නාඩි සෙට් එක

Friday, February 28, 2014

ආයිබෝ වේවා යම රජාණෙනි


 ආදරණිය යම රජතුමාණන් වෙත ලියමි,

හුඟ දවසක ඉඳන් ලියුම් කරදහියක් ලියන්නට හිටියත් මලදාන,හත් දවස දාන, සත්‍යග්‍රහ අනම් මනම් ඒවා මේවා හින්දා ඉස්පාසුවක් තිබ්බේම නැත. තරහ අවසර (නො) යම ද කින් තුමෝ මම මේ ලිපිය ලියන්නේ ඔබතුමාගේ කුඩා මොළේට නූලෙන් ඩිස් මිස් විය හැකි ඉම්පෝටන්ට් ටොපික්ස් ටිකක් මතක් කොරන්නටය!

මේ දොහේ අපේ ලන්තේ ජනතා මතයට දෙකට තුනට නැමී හිස නමන චන්ද කාලේය! යම ලෝකේ පව් ලියන උන්නැහේලා අපේ පලා බබාලා කියන බොරු ඔක්කොම ලියන්න ගියොත් තුන් ලෝකෙම මහා කොළ හිඟයක් ඇති වෙනවා නියතය. ඒ හින්දා ඒ මෝඩ වැඩේ නොකර සිටීම ඇඟට ගුණය. මොකෝ ඒ බොරු කියන්නේ ළඟ එන හිංගල අලුත් අවුරුදු උත්සවේ හොඳම බොරුව තරඟෙට ඉන්න මිසක්කා වෙන අටමන්ගල්ලෙකට නෙවෙයි ය.

සුරාමේරය නම් කැඩෙන්නේ නැතිම තරමය. බොරුවට ඔය පැත්තේ ලෝදිය හැලි පිටින් රත් කොරන්නට ඕනේ නැත. අපේ අති සුපින්වත් අම්බුළුවා උත්තමයා වැරදි කරන උන්ට පොවන්නටම නරකාදී පවුඩර් කන්ටේනර් පිටින්ම ගෙන්වන්නේය.

ඊයේ පෙරේදා යම ලෝකේ යමරෙට පාටි එහෙම තිබිච්ච බව අපිට ආරංචිය. මොකෝ අපේ ලන්තෙන් පරාණ තුන හතරක් සාරි, කඹ, සල්වාරි පිහිටෙන් ඔය පැත්තේ ගැච්චු නිසාය. 

ඉතිං යම කින් තුමනි, කොහොමෙයි ආපු නඟාලගේ මලයලගේ වගතුග එහෙම? මතක් කරලා ඒ අසරණ සැට් එකට පැය 24ම බුකි යාමට පහසුකම් සලසා දෙනවානම් හොඳය. මොකෝ ඒ උදවිය මෙහෙන් චුත වූයේත් බුකි කේස් නිසාය! අනිත් එක ඔය පත්තරකාරයෝ කියන එක එක ඒවා අහලා ඒ අසරණ දරිවියොන්ට මහා දඬුවම් එහෙම දෙන්න එපාය. මොකෝ ඒ සම හරක් අය මෙහෙන් චුත උනේ පිවිතුරු ප්‍රේමය නිසාය. මොනා උනත් නව තාක්සනේ එක්ක ආපු උන්නේ! වාසනාවන්!

තව ඩිංගිරිත්තෙන් අහන්නත් අතමක වෙනවා මේ ටිකේ ලන්තේ මහා ඔටුනු සැණකෙළිය පැත්තේ එහෙම ගැච්චුවේ නැද්ද අයිබෝවන්ඩ? මොකෝ හතර වටෙන්ම බස් දාලත් අද්දපු එකේ යම ලෝකෙට බස් එකක් දාන්න අපේ ආඩම්බරකාර තාත්තට අතමක වෙන්න බැරිය.

අනිත් සැරේ ලන්තේ පැත්තේ එනවනම් හොඳවයින් යම පල්ලියෝ දෙතුන් දෙනෙක් ඇන්න ආවනම් මෙහෙන් ගෞරව නාම තානාන්තරයකුත් අරං යන්නට පුළුවන්ය. ඇන්න එන උන්ට රෙදි පෙරෙදි හොරකම් කරලා එහෙම පළපුරුද්දක් තියනවානම් පංකාදු පහය!
සීවරන් දෙයියන්ගේම පිහිටයි! ආරක්ෂාවයි !!!

මීට,
බ්ලොගී ජන ප්‍රසාදනී, බෘන්ග කලා ලෝකේෂ්වර, බුකි කීර්ති, තාක්ෂණ හිතවාදී, සමාජ ජාල සුබ සාධන, දිරිය වීර්ය පුත්‍ර නාඩියා නාඩිරත්න මැතිතුමා

Friday, February 14, 2014

ටීචර්....

බස්සි අක්කා එක දවසක් ගුරුවරු ගැන සොඳුරු මතකයන් කෙටුවට පස්සේ මංතුමාටත් හිතුනා ඒ වගේ ලස්සන දවස් ටික ගැන මතකේ ආයේ එකතු පහදු කරගෙන නාඩියක් කොටන්න ඕනේ කියලා.

දැනට ඉස්කෝලෙන් එලියට පැනලා අවුරුදු 4ක් විතර වෙච්චි ඉස්කෝලේ කාලේ වෙච්චි කෙරිච්චි දේවල් මතක් වෙද්දී තාමත් ඉස්කෝලේ යන්න හිතෙනවා. ඒ කාලේ කරපු ගොබ්බ වැඩ, මෝඩ වැඩ එහෙම දැන් මතක් වෙද්දී බඩ අල්ලාගෙන හිනා වෙන්න පුළුවන්.

නාඩියා හෝඩියේ ඉඳන් උසස් පෙළ ඉවර කරනකම්ම ගියේ ගෙදර ඉඳන් හූවයි බල්ටියයි දුරින් තියන ගමේ ඉස්කෝලේට. ඇස් වහක් කටවහක් නෑ අපේ ඉස්කෝලේ ඒ දොහේ වැඩියෙන්ම හිටියේ ගුරුවරු කියලා කටක් ඇරලා කියන්න පුළුවන් “මිනිස්සු”.

ඒ කාලේ ඉස්කෝලේ තිබිච්ච එක කේස් එකක් තමයි හැම ගුරුවරයාම වගේ මාව දැන ගැනීම! මොකෝ අපේ මව්තුමි ඉගැන්නුවෙත් ඒ ඉස්කෝලේ නිසා. හැබැයි මව්තුමි හිටියා කියලා කරපු නසරානි වැඩ වලට දඬුවම් දෙන එක නැවැත්තුවේ නෑ! වැඩියෙනුත් එක්ක දුන්නා.

ඉස්කෝලේ කාලේ මුලින්ම මතක් වෙන්නේ අපේ හෝඩිය පන්තියට උගන්නපු රෝහිනී මිස්. මිස්ට ටිකක් වයසයි. හැබැයි අපිට හෙනම ආදරෙයි. ඉස්කෝලේන් එලියට ඇවිත් පාරක තොටක දැක්කත් “අනේ මේ පුතා නේද” කියලා ඇහේ කඳුළු පුරෝගෙන කතා කරන්නේ.

ඕනෙම ඉස්කෝලෙක ගුරුවරුන්ටත් රෙජිස්ටර් වෙච්චි කාඩ් ටිකක් තියනවා. සමහර වෙලාවට ඒ ගුරුවරුන්ව දන්නේ ඒ කාඩ් එකෙන් විතරයි.

අපේ හිටියා ගණිතය කරන සර් කෙනෙක්. කාඩ් එක “ඩයියා” කොහොමද හැදුනේ ඒ කතා එහෙමනම් අහන්න එපා! ඒ දවස් වල නම මතක් වෙද්දීත් අපිට බයයි. මොකෝ හිස් පීරියඩ් වල අපි දාන මියුසිකල් ෂෝ වලට එහෙම පැනලා කණ රත් කරලා යන්න ඩයියා සර් පසුබට උනේ නෑ. අපි කලේ අපේ එකෙක්ටත් “ඩයියා” කියලා දැම්මා කාඩ් එක. ඩයියා සර් දුරින් එනවා පෙනුනහම කරන්නේ “ඒයි මෙහෙ වරෙන් ඩයියා” කියලා කෑ ගහලා දුවනවා. අහු උනොත් “නෑ සර් මේ අපි මෙයාට කිව්වේ කියලා ඌව පෙන්නනවා. සර් ඉතින් දත් මිටි කකා එලියට යනවා! :D

අතමක කරන්න බැරි තවත් චරිතයක් තමයි අපේ බුද්ධාගම ටීචර්. කවදාවත් උදේ “ගුඩ් මෝනින්” කියලා කියන්නේ නෑ. “තෙරුවන් සරණයි” කියලා තමයි කියන්නේ. මිස්ගේ පොඩි අවුලකට තියෙන්නේ තමන්ගේ දුවලා ගැන වරුණාව වැඩියි! :D පන්තියට ආපු ගමන් අපි කරන්නේ “කොහොමද මිස් ඉතින් ලොකු අක්කා එහෙම දැන්?” කියලා මිස්ව කතාවට අල්ලා ගන්න එක. ආයේ වෙන මොකුත් නෑ පීරියඩ් එකෙන් තුන් කාලක්ම දෝණි වරුණාව තමා! කතාවක් තිබ්බා බුද්ධාගම ප්‍රශ්න පත්තරේ උත්තර වලට මිස් ලකුණු දෙන්නේ දිග බලලා කියලා. ඉතිං අපේ උන් කලේ “අප මහා බෝසතාණන් වහන්සේ” කියලා උත්තරේ පටන් අරගෙන මැදට මොනවා හරි බයිලා ටිකක් ලියලා අන්තිමට “සේක...” කියලා ලියපු එකලු!

සිංහල ඉගැන්නුව මිස් ට පේන්න බැරි එක සවුන්ඩ් එකක් තිබ්බා. “ඤාව්” කිව්වොත් ඉවරයි. මිස්ගේ නමත් එක්ක පොඩි සම්බන්ධයක් මේ සවුන්ඩ් එකේ තිබ්බා. ඉතිං අපේ උන් කරන්නේ ලස්සනට ගුත්තිලේ කවියක් එහෙම වර්ණනා කරගෙන එද්දී පේන්නේ නැති වෙන්න “ඤාව්” සවුන්ඩ් එක දාන එක. “කවුද දැන් ඒ කා ගහපු එකා. තොපි මාව විහිළුවකට ගන්න ආවද!” ඔන්න ඊට පස්සේ ප්‍රතිචාරේ! දවස් දෙක තුනක් වැඩේ කෙළවර උනේ අපි සෙට් එක ප්‍රින්සිපල් ගේ ඔෆිස් එක ඉස්සරහා දන ගහගෙන ඉඳලා!

ඉංගිරිසි කරන සර් මරුම මනුස්සයා. AL කරන කාලේ කොහොමත් ඔය ජෙනරල් ඉංගිරිසි එක්ක වැඩි ඇයි හොඳයියක් නෑනේ. මනුස්සයා පන්තියට ආපු ගමන් අහන්නේ “ මේ.. ඔයාලට ඔය project වැඩ වලට එහෙම යන්න තියනවා නේ... ඕනෙනම් ගිහිං කරගෙන එන්න..” :D අපිටත් හොඳ පල්ලම! :D

AL කරන කාලේ අපේ පන්ති භාර උනේ physics මිස්ට. මිස් අපිට ගුරුවරයෙක් වගේම හොඳ යාලුවෙක් උනා. ක්ලාස් කට් කරපු ඒවා, කෙල්ලෝ පස්සේ ගිය ඒවා වගේ නසරානි වැඩ ඔක්කොම මිස් දැනගෙන හිටියා. හැබැයි අපිට ගැලපෙන විදිහට හොඳ නරක කියලා දුන්නා. “කොල්ලෝ ඕක කලොත් නම් නතර වෙන්නේ මෙතන තමයි” කියලා සුද්ද සිංහලෙන්ම තේරුම් බේරුම් කරලා දුන්නා.

ලොකු අක්කා, නයිස් බුරි, ගොරකා බුරි, ලොසියා, ගජන්, දයාවතී මේ අපේ එදා ආදර ගුරුවරුන්ගේ කාඩ් ටිකක්. අලුතින් ඉස්කෝලෙට ආපු ටිකක් තරුණ පහේ මිස් කෙනෙක්ට ස්..ස්.. කියලා පුක පැලෙනකම් ගුටි කාපු හැටි... පන්තියට මිස් කෙනෙක් එද්දී පුටුවේ චුයින්ගම් තලියක් අලෝලා මාරු උන ඒවා මතක් වෙද්දී ආයේ ඉස්කෝලේ යන්න හිතෙනවා බං.....
  

Saturday, February 1, 2014

රත්තරං ඇයි ඔය අත් වල මජං



පහුගිය දොහේ නාඩියා ආසියාතික රටක තානාපති කාර්යාලයක් සමඟ පොඩි ව්‍යාපෘතියකට සම්බන්ධ වී සිටියේය. ජනියා ගේ කොන්ටැට් එකකට එතනට යන්නට මඟ පෑදුණේය. තිබිච්ච project එකනම් හීනෙකින්වත් මම කොරන්නට හිතලා නැති filed එකකි. Automobile industry නැත්නම් ශ්‍රී ලංකාවේ මෝටර් රථ කාර්මික අංශයේ සේවක ගුණාත්මක භාවය වැඩි කරන මෙව්වා එකක්ය.

කොහොමෙන් කොහොම හරි ව්‍යපෘති ආනුභාවයෙන් සතියක් විතර නුවර, කෑගල්ල, ගම්පල පැති වල රවුම් ගහන්නට පොට පෑදුණේය. කරන්නට තිබ්බේ කාර්මික විද්‍යාල (technical college) හා බැඳුනු සිසුන්, දෙමව්පියන්, ගුරුවරුන්, සාමාන්‍ය මහා ජනයා, මෝටර් රථ කාර්මික අංශයේ වැඩපල (workshop) වගේ ඒවායින් අදහස් විමසීම් හා ඒවා වාර්තාවකට පිළියෙළ කිරීම තමයි අපිට පැවරිලා තිබ්බේ. ඒ රජයෙන් ඉතා විශාල ආධාර මුදලක් (ණයක් විදිහට නෙවෙයි වාසනාවකට) ලබා දෙන්න නියමිතයි අපි ඒ පිළියෙළ කරපු වාර්තාවේ හැටියට.

මංතුමා කොහොමත් ඔය යකඩ ගොඩවල් වලට කැමති එකා වෙච්චි ඔය වාහන එන්ජින් ගැන එහෙම ටිකක් යමක් කමක් හොයලා දැනගෙන තිබ්බා. අනික තැනට හරියන විදිහට ඇණේ ගහන්න දන්නෙම නැති එකානේ!

අපි මුලින්ම බැලුවා දැනට මේ මෝටර් රථ කාර්මික course එක හදාරන ශිෂ්‍යයන් මේකට කැමතිද ඒ අය බලාපොරොත්තු වෙන දැනුම් මට්ටම මේකෙන් ලැබෙනවද කියලා. සමස්තයක් වශයෙන් ගත්තහම තත්ත්වය සතුටුදායකයි.. ඒ ගොඩක් අය main stream එක, නැත්නම් සාම්ප්‍රදායික OL, AL විභාග වලින් අසමත් යැයි ඉවත් කරපු අය  හැබැයි ගොඩක් අය විශ්වාස කළා එයාල ගන්න මේ දැනුමෙන් රැකියා වෙළඳ පොලේ හොඳ තැනක් ගන්න පුළුවන් කියලා...

හැබැයි ඒ අය ඉල්ලුවා කාර්මික විද්‍යාල වල තියෙන පහසුකම් වැඩිදියුණු කරලා අලුත් තාක්ෂණය හදුන්වා දෙන්න කියලා. මොකෝ තාම ගොඩක් කාර්මික විද්‍යාල වල EFI, Mechatronics වගේ subject උගනන්නේ නෑ. හැබැයි අද job market එකේ වැඩිම ඉල්ලුම තියෙන්නේ ඒවාට.

ඊළඟට ගුරුවරු සහ පරිපාලනය. ගුරුවරු ගැන කියද්දී නම් අපිට හම්බ වෙච්චි සමහර අය ගුරුදෙවිවරු වගේ තමන්ගේ ළමයින්ට සලකනවා. ඒ අය පුහුණුවෙන් පස්සේ රැකියාවක් හොයා ගද්දීත් උදව් කරනවා අපි දැක්කා. හැබැයි ඒ අතරේ සම හරක් පරිපාලනයත් ඇතුළුව practical කරන්න pass වෙලා තියෙන ඩීසල් ටිකත් උස්සනවා කියලා ආරංචියි! ලංකාවේ අපේ අයිස්චර්යේ!

පොඩියට කරගෙන යන ගැරේජ් එකේ ඉඳලා ලොකු ලොකු workshop වලටත් අපි සමීක්ෂණය සඳහා ගියා. ඒ ගිහාම දකින්න තිබුණු දේ තමයි මේ අංශයෙන් ඉදිරියට ගිය අයට ලංකාව තුලදී ම හොඳ රැකියාවකට අවස්තාව තියනවා කියන එක. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ නිසි ආකාරයෙන් පුහුණු වෙච්චි ශ්‍රමිකයන්ගේ හිඟකම.

EFI (Electronic Fuel Injection) Tuner කෙනෙක්ට තමන් ඉල්ලන තරමේ වැටුපක් ගෙවන්න සමහර ආයතන කැමැත්තෙන් හිටියා. එච්චර අඩුයි දැනුම තියෙන අය!

ඊළඟට අපි බැලුවේ ඇයි රටේ විරැකියාව වැඩියි කියලා කෑ ගගහා අපේ අය මේ පැත්තේ රැකියා වලට යොමු වෙන්නේ නැත්තේ කියලා. ප්‍රශ්නේ තමයි සමාජ මති මතාන්තර. තාම අපේ අය හිතාගෙන ඉන්නේ motor mechanic කියන්නේ මජං නාගෙන ඉන්න ගැරේජ් බාස් තමයි කියලා. කට්ටියම හොයන්නේ white collar job නේ!
අනිත් එක trainees ලා විදිහට ඉන්න ළමයි tea time එකට එළියටවත් යන්නේ නැහැල්ලු over roll කිට් එක ඇඳගෙන. ලැජ්ජයි කියලා! බලාපල්ලකෝ ඒකෙත් හැටි.

Workshop දෙක තුනකින්ම කියපු කතාවක් තමයි “ත්‍රි වීලර් තමයි මහත්තයෝ මේ කර්මාන්තෙට දැන් තියෙන හෙනේ!” කියලා! හොයලා බැලුවා මොකද්ද ඒ කතාව කියලා.

හිතන්න කොල්ලෙක් විභාග අරවා මේවා එච්චර හොඳට කරගන්න බැරිව එලියට බහිනවා කියලා. කරන්නේ සල්ලි ටිකක් හොයාගෙන ත්‍රී විලරයක් ගන්න එක. වැරැද්දක් නෑ. හැබැයි හිතන්නේ නෑ මේ දෑතේ කර්මාන්තයක් පුරුදු වෙලා දීර්ඝකාලීන ලාභයක් ගන්න පිළිගත් රැකියාවක් කරන්න පුළුවන් කියන එක.
ඉතින් workshop එකක පොඩි වැඩකටවත් කොල්ලෙක් හොයා ගන්නේ හරිම අමාරුවෙන්.

නිකමට අහලා බලන්න අපේ AL කරලා ඇනගත්ත කොල්ලෙක් ගෙන් මොන වගේ කෝස් එකක්ද කරන්න ඉන්නේ කියලා. ගත් කටටම කියයි “ IT, HRM, Management” වගේ මොකක් හරි. වැරැද්දක් නෑ. හැබැයි ඊට වඩා ලොකු ඉල්ලුමක් professionals ලාට තියනවා. ඒ කියන්නේ මේ වගේ industrial field එකේ අයට. පිටරට නම් කතා කරලා වැඩක් නෑ! වැඩිම පඩි ගන්නේ ඒ අය.ලංකාවෙත් දැන් NVQ(National Vocational Qualifications) Level 7 කියන්නේ උපාධි මට්ටම.

දන්නවද මේ field එකේ ශ්‍රී ලංකාවේ කාන්තා සහභාගිත්වය කොහොමද කියලා? ආසන්න වශයෙන් 0%!!! අපිත් එක්ක සමික්ශනේ ට සහභාගී වෙච්චි විදේශීය මහාචාර්යවරයා කියන විදිහට ඒ රටේ නමගිය ගොඩක් වාහන factory වල හරි හරියට කාන්තා ශ්‍රමිකයන් වැඩ කරනවා. ලංකාවේ ඒ අංශය දියුණු වෙලා නැත්තේ මොකද දන්නේ නෑ. (මම දැක්කා පහුගිය සතියේ ඉරිදා ලංකාදීපේ තියනවා CGR එකේ ආමේචර් ඔතන දිරිය කාන්තාවන් ගැන)

මෙහෙමයි අපි රටේ විරැකියාව වැඩියි කියලා කෑ ගගහා ඉඳලා හරියන්නේ නෑ. මොකද්ද පිළියම, කොයි පැත්තටද වැඩියෙන්ම ඉල්ලුම තියෙන්නේ කියලා හොයලා බලන්න ඕනේ! රජය ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති වෙනස් කරන්න දැන් කාලේ හරි! හැබැයි ඒවා සුදු කොළ වලට සිමා වෙන්නේ නැතිව හරියට implement වෙනවානම් තමයි හොඳ!     


Related Posts Plugin for WordPress, Blogger...