නාඩි සෙට් එක

Tuesday, August 28, 2012

YOUTH FEST 2012!

සෑහෙන කාලෙකට පස්සේ ඔන්න නාඩියා නාඩියක් කොටනවා...පහුගිය දවස් වෙලා එක එක වැඩ කඳු පිටින් ගොඩ ගැහිලා තිබ්බේ...

දවස් තුනක් එක දිගට බුකිය පැත්තේ නැත්තේ මොකෝ යකෙක් වත් ගහලද නැත්නම් පුංචි සුරන්ගනාවී එක්ක පැනලා ගිහින්ද කියලත් කස්ටිය අහල එවලා තිබ්බා...

එහෙම සීන් එකක් නෑ බොලවූ! නාඩියා Youth Fest 2012 ගියානේ!
මේකට ගිහින් බලන්නකෝ......බුකියේ නම් ඕනේ තරම් ෆොටෝ ඇති!

“අඩෝ නාඩියා උඹ කොහෙද ඉන්නේ?”

දවසක් රෑ පොලොස් මාමා කෝල් එකක් දුන්නා....

“මචං මම මේ පාරේ බං...මේ හුචක්කුවේ මොකද්ද ලෙඩක් බං...ගැරේජ් එකක් හොයනවා...!”

“හරි හරි...ඕන ඉලව්වක්! Youth Fest තියනවා!අනිවා යමු!ඔන්න උඹට ලින්ක් එක එව්වා!”

ගෙදරට සැපත් උණු ගමන් කලේ බුකියට ගිහින් මොකද්ද මේ වැඩේ කියල හොයල බලන එක...අඩේ!!!එල කිරි සහ ජලය වගේ වැඩක් නේ!ඒ වෙලේම රෙජිස්ටර් උනා....කොහොම කොහොම හරි 24 උදේ වෙනකොට කලින් දන්නා කියන නාඩි සෙට් එක විදිහට පොලොස් මාමා....මාමගේ ගෑනි(පොලොස් ඇන්ටි)....(මන්ද)බුද්ධි..... තුන් කට්ටුව තමා එනවා කියල තිබ්බේ... 

24 උදේම නාඩියා සෆාරි ජීප් එකක තුල්හිරියේ MIMT (MAS Institute of Management & Technology) එකට ගැච්චුවා..හීනියට වැටෙන පොද වැස්සේ පත බෑග් මල්ලකුත් ඇදගෙන තාර දාපු ලස්සන පාරක් මැද්දෙන් MIMT එකට ආවා!මල් හතයි....ගස් දෙකයි!හරිම ලස්සනයි.....!


Registration Desk එකේදිම සුපුරුදු පරිදි පොලොස් මාමා ඇඳගෙන නෑම ආරම්භ කළා! එතන registration වලට හිටිය අක්කා කෙනෙක්ට බලෙන්ම වගේ නොම්බරේ දෙන්න ගිහින්!

අක්කා - Your name please?
පොලොස් - I’m ****** *****kara. Then my mobile number is…….
 අක්කා - No. I don’t want that malla….thnx……


 පට්ටම චාටර්!ඔන්න ෆොටෝත් එක්ක සාක්කි!

2215! ඒ අපේ room එකේ නොම්බරේ!කරුමෙකට වගේ පොලොස් මාමත් මම ඉන්න එකේමයි...ආයේ ඉතිං accommodation ගැන නම් කියල වැඩක් නෑ!සුපිරියටම තිබ්බා..ඔන්න ටිකකින් room එකේ ඉතුරු සහචරයෝ ටික එකතු උනා....

ටියුබා - හන්තානේ සරසවියේ පොළොවේ ඈතුල ගැන ඉගෙන ගන්න එකෙක්!ඒ කියන්නේ ගූ විද්යා කොරන එකෙක්!(ටියුබා කිව්වේ මූ දත් බේත් ක්‍රීම් වෙනුවට මුණේ ගාන ජාතියේ මනුස්සයෙක් හින්දා) 

ගරුඩා - APIIT එකේ Management කරන බුවෙක්!(බලද්දී මම ඌව කලින් දන්නවා!ඇතුගල්පුර අක් මුල් තියෙන එකෙක්!)

No.03 - රූම් එකේ පොඩිම එකා! AOD එකේ designer කෙනෙක් වෙන්න ඉගෙන ගන්න ඩයල් එකක්!(මූට නොම්බර තුන කියල නම දැම්මේ මේකා අපිට කියපු කතාවක් නිසා..ඒක මෙතන කොටන එකනම් එච්චර සභ්‍ය නෑ!හික්ස්)

Mr.Thila – 2215 හිටිය එකම මහත්තයා! පුත්තලම් බූරුවෝ දෙන්නේක්ගේද කොහෙද වයස!

පොලොස් මාමා - නාඩිගේ අතීසාර මිත්තරයා හෙවත් පරාල ඇනේ! 

බෑග් මලු ටික ගබඩා කරලා කාලා බිලා සප්පායම් වෙලා auditorium එකට ආවා!අප්පේ සූ ගාල කස්ටිය!!ලංකාවේ විතරක් නම් මදැයි!!රටවල් ගානකින්....ඉන්දියාව...පෝලන්තය...නවසීලන්තය..ඕමානය...ජපානය...වියට්නාමය..චීනය...ඔය වගේ රටවල් ගොඩකින් youth සෙට් එක ඇවිත් හිටියා....

ලංකාවෙත් හැම කැම්පස් එකෙකින් වගේම කස්ටිය ඇවිත්!

10...9....8...7....6...5...4...3..2...1....!!!! Youth Fest 2012 පටාන් ගත්තා! කියන්න වචන නෑ! It’s simply AWESOME!!!

පලවෙනි දවසේ Wild Drift එකෙන් Outdoor Teamwork game session එක! පට්ටයි ඈ!ඇස් බැදගෙන team එකේ අයව හොයන්න....ලාවා ගඟක් තරණය කරන්න..කඹ අදින්න..තරගෙට SMS යවන්න..සෙල්ලම් ගොඩයි! “One Team – One Goal “!

හවස session 4 ක් තිබ්බා..නාඩියා ගියේ project management එකට..කොහොමත් ආස subject එකනේ...
Dinner එක එහෙම අරං ඉවර වෙලා කස්ටිය වෙස් මුණු එහෙම දාගෙන Masquerade Party යන්න ලක ලැස්ති උනා...අන්න fun එක! Party එක ඉවර වෙද්දී පාන්දර 4 යි! අන්තිම වෙනකම් ඉතින් 2215 එකේ විරෝධාර කොල්ලෝ ටික පිස්සු කෙලියා!

Room එකට ඇවිල්ලත් නිදා ගන්නේ නෑ! පොලොසාට සින්දු කියන්න ඕනෙලු!අපි කන් දෙක වහගෙන ඉන්නකම් ඌ ජනේලෙන් එලිය බලාගෙන හරිම අලංකෘත විදිහට උඩු බිරුවා!

පහුවදා උදේ පාන්දර 7 ට විතර හරිම අමාරුවෙන් ඇඳෙන් නැගිටලා audi එකට සෙන්ටිමෙන්ටල් උනා...ඒ ඉතින් Mr.Thili ගේ පිහිටෙන් තමා..මොකෝ නාඩියා වගේම අනිත් සෙට් එකත් උදේ නැගිටින්න හරිම ආසයි!
දෙවෙනි දවසේ උදේම තිබ්බේ NDB එකේ Mr. යසස් හේවගේ කරපු “The Apple Story” sesson එක.ඒක අහපු මටත් කොත්තු බිස්නස් එකක් පටන් ගන්න හිතුනනේ!!! “Essence of a volunteer” කලේ Mr. Fadhil Bakeer Marker….

Fashionable You කියන session එක වෙලාවේදී නම් කවුරුත් නිදා ගත්තේ නෑලු!මොකෝ ගම්‍යා විජේදාස on da stage!!!!! නේ!


නාඩියා වැටුනේ Grey group එකට! “The BEST group EVER!!!!” “අපි කුකුළෝ” තමයි අපේ cheering cry එක! කොහොම හරි අපිට අන්තිම දවසේ presentation එකක් කරන්න උනා.... Topic එක “Homosexuality” කිසි අවුලක් උනේ නෑ! ප්‍රදීප් අයියා ලියපුසමලිංගිකත්වය ලිපිය තිබ්බනේ! 

එදා රෑ තිබිච්ච Global night is SUPERB!!!!!! පිස්සු බම්ප් වෙනවා ඈ!!!රටවල් ගානක කොල්ලෝ කෙල්ලෝ තමන්ගේ රටේ දේවල් ගැන හරිම අපුරුවට විස්තර කළා....පොලොස් මාමා සින්දුවක් කිව්වා!පොලොස් ඇන්ටිට  ඒක අහලා අජීර්ණයක් හැදුනලු!ටියුබාත් ඇත ඇරියේ නෑ!රූ ට ඇහෙන්න කියලා සින්දුවක් කවි කළා!එලම වැඩේ තමයි එක එක රටවල් විදිහට ඇඳගෙන එන එක! නාඩියා නම් ඇන්දේ ලගකදී ලංකාවට සැපත් වෙච්ච පට්ට රජෙක් වගේ! හැඩයි නේ... )

 (මේ ෆොටෝ එකේ ගරුඩා සහ Mr. Thili ඇදන් ඉන්නේ ඇඳේ තිබිච්ච bed sheet නොවන බව කරුණාවෙන් සලකන්න) ;)


 
එදා රෑ පාටි එකත් වෙනසක් නෑ! පාන්දර 4 වෙනකම්!!! ඒ අහවූ අස්සේ මම presentation එකට රුපයක් හොයන්න කියල online ගිය වෙලේ මෙන්න බොලේ අපේ බ්ලොගියක්‌ ඇහැරිලා “නිදා ගන්නේ නැද්ද??” කියල අහනවා!! (එතකොට වෙලාව 0421h ඈ!එතකොට ඒ දරිවිගේ පිස්සුවෙ තරම හිතා ගන්න පුළුවන්නේ!)  ;)

පහුවදා උදේම තිබ්බේ young parliamentarians ලා එන වෙලාව! අනේ නාඩියාගේ අවාසනාවට බලං හිටිය බේබි ආවේ නෑ!ආවානම් කතා කොරන කියලා ටියුබා ගේ toothpaste එකෙන් දත් ටිකත් මැදගෙන හිටියේ ඈ!
 
ආයේ එලටම අපේ OC ලා වැඩේ කරලා තිබ්බා! <3 u OC!!!!!!!!

අන්තිමට ....
“මචං උඹ යන්න බෑග් ඒක පැක් කලාද?”
කියල අහපුවහමත්....

“Yaaa Machan…AWESOME!!! “
කියල තමයි කස්ටිය උත්තර දුන්නේ....

පුදුමේ කියන්නේ top50 delegates ලාටත් නාඩියා select වෙලා තිබ්බා ඈ!! 



රටවල් ගානකින්....එකම රටේ එක එක පැති වලින් ආවත් අපි ඔක්කොම රතු පාට ලේ ඇගේ දුවන කොල්ලෝ කෙල්ලෝ....ඒක තමයි සහෝදරත්වය...මුළු ලෝකෙම මෙහෙම එකතු වෙනවානම් කොච්චර හොඳද.....

අන්තිම දවසේ පුංචි බොරළු කැට වගේ වැටෙන වතුර බිංදු මැද්දෙන් තෙත් වෙච්ච ඇස් පිහ පිහ හයියෙන් හිනා වේවි අලුතින් හම්බෙච්ච අතීසාර මිත්තරයෝ  ටිකත් එක්ක පාරට එද්දී නාඩියා ට එහෙම හිතුනා....නාඩියාගේ අතේ පාට දෙකක් තියෙන පුංචි රිබන් කෑල්ලක් ගුලි වෙලා තිබ්බා....ඒ "ඔයාව" මතක් වෙන්න......


Youth Fest 2012!!!!!!! It’s simply AWESOME ඈ!!!!



Youth Fest 2013?????? අනිවා ඩෙෆා නාඩියා එනවා!


-ඉංගිරිසි අකුරු වැඩිද මන්දා...... ?-
       

  


ලයික්  එකකුත් දාල යමු ඈ!

Thursday, August 9, 2012

පුංචි සුරංගනාවී





කවියක් කියන්නේ මොකද්ද කියල හරියටම මම දන්නේ නෑ!මොකෝ මම කවියෙක් නෙවෙයි..හැබැයි මට හිතෙන විදිහට මේක කවියක්..!මොකෝ ලස්සන දෙයක් ගැන ලස්සනට කියන්න පුළුවන් කවියකින් විතරයි...


දළදා පෙරහැර බලන්න නාඩියා නුවර ගියා....යන්නනම් උනේ තියාම..මොකෝ මනියා උදේ පාන්දරම ගිහින් තිබ්බා පාරවල් චෙක් කොරන්නද මොකද්ද එකක් තියනවා කියල...හතර පැත්තම චෙක් කරන්න තියනවා කියලා තමයි කිව්වේ.පොලොස් මාමත් පේරාදෙණියේ මල් වත්ත මුර කරන්න තියනවා කියල ගිහින්....

කොළඹ කොටුවෙන් 10.35 ට නාඩියා කෝච්චියට නැග්ගා..කෝච්චියේ හරියට සෙනග...පෙරහැර බලන්න යන අය වගේ...නාඩියත් හරි අමාරුවෙන් සිට් එකක් හියන් ගිහිං වාඩි උනා..ඉස්සරහ සිට් එක හිස වෙලා තිබ්බේ...

කෝච්චිය අද්දන්න තව ටිකක් වෙලා යන හින්දා බෑග් එක සිට් එක උඩින්  තියල නාඩියා පොඩ්ඩක් එලියට බැස්සා...

ටිකකින් ඇතුලට එද්දී ඉස්සරහ සිට් එක හිස් නෑ!


ඇස් දෙකෙන් කතා කරන කවුදෝ ලස්සන සුරංගනාවියක් ඒ සිට් එක අයිති කරගෙන...

ඒ හිටියේ රූප සුන්දරියක් නෙවෙයි..කොන්ඩේ කිරී කිරී හදා ගත්තු...තොල් රතු කරපු...පැන්සල් ඉරි ඇහි පිහාටු තියෙන..කිටි කිටියේ හිරවෙන “දැන් පැලෙයි” ජීන්ස් එකක් ඇද ගත්තු සක්කරවට්ටමක් නෙවෙයි...

හරිම අහිංසක හිනාවකින් හිනි දෙතොල් සරසා ගත්ත....දිගටි ඇස් වලින් හරි ලස්සනට කතා කරන....කරල් දෙකකට ගොතපු දිග කොන්ඩේ ගස්සල කම්මුලේ වලක් හැදෙන්න හිනාවෙන......ඒ පුංචි සුරංගනාවී නාඩියා එක්ක හිනා උනා...

හරියට කරන්ට් එකක් වැදුනා වගේ ඈ!

කෝච්චිය දුම් දම දමා නිලට කිරී වැදිච්ච වෙල් යායවල් මැද්දෙන් ඩොක ඩොක ගගා යනවා...ඇරිච්ච ජනෙල් පියන් අස්සෙන් එන දඟකාර හුළං රැල්ල ජනේලෙන් එලිය බලාගෙන තනියම හිනා වෙන එයාගේ කෙස් ගස් හරිම අකීකරු විදිහට අවුල් කරනවා...

දිගටි ඇඟිලි අතරේ හිර වෙච්ච එයාගේ මොබයිලයට නම් නිවාඩුවක් නෑ වගේ...හර්දේ වස්තුව  අසූ පස් පාරක් ගැහෙන වාරයක් පාසා ඒක නද දෙනවා..

අර අහිංසකි හරිම ලස්සනට කඩිසර ඇඟිලි තුඩු යතුරු උඩ තිය තිය හීනියට හිනා වේගන පිළිතුරු පණිවිඩයක් කොටනවා..ආයෙත් ජනේලෙන් එලිය බලාගෙන හුළං රැල්ලත් එක්ක දඟ කරනවා...

එයා සරසවි උයනෙන් බැහැලා ගියා..මම තනියම නුවර ඉස්ටේසමට ආවා... 

නාඩියාගේ මොබයිලාවත් බහිද්දිම කෑ ගැහුවා! ආ...මැසේජ් එකක්! මොබිටෙල් එකෙන්!!     


ලයික් එකකුත් දාල යමු ඈ...

Friday, August 3, 2012

යකින්නි......!!ඇත්ත කතාවක්!!


අද කොටන්නේ තවත් යක්කු කතාවක්!හැබැයි මේකා බුකියේ යකා වගේ නෙවෙයි!හැබෑ යකෙක්!වැරදුනා..යකින්නියෙක්!!!

“මචං..අද රෑ යකෙක් අල්ලන යන්න තියනවා!!අනිවා වරෙන්!”

ගිය සතියේ දවසක නාඩියා කැම්පස් එකට යන්න කියල (කැම්පස් නම් තාම ඇරලා නෑ ඈ!අපිට තව නිවාඩු!)කෝච්චියේ ගච්චද්දී තමයි ගරිසන්ගෙන්  ඒ කෝල් එක ආවේ! අනිවා මොකක් හරි ජල්තර කේස් එකක්!

මෙන්න මෙහෙමයි සීන් එක!අනුරාධපුරේට ටිකක් ලඟින් තිබිච්ච ගමක ආච්චි කෙනෙක් මිට මාස 3 කට විතර කලින් අන්තරා වෙනවා!කොහොම කොහොම හරි ටික දොහක් යද්දී අර ආච්චිගේ පුංචි මුණුපුරා ආච්චි වගේ කතා කරන්න ගන්නවා!එක එක විකාර කරනවා!ආච්චිගේ අවතාරේ ළමයට වැහිලාලු!ඒ යකා එලවන්න කියල අද රෑ ඒ ගෙදර ලොකු තොත්තරක්ලු!නිල කැමරා ශිල්පියා විදිහට ගරිසන් ට එන්න කියල!යක්කු ෆොටෝ ගන්න!මිනිහා ඉතිං ආරක්ෂාවටත් හොඳයිනේ කියල තමයි බය කියන එක අදුනන්නෙවත් නැති නාඩියා හා මනියා කියන වීර ධීර පුරුසයෝ දෙන්නට ගමනට කතා කලේ! 

කොහොම කොහොම හරි කෙම්මුර දවසට කලින් දා හවස 4 ට විතර යකා අල්ලන්න යන ගමන පිටත් උනා!මාර්ගෝපදේශක ගරියා!ඒ උනත් ඌ තියෙන තැනවත් හරියට දන්නේ නෑ කියල දන ගත්තේ මඟක් ගියාට පස්සේ!පාරේ යනකම් ඌ ආච්චිලගෙන් අහනවා.... 

“අක්කේ... ***කුලමට තව ගොඩක් දුරද...?”..... 

“නෑ මල්ලියේ...තව හෝල්ට් දෙකයි!”

ඒ හෝල්ට් දෙක ඉවර උනේ බිත්තර පටවන් යන බස් එකක පැයක් විතර වල් වන අලි පාරට එන පැත්තක බැස්සට පස්සේ!ඒ බස් එකේ ඔන්න මනියා ටිකට් අරං තමයි ගියේ ඈ!හික්ස්...

යකා එළවීමට ගෙනගිය බඩු ලිස්ට් එක
  • ඩිජිටල් ගනයේ කැමරා යන්ත්‍ර 2 ක්!(යකා ආවොත්  “චිස්‌ “කියන්න කියා ෆොටෝ එකක් ගසා ගැනීමට)
  • කලුපාට ෂර්ට් 2 ක්!(යකත් එක්ක හැංගි මුත්තන් කිරීමට උනොත්...)
  • මනියාස් මෝ බයිලාව (හතර පැත්තෙන් විසේස උපදෙස් ලබා ගැනීමට)
  • ඩොන්ගල් එකක් හා ලැප්ටොප් එකක්!(යකා සිටින ස්ථානය GPS මඟින් සොයා ගැනීමට)
  • ඉතිරි අඩුවැඩිය ....
(යකා අල්ලා සීල් තැබීමට බෝතලයක්ද අවශ්‍ය බව මනියා දිගටම පැවසුවත් ඌට බදුල්ලේ මෙන් ***කුලමේද තරු පාත් වී ඩිෆ් ගැසීමේ දොළ දුක පහල වේයැයි  බියෙන් නාඩියා එය වැළකුවේය!)

කොහොම කොහොම හරි නාඩියා..මනියා එක්ක ගරිසන් තුන් කට්ටුව හවස 6 විතර වෙද්දී battle field එකට එන්ටර් උනා...පිස්සු බම්ප් වෙනවා ඕයි!කෙසෙල් කඳන් කපලා..මිනි ඔළු ගෙනත්!මල් පැලවල් හදලා....කුකුලෙක් ගෙනත්..(බ්‍රොයිලර් එකෙක්!) කෝකටත් කියල ආපු ගමන් හිස් බඩනේ කියල කුස්සිය පැත්තේ තිබිච්ච අග්ගලා දෙක තුනකට වැඩේ දීලා ප්ලේන්ටියක් ගැහුවා!

හැබැයි තව යකා අල්ලන පාටක් නෑ!

“මාමේ එතකොට මේ යකා අල්ලන්නේ කීයටද...කොහොමද මාමේ?”



මනියා "සුදු බබා" වගේ ගිහින් එතන සුදු ඇදගෙන ආපු කට්ටඩි මහත්තයෙකුට කිට්ටු කරලා ඇහුවා...

“මේවා එහෙම ලේසි පහසුවෙන් කොරන්න පුළුවන් ඒවා නෙවෙයි ළමයෝ..දැන් මේ පිදේනි තට්ටුව එහෙම හදලා..අපි මේ ආතුරයාට වැහිලා ඉන්න අමනුස්ස පරානේ බෝතලයකට අල්ලාගෙන මුහුදට ගිහින් දාන්න තමයි ඉන්නේ!කොහොමත් එලි වෙන ජාමේ වෙයි වැඩේ ඉවර වෙද්දී...”

කාපියකෝ දැන් බුල්ටොත් එක්ක පාන්!යකෙක් අල්ලන්න මුළු රෑම නිදි මරපන්කෝ!

 රෑ 8 විතර වෙනකම් වත්තේ පොල් කොටයක් උඩ ඉඳගෙන ගමේ මිනිස්සු මේ “යකා” ගැන කියන කතා ඇහුවා!

“මේ යකින්න එසේ මෙසේ බලයක් තියෙන කෙනෙක් නෙවෙයි..සුදු ඇඳගෙන එන්නේ..කොන්ඩේ කඩා දාල..ඇස් වලින් ලේ පනිනවා!සුදුමැලියි....බෙල්ලේ දම්වැලක් ඔතලා තියනවා...කකුලේ රෙදි පටියක්.....”

“කවුද දැන් මෙයාව දැකලා තියෙන්නේ..?”

නාඩියාට ප්‍රශ්නයක්!

“අපේ අයියගේ ලොකු දුව දිලිනි ඇස් දෙකට දැකල තියනවා..එයාට ඉන්න තැන පේනවා...”

අහල පහල කරක් ගහල පොඩි ටෝක් එකක් දාන්න දිලිනි කියන ළමයව හෙව්වත් හම්බුනේ නෑ...ඒ වෙනුවට මිටින් උනා ගෙවල් ළඟ තවත් තරුණ ගැටිස්සියක්! “ජපන් බට්ටි”!(ඒ කාඩ් එක ගැහුවේ නම් මම නෙවෙයි ඈ!මොනවා උනත් සිරියාවන්ත අක්ක පොඩිත්ත...)

“දිලිනි දැකල තියනවා ආච්චි(මැරිච්ච) අර පල්ලෙහා ගල් ගොඩේ ඉඳගෙන කල්පනා කරනවා...තවත් දවසක් බල්ලට බත් දාපුවහම ඒ පිගානෙන්ම පැත්තකින් කනවා!”
 ජපන් බට්ටි කියපි!!!!

“ඔයත් දැකලා තියනවද......?”

“නෑ මම නම් දැකල නෑ!මම බයයිනේ...!චායාව වගේ දැකල තියනවා...”

හික්ස්......යකාගේ චායාව.......

කොහොම කොහොම හරි කෑම වෙලාව කිට්ටු උනා....ආයේ අඩුවක් පාඩුවක් නෑ කොල්ලෝ තුන් දෙනා යක්කු හතර පස් දෙනෙක්ගේ කෑම වලට වග කිව්වා!

දැන් යකදුරා පණ එපා කියල මතුරනවා! 

“ඔන්.....වර වර.......දෙබෑ කරගෙන වර..පලාගෙන වර........වර වර.....පාමුලට වර...අඩ අඩ වර......”

පොඩි එකාව ඉස්සරහ පැදුරක් දාල එකේ වාඩි කරලා තියනවා..ඔන්න ඇප නූල කියන එකත් කැඩුවා....පොතේ හැටියට දැන් අර මල යකින්න පොඩි එකාගේ ඇඟට ආවේශ වෙලා පිස්සු නටද්දී යකදුරා ඒ අමනුස්සයගේ කොන්ඩෙන් අල්ලලා බෝතලේට දානවලු!

ඩයල් එක දැන් ගජරාමෙට මතුරනවා....මමයි ගරිසනුයි කැමරා අටෝගෙන බලං ඉන්නවා...මනියා තක් බීර් වෙලා ඔටවන් ඉන්නවා....

මෙලෝ හැල හොල්මනක් නෑ..පොඩි එකා අපුරුවට බලං ඉන්නවා! අන්තිමේ යකදුරාට එපා වෙලා,.....

“කෝ මහත්තයෝ යකා ?” කියල අහපි!
අපිට *කෙනුත් එක්ක හිනා!

ඒත් මිනිහා ගේම අත අරින්න ලැස්ති නෑ...ටික වෙලාවක් ගිහින් අර යකා පේන දිලිනි කෙල්ල පොයින්ට් එකක් දුන්නා යකින්නි ඉන්නේ බාගෙට හදපු බාත්රුම් එකක් ඇතුලේ කියල!දැන් සෙට් එකම අර පිදේනි තට්ටු උස්සන් ඒක ඇතුලට එන්ටර් උනා...


ඉස්සරලා වගේම යකදුරා මතුරනවා....ටික වෙලාවකින් පොඩි එකා වෙව්ලලා මොකද්දෝ දෙයක් උනා...යකා වැහිලා!!!!!!!!

යකදුරයි යකා වැහිච්ච පොඩි එකයි දැන් කතා කරනවා...

“දැන් උඹ ඇවිල්ලද ඉන්නේ?”

“ඔව්”

“උඹ දැන් යන්න ඕනේ..යනවද...?”

“යනවා....”

“මොනවාද ඕනේ...”

“මොකුත් ඕනේ නෑ...”

මොනවා උනත් සාධාරණ යකෙක්!!! මේක උනේ කොහොමද කියල නාඩියාට නම් හරියට තේරෙන්නේ නෑ....වීඩියෝ එකත් තියනවා..කැමතිනම් බලන්නකෝ....



වැඩේ අහවර උනා.....යක්කු වගයක් අල්ලලා බෝතල් වල දාල සොහොන් වලවල් ඇතුලටත් ගිහින් දැම්මලු!නාඩියායි මනියායි එතකොට ගොරෝ ගොරෝ දොයි!අසරණ ගරිසන් තමයි වැඩේට මාට්ටු වෙලා තිබ්බේ! හැබැයි කොහොම හරි අන්තිමට කියවුනේ මහ යකින්න අහුවුනේ නෑලු..මොකද්ද සීන් එකක්ලු!අපිට මොකෝ...ඒ වෙද්දී සතියකට විතර ඇතිවෙන්න අග්ගලා..වැලිතලප....පාන්.....අපි බහිරවයෝ ගිලලයි තිබ්බේ!

උදේ 6 විතර වෙද්දී ගේම් ක්ලෝස් උනා...බය අඳුනන්නේ නැති නාඩියා..මනියා...ගරිසන්...වීරයෝ තුන් දෙනා කාරයක එල්ලී යාන්තම් 6.30 වෙද්දී ඉස්ටේසමට සැපත් උනා!


ප.ලි  - අදෘශ්‍යමාන බලවේග නැත්තේ නැත!නමුත් මෙහිදී නම් මෙලෝ මල යකෙක් නොසිටි බව නාඩියාගේ අදහසය! මොකක් හෝ මානසික මෙව්වා එකක් මේ සන්තෑසිය සිද්ධ කරන්නට ඇත...පවු පොඩි එකාය...ගෙදර මිනිස්සුන්ටත් ලක්ෂයක් විතර වියදම් වෙන්න ඇත...අනේ මන්දාය....
  


ලයික්  එකකුත් දාලම යමු ඈ...
Related Posts Plugin for WordPress, Blogger...