නාඩි සෙට් එක

Monday, January 18, 2016

මගේ සිහින පාසල



කලකට පස්සෙයි බ්ලොගේට බැස්සේ... 

ජිවිතේ කියන්නේ හරිම පුදුම දෙයක්. එක එක කාලේට සමහර දේවල් වලට ප්‍රමුඛතාවේ දීලා අනිත් දේවල් පොඩ්ඩකට පැත්තකට කරලා තියන්න වෙනවා. පහුගිය මාස හතර පහම අධ්‍යාපනේ... රැකියාව වගේ දේවල් වලට පොඩ්ඩක් "එක" දීලා තිබ්බේ. බ්ලොගේ අමතක උනාම නෙවෙයි. ඇවිත් අනිත් ඒවා ටිකවත් කියවලා ගියා. 

දැන් කොලොම්තොටේ ඉන්න එකේ ආයේ මේ නාඩි වල මකුළු දැල් එහෙම කඩලා ගන්න කියලා බැලුවේ.

අලුත් අවුරුද්ද හොඳ දේකින් පටන් ගන්න හිතුවා. IMCD– International Movement for Community Development, සමාජ සංවර්ධනය සඳහා වූ ජාත්‍යන්තර එකමුතුව ගැන දන්නවනේ. දන්නේ නැත්නම් ඔතන කොටලා බලන්නයි ඇත්තේ.  කොහොමත් ඔය වගේ වැඩ වලට කැමති එකා වෙච්චි, මංතුමා අද කියන්න යන්නේ මේ මාසේ අන්තිමට වෙන්න යන අපූරු සමාජ සත්කාරයක් ගැන. 

IMCD කට්ටිය කරන “My Dream School - මගේ සිහින පාසල” ව්‍යාපෘතිය මේ සැරේ ව්‍යාපෘතිය කරන්න යන්නේ මොනරාගල ඔක්කම්පිටිය, සිරි සුමනජෝති විද්‍යාලයේ. 

අහිංසක ළමයි 268 ක් ඉගෙන ගන්න මේ පාසලේ අඩුපාඩු බොහොමයි. IMCD ස්වෙච්චා සංවිධානය බලාපොරොත්තු වෙන්නේ ඒ අහිංසක පුංචි උන්ගේ සිහින පාසල ගොඩ නගලා දෙන්න. 

ජනවාරි 30-31 සති අන්තේ ඔයාලටත් පුළුවන් නම් එකතු වෙන්න ශ්‍රම දායකත්වය වෙන්න. පෙබරවාරි පළවෙනිදා තමයි පුංචි උත්සවයක් තියලා පුංචි උන්ට තෑගී බෙදන්නේ.

පොතේ, පැන්සලේ ඉඳලා සිමෙන්ති කොට්ටේ වෙනකං පරිත්‍යාග කරන්න අපිටත් පුළුවන්.

Takas.lk එකත් මේ සත්කාරයට එයාලගේ පුර්ණ අනුග්‍රහය දීලා තියෙන්නේ. 

මෙන්න පහළින් ඔක්කොම සම්බන්ධ කරගන්න පුළුවන් විස්තර ටික දැම්මා.

අපිත් ඒ අපූරු ඉස්කෝලේ හදන්න යමු මචං...

ටකස් ගාල Donate කරන්න.

වැඩි දුර විස්තර - http://mydreamschool.imcds.org/

නැත්නම් ඔන්න කෝල් කරන්න.
Marino Joseph , Project Manager
M: 077 9006742
E: info@imcds.org
Lakmini Wahalathanthri , External Relations Manager
M: 077 230 7972
E: lakmini_26@hotmail.com

Related Posts Plugin for WordPress, Blogger...