දැන් අර මල යකින්න පොඩි එකාගේ ඇඟට ආවේශ වෙලා පිස්සු නටද්දී යකදුරා ඒ
අමනුස්සයගේ කොන්ඩෙන් අල්ලලා බෝතලේට දානවලු!
ඩයල් එක දැන්
ගජරාමෙට මතුරනවා....මමයි ගරිසනුයි කැමරා අටෝගෙන බලං ඉන්නවා...මනියා තක් බීර් වෙලා
ඔටවන් ඉන්නවා....
මෙලෝ හැල
හොල්මනක් නෑ..පොඩි එකා අපුරුවට බලං ඉන්නවා! අන්තිමේ යකදුරාට එපා වෙලා,.....
“කෝ මහත්තයෝ
යකා ?” කියල අහපි!
අපිට *කෙනුත්
එක්ක හිනා!
ඒත් මිනිහා
ගේම අත අරින්න ලැස්ති නෑ...ටික වෙලාවක් ගිහින් අර යකා පේන දිලිනි කෙල්ල පොයින්ට්
එකක් දුන්නා යකින්නි ඉන්නේ බාගෙට හදපු බාත්රුම් එකක් ඇතුලේ කියල!දැන් සෙට් එකම අර
පිදේනි තට්ටු උස්සන් ඒක ඇතුලට එන්ටර් උනා...
ඉස්සරලා වගේම
යකදුරා මතුරනවා....ටික වෙලාවකින් පොඩි එකා වෙව්ලලා මොකද්දෝ දෙයක් උනා...යකා
වැහිලා!!!!!!!!
යකදුරයි යකා
වැහිච්ච පොඩි එකයි දැන් කතා කරනවා...
“දැන් උඹ
ඇවිල්ලද ඉන්නේ?”
“ඔව්”
“උඹ දැන් යන්න
ඕනේ..යනවද...?”
“යනවා....”
“මොනවාද
ඕනේ...”
“මොකුත් ඕනේ
නෑ...”
මොනවා උනත්
සාධාරණ යකෙක්!!! මේක උනේ කොහොමද කියල නාඩියාට නම් හරියට තේරෙන්නේ නෑ....වීඩියෝ
එකත් තියනවා..කැමතිනම් බලන්නකෝ....
වැඩේ අහවර
උනා.....යක්කු වගයක් අල්ලලා බෝතල් වල දාල සොහොන් වලවල් ඇතුලටත් ගිහින්
දැම්මලු!නාඩියායි මනියායි එතකොට ගොරෝ ගොරෝ දොයි!අසරණ ගරිසන් තමයි වැඩේට මාට්ටු
වෙලා තිබ්බේ! හැබැයි කොහොම හරි අන්තිමට කියවුනේ මහ යකින්න අහුවුනේ නෑලු..මොකද්ද
සීන් එකක්ලු!අපිට මොකෝ...ඒ වෙද්දී සතියකට විතර ඇතිවෙන්න
අග්ගලා..වැලිතලප....පාන්.....අපි බහිරවයෝ ගිලලයි තිබ්බේ!
උදේ 6 විතර
වෙද්දී ගේම් ක්ලෝස් උනා...බය අඳුනන්නේ නැති නාඩියා..මනියා...ගරිසන්...වීරයෝ තුන්
දෙනා කාරයක එල්ලී යාන්තම් 6.30 වෙද්දී ඉස්ටේසමට සැපත් උනා!
ප.ලි - අදෘශ්‍යමාන බලවේග නැත්තේ නැත!නමුත් මෙහිදී නම්
මෙලෝ මල යකෙක් නොසිටි බව නාඩියාගේ අදහසය! මොකක් හෝ මානසික මෙව්වා එකක් මේ සන්තෑසිය
සිද්ධ කරන්නට ඇත...පවු පොඩි එකාය...ගෙදර මිනිස්සුන්ටත් ලක්ෂයක් විතර වියදම් වෙන්න
ඇත...අනේ මන්දාය....
ලයික් එකකුත් දාලම යමු ඈ...
මෙච්චර ආතල් සීන් එකක් වෙද්දී නිදාගත්තානේ...
ReplyDeleteයකැදුරා කියන කවි ටික නම් මරු... හරියට පාතාලේ මැරයෝ අතරේ වලියක් ගොඩින් බේරගන්න ටෝක් කරනවා වගේ...
අපිට අහවල් ඇමතිතුමාගේ කනෙක්ශන් තියෙනවා අනවශ්‍ය ප්‍රශ්න ඇතිකරගන්නේ නැතුව මේ ගාන අරගෙන මාරුවෙයන්... අන්න ඒ වගේ... :)
ලක්ෂයක් ගිය එක නම් සාධාරණයි මගේ හිතේ... ගෝලයන්ගේ ගනං එහෙමත් බේරලා ඉතුරු වෙන ගානක්නේ ගන්නවා ඇත්තේ... අදකාලේ වියදම් වල හැටියට යකෙක් නැතුව නිකං එලිවෙනකල් කවි කිව්වත් දෙන්න වටිනවා... :)
නිදා ගත්තා නෙවෙයි බං....නින්ද ගියා...ඇයි අර යකා නැළවිලි කවි කියනවනේ...... :)
Deleteයක්කු කනවද බං බ්‍රොයිලර් කුකුල්ලු හොඳ රතු ගම් කුකුල් නාම්බෙක්නෙ තියන්නෙ..
ReplyDeleteයකා කරි චිකන් කන්නේ නෑලු බං.....
Deleteමේක බොහොම සුලබ සිද්ධියක්. මමනම් ඔය සිද්ධිය විස්තර කරන්නේ අර ආච්චි ඔය කියන දරුවට ගොඩක් සමීපයි. ආච්චි මැරුණ එක දරුවට දරාගන්න අමාරුයි. ඒ කම්පනය යටි හිතේ අවරෝධනය වෙලා පස්සේ දිෂ්ඨියක් විදියට මතු වෙන්න ඇති. ඔය තත්වය සමහර විට ඔය යකා ගිහින් දාපුවාම නැති වෙලා යනවා. සමහර විට බෙහෙත් කරන්නත් වෙයි. ඔය රෝගයට කියන්නේ විඝටන ආබාධය. විස්කර ඕනනම් මගේ හිස්ටීරියාව පෝස්ට් එක කියවන්න.
ReplyDeletehttp://pradeepot.blogspot.com/2012/01/blog-post_23.html
මටත් ඔය අදහසමයි ආවේ..ඕවට කියන සයන්ටිෆික් වචන නම් දන්නේ නෑ!හැබැයි මමත් හිතන්නේ ඔතන සිද්ධ උනේ මෙහෙම දෙයක් තමයි!
Deleteඅමනුශ්ය බලවේග නැත්තේ නෑ. ඕක හොඳට විස්තර කරල තියනව බලන්ගොඩ ආනන්ද මෛත්‍රීය හාමුදුරුවන්ගෙ "අපට නොපෙනෙන ලෝකය" කියන පොතේ. නමුත් ඔය තොවිල් අරව මේව හරියට කරන අය දැන් නම් නෑ මං හිතනෙ.
ReplyDelete…
…මිනිස්සු නිකන් සල්ලි නාස්ති කර ගන්නව.
අමනුශ්ය බලවේග තියනවා..ඒක ඇත්ත..ඒත් අද අපේ මිනිස්සු ඒකත් ආදායම් මාර්ගයක් කරගෙන...
Deleteඇත්තේද නැත, නැත්තේද නැත
ReplyDeleteඅන්තෝ ජටා..බහි ජටා.....
Deleteඒ කිව්වෙ යක්කු ජටා බැඳන් ඉන්නව කියලද බන්
Deleteඈ..ඔව් ඔව්..උඹටත් යක්ස මොලයක්නේ බං තියෙන්නේ... ;)
Delete@ Mee Godayaa
Deleteඅන්තෝ ජටා බහි ජටා කිව්වේ ඇතුළත් අවුල් පිටතත් අවුල් කියලා :D
හික්ස්...ජටා ....
Deleteමටත් හිතෙන්නේ අනේ මන්දා කියාය.කෙසේ වෙතත් කතාව නම් ඉතා රසවත්ය..
ReplyDeleteඅහන්න හිටිය එක අමතක වුනාය.මේ උඩ රූපයේ සිටින යකින්නිය කවරෙක්ද..??
Deleteඒ කවරෙක් නොවේ...යකෙක්!!!!වැරදුනා..යකින්නියෙක්...!!!
Deleteමරු කවි ටික....
ReplyDeleteයකා ගහන්න තිබ්බේ නාඩියට :-)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
යකෝ යක්කුත් අපිට බයයි හරිය...... :)
Deleteහු හූ ..............යකෝ.....ඒ වෙලාවේ යකින්න හිටියේ මාත් එක්ක...:පි
ReplyDeleteහයියෝ...තෝ දැන් යකින්නියොත් එක්කත්.......????
Deleteshaaa shook mona wunath hondata kanda lebunu ekama madei :P
ReplyDeleteනැත්නම්..අපිත් යකෙක් කන්න බඩගින්නේ හිටියේ! :)
Deleteඅමුනුස්ස බලවේග නෑ කියල මමත් කියන්නෙ නෑ. එක එක මිනිස්සු අමුනුස්සයො කියන ජාතීන් නිර්වචනය කරන ක්‍රමයෙ වැරැද්දක් තිබෙනවා. සමහරුන්ට විවිධ ලෝක, සමහරුන්ට විවිධ තලයන් වල පවතින මනෝකාය, සමහරුන්ට පිටසක්වලයින්... :)
ReplyDeleteමේ තොවිලයෙ වීඩියෝව දැක්කම නම් මට තේරුනේ, යකැදුරා කරන්නෙ තනි බොරුව කියලයි. කවදාවත් ඔය වගේ ගොන් කවි නම් මම අහල නෑ. :D :D :D තියෙයි කියල හිතන්නත් බෑ. :D
හ්ම්ම් හ්ම්ම්.....ඒක තමා..කවි අහලා නම් මටත් ඕක හිතුනා....
DeleteEla mamath asama subject 1 oya adrushya mana balawege.kohe giyath badajari kamata kana 1 nam wenasak na neda nadiyoo :P.Mona unath oya 3nata yaka wahuwene nathnam echcharai.Nath nam ithin uni ekata awama apita hoda baliyak natanna wei :D.samahara wita oyala nida gena hitapu welawe Garizta maha yaka awwsha unada danna.lolz!!!
ReplyDeleteඒක කියන්න බෑ..දැනටමත් ඌ ආවේස වෙලා වගේ තමා ඉන්නේ....
Deleteඇත්ත කියපන් උඹලා අනුගත වෙලා ඩවුන් ගියා නේද ?
ReplyDeleteහි හි..අපි බය උනේ නෑ යකෝ!!! ;)
Deleteමොන අනුගතද....හොඳ සිහියෙන්..කෙලින් කටින්!
Deleteකොහොමද නාඩියට ආවේස උනානම්....බෝතලේකට දාලා වහන්න තිබුනා. ඩී
ReplyDeleteඅපිව වහන්න හිතුවා මදි... :පි
Delete෴ බෝතලේකට දාලා වහන්න තිබුනා ෴
Deleteහෙහ් හෙහ් ..... එච්චර පොඩිද?
මෙගා බෝතලයක් තමයි ඉතිං.... :පි
Deleteඅමනුස්සයන්වත් විකුණන් කනවා දැන් ඉන්න කට්ටඩි මහත්තුරු. පවු අර අහිංසක මිනිස්සු.
ReplyDeleteඇත්තටම..දැන් යක්කුත් හෙන මාකට්!
Deleteනාඩියාටත් වෙන වැඩ...හ්ම්ම්ම්.. මමත් මේ දුවගෙන ආවා ඇත්තම යකින්නියක් බලන්න..
ReplyDeleteඇයි යකා දැක්කේ නැද්ද????????
Deleteයකෙක් ඇහ්.. යකින්නක්නේ ඉන්නවා කිව්වේ..
Deleteආ..ඔව් ඔව්...යකින්නියක්!!!!
Deleteවීඩියෝ එකත් බැලුවා ඔන්න..අනේ මන්ද වෙලාවකට ඇත්තද මන්ද කියලත් හිතෙනවා..:)
ReplyDeleteඅනේ මන්දා ඉතිං..මං නම් දන්නේ නෑ ඔන්න..... :)
Deleteඅපරාදෙ ලක්ෂෙ. මානසික වෛද්‍යවරයෙක්ට ළමය පෙන්නුව නම් ලෙඩෙත් හොඳ කරගෙන සල්ලිත් ඉතුරුකර ගන්න තිබුණ. දැන දැන මිනිස්සුන්ට බොරු කරල ගන්න සල්ලිවලින් අර ඇදුරො මොනවද දන්නෑ කරන්නෙ.
ReplyDeleteඋන් ටික හොඳ යකින්නියෙක් හොයනවලු... ;)
Deleteහික්ස් ලෝකේ කැරකෙනවා නේ බොල :ඩ්
ReplyDeleteඈ..ලෝකේ කැරකෙනවද?????
Deleteහුහ්... නාඩිය දැන් පොර ටෝක් දුන්නට... ඔතන හිටපු එවුන් තම දන්නෙ.. මුගෙ කෙරුවාව... මේක තොවිලෙ අහලකටවත් ගියෙ නැ මුලදි...ගෙයින් එලියෙ කොටයක් උඩට වෙලා..පඩී ටෝක් දිදි උන්නෙ..:P රැ දෙගොඩ හරියෙ යක එනව කිව්ව වෙලෙ ,ඉතිපිසෝ ගාතාව කිව්වෙ අපිනම් නෙවෙයි ඕන්...;) මොනව උනත් පට්ට අත්දැකීමක් ...
ReplyDeleteයකෝ..උමබලට ඒ මම තත්ත්වේ පැහැදිලි කරලා දුන්න එක කලේ....මනියත් ආවේ වීර ධීර නාඩියා එනවා කිව්වට පස්සෙලු....!
Deleteමරු Media Coverage එක නාඩියෝ......
ReplyDeleteඅපි කොහොමත් මීඩියා පොරවල්නේ... ;)
Deleteඅන්න යක්කු නම් යක්කු මොනව උනත් ඩීසන්
ReplyDeleteවෙලාවක ගෙදරට අඬගහලා පාටියක් දෙන්න වටිනවා
සැරදේ පාවිච්චියක් නෑ මයේ හිතේ... ;)
Deleteකවුද බොල මේ වගේ ආතල් වෙලාවක නිදාගන්නේ...........
ReplyDeleteමොන ආතල්ද බං එකම තැටිය තුන් පාරක් දාද්දි.......??? :පි
Deleteහුගකාලෙකින් තොවිලයක් බලන්න ගියේ නැහැ අප්පා ...
ReplyDeleteසෝයි නේ.... :)
DeleteThis comment has been removed by the author.
Deleteහෆ්ෆට සිරි. මම අදමනේ මේ පැත්තේ ආවේ මතක විදියට. මාරු ස්ටෝරි එක හොඳා හොඳා ආයෙම එන්නම් කෝ
ReplyDeleteඅහා.....හොඳයි හොඳයි රාජකාරි අඩු වෙලාවක ඇවිත් යන්න එන්නකෝ.... ;)
Deleteමං නම් කියන්නේ උඹලව දැකලා යකින්න හැංගෙන්න ඇති බං :D
ReplyDeleteහික්ස් හික්ස්...... ;)
Deleteමාත් ඔය යක්කු ගැන හෙයනවා බං..තාම ඇහැට දැක්කේ නෑ..
ReplyDeleteහම්බුන දවසට මටත් කියපන්......
Deleteනාඩියෝ මමත් ඔය වගේ සිද්දියක් කරන තැනක ඉදල තියනවා. හැබැයි ඒක නම් ඇත්ත සිද්දියක්. ඒක බලන්න තිබුනේ. වැහිලා හිටියේ අක්ක කෙනෙකුට. ඊට පස්සේ තවත් අක්ක කෙනෙකුට වැහුන. වැහිලා ඒ අක්ක එයාගේ අම්මට කතා කලේ දුවේ කියල. හොයල බැලින්නම් ඒ අක්කගේ අම්මගේ ආච්චි අම්මලු. යන්න කියල කිව්වම බෑ කියල අඩන්න ගත්ත.බැරිම තැනද කොහෙද මඩු වලිගයක් ගෙනල්ල පිටේ හැම යනකම් ගැහුවා. යන්තම් ආයි කියලවත් කිව්වේ නෑ. මට එහෙම උනානම් @#$% වෙනවා. මේ කියන සිද්දීයනම් කොහොමද මන්ද , මේ වගේ බුත පෙරේත ආත්ම තියනව කියන එකනම් ඇත්ත කියල මම කියනවා.
ReplyDeleteහ්ම්ම්..ප්‍රේතයෝ..භූතයෝ ඉන්නවා කියලනම් මමත් පීලි ගන්නවා....ඒත්........
Deleteහෙන ගහල වගේ නිදාගත්තම මොන බයවිල්ලක්ද නාඩි ;)
ReplyDeleteමේ..ඊට ඉස්සරලා කරන්න ඕනේ වැඩ ටික ඔක්කොම කෙරුවා ඈ! ;)
Deleteමඩයා යාළුට එකඟයි :) හු හු ඈ
ReplyDeleteහි හී..... :පි
Deleteමේවා ගැන විශ්වාසයක් නම් නෑ
ReplyDeleteමරු වීඩියෝ කවරේජ් එක :P
තැන්කු ඈ!
Deleteයකා අල්ලන්න ගිය විදිහනම් අපුරුය, එක අතකට යකා එහි නොමැති වීම වඩාත් හොදය, නැත්තම් මේ පොස්ටුව දැමීමට කොල්ලෙක් අප අතරේ ඉදීවිද?යැයි කියා සිතේ...
ReplyDeleteයකා සාධාරණ බව හැබය, එත් යන්නට පෙර අඩුම තරමේ සීල් කරපු බෝතලයක් වත ඉල්ලීමට ඌට යුතු කමක් තිබේ.
පොස්ටුවේ යම් යම් අඩුපාඩුද තිබේ... ජපන් බට්ටිගේ හා දිලිනිගේ ෆොටෝ දෙකක් කොටා ගන්නට ඩිජිටල් කැමරා දෙකක් ගෙන ගොස් බැරි වීම එයින් ප්‍රධානය...
හේ හේ ...එළ හොදේ!
එහෙමත්ම නැත...උඹ හිතුවද අපි ගල් උලමෝ වගේ අර සීදේවි ගැටිස්සියෝ දෙන්නගේ ෆොටෝ නොගහා ඉදියි කියලා..පවුනේ බං..දෙක තුනක් ගත්තා..ප්‍රසිද්ධ කලේ නෑ...බෑනේ ඉතිං උඹල එක්ක... ;)
Deleteකොහොමද නාඩිට වැහුනනම් යකා...හිකිස්...
ReplyDeleteකොහොම උනත් මරු කතාව..
මට වැහුනනම් එහෙම තොවිල් හතක් කොරලවත් එලවන්න හම්බෙන්නේ නෑ! හික්ස්....
Deleteසුදා මල්ලිගේ නිගමනය- යක්කු තුන් දෙනාගේ සැපත් වීමෙන් යකින්න බිය වී ඇත
ReplyDeleteහොක්ස් හික්ස්.... ;)
Deleteනාඩි... ඔයාගේ කතාව ඇත්ත...... මේක මහ බොරුවක්...... මම වීඩියෝව බැලුව.. මට පුදුමයි යකෙක් හරි යකින්නක් හරි එච්චර හොදට කත කරනව දැක්කම.. කියන්න තියෙන්න පවු අර පොඩි එකා.. මේවයින් වෙන්නෙ ඇත්ත යකැදුරොන්ට අසාධාරණයක්...බලන්න ළමය කියන්නේ අර බොරුකාර යකදුරා කියන දේමයි..ඇත්තට ඒක මානසික ලෙඩක්..කොහොම උනත් මම ඕව විශ්වාස කරනව.. මොකද මම හරි යකැදුරො දැකල තියෙනව... අහල ඇති නෙ "හීන්" ල ගැන... අනික් කෙනා අපේ පංසලේ හාමුදුරුවො... කදුරුදූව පංසලේ හාමුදුරුවො! ඔච්චර වෙලා යන්නෑ උන්වහන්සේට යකා ගෙන්නන්න... මොකද්ද ගාථාවක් කියල ඔළුවට අත තියපු ගමන් යකෙක් වැහිල නම් ඌ කොහේ හිටියත් හාමුදුරුවො ගාව.... අපි ඌ ඉන්න තැනට යන්න ඔන නෑ... මේ කතාව කිව්වෙ උදාහරණයකට විතරයි... මචං... ඕකේ දිගටම ලියපන් අයියා.. ජය වේවා!!
ReplyDeleteහ්ම්ම්...හ්ම්ම්.......දිගටම එහෙනම් නාඩි කියවමු ඈ! :)
Deleteඅනිවා අනිවා ඈ........
Deleteමොනාද බොලේ මේ කියන කවි? :P
ReplyDeleteඅනේ..මන්දා.......
Deletegörüntülüshow
ReplyDeleteücretli show
QUED7