නාඩි සෙට් එක

Thursday, July 12, 2012

කවුද යකෝ මෙච්චර ලොකු ** දාපු එකා???

අල ගෝනි හානයිස් බුරි එකේ කාගේදෝ ෆොටෝ කෑල්ලක් දාල අටම්පහුරා කිව්වා සුදු වෑන් එකක් එයි පරිස්සමෙන් හිටපන් කියල..පඩ සරත් කොටපු වෙලේ අවතාරයා කිව්වා “US ARMY ඒකෙන්  තෝව උස්සනවා අනිවා!”  කියල...එහෙම කියල ඉතිං නාඩි කොටන්නේ නැතිව ඉන්න පුළුවන්යැ!අද නාඩියා කොටන්න කියල හිතුවේ නාඩියාගේ අසල්වැසි රටේ සංචාරේ ජෝලිබර මතක ටිකක්!


නාඩියා නම් වූ උත්තම පුරුසයා තමන්ගේ රටට පැමිණෙන බව ආරංචි වූ මං මෝහන සීයා ප්ලේන් එකෙන්  බහින්න කලින්ම තෑගි පාර්සලයක් ට්‍රොලියක පටවා ඒවා තිබුනේය...ඒ සමගම නාඩියාගේ මෝබයිලාට ඇමතුමක් ලැබුණි!

“හලෝ...”
“හලෝ ශ්‍රී ලංකා....”

“හලෝ හුස්‌ ඉස්පිකින් හේ?”

“හලෝ නාඩියා...දිල්ගේ නාම්හේ ශාරුක් කන්නන්ගර්හේ...වෙරි වෙල්කම් ටු හින්දුස්තාන් හේ...කභි අලවිදනා ප්‍රීති හෝම්හේ...නයිට් ලන්ච් රෙදියා ඇට් ප්‍රියංකා චොප්රා නිවාස් හේ!”

“පිස්සු බම්ප් වෙනවා ඈ හේ! OK බේටා....!! TK TK…..

එයාර් පෝටයේ සිට හෝටලයට යාමට ප්‍රියංකා චොප්රා චොපර් එකක් ඒවා තිබුනේය...එතැන් සිට නාඩියා තමන්ගේ අතීසාර මිත්තරයන් දෙදෙනෙකු සමඟ කල සංචාරයේ පිස්සු බම්ප් වෙන තැන් දෙක තුනක් මෙසේය..


නාඩියා හිතන විදිහට ප්‍රවාහන ප්‍රශ්නෙට නියමම විසදුම හොයා ගෙන තියෙන්නේ හින්දුස්තාන් කස්ටියය ..ත්‍රි විලරයක උනත් බස් එකක සෙනග යන්නේය...පාරේ යද්දී මේ ෆොටෝ ගත්තේ...කොහොමද වැඩේ කියල බලන්නකෝ...(අපිත් ටෙස්ට් කොරල බලමුද?)


අනිත් සුපිරිම සෙට් එක තමයි පොලෝසියේ ඩයල්!සම්තින් එක ගන්න දන්නෙම නෑ!උන් ඉන්නේ දිග උණ බටයක් අතේ තියාන!සබන් කෑල්ලක් හරි සිද්ධාලේප කුප්පියක් හරි දුන්නොත් ආයේ පු* උනත් හෝදයි!(ඉන්දියාවේ යන උන් ඉන්නවනම් ඔය දෙකෙන් ටිකක් වැඩිපුර අරං යමල්ලා...)

උණ බට පොලිසිය
මේ සිද්ධිය උනේ පැය 48 ක් එක දිගට කෝච්චියේ එද්දී...ඉන්දියාවේ ඉන්නවා අර ගෑනු වගේ ඇදන් ඉන්න පිරිමි!(අර නච්චිද මොකක්ද කියල කියන්නේ) උන් කෝච්චියටත් නගිනවා...කොල්ලොන්ට තමයි කරදර කරන්නේ!සල්ලි ටිකක් දීල තමයි ශේප් වෙන්න ඕනේ!ඔන්න දැන් අපි ඉන්න පෙට්ටියට එහා පැත්තේ එකේ ඇහෙනවා අරුන් අප්පුඩි ගගහා සින්දු කියන සද්දේ...ලඟට ආපු ගමන් නාඩියා කලේ ටොයිලට් එකට රිංගන එක!මක්කයත් තිබිච්ච අනිත් එකට රිංග ගත්තා! බඩ චමතා හරි බැරි ගැහිලා හැංගෙන්න යද්දී ඩයල් ටික ඇවිත් ඉවරයි! ඔන්න දැන් කස්ටිය අරුව වට කර ගත්තා...නාඩියා ටොයිලට් එකේ දොරේ හිලකින් බලාන ඉන්නවා..සාරි ඇදලා..වළලු දාල..ලස්සනේ බැරුවා(ඊයා..........)

සෙට් එක හින්දියෙන්ද කොහෙද චමතට මොනවාදෝ කිව්වා!ඩයල් එක ටස් ගාල කොලයක් ඇදලා අරුන්ට දුන්න!යාන්තම් උන් ටික ගියාට පස්සේ අපි වීරයෝ වගේ එලියට බැස්සා!

“පවු බං අසරණයෝ.....”

“ඇයි මොකෝ???”

“නෑ බං මම උන්ට දුන්නේ ලංකාවේ රුපියල් 10 ක්!”

ඔන්න ඉතින් නාඩියා ඉන්දියාවට ගොඩ බැස්ස කියමුකෝ..මුලින්ම ගියේ දිල්ලියට!අර කතාවටත් කියන්නේ “දිල්ලි ගියා වගේ” කියල!ඒකනම් අනිවා ඇත්ත කතාව!මෙලෝ මගුලක් හොයා ගන්න බෑ!උදේ පාන්දර නැගිටලා මම මක්කයට කතා කළා අපි යන බස් එකට බඩු මලු ටික ඇද ගන්න රික්ෂෝ එකක් ගේන්න යමු කියල...(රික්ෂෝ එක කියන්නේ බයිසිකලේක පිටිපස්සා සිට් එකක් හයි කරපු අයිටම් එකක්!ඔය තියෙන්නේ පහලින්)


දැන් නාඩියයි මක්කයයි පාරේ යනවා..පොඩ්ඩක් පටු පාරක්...යන ගමන් මක්කයා මෙහෙම අහනවා..

“ඈ බං නාඩියෝ මෙහෙ බල්ලෝ ගොඩක් ඉන්නවා වගේ නේද?”

“හ්ම්ම්....” 
(එහෙම කියන ගමන් එක ජොනි බට්ටෙක් උඩින්  පැන්නා)

“මුන් කන්නේ මොනවාද දන්නේ නෑ බං මෙච්චර තඩි බොග දාන්න!මුන්ගේ පු*වල් මහන්න එපැයි මේ හැම තැනම දාල තියෙන විදිහට...”
 (මක්කයා තව ජොනි බට්ටෙක් උඩින් පැන්නා)

නයි කයිද රෝස් පාන් කියපි!!!!ඉස්සරහ දැකපු දර්ශනෙන් මාස හතක් කාපුවා වමාරලා ආයේ කන්න හිතුනා...අපේ ආදර හින්දුස්තාන් කොල්ලෝ සෙට් එකක් පාරේ ඉදගෙන උදේ සිහිල් සුළං රැල්ලේ බඩවල් හිස් කරනවා..පාරේ ගෑනු මිනිස්සුත් යනවා....ඒ යක්කුන්ට ගානක්වත් නෑ!!(එතකොට අපි උඩින් පැනපු ජොනි බට්ටෝ???)

රික්ෂෝ එකක්නම් තියනවා..පදින එකා නෑ!දැන්නම් නාඩියාට අන්නශ්රොතේ ඉදන්ම ඔක්කරේ වගේ..ඉක්මනට යන්නයි හිත...පොඩ්ඩක් වටේ කැරකි කැරකි ඉද්දි අර කොල්ලෝ සෙට් එකෙන් එකෙක් නැගිටලා ඇවිත්(හේදුවද දැක්කේ නෑ)

“කම් සර්ර්...රෙක්සෝ සර්ර්.....මහා බෝධි පා...න්සල්.... ගෝ සර්ර්....”

මොනවා කොරන්නද නාඩියයි මක්කයයි නහය වහගෙන පිටි පස්සෙන් වාඩි උනා!

මේ ඉන්නේ ඒ උත්තම කොල්ලා!

ඔන්න ඔහොමයි ඉන්දියාව..හැබැයි ලස්සන පැත්තකුත් තියනවා..ඒ ගැන පස්සේ කියන්නම්....අනිත් එක මුන් පාරේ කැත කලත් රට ගැන හැගීමයි..රටේ දේ ගැනීමයි බොක්කෙන්ම තියෙන ජාතියක්! රටේ අගමැති යන්නෙත් ඒ රටේම හදන එම්බසඩර් කාර් එකේ!

ඒකනේ උන් අග්නි මිසයිලේ උඩ යවද්දී අපි තාම රාවණාගේ **** අල්ලන් කෑ ගගහා ඉන්නේ!

බස් රේඩියෝ බ්ලොග් සතියට එක දිගට කොටපු නාඩි...(අද කෙටුවේ හයවෙනි එක ඈ!)
 



ලයික්  එකක් දාලයමු නේද?

32 comments:

  1. //“හලෝ නාඩියා...දිල්ගේ නාම්හේ ශාරුක් කන්නන්ගර්හේ...වෙරි වෙල්කම් ටු හින්දුස්තාන් හේ...කභි අලවිදනා ප්‍රීති හෝම්හේ...නයිට් ලන්ච් රෙදියා ඇට් ප්‍රියංකා චොප්රා නිවාස් හේ!”//

    අපේ සෙට් එකෙත් ඉන්නවා මෙහෙම හින්දි කොටන එකෙක්.. හැබැයි ඌ නම් අමු කුණුහබ්බ ගහන්නෙ...

    ReplyDelete
    Replies
    1. මේ මචෝ ඔරිජිනල් හින්දි!!! ;)

      Delete
  2. හක්ක හක හූ..........

    ජොනී බට්ටෝ...
    නංගි මල්ලිලා...

    ලොල් ඈ...

    ගෝටු හෙල් ඉන්ඩියා... ඔවුන්ගෙ පඩ ශෝ විතරයි... ගොන් හරක්

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. හේ හි..ඔක්කොම වගේ ගොන් හරක් නෙවෙයි රජෝ!හැබැයි 75% විතර මැටි මොල්ලු!

      Delete
  3. ඊළඟ දවසේ රික්ෂෝ 1ක් ගද්දි උගේ පශ්චාත්භාගය ඉඹල එහෙම නගපල්ලා...

    ReplyDelete
    Replies
    1. පිස්සුද ජේ ලිසෝ ඔය එක එක එවුන්ගේ ඒවා ඉඹින්න! :පි

      Delete
  4. ඒ උනාට බලන්නඕනේ පිටරටකදී ඔය කට්ටිය ඉන්න විදිය.හරියට අරහින්දි ෆිල්ම්වල පෙන්නන ඉන්දියාවේවගේ.

    ReplyDelete
  5. අපෝ ඔය සක්කිලි ජාතිය ගැන කථා මතක්‌ කරන්න එපා.... ඇහෙනකොටත් මගේ ඇගේ පලු දානවා ...ඔකුන්ගේ ජරා ගති ගැන පොතක් ලියන්න පුළුවන්

    ReplyDelete
    Replies
    1. හි හී......මටත් නම් එද්දිම පලු දැම්මා!

      Delete
  6. හික්ස්...ඉන්දියාවටත් ගියා එහෙනම් නේ...

    ReplyDelete
  7. ඉන්දියාවේ ඉන්න සමහර බුවාලා නම් ඉන්නේ කැලිපෝනියාවේ ඉන්නවා වගේ
    ලංකාවේ සී ටී බී බස් එකක් කියල හිතලද අරුන්ට රු 10 ක් දුන්නේ බං?

    ReplyDelete
    Replies
    1. හී...වෙන්න ඇති බං!ඔය ගාස්තු සන්සොදනේට කලින්ලු! ;)

      Delete
  8. මරු කතා ටික නඩියෝ ... මටත් යන්න හිතෙනවා... හි හී .....

    ReplyDelete
    Replies
    1. ඒ මොකෝ හදිස්සියේ.......??නංගි මල්ලිලා බලන්නද....?????

      Delete
  9. උඹලට පෑගුන ඒවා ලියලා නැහැනේ :)

    ReplyDelete
    Replies
    1. පිස්සුද මලේ!උඩින් පැන පැන ගියේ! :D

      Delete
  10. පිස්සු බම්ප් වෙනවා ඈ :)

    ReplyDelete
  11. හික්ස් නාඩි අයියේ ෂෝයි ආ..:)

    ReplyDelete
  12. මචන් උන්ගේ අගමැති යන්නේ එහෙ හදන වාහනේක කියපු කතාව නම් මසුරං. ඒකට අපේ උන්.. :( අනික මේ බ්ලොගේ වචන සෙට් එක එල බන්. දැක්ක ගමන් කන්න හිතෙනව. හැක..හැක..හැක.........:D

    ReplyDelete
  13. මේක කියෝපුවම කුචු කුචු හොතාහෙයි බන්.

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ උඹට කුචුද???ඊයා...... :පි

      Delete
    2. ප.ලි.

      එයාර් පෝටයේ සිට හෝටලයට යාමට ප්‍රියංකා චොප්රා චොපර් එකක් ඒවා තිබුනේය...

      චොපර් ඒක හරි ලොකු ඇති නේද බන්..... මාත් ලගදීම එකක් ගන්න ඉන්නෙ.(ඔය පෙට්ටි කඩවල ඕන තරම් තියෙන්නෙ)

      Delete
    3. අනේ බෝගේ හින්දි.......... දන්නෝ දනිති..

      Delete
    4. මාර ලොකුවක්‌ ඕයි චොපර් එක!මෙච්චර විතර ඇති! :පි

      දාස්තෝ හින්දිස්තෝ.....කර්තාගේ,,,මෙතාහේ.....අපිත් හින්දි දන්නවා හරිය.... ;)

      Delete
  14. දිල්ගේ නාම්හේ දිල්රුක් කන්නන්ගර්හේ

    ReplyDelete
    Replies
    1. ආ..සබාෂ් බේටා...සබාෂ්!!!

      Delete
    2. සබාෂ් නහී සුභාෂ් ... සුභාෂ්...

      Delete

Related Posts Plugin for WordPress, Blogger...