නාඩි සෙට් එක

Wednesday, October 24, 2012

අප්පේ..මේ ජංගි මෝස්තරේ !


ඊයේ මහා රාත්තිරියේ නාඩියා නිකමට වගේ ට්විටර් කුරුල්ලත් එක්ක කතා බහක් දාන්න කියල ලක ලැස්ති වෙනකොට පිස්සු බම්ප් වෙන සිද්ධියක් ඒ පැත්තේ වෙනවා! අපේ ජනයා එකතු වෙලා හෙළුවෙන් සිංදු කියනවා..පට්ට පට පට ඈ! 


මතක විදිහට රත්ගමයා කොල්ලත් මිට ඉස්සරලා ට්විටර් පැත්තේ වෙච්ච මේ වගේ ආතල් කේස් එකක් බ්ලොගේ ලියලා තිබ්බා..මේ තියෙන්නේ ඒක...

ඔන්න ඊයේ රාත්තිරියේ ජනතාව පිස්සු වට්ටපු ඒ අජපල් ගීත නාම සෙට් එකෙන් ටිකක්...



ඒක චුට්ටං වචනයක්! කැප කිරීමක් නෙවෙයි - Sacrifice , Elton John


අපි උඹව ගල් කරනවා - We will rock you, Queen


මම තනි වෙච්ච කැඩිච්ච සුරංගනාවියක් - Broken Angel, Arash


හෝටල් කාමරේදී මාව හම්බවෙයන්! – Hotel room, Pitbull


එක දෙක තුන හතර...මම දන්නවා උඹට මාව ඕනේ කියලා - I know you want me, Pitbull


පපු කැවුත්ත සල සල ගායි - My heart goes.., VengaBoys


කවුද යකෝ බල්ලෝ ලෙහුවේ?? – Who let the dogs out? - Baha men


හාද්දකින් මුද්‍රා තබා - sealed with a kiss – Jason Donavan


සූකිරි කඩේට එක්කන් යන්නම්..ලොලි පොප් කූරක් උරන්න දෙන්නම් - Candy Shop, 50Cent


පොම්ප කරපන් තව සද්දෙන් - pump it, Black Eyed Peas


මා ඔබට නොදුන් සැප ඈ ඔබට දෙත්වා - Adele


ඒක උරපන් ! – Smack That, 50Cent


ඉන බොරු කියන්නේ නෑ - hips don’t lie, Shakira


වමට අයියන්ඩි වමට - To the left, Beyonce


මෙහෙමත් *කක්‌! - Ass Like that, Eminam


ඒ මම නෙවෙයි - It wasn’t me, Shaggy


දෙයියෝ දනී මම නොදනී - Only god, Kid rock


උඹ හිමින්ම පපුවත් එක්ක සෙල්ලම් කරනවා - Quick playing games, BSB


මෝඩයෝ දුවගෙන එතැයි පණ්ඩිතයෝ කියති - Elvis Presley


ලස්සන බොරුකාරයා - Beautiful Liar, Betonce ft Shakira


තවම බඩු පැකට් උනේ නෑ - It’s not over, Daughtry


ආයුබෝවන්..මේ කැලිෆෝනියා සයිවර් කඩයයි! - Hotel California, Eagles


උඹ මොකා උනත් මට මොකෝ?? – I don’t care who you are!, Grace Chang


මේ ඇස් දිහා බලං -Look me in my eyes, Jonas Brothers


මී හරක් සොල්දාදුවා - Buffalo Soldier, Bob Marley


මට හීනයක් තියනවා - I have a dream, ABBA


ඔයා මගේ හුස්ම හිර කරනවා - Shayne Ward


*ක ආයෙත් ගෙදර ගෙන්න - Ass back home, Gym Class Heros


හිතුවෙවත් නැති දවසක..හිතන්නැතිවම ලං උනා - We found love – Rihanna


අම්මට හුඩු!පට්ට බැල්ලි - Sexy Bitch, Akon


කළුද සුදුද මට අදාළ නැත -Black & White , Michael Jackson


පොල් ගහ යට අපි හිටියේ - Coconut tree, Mohombi


උඹ හරිම ලස්සනයි නංගියේ - Beautiful, Akon


වටේ ගියපු එක ආයේ එනවා ! – Justin Timberlake


මගේ හදවත ස්ටීරියෝ බං - Stereo Hearts, Gym Class Heros


එකයි, දෙකයි තුනයි..උන්නා පැන්නා අන්න මරියා - Ricky Martin


ඇය මුළු රෑ පුරා මාව හෙල්ලුවා! - ACDC


මට උඩින් වැහැපන් - Rain Over me, Pitbull


උඩහ හන්දියේ කෙල්ල - Uptown girl, Westlife


කන්නාඩියේ ඉන්න මිනිහා - Man in the mirror, Michal Jackson


ඔව් ඔව් බබෝ මම හිතුවේ උඹ මගේ කියලා යේ යේ.. – Baby, Justin Beiber


බබෝ තව එක සැරයක්! – Baby one more time, Britney


හාමිනේ හාමිනේ මේ පාර දකුණු අප්‍රිකාවට ඈ! – Wakka Wakka, Shakira


රම්පා රම්පා මිනිහා බිම! - Shot a man down, Rihanna


අප්පේ..මේ ජංගි මෝස්තරේ - Gangam Style, Psy


කොහොමද වැඩේ????

නාඩි වැටීම නතර වෙන තුරු බිම පෙරලි පෙරලි හිනා වීමට මේවා Tweet කොරපු හැමෝටම නාඩියාගේ ප්‍රමාණය(ප්‍රණාමය) ඈ!

ඔක්කොම ටික බලා ගන්න ට්විටර් කුරුල්ලාගේ #SinhalenLyrics අත්ත බලන්නකෝ ඈ!




ලයික්  එකක් දාලම යමු ඈ!
H

51 comments:

  1. අනේ ජොලි අප්පා..
    මාත් හදාගන්න ඕනි ට්විටර් අකවුන්ට් එකක් :D :D

    ReplyDelete
    Replies
    1. එල එල..එහෙම හදාගෙන මාවත් fallow පාරක් දාන්නකෝ...

      Delete
  2. අම්මෝ යකෝ මෙහෙමත් හෙළුවෙන් සින්දු කියන්න එපා බන් රට්ටු හිනා වෙනවා. ඒ කිව්වට මොකෝ මටත් පට්ට හිනා.... ටප්ප ටප ටප ඈ................

    ReplyDelete
  3. ///උඹ හිමින්ම පපුවත් එක්ක සෙල්ලම් කරනවා - Quick playing games, BSB///

    වැරදියි බොල...

    Quit playing games with my heart- මගේ හදවතත් එක්ක සෙල්ලම් කරන එක නවත්තපන්....

    Akon, 50Cent,Pitbull ඇරෙන්න අනිත් ඔක්කොම මගේ ආසම සින්දු තමා... හි හි....

    ReplyDelete
    Replies
    1. හෆොයි! අදත් ටැපලිලා! ගැත්තාට සමාව දෙන සේක්වා!

      Delete
    2. පැටලිලා තමයි මහත්තයෝ... හිකිස්...

      Delete
  4. උඹ සතුටු උනානම් එච්චරයි... ඔය සින්දු වලට මගේ නම් එච්චර මනාපයක් නෑ...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් හ්ම්ම්...මගේ නම් එච්චර අමනාපයක් නෑ ඕනේ සිංදුවකට...

      Delete
  5. බුරිය විකාගෙන මැරෙන්න හිතෙනවා බොල හිකිස්

    ReplyDelete
    Replies
    1. අඩේ....එහෙම කොරන්න එපා කෝරලේ මහත්තයෝ....හාමිනේ පවු නේ...

      Delete
    2. මැරෙනවා කිව්වට මැරෙන්නේ නැහැ බොලව්. අපේ උන්ද මරිලවත් ඉන්න දෙන එකක් නැහැ මට ඕන්....

      Delete
    3. හෆොයි! එච්චර දරුණුද?

      Delete
  6. මෙහෙමත් *කක්‌! - Ass Like that, Eminam
    සහතික ඇත්ත.

    *ක හපාගෙන මැරෙන්න හිනා!

    ReplyDelete
  7. හෙහ් හෙහ්.. එලස්..!! තව සුට්ටෙන් නාඩිත් නවතිනවා :D

    ReplyDelete
    Replies
    1. ඒකනම් නවත්ත ගන්න හිතන්න වත් එපෝ!!!

      Delete
  8. හි..................මරු හලෝ :)

    ReplyDelete
  9. අයියෝ මට මිසු වුණෝ මේවා..

    ReplyDelete
  10. හේ හේ... හෙලුවෙන් සින්දු කීම.. මරු වැඩේ..
    මම නම් මේ සින්දු සේරම අහනවා..
    මේ පැත්තට ආවමයි..
    ජය වේවා.

    ReplyDelete
  11. නාඩියෝ මල් ඈ......

    ReplyDelete
  12. හික් හික් ... මේ තීන්නෙ ගමකට සින්දු.

    අර සමහර බ්ලැක් ඇමරිකන් සිංදු එහෙම තියෙන්නෙ බං අකුරු හතරෙ සුප්‍රසිද්ධ වචනෙ ගිරිය පුප්පන් කියන, එව්ව ටිකකුත් තිබුණ නම් සර්ව සම්පූර්ණයි.

    ReplyDelete
    Replies
    1. ඒවා ටිකකුත් තියනවා.. #SinhalenLyrics එකට ගිහින් බලන්නකෝ..මෙතන දැම්මේ නෑ... ;)

      Delete
  13. හික්ස්....නියමයිනේ.....
    ඔන්න මාත් මේ පැත්තේ ආවා....

    ReplyDelete
  14. Ade baa ban naadi :/
    Man dan tika kalak thisse liyan thiyan innava oya vagema sindu set ekak.un mata kalin wade karala ne :(
    Kolayak pirenna man ekathu karan hitiya
    Burning in the sky : asaha gini aran
    Diary of jane: jane nagage diarya
    Emty spaces: mudu bim
    Mirror on the wall biththi kannaadiya
    Rude boy :rodi koluva
    The messanger : thapal maama
    Airplane:dadumonare

    Methana tikayi thiyenne thava godaak thiyenava

    ReplyDelete
    Replies
    1. හෆොයි!!!!!! පාටනේ බං උඹේ ටිකත්! ඒවා ටිකත් දාපන්කෝ...!!

      Delete
  15. හික්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්... මාර ජොලි හෆ්ෆා... :D :D

    ReplyDelete
  16. නාඩියා මලයට පිස්සු කියලා මට හිතිලා තිබ්බේ, අද ඒක තක්කෙටම දැනගත්තා

    ReplyDelete
    Replies
    1. අනේ..කොච්චර දෙයක්ද එහෙමවත් දැන ගත්ත එක! ;)

      Delete
  17. පට්ට සින්දු ටික

    ReplyDelete
  18. ඒ වගේම පෙරේදා ත්‍රෙන්ඩ් එකක් ගියා #ToMyFutureSon කියලා. ඊයේ ගියේ රේඩියෝ තරංග මාලා වෙනස් කරපු එක ගැන #FrequencyMixedUp කියන ට්‍රෙන්ඩ් එක. ඒ දෙකත් හොඳට තිබුනා!

    ReplyDelete
    Replies
    1. හික්ස්!එලටම තිබිලා වගේ! මේ දැන් බැලුවේ!

      Delete

Related Posts Plugin for WordPress, Blogger...