නාඩි සෙට් එක

Tuesday, November 27, 2012

"සී-හෙළ" නාඩියාගේ අතිවිශේෂ හෙළිදරව්ව!


මා හිතාදර නාඩි ප්‍රිය ජනතාවනි, හෙළයෙක් වශයෙන් අපට ඉතා ආඩම්බර විය හැකි අති මනලෝලි සොයාගැනීමක් ඔබ හමුවේ තැබීමට අවසර....

නාඩියා නාඩිරත්න (එනම් මං තුමා) මේ උත්කෘෂ්ට සොයා ගැනීම සිදු කලේ assignment එකක් නට්ටටම කෙලවී ඇති අති පජාත අවස්තාවක නොවන බව කරුනාවෙන් සලකන්න...මෙය වනාහි හෙළයන්ගේ ප්‍රෞඩත්වය හා තාක්ෂණික දැනුම් සම්භාරය ලොවට හඩගා කියන්නා වූ තවත් එක් ස්වර්ණමය අවස්ථාවකි!

රාවණා යුගයේ සිට පැවත එන ඉපැරණි පුස්කොල පොත් වල ෆොටෝ එක්ක අති ඉපැරණි තාක්ෂණික වාර්තා ගැඹුරින් විශ්ලේෂණය කිරීමෙන් මෙම මතය සනාත කල හැකි බවට දෙස් විදෙස් බොහෝ වියතුන් මට ඊ පණිවිඩ හා ඇස්.ඇම්.ඇස් ඒවා ඇත...ඒ වගත් මෙසේම....

ඔබ C දන්නවාද??එය හුදෙක් ඉංගිරිසි භාෂාවේ තුන් වෙනි අකුර නොවේ! C වනාහි තුන් වෙනි පරම්පරාවේ පරිගණක භාෂාවක් ලෙස හදුන්වන මෙව්වා එකකි...ඒ ගැන ඔබට වැඩි දුර කරුණු මේක ඔබා දැන ගත හැක.

නාඩියා කැම්පස් ගත වීමෙන් පසු පළමු සමාසිකයේ(එය අනේ අනිච්චං හේතු නිසා නමාසිකයක් බවට පත් විය) මේ C අකුර පිලිබඳ ඉගෙන ගැනීමට නියමිතව තිබුණි...දැනටද එහි ඇති කෙළිලොල් බව නිසා මං තුමා ඒ පිලිබඳ වැඩි දුර පරීක්ෂණ පවත්වමින් සිටිමි.දැනට හෙළි වී ඇති ,ඔබාමා ප්‍රමුඛ බටහිර ගැති විජාතික බලවේග විසින් සඟවා තබාගෙන ඇති C පිළබඳ හෙළි නොවූ තතු මෙසේය!

C භාෂාවේ සම්භවය හා විකාශනය හෙළදිව ඇසුරින් සිදුවී ඇත!

බොහෝ පරිගණක භාෂා වල මූලය C වන්නා සේම සිංහලයේද මුලය C ය!
C-හෙළ > සී-හෙළ > සිනහෙළ > සිංහල

නුතනයේ අපි C ක්‍රමලේඛයක් compile කරනවා කියයි! නමුත් පුරාණ පුස්කොල පොත් වල දක්වා ඇත්තේ අපේ පුරාණ මෘදුකාංග ඉංජිනේරුවන් එය “කපෝති” කරනවා ලෙස හැදින්වූ බවයි!
Compile > කොම්පයිල් > කොපාල් > කෝපත් > කපෝති 

එහිදී දෝෂයක් පැන නැගීම “error” එකක් ලෙස හැදින්වුවද එහි විකාශනය සිදු වී ඇත්තේ
Error > එරර් > එරෙන් > එරෙනවා ලෙසටය!

ආඩම්බරයි නේද හෙලයිනි....

එසේම bug යන වචනයද “බොග” යන වචනය ඇසුරින් තනා ගත් එකක් බව පැහැදිලි වන්නේ දෙකම අනවශ්‍ය අවස්ථා වල පැන නැගී ප්‍රශ්න ඇති කරන බැවිනි!

එසේම මෙහිදී භාවිතා වන data type හෙවත් දත්ත වර්ග ද සිංහල ඌරුවට අනුව හැඩ ගැසී ඇති අපුරුව බලන්න.
Int > ඉන්ට් > ඉන්ට > ඉලක් > ඉලක්කම්
Double > ඩබල් > දශම් > දශම
Char > චා > චාටර් (මෙය එක් සංකේතයක් පමණක් ගබඩා කල හැකි කුජිත එකක් බැවින් ඉපැරණි මෘදුකාංග ඉංජිනේරුවන් මේ නාමය භාවිතා කරන්නට ඇත)

එසේම මෙහි ඇති array යන යෙදුම දත්ත ගබඩා කිරීම වියන්ගාර්තයෙන් ප්‍රකාශ කිරීමට ඉතා අපුරුවට යොදා ගෙන ඇත!
දොර ඇරේ” යන යෙදුම විමසා බලන්න..එහි “ඇරේ” යන පදයෙන් යම් කිසි විවෘත වීමක් අදහස් කරයි..එසේම සී භාශාවේද “array” යන්නෙන් දත්ත ගබඩා කරන ස්ථානයක් විවෘත කරනවා මෙන් අදහසක් ගෙන දේ!

මේ ආකාරයෙන් විමසා බලන කල්හි “සී” යනු හෙළයන්ගේම තවත් සාඩම්බර නිපැයුමක් බව අප පිලි ගත යුත්තේමය!

සියලු C කාරයෝ ගොඩ යත්වා!!!!



ප.ලි - දයාබර කොම්පිතර හිතැති ජනතාවනි, මේ ඔබේ හුදු පහන් සංවේගය තකා කෙටූ නාඩියකි! දවසම අඟල් 14.1 දිහා ඔටවාගෙන බලා සිටීමෙන් මෙවැනි දාර්ශනික අදහස් පහල විය හැක!ප්‍රවේශම් වන්න!


ලයික් එකක් දාලම යමු ඈ!
Related Posts Plugin for WordPress, Blogger...