නාඩි සෙට් එක

Sunday, December 23, 2012

සියාතු මාමා කොළඹ ගියාය

සියාතු මාමාගේ ලොකු පුතා ආමිකාරයෙකි!ඉස්සර රණවිරුවෙකි!පොඩි එකා දැන්නම් අවුරුද්දකටත් වැඩි දවසක ඉඳන් ගෙට වෙලාය! ඌ මහා විභාගේ ඉහලින්ම පාස් උනත් තාම උන්ගේ අර Z අකුරේ අවුල්ද මොකද්දෝ එක හින්දා එලියට පහලියට බහින්නේ නැත!ඉස්සරහට ඌ ආඩම්බරකාර කැම්පස් ශිෂ්‍යයෙක් වෙන්ඩ බලාගෙන ඉන්නවාලු!(ඒ කියන්නේ වෙන්ඩ ජෙප්පෙකි!) මේ දොහේ  ඌ පල්ලෙහා ගාමන්ට් එකේ සුපවයිසර්කමක් කරනවාය....

පොඩි කෙලි නම් 10 විභාගේ ලිව්වේ මේ සැරේ! ගණනුයි විද්‍යාවයි අමාරුයි කියලා ඒකි නහයෙන් අඩා ගත්තු ගමන්මයි! ඒත් සියාතු මාමාගේ කොළඹ පොඩි මලයාගේ කෙලීටනම් පේපර් එක කලින් හම්බ වෙලාලු! සියාතු මාමා ඒ හරුපේ ඩින්ගිත්තක්වත් විශ්වාස නොකළේ ඒ ටියුසන්කාරයාට නිරපරාදේ සෝලි තියන්න එපැයි කියලා මායියාට දෙසා බාන ගමන්මයි!

පුදුමාතලන් මහ හටන ඉවර උනාට පස්සේ ලොකු එකා කොළඹ කෑම්ප් එකට මාරු උනේ උගේ අතේ වැදුණු උණ්ඩයක් හින්දා කියලයි සියාතු මාමාට කිව්වේ..හැබැයි ඒකෙන් උනේ බැංකුවට එන පඩියෙන් ගානක් කැපුණු එක විතරයි!

කොහොමෙන් කොහොම හරි ගිය සතියේ ලොකු පුතා සියාතු මාමාට පෝන් එකෙන් කතා කරලා මෙහෙම කියලා තිබුනා...

තාත්තේ....මේ සිකුරාදා කොළඹ කාර් රේස් එකක් තියනවා....අපිත් ඒකට වැඩ! එනවනම් ඇවිත් යන්ඩ එන්න.පොඩි මාමලාගේ ගෙදර නවතින්න පුළුවන්නේ...

අනේ පුතේ ලොකු ගානක් යයිනේ බං ඕවාට! මද්දුවත් නහයෙන් අඩනවා මේ ටිකේ සල්ලි ඉල්ලලා ඌට නායකත්ව පුහුණුවද මොකද්ද එකකට යන්ඩත් සල්ලි ඕනෙලු!

ඒ ගැන මං බලාගන්නම්කො තාත්තේ....කෝච්චියේ එන්ඩ! වැඩි ගානකුත් නෑනේ!

හුම්......බලනම්කො.....

ඉස්සර ගමේ තිරික්කල් රේස් එකේ මුදුනා වෙච්ච සියාතු මාමාට කාර් රේස් කියන එක අලුත් දෙයක්! පිම්මේ පිඹගෙන යන වාහන කන්දරාවක් දැක්කේ ගිය පෙබරවාරියේ ඔයාමඩුවේ තිබිච්ච “සංගීතෙට” ආපු වෙලේ තමයි! හැබැයි ලොකු එකා කියපු විදිහට මේක ඊටත් වඩා ලොකු එකක්ලු! 

ගිය කන්නේ මහ නියගෙට අහු වෙලා අස්වැන්න පාලු උනායින් පස්සේ දීපු සහනාධාර වලින් ටිකක් ඉතුරු වෙලා තිබිච්ච හින්දා සියාතු මාමගේ හිතට පුංචි පහේ රස්තියාදුවක් ගහන්න හිතුනා...

කන්ඩ බොන්ඩ විදිහක් නෑ කියලා ගෙදර උන්දෑ අඩෝ ඇඩියා දැම්මත් ඒවා තඹ සතේකට ගණන් නොගත්තු සියාතු මාමා පුරේ ඉස්ටේසමෙන් යාල් දේවියට නැග්ගා.

ගල්ගමුවෙන් කෝච්චියට ගොඩ වෙච්චි කළු හීන්දෑරි කෙලී ගෙනාපු දිවුල් වලින් මල්ලක්ම සියාතු මාමා ගත්තේ දිවුල් වලට තිබිච්ච පෙරේත කමටම නෙවෙයි! ඒ අසරණ කෙලි පොඩිත්තගේ මූනේ හිනාවක් දකින්න තිබ්බ ආසාවට.

කොටුවෙන් බැහැලා එළියට බැහැලා බලපුවහම යම යුද්ධයයි! වෙලේ කඩාඩුව කැඩුනාම වැලි කොට්ට ගොඩ ගහන්නැහෙ පාර දෙපැත්තේ වැලි මලු පුරෝලා! ලොකු ට පෝන් කරන්ඩ ඕනේ කියල එහේ මෙහෙ බලද්දී මෙන්න ලොකු කොලුවත් එතැන! අප්පේ ඒකත් වැලි නාලා! සියාතු මාමාට හොඳටම හිනා! මොකෝ මේකා යුද්ධ කොලාට මොකෝ  කැත්ත උදැල්ල අරගෙන වැඩිය වැඩ කරපු එකෙක්යෑ!

"හා..තාත්තේ...ඉන්ඩ මං එන්නම්....."

හවස් වෙනකම් ලොකු එකාගේ යාලුවෙක් කියල අදුන්නලා දීපු ළමයෙක්  එක්ක අලුතෙන් අස්ප වේගෙන් ගහන කොන්කිරිට් බිල්ඩිම් අස්සේ ඇවිදලා හවස සියාතු මාමත් ආවා කියපු කාර් රේස් බලන්ඩ... ලොකු එකා ඒ වෙද්දී 50 හේ ටිකට් එකක් දීලයි තිබ්බේ....

රෑ උනාට මොකෝ ගිනි මද්දහනේ වගේ එලිය! සැර ලාම්පු පත්තු කරලා! පාර යාන්තම් පේන නොපේන මායිමේ මුල්ලක් හොයා ගන්ඩ සියාතු මාමගේ පුතාට ඇහැක් වෙලා තිබ්බා!

ඉස් මිස් නැතිව සෙනඟ...අනේ මන්දා..සියාතු මාමනම් මහ දෙයක් දැක්කේ නෑ..එක එක පාට ගාපු සැර සද්දයක් තියෙන වාහන ටිකක් ගිනිපුග්ගාය වගේ එහෙට මෙහෙට දුවනවා තමයි සියාතු මාමා දැක්කේ..

තාත්තේ....අරකෙ යන්නේ “පොඩිම පුතා”.....

අනේ වාසනාවන්! ඌ හරි දස්සයි නොවැ! අර හඳට යන්න පෙරුම් පුරන උත්තමයා නේ! සියාතු මාමට සතුට වැඩි කමට ඇහෙන් කඳුළුත් ආවා! මොනවා උනත් කුරහන් සුවඳ විඳපු අපේ එකෙක් නොවැ!

පාන්දර ජාමේ වෙද්දී ඔක්කොම සෙල්ලම් ඉවරයි!

තව හොඳ හොඳ සෙල්ලම් පන්දාහේ කෑල්ලේ තිබ්බා කියලා ලොකු එකා ඇහැක් වහලා කිව්වට සියාතු මාමා ඒවා ගණන් නොගත්තේ අර යකඩ අස්පයෝ පැදලා ඇඟේ අමාරුව යවා ගන්ඩ එහෙව් එකක් කොලාට මක්කෙයි කියලා ලොකු එකාට ඔරෝන ගමන්!

පහුවදා මලයාගේ ගෙදරට ගොඩ වෙලා රෑ තැපැල් රේල්ලුවට සියාතු මාමා එද්දී කොටුවේ එකම සා සූවයි! පෙට්‍රල් වැඩි වෙලාලු!

ඉතිං අපිට මක්කෙයි...අපි පෙට්‍රල් ගහන්නේ *කටයැ!!! සියාතු මාමට *කෙනුත් හිනා!!!!!    



ලයික් එකකුත් දාමුද?

Wednesday, December 19, 2012

දොළහේ මොකෝ උනේ?




කස්ටියම ලෝකේ චක බ්ලාස් වෙයිද කියලා බකං නිලාගෙන බලං ඉන්න වෙලාවේ මට හිතුනා 2012 හේ මොකෝ මට උනේ කියලා පොඩ්ඩක් හොයලා කරලා බලන්න.මොකෝ 2012 කියන්නේ නාඩි ජීවිතේම වෙනස් වෙච්ච අවුරුද්දක්!

2010 මහා විභාගේ කොලාට පස්සේ නායකත්ව පුහුණු කියන ඒවා එහෙම හමාර කරලා 2011 අවුරුද්දේ හා හා පුරා කියලා විස්ස විද්‍යාලේ ආවනේ...

ඊට පස්සේ ඉතිං නාඩියාගේ ෆන්බර ජොලිබර ජිවිතේ පටන් ගන්නවා. 2012 අවුරුද්ද පටන් ගන්නේ ඉගෙනුම් මානසිකත්වයක් එක්ක!(කස්ටිය නම් කියන්නේ එහෙමයි! හැබැයි ඉතිං මගේ තුන් හිතකවත් එහෙම දෙයක් තිබුනේ නම් නෑ!)

රටේ ලෝකේ මොනවා උනත් මං හිතන විදිහට නාඩියා නාඩිරත්න හෙවත් මංතුමා ගේ ජිවිතේ හැරවුම් මෙව්වා දෙක තුනක්ම මේ අවුරුද්දේ උනා! එකක් තමයි ඉතිං මේ නාඩි පිරිච්ච බ්ලොග් එක!

ඔන්න ඔහොම කැම්පස් එකෙට වෙලා ඉද්දි ඉතිං කොම්පිතරේ අන්තර්ජාලේ එක්ක නිතර නිතර ගනු දෙනු කොරන්න වෙනවා.සිංහලෙන් ලියවිච්ච බ්ලොග් කියෝ කියෝ හිටියට මමත් ඉතිං නිකමට වගේ මෙහෙම එකක් පටන් ගන්න ඕනේ කියලා නාඩියාගේ නාඩි සපිරි කුඩා මොළයට හිතෙනවා! 

මේකට ඉතිං යටින් යටින් හේතු වෙච්ච හේතු කාරණා නැතිවාම නෙවෙයි! ;) (ඒවා නම් දැන්ම කියන්න බෑ බෑ වගේ...) ප්‍රදීප්අයියා ලියන ප්‍රදීප් ගේ පිටුව දකින්නේ මෙන්න මේ කාලෙදිම තමා! අඩේ අපේ ඉස්කෝලේ අපිට වඩා ගොඩා.....ක් වයස ඩයල් එකකුත් බ්ලොගයක් අටෝගෙන ඉන්නවා කියලා දැන ගත්තහම නිකමට වගේ බ්ලොගයක් ලියන්නේ කරන්නේ කොහොමද කියලා අහගන්නවා!ඊට පස්සේ ඉතිං මැයි මාසේ 9 වෙනිදා කියන දවසේ නමෝ විත්තියෙන් නාඩියාට නාඩි කොටන්න හිතුන හැටි කියලා පොස්ට් එකක් දාලා සාඩම්බර බ්ලොග් ලියන්නෙක් වෙනවා!(සාඩම්බර උනාට ආඩම්බර නෑ ඈ!)

ඊට පස්සේ මොකද උනේ දන්නවද ඔයා.......? දන්නේ නෑනේ කියන්නකෝ ඉතිං...  ඊට පස්සේ නාඩි තෙමේ දිගටම බ්ලොග් කොටන්න පටන් ගත්තා! ඔහොම කොටලා කොටාලා මේ වෙද්දී නාඩි 33 ක් කොටලා තියනවලු ඈ! පස්සෙන් එන යන අය....නාඩි බලන්න ආපු ගාන එහෙම වටෙන් පිටෙන් හොයා ගන්නකො ඕනෙනම් ඉතිං!

ඔය කිව්වේ එක සිද්ධියක් නේ! අනිත් ටර්නින් මෙව්වා එක තමයි YouthFest 2012! අප්පේ ඒ අත්දැකීම් නම් කියලා ඉවර කොරන්න බෑ! විස්තර ඕනේ නම් අතන කොටලා බලන්නකෝ!අතන කිව්වේ ලින්කුව ඈ! Youth Fest එකේදී හම්බ වෙච්ච යාලු මාළුවෝ ටිකනම් කවදාවත් අතමක කරන්න බැරි වෙයි සුවර්!

වැදගත්ම turning මෙව්වා උම්මා එක තමයි Needy Readers! අපේ රටේ අපේම නංගිලා මල්ලිලාගේ කියවීම් පිපාසාව නිවන්න ඒ පුංචි මල් කැකුළු විකසිත කරන්න ඩින්ගිත්තක් හරි උදව් වෙන්න හිතාගෙන අපි කරන ඒ සමාජ සත්කාරේ ඇත්තටම මගේ ජීවිතෙත් ලොකු වෙනසක් කලා! නාඩි වැටෙනවා නේද කියලා හිතුනේ...අපි වගේම නාඩි වැටෙන මිනිස්සු අපි වටේම හුස්ම ගන්නවා කියලා මටත් දැනෙන්න පටන් ගත්තා!

මාත් එක්ක ඉන්න ඒ Needy Readers පවුල හැමදාම නාඩියා එක්ක කියලා මං තුමා අනිවා දන්නවා!
 

දැන් පුරස්නේ තියෙන්නේ මගේ උප්පැන්නේ තියෙන නමට වඩා මේ නාඩියා නාඩිරත්න නාමය පාරේ තොටේ...බස් නැවතුම් පොලේ....කඩේ..ත්‍රි විලරේ හැම තැනකම ප්‍රසිද්ධ වෙලා බොලව්! ගෑනු ළමයින්ගේ කරදරේ අනේ... ;)

(නාඩි බැලුවොත් සල්ලි තමයි!(බොරුවට ඈ))

ඔන්න ඔහොමලු දොළහේ උනේ! කියෙන කෙරෙන හැටියට 2013 පටාන් ගන්න යන්නේ හරිම සුන්දර ගෙට්ටුවකින්! අපේ බ්ලොග් පවුලේ අය ජනවාරි 27 ගම්පහ හෙනරත්ගොඩ උද්‍යානයට එකතු වෙනවා ඔන්න!

නාඩියා එන පළවෙනි ගේට්ටුව ඈ!!!!! අනිවා එන්න හොදේ.....බ්ලොග් එකෙන් විතරක් දැකලා කතා කරපු අය...සෙනේ වඩපු අය...ළඟ පාතකවත් එකතු වෙද්දී කොච්චර සන්තෝස ද නේද?


එහෙනම් 2012 ඉවර වෙන්නත් ළඟයි! හැපී 2013 ක් වේවා ඈ!!!!



ලයික් එකක් දාලම යමු එහෙනම් ඈ!
Related Posts Plugin for WordPress, Blogger...