ඩුකු ඩුකුස් ඩුකු
ඩුකුස්...
යාල්දේවි නාගොල්ලාගම පහු
කරගෙන යනවා. ඉඳගන්න තියා හිටගෙන ඉන්නවත් ඉඩක් නෑ. රාම්රාජ් හරිම අමාරුවෙන් දොර ගාව
එලා ගත්තු පත්තර කොළේ උඩ හරි බරි ගැහුනා. රාම්රාජ් විතරක් නෙවෙයි භානු, රාම්රාජ් ට
එහා පැත්තෙන් වාඩි වෙලා හරිම ආසාවෙන් එළිය බලාගෙන හිටිය රාම් ගේ ආදරණිය අඹු
සිඟිත්තත් කෝච්චියක මුලින්ම යන්නේ අද!
වයස යාන්තම් 27ක් වෙච්චි
මේ රාම්රාජ්ලා ට තේරෙන වයස වෙද්දී යාපනේ කෝච්චි ඉස්ටේෂමට කෝච්චි ආවේ නෑ. කොහොමෙන්
කොහොම හරි එදා ඉදන් වැල්ලවත්තේ මාමණ්ඩි බලන්න රාම්රාජ් ආව ගියේ බස් එකේ. යුද්දේ
කාලේ තිබිච්ච මාමි ගේ මලගෙට ඕමන්තේ පහු කරගෙන හරිම අමාරුවෙන් ආපු හැටි මතක් වෙද්දී
රාම්රාජ්ට අද දාහෙන් සම්පතයි කියලා හිතුනා.
මාස ගානකට කලින් යාපනේට
යනකම් කෝච්චි පාර දික් කරනවා කියලා හා හෝව කනින් කොනින් ගිහිල්ලා ගරා වැටිලා
තිබිච්චි යාපනේ ස්ටේෂම හැදිලා කෙරිලා ටෙස්ට් රන් කියලා කෝච්චි ආපුවාම භානු විතරක් නෙවෙයි
රාමුත් පුංචි උන් වගේ ගිහිං යකඩ අස්පයා අත ගෑවා හරිම ආසාවෙන්.
උත්සවේ තිබ්බා. මල් මාලා
දාගෙන යාල් දේවි ආවා. හැමදාම ටීවී එකේ දැකලා පුරුදු රතු පාට සාටකේ දාපු පෙරිය දොරේ
ඇවිත් අත වනලා යනවා සෙනඟ අස්සෙන් රාම් දැක්කා.
සති දෙකකට පස්සේ ආපහු
වැල්ලවත්තේ කෝච්චියෙම ගිහිං එන්න ඕනේ කියලා හිතිලා කොට්ට කිලංගු ටිකක් හොයා කරාගෙන
කොළඹ පොඩි නංගි සෙලවී හැමදාම එනකොට අහන නෙල්ලි කෝඩියල් බෝතල් දෙකකුත් අරගෙන
රාම්රාජ් භානුත් එක්ක කොළඹ ආවා.
කලින් සැරේ ආවාට වඩා
පාරවල් එහෙම හොඳටෝම වෙනස් වෙලා. කොටුවෙන් බැහැලා පුරුද්දෙන් බස් එක හොයා ගත්තට
බහින තැන ටක්කෙටම හොයා ගන්න හරිම අමාරු උනා රාම් ට.
වෙනස නරකක් නෑ හොඳයි...
කලින් වතාවක් කිව්වා
වගේම ජනවාර්ගික ප්‍රශ්නේ අර ප්‍රශ්නේ මේ ප්‍රශ්නේ හැම එකටම විසඳුම් තියෙන්නේ යටිතල
පහසුකම් දියුණු කරන එකේවත් කෝච්චියක් යාපනේ ට ලොකු මිඩියා ෂෝ එකක් දාගෙන යවන
එකේවත් නෙවෙයි.
වෙනස් වෙන්න ඕනේ
මිනිස්සු.
බණ්ඩාරනායක මහත්තයා රාජ්‍ය
භාෂා පනත ගෙනාව දවසේ ඉදන්, සමහර වෙලාවට ඊට කලින් ඉදන්ම ලංකාවේ දේසපාලුවෝ කළේ
තමන්ගේ උවමනා එපාකම් පිරිමහගන්න අසරණ මිනිස්සු ටික කඩේ යවපු එක. රතු කොළ නිල් හැම
පැත්තක්ම කළේ ඒක. ඉතිං යාල් දේවි නෙවෙයි එදා බෝම්බ තියපු කෝච්චිය හදපු කැනේඩියන් කාරයා ලංකාවට ගෙනල්ලා පටෝලා යාපනේ යැව්වත් මේක ඔය ප්‍රශ්න වලට එක පැලැස්තරයක් විතරයි.
හැබැයි අගය කරන්න ඕනේ දීර්ඝ කාලීනව හොඳ ප්‍රතිපල දෙන පැලැස්තරයක්.
යාල්දේවිගේ යාල්පානම් ගමන
අස්සේ තවත් අමුතු නිව්ස් එකක් මං ඇහුවා. උතුරුකරේ සංචාරයේ යෙදෙන හැම විදේශ
සංචාරකයෙක්ම අනිවාර්යෙන් ලියාපදිංචි වීමක් වෙන්න ඕනෙලු. මොකද්ද එතකොට ඒ හරුපේ?
කෝච්චි නෙවෙයි ප්ලේන් දාල හරි බලාපොරොත්තු වෙන්නේ සංචාරක කර්මාන්තේ දියුණුවක් නම්
මේ වගේ එක පළාතකට විතරක් සීමා වෙච්චි නීති රීති වලින් වෙන්නේ තවත් ඒ කරුමාන්ත වල
පල්ලට යන එක නෙවෙයිද? හරියට නිකම් වෙනම රටකට යනවා වගේ.
සාමන්‍යයෙන් යාපනය
පැත්තේ ජිවත් වෙන අපේ දමිළ බොහෝ පිරිසක් ඉංජිනේරු ක්ෂේත්‍රයේ බොහෝ විස්කම් දස්කම්
දක්වපු අය. ඇමරිකාව වගේ විදෙස් රටවල් වලත් software engineers ලා විදිහට වගේ බොහෝ
පරිගණක ආශ්‍රිත වෘත්තීන් වල ඒ අය නිරත වෙලා ඉන්නවා. ඔන්න දැන් දැන් යාපනේ අලුතින් IT පුනුරුදයක් ඇති කරන්න ඒ knowledge
pool එක ලෑස්තියි. ආරංචි
විදිහට දැන් දැන් ගොඩක් වැඩසටහන් ඒ සඳහා ක්‍රියාත්මක වෙනවා. ඉදිරියේදී ඒ ගැන
තොරතුරු ටිකක් කියන්නම්කො. අපි හොයලා බලන්න ඕනේ ඒ දැනුම කොහොමද ජාතික සංවර්ධනයට
එකතු කරගන්නේ කියලා.
බලන්න ඕනේ 13, 14, 15
අනම් මනම් සංශෝදන වලට කලින් මිනිස්සුන්ගේ මොළේ සංශෝධනේ කරන්න පුළුවන් කොහොමද
කියලා.
හැමදාම සිංහල එකා අපිට
ගැහුවා ඒකා නරක එකා! මරක්කලයා මෙහෙ එකා නෙවෙයි! උන් ඔක්කොම අතු ගාල දාන්න ඕනේ...
දෙමළ උන් තමයි මේ වින්නැහිය කළේ කියලා හිත හිතා හිටියොත් කාට කාටත් හැදි ගෑවිලා ම
යන්න වෙයි.
එතකොට ඉතිං රආම්රාජ්
භානු එක්ක යාල්දෙවියෙන් කොළඹ ඇවිත් හයිවේ එකේ මාතර ගිහිං සුපර් ඉන්ටසිටියක
හම්බන්තොට වරාය බලාගෙන කතරගම ගිහිං පඬුරු පාක්කුඩම් පුජා කළා කියලා සතේක වැඩක්
වෙන්නේ නෑ!
යාල්දේවි ගෑවිච්චි අනිත්
නාඩි -