නාඩි සෙට් එක

Friday, September 13, 2013

උඹට කියන්න මචං පුතේ....



https://www.facebook.com/slmemes


පුතේ... ඒ කාලේ තිබ්බලු රටක් සිරි ලංකාව කියලා...
අපි ඒ රටේ ආඩම්බරකාර පුරවැසියෝ වෙච්චි...
දැන් නම වෙනස් උනාට...

තිබ්බලු ඒ රටේ මහ ගොඩක් සම්පත්..
කාබාසිනියා කෙරුවලු මහ එවුන්
අද ඔය නොදන්නා ගානට හිනා උනාට...

තිබ්බලු වෙඩි ඉල්ලපු උන්ට වතුර...
පෙව්වලු වස ඉදා බිපිය කියා වද කර
අද ඔය පිටරටින් ගෙන්නුවට වතුර...

වවාගෙන කෑවලු යුද්දේ කාලයක් ගජරාමෙට
ඉවර කලාලු සෙට් එක දීලා එකෙක්ට ඔක්කොගෙම නම්බුව
ඉඳා ඇදපන් අවුරුදු ගානක් මේ සාම්බුව

යුද්දේ නැතිව පාලුයි කිව්ව උන්ට කිව්වලු හිත හැදෙන්න
මැව්වාලු තම්බි මරක්කල මුලධර්ම ජිහාඩ් යුද්ධ
කොටපන් පුතේ මේකට... කපාපන් උගේ කොන කරාපන් ඌ අපේ එකෙක්!

හිටියලු පුතේ ඒ රටේ මහතැනට ගිය උන්
දැම්මලු පුතේ උන් පාටි දූසනේ කරපු ගානට
ආඩම්බරයි නොවැ ඉතිං ඒකත් සිරි *යියක් නොවැ

තව එකෙක් දණ ගැස්සුවලු ගුරුවරු
කිව්වලු තව එකෙක් හොඳ වැඩේ උන්ට
අම්මලත් එක්ක බුදිය ගන්න යනවට!

හිටියලු එකෙක් සුදුවට (ඇති සුදක් නම් නැතිවලු)
ඒ බණ්ඩා දුන්නලු බැටේ හොඳටම
කැඩූවලු රටේ කොඳු නාරටියම ගොඩ ගන්න බැරි හැටියටම

මතක සති දෙකයි පුතේ අපේ උන්ට...
කිව්වේ එකෙක් කට කහනවටද!
සතුටින් ඉන්නත් අතමකයි බොල!

 “ලංකාව ලොව අසතුටින්ම මිනිසුන් ජිවත් වන රටවල් අතර 20වෙනි තැනට!”

- පුවතක්-


47 comments:

  1. අසතුටුදායක මිනිස්සු නෙවෙ...අසතුටින් ඉන්න මිනිස්සු.....

    ReplyDelete
  2. සිංහලයා මොඩයා කැවුම් කන්න යෝදයා ..... අතීතෙත් කියල තියෙන්නේ ඔහොමලුනේ

    ReplyDelete
  3. විලි ලජ්ජි බන් දැන් වෙන දේවල් දැක්කම්. මේවා කියලත් බැ නොකියත් බැ. කතා කරලත් බැ නොකරත් බැ.

    ReplyDelete
  4. මට නම් හිතා ගන්නත් බෑ මෙච්චර ආතල් එකේ ඉන්න රටක් මේ තරම් පහලට ගියයි කිව්වම....

    ReplyDelete
  5. 20? එච්චර පල්ලෙහට යන්න විදියක් නෑ... මුලටම එන්න ඕන ජාතියක්.

    ReplyDelete
    Replies
    1. මොකක් හරි අංචියක් අදින්න ඇති බං උඩ ඉන්න උන්!!!

      Delete
  6. මට තියෙන ප්‍රස්නේ කොහොමද, කව්ද ඔය රටවල් 20 තේරුවේ!!

    ReplyDelete
  7. //මතක සති දෙකයි පුතේ අපේ උන්ට...//
    සහතික ඇත්ත සහතික ඇත්ත.

    ReplyDelete
  8. විපක්ස්සේ හොද කම කොන්ද පන නැති ඇවුන් නායකයෝ උනාම ඔහොම තමා (ඔන්න මට බනින්න එපා මම නම් ලංකාවේ එක පක්සේකටවත් කැමැති නෑ}

    ReplyDelete
  9. රෑන්ක් එක නරකම නෑ මං හිතුවේ top ten ඇවිත් කියලයි.

    ReplyDelete
    Replies
    1. බලමු ලබන අවුරුද්දේවත් ට්‍රයි එකක් දීලා...

      Delete
  10. මුන්ට වැරදිලාද කොහෙද බන්...අයිෆා තියලා...නයිට් රේස් තියලා...බලු සංදර්ශන තියලා...බල්ලො කසාද බන්දලා දීලා මිනිස්සු ෆුල් ජොලියෙ ඉන්න රටක්නෙ බන් මේක...තාරුණ්‍යයට හෙටකුත් තියෙන එකේ මොන ලබ්බට අසතුටෙන් ඉන්නද...

    ReplyDelete
    Replies
    1. ඒකනේ.. කුමන්ත්‍රණයක් ද කොහෙද!

      Delete
  11. අසතුටෙන් කෙසේ වෙතත් , , , මානසික ව්‍යාධීන් වැඩිම මිනිසුන් ඉන්න රටවල් අතරින් නම් උඩම ඉඳි ඔන්න .... මමත් එක්ක කියන්නේ

    ReplyDelete
  12. වෙන්න බෑ. ඕක බහුජාතික කුමණ්ත්‍රණයක්.

    ReplyDelete
  13. රටවල් 156 කින් 137 වැනි තැන ලංකාවට.
    1.ඩෙන්මාර්කය.
    2 .නොර්වේ.
    3 .ස්විට්සර්ලන්තය.

    ReplyDelete
  14. සතුට කියන එක මැනල බලන්න බෑ.

    ReplyDelete
    Replies
    1. එහෙනම් ඔය මැනලා බලලා තියෙන්නේ...

      Delete
  15. අපේ එවුන්ට තෙරෙද්දී පරක්කු වැඩි වේවි බං.

    ReplyDelete
    Replies
    1. ඒත් ඉතින් තේරෙයිද කියන්න බා...

      Delete
  16. ඉතින් බන් හයි වේ එකේ පලයන්කෝ ආතල් එකේ.. මිඩ් නයිට් රේස් එකක් බලලා , සුද්දියෙක් එක්ක බුදියලා ගෙදර වරෙන්..
    දැනෙන සනීපෙ කියලා නිම කරන්න බැහැ..

    ReplyDelete
    Replies
    1. ඔව්ව කොරන්න කාසි තම ප්‍රශ්නේ ....

      Delete
    2. පොකට් එකටත් සනීපයි එතකොට!

      Delete
  17. ඒක හරි වෙන්න ඇති. මම කිවේ අසතුටින් ඉන්නව කිව එක ගැන ලංකාවේ මිනිස්සු. හැමෝම දාහක් ප්‍රශ්න ඔලුවෙ තියාගෙන ගෙයින් එලියට බහින්නේ. ලංකාවේ ගොඩක්ම නියෝජනය කරන්නේ මධ්‍යම පන්තිය යැයි හඳුන්වන රට වෙනුවෙන් දහදිය හෙලන ජනතාව. දරුවට බේත් ගේන්න කියක් හරි හොයාගන්නෙ කොහොමද, කිරිපිටි ඉවරවෙලා ගෙදර පොඩිඑක අඟනවා ඒක ගන්නත් ඕන, දැන් මාස තුනකින්ම අලුතෙන් ගත්ත බයිසිකලේට ෆිනෑන්ස් ගෙව්වේ නෑ මේ පාරත් හම්බෙන් නැතිවෙයි - බයිසිකලේ අරන් යයිද මන්දා, අනිද්දා නංගිගෙ දුවගෙ වෙඩිම ඒකට ඇඳුමක් කාරිය ගන්නව වගේම තවි කියක් වියදම්ද වශයෙන් හිතින් පීඩාවට පත්වෙන මේ වගේ රටක ජනතාව ඇත්තටම පව්
    ...

    ReplyDelete
  18. නාඩියෝ...ඇයි බන් ලොක්ක ඊයෙත් කිව්වේ මේ තරම් හිනාවෙලා ඉන්න ජාතියක් කොහෙවත් නැහැ කියලා. මට අහන්න හිතුනා පුකෙන්ද කියලා.

    ReplyDelete
  19. සත්‍ය ඇති සැටියෙන්ම ;)

    ReplyDelete
  20. මොනවා වුනත් අපි දේශ ප්‍රේමි ජාතිමාමක ජනතාවනේ බන්.. :P

    ReplyDelete
  21. Pattama patta naadiyo.. Puka polawe gahagena merenta hithuna meka kiyawala.. :-)

    ReplyDelete
  22. උඹට කියන්න පුතේ මට ඔය රට ගැන හාංකවිසියක් මතක නෑ නෙව

    ReplyDelete
  23. මක වැරදිලා බං , ශ්‍රේනිගත්කිරීම් වල තියෙන්නේ ,
    "ලෝකයේ සතුටින්ම සිටින මිනිසුන් 225 දෙනා සිටින රට = ශ්‍රී ලංකාව" කියලයි

    ReplyDelete

  24. ලංකාව ගැන කියලා වැඩක් නෑ
    ඇත්තෝ කති,බොති සැනසෙති
    නැත්තෝ ඇති සැටි ලේව කති දුක් වෙති......
    හරිද මන්දා ... මේ ලිපිය කියවද්දි මෙහෙම දෙයක් මතක් උනා

    ReplyDelete
  25. මොනවා කරන්නද....මොනව කියන්නද...
    ලංකාවෙ මිනිස්සු වෙච්ච් අපි ඉතිං ලොක්කොන්ගේ නාඩගම් බලලා සතුටුවෙලාවත් ගොඩයන්න බලමු.නැත්නම් මේ රෑන්ක් එකෙන් ගොඩ එනව බොරු...

    ReplyDelete
  26. ඇති 20 න් නැවතුනා :)

    ReplyDelete
  27. හා කන්න නැත්ත මොකො.. වෙඩි තිබ්බත් මොකො.. අපිට බහින්න පාරවල් හදන්නෙ ඔය ගජරාමෙට... :3

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...