නාඩි සෙට් එක

Friday, July 13, 2012

අඹ කෑලි...


බස් රේඩියෝ බ්ලොග් සතිය ඔන්න ඉවර වෙන්නයි එන්නේ...අද නාඩියා කොටන්න කියලා හිතුවේ ඊයේ කොලොම්පුරේ යන වෙලාවේ දැකපු සිද්ධියක්..මීගමුවෙන් හවස කෝච්චියට ගොඩ උනා  කොටුවට එන්න...

රාගම පාස් කරලා ටිකක් දුර එද්දී..පෙට්ටියට අන්ධ මිනිහෙක් ගොඩ උනා......සුදු සැරයටියක් අතේ තියාගෙන හිටියත් එයාගේ දුව දෝ කොහෙද කණ වැල ඇල්ලුවා...තමන් ගෙනාපු බෑග් මල්ල බිමින් තියපු ඒ මනුස්සයා සාක්කුවෙන් බට නලාවක් ඇදලා ගත්තා...ටිකකින් මුළු කෝච්චි පෙට්ටියම ඒ බට නලාවෙන් පිට වෙච්ච ස්වර හතෙන් පිරිලා ගියා...

මිනිස්සු අතේ ගුලි වෙච්ච දහයේ කොළ..විස්සේ කොළ...පහේ කැට මනුස්සයා අතේ තිබ්බ ටින් එකට එකතු උනා..

ටිකකින් මනුස්සයා ඉඳ ගත්තා...ලුණුයි මිරිසුයි දාපු විස්සේ අඹ කෑලි මලු එල්ල ගත්ත මිනිහෙක් පෙට්ටියට ගොඩ උනා...

“අනේ තාත්තේ.....ටෙස්ට් අඹ මල්ලක්.....”

අන්ධ මනුස්සයා එක්ක හිටිය පුංචි ගෑනු ළමයා තැඹිලි පාටට දිලිසෙන අඹ කෑලි දිහා කෑදරෙන් බලාගෙන කෙඳිරි ගෑවා...
අන්ධ මනුස්සයා ගොළු උනා..

කෝච්චියේ හිටිය මිනිස්සු....

“අපි මුන්ට සල්ලි දෙන්නයි..මුන්ට අඹ කන්නයි!”

 කියල මුණු මුණු ගානවා නාඩියාට ඇහුනා....
ඒත්...අනේ මන්දා....නාඩියාට මොකක්දෝ අමුත්තක්  හිතුනා...


 - - -


ඔන්න අදට එක දිගට දවස් හතක් නාඩි කෙටුවා! ලේසි පහසු වැඩක් නෙවෙයි ඔන්න කලේ ඈ!කස්ටිය දාපු කොමෙන්ටු...ලයිකු වලින් තමයි නාඩියා හයිය ගත්තේ...

ඔන්න පහලින් ලින්කු ටික ඔක්කොම දැම්මා...කස්ටියට හිතෙන දේ...ගල්.....මල්...මුල්...ටික අදත් කොටලා යන්නකෝ...

බස් රේඩියෝ බ්ලොග් සතියට එක දිගට කොටපු නාඩි...(අද කෙටුවේ හත්වෙනි එක ඈ!)
 


ඔන්න එහෙනම් නාඩියාත් පොඩි නිවාඩුවක් ගන්නවා ඔන්න...වැඩ කන්දක් ගොඩ ගැහිලා තියනවා කොරන්නත්!

අලුත් රසබර ජෝලිබර හැගීම්බර නාඩියක් එක්ක ළඟදීම අනිවා එනවෝ!!!




ලයික්  එකක් දාලම යමු ඈ...

20 comments:

  1. බස් රේඩියෝ සම්මානය අරඹයා නාඩියා ගත් මේ ප්‍ර‍යත්නය සාර්ථක වේවා යැයි මා ඉත සිතින් පතමි... වෙලාවක කාමරේ පැත්තෙ වරෙන්... ජය!

    ReplyDelete
    Replies
    1. තැන්කු ඈ!!!
      අනිවා කාමරේ පැත්තේ ඇවිත් යන්න එන්නම්කෝ..... :)

      Delete
  2. පව් අනේ.. :( :(
    ඔබට ජය නාඩි අයියේ..:)

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්..හ්ම්ම්....තැන්කු ඈ....!

      Delete
  3. මටත් හිතුණා මෙහෙම කියන්න වැඩ රාජකාරි කෝටියක් තියන් බෙල්ල කඩන් කරපු කැපවීම සාර්ථකම වේවා...එක සිතින්ම සුභ පතනවා...ජයම වේවා ඔබට....

    ReplyDelete
  4. මම ඒ කෝච්චි පෙට්ටියේ හිටියා නම් කරන්නේ ඒ කෙල්ලට අඹ බෑග් එකක් අරන් දෙන එක.

    ReplyDelete
  5. විභාගේ කට ළඟ තියාගෙන නාඩි අයියට සුබ පතන්න ආවා ඔන්‍න‍ ;)

    ReplyDelete
    Replies
    1. තැන්කු ඈ!විභාගේ හොදට ගොඩ දා ගන්ඩෝ!!! :)

      Delete
  6. ඒ කියන්නේ ඒ මිනිස්සු සල්ලි දීපු එකෙන් එ මිනිස්සු ගත්ත දෙයක් නෑ කියලා. සල්ලි දුන්නට පස්සේ සල්ලි ගත්ත එකා ඒවයින් මොකක් කලත් මොකද? සල්ලි දෙන්නේ හොද හිතින් නම් එච්චරයි නේ. අනික ආසාවට පොඩි කෙල්ලෙක් අඹ ඉල්ලුවට ඒකට ඔච්චර හූල්ලන්න්න ඕනයෑ. අපේ මිනිස්සුට මොකක් වෙලාද මන්දා?

    ReplyDelete
    Replies
    1. ඕක තමයි බං අපේ රටට වෙලා තියෙන්නේ!කොච්චර බණ ඇහුවත්..කොච්චර දන් දුන්නත්....ඒ ජරා ගති වෙනස් කරගෙන නෑ...

      Delete
  7. අපේ අය ඔය අනුකම්පාවට සල්ලි දුන්නට එයාලගෙ හිතේ ෆෝමැට් එකක් තියනව අනුන්ට අතපාල ජීවත් වෙන මිනිස්සු ජීවත් වෙන්න ඕන මෙහෙමයි කියල. ඉතින් එහෙම පවුලක ළමයෙක් කඩචෝරු කනවය කියන්නෙ ඒ මිනිස්සුන්ට මාර ප්‍රශ්නයක්. තමන්ටත් එහෙම ළමා අවධියක් තිබුණ කියල එයාලට අමතකයි.

    ReplyDelete
    Replies
    1. මොනවා කිව්වත් සමහර මිනිස්සු තාමත් දුප්පත් පෝසත් භේදය තියාගන්න හරි ආසයි!

      Delete
  8. පව් බං.. අසරණයෝ...

    නාඩියාට - සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් හ්ම්ම්...ස්තුතියි ඈ.....

      Delete
  9. නාඩියා මම මේ ආවමයි.
    DDT කිව්ව හරි අතපාන මිනිස්සු විතරක් නෙමෙයි. තව ගොඩක් දෙනෙක්.
    එයාල හාමුදුරුවන්ට සිවුරක් පූජ කරල ඒකට මොනවද කරන්නෙ බලනව. ළමා නිවාසෙට දානයක් දීලා වැඩ කරන අය ඒව ගෙදර ගෙනියනවද කියල හොයනව. වැඩිහිටි නිවාසෙට දානයක් දීල පුවක් ගෙඩිය බෙදා ගන්න බැරුව ගහගන්නවද කියල බලන් ඉන්නව. අපරාදෙ දීපු දානෙ එලවටත් නෑ මෙලවටත් නෑ. පව් අසරණයො.
    නාඩි වැටෙනකං ලියපං.අපේ නාඩි නවතිනකං කියවන්නං

    ReplyDelete
    Replies
    1. ඕක තමයි අපිට වෙලා තියෙන වින්නැහිය!
      එල එල දයියා!!!ඉස්පාසුවක් තිබ්බ වෙලාවට නාඩි වැටෙන හැටි බලන්න වරෙන්!

      Delete
  10. සල්ලි දෙන්නේ උන්ට ඕන මගුලක් කර ගන්නනේ. එහෙම අදහස් තියා ගේන දීල වැඩකුත් නෑ. මෙහේ ඉන්න සමහර යාචකයො ඒ සල්ලිවලින් කරන්නේ බොන එක. මම නම් හිතන්නේ ඒක අපිට වැඩක් නෑ. කැමති නම් දෙනවා. නැත්නම් නොදී ඉන්නව.
    …අදයි මෙහෙට ආවෙ. දැන්නම් ඉතින් ආයෙත් එනව.

    ReplyDelete
    Replies
    1. වටින කියන අදහසක්! තැන්කු ඈ!

      Delete

Related Posts Plugin for WordPress, Blogger...