නාඩි සෙට් එක

Saturday, May 17, 2014

කෝ???

උදේ පාන්දර හයයි දහයේ බස් එකට නැග්ග මම රතු පාට CTB බස් එකේ මුල්ලක් අල්ලාගෙන හොඳට නිදා ගන්නවා. බස් එකේ ජනේලෙත් එක්ක හයි කරලා තියෙන දිලිසෙන ඇල්මිනියම් බටේ වැදිලා තඩිස්සි වෙච්චි තට්ට ගෙඩිය අත ගාන ගමන් මං පිටකොටුවෙන් බහිනවා. 

වෙනසක් නෑ. වෙනදා වගේමයි. කෑල්ලක් සීයයි.. හැටයි හැටයි අරං යන්න.... අද විතරයි වෙන කොහෙවත් නෑ කිය කියා සද්ද ඇහෙනවා. ඒ ඔක්කොම සද්ද පරද්දගෙන හැම තැනින්ම එකම විදිහේ කවි ටිකක් ඇහෙනවා. අම්මා ගැන තාත්තා ගැන කියපු කවි ටිකක් හරි අපූරුවට මහ සද්දෙන් පේමන්ට් එකේ ඇහෙනවා. 

බෝධිය ඉස්සරහින් පාර පනින්න ගිහාම පොඩ්ඩක් බලාගෙන ඉන්න වෙනවා. කාකි සූට් එක ඇඳලා සන් ග්ලාස් එකක් එහෙම දාගෙන ඉන්න පොලිස් අයියා හරි හදිස්සියෙන් නලා පිඹ පිඹ කට්ටිය එහා මෙහා කරනවා.
එතන ඉඳන් කොටුව පැත්තට තියෙන කඩ පේළිය අරින්න පටන් ගන්නේ දැන්... කහ වතුර පුරෝපු දිලිසෙන පුංචි බේසම් අරගෙන එලියට ආපු කඩවල ඈයෝ පාරටත් කහ වතුර පොඩ්ඩක් ඉහිනවා. කෙලවරේ කඩේක ඉන්න පිරිමි ළමයා සාම්බ්‍රානි පැකට් එකක් රතු පාට වෙච්චි පොල් කටු අඟුරු තියෙන දුම් කබලට දාගෙන දුම් අල්ලනවා.

නිදි මතේ හිටපු මට ඒ දුම් සුවඳට ඇහැරෙනවා. ඉක්මනට අඩිය ඉක්මන් කරලා 120 බස් එකක් අල්ලගන්න දුවනවා, 

කොටුව ඉස්ටේෂම ඉස්සරහ අට්ටාලයක් ගහලා තියේ. රටේ උගත්තු යැයි සම්මත වෙච්චි උපාධි අපේක්ෂකයෝ ගොඩක් අට්ටාලේ උඩට වෙලා බලාගෙන ඉන්නවා. උන්ගේ ඇස් වල තියෙන්නේ බලාපොරොත්තුවක්. 

අවුරුද්දට ගෙදරින් කිරිබත් කටක් කන්න බැරි උනාට කැම්පස් ඇතුලේ වද දෙන දහසක් වෙච්චි ප්‍රශ්න ඉවර කරලා හැමෝම එකට කිරිබත් කමු කියන බලාපොරොත්තුව උන්ට තියනවා.

කඳුළු වේලිච්ච ඒ ඇස් දිහා බලාගෙන මූණු හපුටු කරගෙන යන සෙනඟ අතරේ නිදහස් අධ්‍යාපනෙන් ඉගෙන ගත්තු එකෙක්වත් නැතිව ඇති කියලා මට සැක හිතෙනවා.

120 බස් එක සැර දාගෙන ඇස් වාට්ටුව පහු කරනවා. විහාරමහාදේවි පාක් එකේ වටේට ලස්සනට හීනි පාරවල් හදලා තියේ. සූදු සපත්තු දාගත්ත නෝනලා හති ඇර ඇර අර පාරේ දුවනවා. සපෝටර්ස් හයි කරපු උස නැති පුංචි බයිසිකල් වල නැගපු පුංචි උන් දුවන සෙනඟ අස්සේ වෙට්ටු කපනවා. 

වෙනදා පොලිසිය ඉස්සරහින් බහින මට පොඩ්ඩක් හෝල්ට් එක පහු කරගෙන ගිහිං ඉස්සරහින් බහින්න හිතෙනවා. උදේ වැටිච්ච ඉර අව්වට රේස් කෝස් බිල්ඩින් එක සූදු පාටට දිස්නේ දෙනවා. 

සූදු පාට බිල්ඩිම උඩින් කහ පාට ලොකු එම් අකුරක් පේනවා. රේස් කොස් එක එළියේ හයි කරපු බංකු වල වාඩි වෙච්චි මහත්තුරු ටිකක් කෑම කනවා. පිටිපස්සට වෙන්න කොළ පාටට පේන පිට්ටනියේ ඉස්කෝලේ ළමයි වගයක් රගර් ප්‍රැක්ටිස් කරනවා. 

රේස් කොස් එක අස්සෙන් ඇවිදගෙන මම ඉස්සරහට එනවා. නිදහස් චතුරශ්‍රේ ඉස්සරහ තියෙන වතුර මල ළඟ පුංචි එකෙක් දන ගහගෙන වතුර අත ගානවා, ඊට පොඩ්ඩක් එහාට වෙන්න ආච්චි කෙනෙක් වාඩි වෙලා පොතක් කියවනවා. 

නිදහස් චතුරශ්‍රේ වටේට වවලා තියෙන තණකොළ බිස්සේ තැන් තැන් වල ජෝඩු ජෝඩු උන්ගේ ලෝක වල තනි වෙලා ඉන්නවා. රෑ රතු පාට නා දළු වැක්කෙරෙන නා ගහ යට තුරුළු වෙච්චි ජෝඩුවේ ඉන්න ගැනු ළමයා හිනා වෙනවා මට ඇහෙනවා. ඒ ළමයා හිනා වෙද්දී ලස්සනට කම්මුලේ වලක් හැදෙනවා. කෙලවරේ ඉන්න ගල් සිංහයා කට බලියාගෙන බලාගෙන ඉන්නවා. 

මට 2008 අවුරුද්ද මතක් වෙනවා. අද වගේම ඒ දවස් වලත් මම 120 බස් එකේ මෙතනට එනවා. උසට හදලා තියන තාප්ප පහු කරගෙන මම කෙලවරේ තියෙන මුර මඩුවට එනවා. අරගෙන එන බෑග් මලු ඔක්කොම චෙක් කරලා ඉන ඉහ අත ගාලා සංස්ථා අයි.ඩි එක චෙක් කරලා ඇතුලට යන්න දෙනවා. එහෙම යද්දී අව්වට දිලිසෙන බැජ් එකක් ගහපු බෙරේ එකක් දා ගත්තු හමුදාවේ අයියා “ගුඩ් මෝර්නින්” කියනවා” මම හීනියට ගුඩ් මෝර්නින් කියාගෙනම බිම් එකට දුවනවා.

එදා “ගුඩ් මෝර්නින්” කියපු අයියා අද PT කිට් එකක් දාගෙන රේස් කෝස් බිල්ඩිමට එහා පැත්තේ අලුතින් හදන බිල්ඩිමේ බදාම අදිනවා මට පේනවා. 

මම “ගුඩ් මෝර්නින්” කියන්නේ නැතිව ඇතුළට යනවා.....


පින්තුරේ : www.telegraph.co.uk

Monday, May 12, 2014

නාඩියා @ WCY2014


ඔන්න ආයෙත් දෙබරේකට ගලක් ගහන්න කියලා යන්නේ CHOGM  ගිය නාඩියා ගැන ලිව්වට පස්සේ මේ ලියන්න ලක ලැස්ති වෙන්නේ මේ ටිකේ කතා බහ වෙන තවත් හොට් ටොපික් එකක් ගැන. ඒ ලෝක තරුණ සමුළුව ( World Youth Conference WCY2014 ).

සුපුරුදු පරිදි (ඔව් තොපි කියන හැටියට මම ඇමති පුතෙක් නේ! :D ) නාඩියා මේ සමුළුවට ගැච්චුවා. සහභාගී උනේ ස්වෙච්චා සේවකයෙක් නැත්නම් Volunteer කෙනෙක් විදිහට. මට භාර උණු අංශය තමයි Delegate Assistance. ඒ කියන්නේ සමුළුව සඳහා සහභාගී වෙන දෙස් විදෙස් නියෝජිතයන්ට assist කිරීම.

නාඩිය කොටන්න කලින් කියන්න ඕනේ ගිය වතාවේ CHOGM ගැන ලිව්වා වගේ සමුළුවේ කතා උනේ මොනවාද? Outcome එක මොකද්ද වගේ දේවල් ගොඩක් ගැන හරියටම අවබෝධයක් මට නෑ. මොකෝ මම මේ සැරේ කොට ඇද්ද අලියෙක් නිසා (ගිය සැරේ පෙරහැරේ ගිය අලි)

හැබැයි මේ සමුළුවේ ප්‍රධාන අරමුණ උනේ මොකද්ද ඒ වගේම මේකේ outcome document එක වෙච්චි Colombo Declaration එක එහෙම මෙන්න මේ ලින්ක් එකට ගිහිං බලා කියා ගන්න පුළුවන් ඕනි නම්.

මම කියන්නම් මම දැක්ක විදිහට සමුළුවේ තිබිච්ච පෙර සූදානම, සංවිධාන කටයුතු එහෙම මම දැක්ක විදිහට.
ඇත්තම කිව්වොත් රටවල් 165 කට අධික ප්‍රමාණයක් සහභාගී වෙන දෙස් විදෙස් නියෝජිතයන් 1500 (නමුත් එතරම් විදේශ නියෝජිත පිරිසක් සහභාගී වී තිබුනේ නම් නැත) සහභාගී වෙන ජාත්‍යන්තර සමුළුවක් සංවිධානය කිරීම අභියෝගයක්.

ලංකාව ඒ අභියෝගය භාර ගත්තාට ඒ වගකීම ඉටු කිරීමේදී අඩු පාඩු සිදු උනේ නැත්තේම නෑ.

කවුරු මොනවා කිව්වත් කිසිම තැනක සූදු හුණු ගාන්න යන එක වැරදියි. දැක්ක වැරදි කතා බහ කරලා හදා ගත්තොත් විතරයි ඉදිරියේදී හැදෙන්න පුළුවන්.

මුලින්ම අපි සහභාගී උනේ SLIDA ආයතනයේ පැවැත්වුණු Volunteer training වලට. ප්‍රශ්නේ තිබ්බේ ඒ කිසිම පුහුනුවිමක කාල කළමනාකරණයක් තිබ්බේ නෑ. දහයට එන්න කිව්වොත් පටන් ගනිද්දී 11 වත් උනා. ඒක වෙලාවට ආපු සෙනගට අසාධාරණයක්. ඊළඟට බොහෝ වෙලාවට උනේ හරි training schedule එකක් ඒ වෙනකොටත් හදා ගෙන නොතිබීම. ඒ නිසා බොහෝ වෙලාවට තමන්ගේ රැකියා වලින් එහෙම නිවාඩු අරගෙන ආපු අය අන්තිමේ බැන බැන තමයි ගියේ.

Conference එකේ සම්පුර්ණ volunteer crew එක 500ක් විතර ගන්න plan කරලා තිබ්බේ. VIP assistant, Delegate assistant, transport, food, volunteer den, crowd control. Conference support, opening and closing ceremony වගේ sub committees’ වලට ඒ අයව බෙදලා තිබ්බා. ඒ ඒ group එකට team leaders ලා දාල තිබ්බා. බොහෝ වෙලාවට team leaders ලා උනේ UN volunteers ලා.
 
අපිට duty එකට එන්න කියලා තිබ්බේ තුන් වෙනිදා.. හැබැයි එදා උදේම කට්ටිය ආවත් හරියට volunteers ලාට ඉන්න තැනක් වත් arrange කරගන්න organizers ලාට බැරි වෙලා තිබ්බා. ඉතිං කට්ටිය Youth corps එකට වෙලා රෑ වෙනකම් කාලේ මරපු එක තමයි කලේ.

ඉරිදා ඉදන් duty පටන් ගත්තා. මේකෙදි මම දැකපු අඩු පාඩු තමයි,

Logistics සඳහා (Delegate transport සඳහා භාවිතා කරපු බස් රථ හැර ඉතිරි කටයුතු) ප්‍රමාණවත් පරිදි වාහන නොතිබීම. මේ නිසා බොහෝ වෙලාවට Volunteers Duty සඳහා වාර්තා කිරීමට එහෙම ප්‍රමාද උනා.

නිසි අණ නිසි වෙලාවේදී නොලැබීම. මේ වගේ විශාල Event එකක් කරද්දී communication කියන දේ ගොඩක් වැදගත්. හැබැයි මම දැක්ක විදිහට තිබ්බේ නැත්තේම මේ දේ තමයි. ඉහලින් ගන්න තීරණයක් Volunteer crew එක වෙත එන්න ගොඩක් පරක්කු වෙනවා. හැමෝ අතටම ෆෝන් සිම් එකක් දීලා තිබ්බා කියලා මේ chain එක හරියට වෙන්නේ නෑනේ. 

නිසි තැනට නිසි පුත්ගලයන් නොයෙදීම!
මේක තමයි තිබ්බ ලොකුම ප්‍රශ්නේ. Conference එක ඇතුලේ main admin body එක හැටියට වැඩ කලේ secretariat එක. එන විදේශ නියෝජිතයන්ගේ අවසර පත්‍ර, වීසා ඇතුළු සෑම දෙයක් ගැනම සොයා බලන්න වෙලා තිබ්බේ ඒ අයට. සාමාන්‍යයෙන් ඒ අය සම්පුර්ණ පැය 24 පුරාම alert ඉන්න ඕනේ. හැබැයි සමහර වෙලාවල්වලදී අපි ප්‍රශ්නයක් අරගෙන එතනට ගිහාම ඒ අංශය භාර එක්කෙනා එතනට ඇවිදින් නෑ. නැත්නම් Duty desk එකේ නෑ. ඉන්න කෙනා වැඩේ කරගන්න දන්නේ නෑ! බොහෝ විදේශ නියෝජිතයන් secretariat එකෙන් ගියේ බැන බැන . මොකෝ සමහර අයගේ අවසර පත්‍ර conference එකේ අන්තිම දවස වෙනකම් වත් හැදිලා තිබ්බේ නෑ.

Event එකේ තිබ්බේ හරිම tight schedule එකක්. කෑම කන්න විශේෂ වෙලාවක් කියලා වෙන් කරලා තිබ්බේ නෑ. කෑම වෙලාව අතරතුරත් side events ලැස්ති කරලා තිබ්බ. හැබැයි එතැනදී delegates ලා ප්‍රශ්න ගොඩකට මුහුණ දුන්නා. සමහර vegetarian අයට කෑම තිබ්බේ නෑ! ඉතිං බනින්නේ නැතිව අත අරියිද! නැත්නම් කෑම ගන්න ලොකු තද බදේකට මුහුණ දෙන්න ඕනේ. නැත්නම් හැමදාම කන කෑම ඒ අයට එපා වෙලා.

Side event BMICH එක පුරාම විසිරිලා තිබ්බා. ලංකාවේ අපිට මේක හුරුපුරුදු තැනක් උනාට විදේශ නියෝජිතයන්ට මේක එහෙම තැනක් නෙවෙයි. හැබැයි බේතකට වගේ මුළු area එකේම තිබ්බේ එක map ඒකයි ගහලා. එක එක committee rooms වලට යන directions ගහලා තිබ්බානම් ගොඩක් ලේසි වෙන්න තිබ්බා.

අනිත් එක මෙලෝ වැඩකට නැති බොරු ගොන්පාට් ගොඩක් ඇතුලට දාගෙන තිබ්බා. මේක conference එකක් මිසක් සැණකෙළියක් නෙවෙයිනේ. හැබැයි බයික් සංදර්ශන, මියුසිකල් ෂෝ හැම එකක්ම වැදගත් සාකච්චා යන අතරෙත් මහා සද්දෙට පැවැත්වුනා. සමහර committee rooms වල volunteers ලාට උනා ඒ තැන් වලට ගිහිං මේ සද්ද පොඩ්ඩක් නතර කරන්න කියලා කියන්නත්.

මේකට සහභාගී වෙච්චි ශ්‍රී ලාංකීය නියෝජිත පිරිස ගැන ගොඩක් ප්‍රශ්න අහලා තියනවා මම දැක්කා. 170ක් විතර පිරිසක් ඒ සඳහා සහභාගී උනා. තේරීම් කටයුතු සිදු උනේ NSBM ආයතනය මගින්. ඒ වගේම යොවුන් පාර්ලිමේන්තුව මඟින් නියෝජිතයන් ඉදිරිපත් කරලා තිබ්බා. ඒ වගේම ජාතික තරුණ සේවා සභාව. 

මෙහෙමයි සමස්තයක් වශයෙන් ගත්තහම ඒ අය සතුවේ විශේෂ හැකියා දක්ෂතා ආදිය තිබ්බා. හැබැයි සමහර අයනම් මොකද්ද මේ conference එකෙන් වෙන්නේ. මොකද්ද මේකේ වැදගත්කම කියලවත් හරියට දැනෙගන හිටියේ නෑ. ඒ අයට මේක තවත් eating meeting එකක් විතරයි.
 
කියන්නත් ලැජ්ජයි සමහර නියෝජිතයන් ගේ ප්‍රධාන කාර්යය වෙලා තිබ්බේ conference එක වෙලාවෙදිත් මොකෙක් හරි එකෙක් අල්ලාගෙන ෆොටෝ එකක් ගහන එක තමයි! ගිය සැරේ commonwealth youth forum එකේ තිබිච්ච ආදිවාසි නියෝජනය එහෙමත් මේ සැරේ තිබ්බේ නෑ! මොකෝ දන්නේ නෑ???

මගේ අදහස නම් ලාංකීය තරුණයෝ කිව්වහම හැම අංශයක් ම නියෝජනය වෙන පිරිසක් තෝරා ගන්න ඕනේ

අනික අපි delegate handling වලදී මුහුණ දුන්නු එක ගැටලුවක් තමයි අපේ නියෝජිතයන් “සමහරක්” නිසි වෙලාවට වැඩ නොකිරීම. ඒ අයව බස් වලට එහෙම හරි වෙලාවට පටෝ ගන්න පුදුම කට්ටක් කන්න උනේ!
Volunteers’ ලාට සමහර දවස් වල ලැබුණු කෑම බිම ගැනනම් කියලා වැඩක් නෑ! බොහෝ වේලාවට ඒ කෑම ටික ගන්නත් දහසක්  කේස්. හරියට ඉන්න තැනක් නෑ. ඉන්න දීපු සමහර තැන් වල අවම පහසුකම් ටිකවත් නෑ. ඔන්න ඔහොමයි වැඩේ ගියේ. ඒ නිසා දවස් දෙක තුනක් යද්දී සමහර volunteers ලා ආපහු ගියා! එතකොට ඉතුරු වෙලා හිටිය අපේ duty scope එක වැඩි වෙන එක ගැන අහන්න දෙයක් නෑනේ!

අනිත් එක සමහර” team leaders ලා! හරියට හිනා වෙන්න දන්නේ නෑ. පිරිසක් පාලනය කරගන්න තේරෙන්නේ නෑ. Down to earth නෑ. මොනවා කරන්නද! බැදගත්තු බෙරේ ගහන්න වෙනවනේ කියලා හිත හදාගෙන හිටියා.

විදේශ නියෝජිතයෝ බොහොම අගය කරපු දෙයක් තමයි අපේ ශ්‍රී ලාංකිකයන් ගේ තියෙන සුහදතාවය සහ සිනහව. කොහොමත් අපේ අය හරිම සුහදශීලි ජාතියක්නේ.
අපේ කණ්ඩායම

ඔන්න ඔහොමයි තොරණේ විස්තරේ...

තව තව කතා ඉස්සරහා එකතු කරන්නම්.
මොනවා උනත් නාඩියා කවදාවත් නොලබපු අත්දැකීම් ගොඩක් ලබා ගත්තා..
හැබැයි රටක් හැටියට අපි මේ සඳහා වියදම් කරපූ මුදලින් නිසි ප්‍රයෝජනයක් ලැබුනද කියන එකනම් සැක සහිතයි.
    
ප.ලි : මෙහිදී මම ටීම් ලිඩර්ස් ලා කියා අදහස් කල අය ඔක්කොම UN Volunteers ලා නොවන වග අවධාරණය කල යුතුය. සමස්තයක් වශයෙන් ගත කල ඔවුන් ඉතා වැදගත් මෙහෙයක් ඉටු කරන ලදී . 

මේ ගැන ප්‍රමුදි ළමයා ලියපු ලියවිල්ල ඔන්න තියනවා...

තැන තැන අපේ හම අරින අයට : හොඳ දෙයට හොඳයි කීමත් වැරැද්ද දුටු තැන උස් පහත් භේද නොසලකා පෙන්වා දීමත් නාඩියාගේ සිරිත බව කරුණාවෙන් සලකන්න. 

Yes we are behind computer screens and writing blogs to about the bitch happened just as a social responsibility to reveal what exactly happened! I don't wanna to be another ITN!!
Related Posts Plugin for WordPress, Blogger...