නාඩි සෙට් එක

Friday, August 30, 2013

අද සෙනසුරාදා


උදේ 6.10 බස් එක අල්ලගන්න...
තෙරපිලා මිරිකිලා ෆුට් බෝඩ් එකේ එල්ලිල්ලා යන්න.
ජනේලෙන් ඇතුලේ ඉන්න නංගිට බෑග් එක දෙන්න..
ආසයි බං මං ආයෙත් AL පන්ති යන්න...

ක්ලාස් එක ළඟට ගිහින් හැරිලා එන්න.
ක්ලාස් ෆීස් ඉතුරු කරන් ෆෝන් කට්ටක්  ගන්න..
ක්ලාස් අරින වෙලාවටම ගෙදරට යන්න..
ආසයි බං මං ආයෙත් AL පන්ති යන්න...

ලේක්සිකොන් සිප්වින් ළඟ මුරේ දාන්න..
Art කොමස් ක්ලාස් ලඟත් තනිය රකින්න...
කුඩේ යටින් උඹ එක්කන් වැව රවුමට යන්න...
ආසයි බං මං ආයෙත් AL පන්ති යන්න...

ටික්කා ටිකක් ශේප් කරලා tute එක අරගන්න...
සර් කාරයා කියෝන පච හැලිය අහන්න..
Hand බිල් එකක් නමලා රොකට් අරින්න...
ආසයි බං මං ආයෙත් AL පන්ති යන්න...

බණ්ඩා කඩේ රස වෑහෙන තෝසේ ගිලින්න..
ආරාධනා ජූස් කඩේ කොත්තු මී එක කන්න...
ගතිකේ ගාව ඇන්ටි ඉන්න කඩෙන් කලකිරී බෝතලේ බොන්න..
ආසයි බං මං ආයෙත් AL පන්ති යන්න...

එක දවසට කෙල්ලෝ දෙකක් එක්ක දොඩන්න...
“ඔයා ස්වීට් හලෝ” කියලා ආයේ අහන්න...
රජපිහිල්ලේ පාක් එකේ ගස් යට ඉන්න...
ආසයි බං මං ආයෙත් AL පන්ති යන්න...

ඉම්පීරියල් හෝල් එකේ බැල්කනි යන්න...
“අබා” වගේ ෆිල්ම් එකක් ආයේ බලන්න...
ෂොපින් එකේ කඩ සෙට් එක ආයේ ගනින්න...
ආසයි බං මං ආයෙත් AL පන්ති යන්න...

කැම්පස් පල කියලා කියපු උන්ට බනින්න...
කැම්පස් ගැන රස කතා කියපු උන්ව හොයන්න...
කැම්පස් යන උන්ව හොයලා පොල් ටොකු දෙකක් අනින්න...
ආසයි බං මං ආයෙත් AL පන්ති යන්න...



*මාන්දමික ස්වභාවයකින් පෙලෙන එකෙක් විසින් උදේ පාන්දරක ලියා පල කරන ලදී!

Friday, August 23, 2013

කොටු : කවියක් කතා කරයි - අංක 02

පහුගිය නාඩිය කස්ටිය පොඩ්ඩක් අන්ද මන්ද කොලා කියලා ටිකක් සද්ද බද්ද ආවා. කොරන්ඩ දෙයක් නෑ! ඒ ඉතිං නාඩියාගේ  හැටි! තියෙන මල ඉලව් හංගලා හරි කොටලා දානවා!

ඒකෙ අන්තිමට “To be continued… “ කියලා තිබ්බනේ. මේ ඒ ටික.

මේ නාඩියේදී මම පොඩ්ඩක් ස්ත්‍රීවාදී වෙන්ඩ (ත්‍රස්තවාදී නෙවෙයි ඈ) හිතුවා. හැබැයි ඉතිං වරද පටවන්න යන්නේ පිරිමි සනුහරේට විතරක් නෙවෙයි. මේකට ඉතිං දෙගොල්ලොම සම්බන්ධයි!

මේකේ ඒකෙ තිබ්බේ මෙච්චරයි...


එච්චරයි!

හැබැයි කමෙන්ට් ටික කියෙව්වහම කස්ටිය අපි හිතනවාටත් වඩා දුර හිතලා වගේ පේනවා. කවුරු කිව්වත් නැතත් ලිඳ ළඟ සංගම් වල office chat box වල මදි නොකියන්න තියෙන මාතෘකාවක්නේ මේක!

කොටු?? මොනාද ඒ??

කාට කාටත් තේරෙන විදිහට කිව්වොත් ස්ත්‍රී පුරුෂ අසම්මත සම්බන්ධතා....
 
මනුස්සයා කියන්නේ සමාජ සත්ත්වයෙක්. මනුස්ස සමාජය හොද නැගිලා තියෙන්නේ සමාජ සම්බන්ධතා මත. කාටවත් වෙන්වී තනිවී ජිවත් වෙන්න ඇත්තටම හැකියාවක් නෑ.

මෙහෙම තියෙන සමාජේ ලස්සන වෙන්නේ ආදරය කියන අපූරු අකුරු හතර උඩට සමපාත වෙච්චි පවුල කියන සංකල්පය ගොඩ නගාගන්න දායක වෙන ස්ත්‍රී පරානයක් හෑ පුරුෂ පරාණයක් අතර ඇති වෙන අන්තර්පුද්ගල සම්බන්ධතා නිසා. (බර වැඩිද මන්දා...) 

මේ සම්බන්ධතාවට අරුත් එක්කාසු කරන්නේ ලිංගිකත්වය! ඇත්ත. කවුරු කවුරුත් එලිපිට් කතා කරන්න බය උනත් ලෝකේ හැම දෙයක්ම රදා පවතින්නේ මේ ලිංගිකත්වය මත.. නැත්නම් ලිංගික ආකර්ෂණය මත...ටිකක් හිතලා බලන්න කතාව බොරුවක්ද කියලා...

මෙන්න මේ විදිහට සංවිධානය වෙලා තියෙන සමාජේ දෙදරලා ඉරි තලාලා යන්න හේතු වෙන එක කාරණයක් තමයි මම කලින් කිව්වා අනියම් සම්බන්ධතා...

හංගන්න දෙයක් නෑ.. කාගේ කාගේත් කිල්ලෝට වල හුණු ඩිංග ඩිංග හරි තියනවා... 

ඒත්.....
පෘතජනයෝ වෙච්චි අපිට හිතේ උපදින හැඟීම් 100% පාලනය කරගන්න බැරි උනාට හිතන්න පුළුවන් වෙච්චි සත්ත්වයා “මිනිසා” විදිහට හැඟීම් පාලනය කරගෙන ජිවත් උනොත් ලෝකේ මීට වඩා ලස්සන තැනක් වෙයි නේද???

“ලීලයි කමලයි චම්පයි රේඛායි භානුමතියි නයනායි සඳරේඛායි කස්ටියම කොටු නොවී අපේම සහෝදරියෝ... උනොත්...(අනිත් පැත්තටත් අදාලයි ඈ)

අපි ඔක්කොම වැදගත් වෙයි නේද මචං???

Related Posts Plugin for WordPress, Blogger...