නාඩි සෙට් එක

Friday, August 30, 2013

අද සෙනසුරාදා


උදේ 6.10 බස් එක අල්ලගන්න...
තෙරපිලා මිරිකිලා ෆුට් බෝඩ් එකේ එල්ලිල්ලා යන්න.
ජනේලෙන් ඇතුලේ ඉන්න නංගිට බෑග් එක දෙන්න..
ආසයි බං මං ආයෙත් AL පන්ති යන්න...

ක්ලාස් එක ළඟට ගිහින් හැරිලා එන්න.
ක්ලාස් ෆීස් ඉතුරු කරන් ෆෝන් කට්ටක්  ගන්න..
ක්ලාස් අරින වෙලාවටම ගෙදරට යන්න..
ආසයි බං මං ආයෙත් AL පන්ති යන්න...

ලේක්සිකොන් සිප්වින් ළඟ මුරේ දාන්න..
Art කොමස් ක්ලාස් ලඟත් තනිය රකින්න...
කුඩේ යටින් උඹ එක්කන් වැව රවුමට යන්න...
ආසයි බං මං ආයෙත් AL පන්ති යන්න...

ටික්කා ටිකක් ශේප් කරලා tute එක අරගන්න...
සර් කාරයා කියෝන පච හැලිය අහන්න..
Hand බිල් එකක් නමලා රොකට් අරින්න...
ආසයි බං මං ආයෙත් AL පන්ති යන්න...

බණ්ඩා කඩේ රස වෑහෙන තෝසේ ගිලින්න..
ආරාධනා ජූස් කඩේ කොත්තු මී එක කන්න...
ගතිකේ ගාව ඇන්ටි ඉන්න කඩෙන් කලකිරී බෝතලේ බොන්න..
ආසයි බං මං ආයෙත් AL පන්ති යන්න...

එක දවසට කෙල්ලෝ දෙකක් එක්ක දොඩන්න...
“ඔයා ස්වීට් හලෝ” කියලා ආයේ අහන්න...
රජපිහිල්ලේ පාක් එකේ ගස් යට ඉන්න...
ආසයි බං මං ආයෙත් AL පන්ති යන්න...

ඉම්පීරියල් හෝල් එකේ බැල්කනි යන්න...
“අබා” වගේ ෆිල්ම් එකක් ආයේ බලන්න...
ෂොපින් එකේ කඩ සෙට් එක ආයේ ගනින්න...
ආසයි බං මං ආයෙත් AL පන්ති යන්න...

කැම්පස් පල කියලා කියපු උන්ට බනින්න...
කැම්පස් ගැන රස කතා කියපු උන්ව හොයන්න...
කැම්පස් යන උන්ව හොයලා පොල් ටොකු දෙකක් අනින්න...
ආසයි බං මං ආයෙත් AL පන්ති යන්න...



*මාන්දමික ස්වභාවයකින් පෙලෙන එකෙක් විසින් උදේ පාන්දරක ලියා පල කරන ලදී!

87 comments:

  1. උබ මෙ ලගදි නෙ පන්තිගිහින් තියෙන්නෙ.අපි යන කාලෙ ලමයින්ට ෆොන් නෑ.ලොකුවට කලෙ මුහුදෙ නාන එකයි.ෆිල්ම් බලන එකයි තමයි.සිරාවටම අපහු යන්න ආස හිතුන

    ReplyDelete
    Replies
    1. අම්මප ඇත්ත දමියෝ,අපි දැක්ක ෆෝන් , පෝර්න් බලාගත්තෙත් හෙන ගේමක් දීලා කවුරුවත් නැති ගෙයක් හොයාගෙන ,දෙක එකකුයි පීස් එකකුයි හයර් එකට අරගෙන.......හදිසියෙවත් බලබලා ඉද්දි ලයිට් ගියොත් අබ සරණයි පපුවේ දුම් දදා ඉන්න ඕන ලයිට් එනකං ..ඊට කලින් ගෙදර මිනිස්සු ආවොත් .හයියූ ...........!

      Delete
    2. ඔය ඩෙක්වල උඩ පියන ඇරල වීඩියෝ කැසට් එක එළියට ගන්න පුළුවන්නේද බං. ඒ කාලෙ අයියා ඕක ගලවනව මම දැකල තියෙනව.

      Delete
    3. චී කැත ලමයි...!!අපිනම් ඒම නෑ..!

      Delete
    4. ඔව් DDT එහෙම එකක නම් අහලා තිබුනා එත් ඔය දන්නැති වැඩ කොරන්න බයයි මොකද රුපියල පහ ,දහය එකතුකරලා අමාරුවෙන් හයර් එකට ගන්න ඩේක් එක කැඩුනොත් එහෙම කොහෙන් ගෙවන්නද කියලා.

      වීයා බබා ........!

      Delete
    5. ඔන්න අපිනම් ඩේක් බැලුවේ නෑ! ;)

      Delete
  2. //“ඔයා ස්වීට් හලෝ” // කියලා අහන්න මමත් ආසයි බං එත් කවුරුවත් කියන්නේ නෑනෙ.
    හිතෙන් ආයෙත් A/L කාලෙට ගියා බං.
    උඹ දන්නවද පිච්චර් හෝල් එකේ හොඳම පේලිය මොකක්ද කියලා ...ඒක තමයි බැල්කනියේ ඉස්සරහම පේලිය අනිත් පැත්ත හැරෙව්වම ....(හැබැයි බොක්ස් නැති කාලේ හොඳේ)

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ඔව්.. වෙන කොතනද ඉතිං.....

      Delete
  3. උබ ඔහොම කියද්දි පොදු පරීස්සනෙ ලියන්න යන මට සෙකන්ඩ් සයි කොරන්න රිවිසොන් ‍යන්න හිතෙනෙව බන් මේ උදේ පාන්දරම.කැම්පස් ජිවිතේ ඒ තරම් අච්චාරුද බන්? O.o

    ReplyDelete
    Replies
    1. එහෙමත් නෑ බං! මේකත් ආතල් තමා.

      Delete
  4. තොපි ඉගෙන ගන්න යනවා කියලා කරන්නේ මේවද යකෝ..

    ඉතින් මේ රටට මෙහෙම වෙන එක අහන්න දෙයක්ද...?

    ReplyDelete
    Replies
    1. මෙයා ඔව්ව නොකරම ඉඳි කූ.ගල උන්නා නම්.. :D

      Delete
    2. හා..හා.. ඔය මාතලන්, තාත්තගෙ භූමිකාවට ආරූඪ වෙච්ච වෙලාවක දාපු කමෙන්ට් එකක්. කොලු පාර්ට් එකේ ඉන්න වෙලාවක දැම්මා නම් බලාගන්ට තිබුනා.... :D

      Delete
    3. මොකක්ද මේ මාතලන්ට වෙලා තියෙන්නේ...මාතලන්ගේ බ්ලොග T.B. ඒකනායක හැක් කරලද....?

      Delete
    4. අනේ මාතලන් තුමනි, මේ ප්‍රබන්ධයක් බව සලකනු මැනවි...;)

      Delete
  5. අනේ දෙයියනේ කූ.ගල සබ්බ සකලමනාව ලියලා. විලි ලැජ්ජාවේ බෑ, මං නිකං නිරුවතේ වගේ. නාඩි යෝ එක දෙයක් අමතක කොරෝලා ඇත්කඳ වෙහෙරයි, ඇතාගලයි. ඇයි ඒ ගැන නොලිවේ.

    බස් එක අස්සෙන් එන මේ සෙනඟ අස්සේ මම...
    ස්වීට් නංගි කෙනෙක් එක්ක පෙම් මුල්ලේ හැම....
    දාම දකින ඒ හීනෙට හිනා වෙලා මම...
    ටියුෂන් යන ගමන් ලතා වලට භයේ යම...

    බණ්ඩාගෙ කඩේ, රයිස් එක කාලම දැන් බඩ....
    ගොර ගොර සද්දෙන් පීදෙති බඩ අස්සෙන් සැඩ....
    ජූස් කඩේ ජූස් බොන්ට කාසි කොයිද අඩ...
    ක්ලාස් පීස් හොයා ගත්තේ හිඟා කාල වැඩ....

    ආතල් සැම කුඩු වෙනවා ක්ලාස් එකේ සිට.....
    එයා ඇවිත් වාඩි උණා පේන්න අද මට.....
    කැම්පස් සීනේ බොඳ වී කූඩු හදන විට....
    ඇතාගලින් බිමට පැනලා මැරෙනවා හෙට සිට......

    රජ පීල්ලේ පාර්ක් එකේ තුරුළු වෙලා අපි....
    ගතිකේ සුනිල් සර් බයෝ බණ අහලා අපි....
    සිප්වින් බෑ උසයි අනේ, කකුල් රිදී අපි...
    රිවිෂන් එන්නලු මෙයාල, සල්ලි දෙයිද තොපි......

    දුක බෙදාන එකට හිටපු ස්වීට් කෑලි නෑ....
    අබා බලන්නට යන්නට කාසි ආයේ නෑ....
    කැෆේ ගානේ ගේම් ගහපු රඟේ දැනෙන් නෑ....
    වලි දාගෙන බස් වල යනකොට වෙන ෆන් නෑ....

    සටාස් ගාල වැදුන පාර කනේ තියනවා.....
    සුදු අත අල්ලන් දුර ගිය මතකේ පේනවා....
    වැව රවුමේ ඉඹපු තරම් තාම අඬනවා.....
    හෝල්ට් ගානේ බස් වල පෙම් ගීත ඇහෙනවා...

    ආර්ට් කොමස් ක්ලාස් ගානේ කට්ටි පැනපු රඟ....
    තේරෙයි දවසක හිටගෙන කෙල්ල කියපු දඟ....
    තාර පාරේ තාර ගලෝ ගල අහුළං සඟ...
    කුරුණෑගල පාර දිගේ අපි තනියට ළඟ.....

    පින්නපොලගේ බණ අහන්න තාමත් යන් නෑ...
    ගෑණු එක්ක රවුම් ගගා රයිස් කන්නේ නෑ...
    එදා වගේ තාමත් මම ක්ලාස් යන්නේ නෑ...
    රිවිෂන් යන්නට අම්මා කාසි දුන්නේ නෑ....

    නාඩි ඔයා එදා ගියපු ක්ලාස් ගැන කියා...
    නටපු නැටලි ගැන කියලා කම්පසුත් ගියා...
    අපිත් ඔන්න ඔහේ යනවා පොත් දෙකක් තියා...
    ගියා ආව, ඔළුගෙඩිවල මුකුත් නෑ මෙයා...

    Bora Diyaka Induwara

    ReplyDelete
    Replies


    1. //පින්නපොලගේ බණ අහන්න තාමත් යන් නෑ... //

      මෙන්න මේ ගැන දවසක් ලියහන් ලියන්න දෙයක් තියේ නං.. අපෙ පැට්තෙත් කතිකාවතකට ලක් උනු කෙනෙක් :O


      කයියට - ++++++++++++++++++++++++

      Delete
    2. යකෝ බෙනා එහෙනං අපේ එකෙක්!

      Delete
  6. ඉස්කෝලේ කාලෙන් ඕනෑම කෙනෙක්ගේ හොදම කාලය මම හිතන්නේ A /L කලේ වෙන්න ඕන..... අපේ ඉස්කෝලේ මම 6 පන්තියේ ඉන්නකොට ඉට එහා පැත්තේ පන්තිය (වෙනම බිල්ඩිමක) A /L ආර්ට් ක්ලාස් එක. උන් කරපු දේවල් දැක්ක දා ඉදලා මට A/L පන්තියට එනකම් සිහියක් නැතුව හිටියේ

    ReplyDelete
  7. නියම කවි ටික නාඩියෝ,අපි ක්ලාස් යන කාලෙ ඔච්චර වැඩකිඩ තිබ්බෙ නෑනෙ බං...ෆෝන් නෑ,පෝන් නෑ ක්ලාස් කට් කරල ෆිල්ම් බලන එක තමා කොලේ.

    ReplyDelete
    Replies
    1. ඒකෙත් ආතල් එකක් නැත්තෙමත් නෑ!

      Delete
  8. නාඩියා සාර්ථක ඒලෙවල් ජීවියෙක් බව කවි පන්තිය අනුව පෙනී යයි.

    ReplyDelete
    Replies
    1. සාර්ථක කෙසේ වෙතත් පිස්සු පීකුදු AL ජීවියෙක්!

      Delete
  9. ක්ලාස් එක ගාවට ගිහිල්ල හැරිල එන එකනං මාත් ඕනතරං කරල තියෙනව.

    ReplyDelete
    Replies
    1. ඒකනේ....ඔක්කොම එකයි බලං ගිහාම!

      Delete
  10. අම්මෝ... ඔය කාලෙද කතා කරන්න එපා... කරපු ජඩ්, පඩ, බලු වැඩ මතක් වෙද්දිත් හිනා යනව.... ආසයි ඒ කාලෙට ආයි පිය නගන්නට....

    ReplyDelete
  11. ලස්සණ යි නාඩියෝ....

    ReplyDelete
  12. ඒ කාලෙ ආපහු එන්නෙ නෑ බන්....

    ReplyDelete
  13. ආසයි බං මං ආයෙත් AL පන්ති යන්න...


    මටත් :(

    ඒ කාලේ ගැන නං කියලා වැඩක් නෑ...මොකට මතක් කලාද නාඩියෝ :(

    ReplyDelete
  14. ආස නම් කොරන එකයි ඇත්තේ.

    ReplyDelete
  15. හැම එකාම එකම විදිහටනේ බං ඒ ලෙවල් කරල තියෙන්නේ :))

    ReplyDelete
  16. ක්ලාස් යන්න නං ආස යි බං :) හැබැයි ආයෙත් විභාගේ කරන්න නං බැරියෝ.

    ReplyDelete
  17. කයි-කතන්දර දෙකම (නාඩි සහ බෙන් ටෙනිසන්) අපූරුයි!

    තව තව කයි-කතන්දර ලියවේවා!

    ReplyDelete
  18. ඒ ලෙවල් කාලේ කරපු පිස්සු වැඩ නම් කියලා වැඩක් නෑ. ආයේ කවදා ඒවා කරන්නද?

    කවි ටික නම් නියමයි!

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා බං! මතක් වෙද්දීත් දුකයි නේ!

      Delete
  19. දෙමාපිය දෙන්න මට ගෙදරට ගුරුවරු ගෙන්නෝල උගන්නුවෙ මේ නොසන්ඩාල වැඩ කොරයි කියල හිතල වෙන්න ඇති අප්ප.

    ReplyDelete
    Replies
    1. මනුස්සයා විශ්වාස කරන්න බැරි නිසා වෙන්ඩ ඇති!

      Delete
  20. මේ ලිපිය කියවල දැන් ටිකකට ඉස්සෙල්ල දෙමාපියො දෙන්නට තැන්ක්ස් කලා,බන්දු,රෝ වැනි මාමලව ගෙදර ගෙන්වලා මාව උගන්නල ශිලාචාර කමට හැදුවට.

    ReplyDelete
  21. ඒ මාත් ඔහොමනෙ බං..! ඇයි එහෙම උනේ..!

    සීසන් එකේ සල්ලි වලින් පිචැර් බලන්න........
    සී.ටී.බී බස් එනකං හෝල්ට් එකේ කාලෙ කන්න........
    ටික්කො පැනපු දවසට යන බස් එකෙං පැනල දුවන්න.......
    ආසයි බං මං ආයෙත් AL පන්ති යන්න...

    ReplyDelete
  22. අනේ ඉතිං ඔහොම සුන්දර A/L කාලයක් මට නොතිබුනු නිසා උපන්තේකට ආයේ උ/පෙ කරන්න මට නම් ආසාවක් නෑ ඉතිං...

    ඒත් ඔය වගේ ඒ කාලේ වින්ද කෙනෙක් හඳුනාගන්න ලැබීමම සතුටක්..!

    ReplyDelete
    Replies
    1. ඒ මොකෝ AL කාලේ සුන්දර නොවුනේ?

      Delete
  23. අනේ මටත් ආපහු ක්ලාස් යන්න ඕනේ.... ඈඈඈඈඈඈඈඈඈඈඈ...... A/L ක්ලාස්වල තමයි විවිධාකාර ඕන ජාතියක කෙල්ලො ඉන්නෙ.. කැම්පස් වල ඉන්නෙ එක වගේ ගොම්බෙටි ටිකක්. එපා වෙනව :'(

    ReplyDelete
  24. නාඩියෝ...මම ජීවිතේට ටියුෂන් පංතියකට ගිහිල්ලා නැහැ.පංති ලඟ වල බහිනවා.

    ReplyDelete
  25. හඃ හඃ හා......
    බණ්ඩාගේ කඩෙන් තොසේ නොකෑවා නම් ඒ ලෙවල් ක්ලාස් ගියපු එකෙනුත් වැඩක් නෑ. ඕන එකෙක් උපරිම තොසේ දෙකයි වඩේ එකයි. ආයි ඉතින් තර දැම්ම වගේ තමයි. හවස් වෙනකම් වතුර බිබී හිටියහැකි,

    ReplyDelete
  26. මටත් යන්න ඕනි.... :(

    ReplyDelete
  27. ගොඩ දාගන්න බැරි උන කෑලි සැට් එක ගොඩ දාගන්න මටත් ආසයි බොල ආයෙත් පන්ති යන්න...ඒ එක්කම කැම්පස් යන්න බැරි උන z දශම 2ත් ගන්න පුලුවන් උනානම් සෝයි...

    ReplyDelete
  28. අතට අහුවෙන ඩෙනිමක් ඇඳගෙන ෆට්ට t එකක් දාගෙන බැට කෑලි දෙකත් අටෝගෙන.. කන්නාඩිය ලඟට ගිහින් පයක් විතර මුණ බල බල කොන්ද හදලා.. නැවේ නැතත් වත්ත අටේම තියෙන සුවඳ හමන එවුවා උලාගෙන.. අම්මගෙන් යන්නයි එන්නයි කියල කියක් හරි ඉල්ලගෙන..හැමදාම වගේ බස් එකට නගපු ගමන් බැලවෙන පෙම් මුල්ල දිහාටත් රබර් ඇහැ දාලා.. ඊට පස්සේ ලස්සන ලස්සන කෙලි පැටවූ ටිකක් දිහා බලාගෙන ෆුට් බෝඩ් එකේ පොඩ්ඩක් රඟපාලා .. බහින්න ඕනි තැනදී බස් එක නවත්තන්න කලින් බැහැලා.. ක්ලාස් එක ගාවට ගිහින් ඇතුලට නොගිහින් අනික් කොල්ලෝ සෙට් එකත් එක්ක .. ක්ලාස් වලට එන කෙල්ලොන්ට විහිළුවක් කියලා.. ඒ අස්සේ එන සිහින කුමාරිට පොඩි හිනාවකුත් දාලා... අරකි ගැන අරු ගැන අරක ගැන කතාවක් ගහලා..කාර්ඩ් එක අරන් ඇතුලට ගියත් ඉක්මනටම පිටිපස්සේ පේලියේ වාඩිවෙන්න බලාගෙන දුවල.. පන්තියට ගියාම මොකක හරි ගොන් ආතල් එකක් දීලා පන්තියේ අවදානේ ගන්න හදලා.. සර් සැරණන් ඔය කාගේ හරි 4න් එකක් යටින් තියාගෙන වැලක් බලලා.. ඇතුලට ගියත් එලියට එන්න සිහියෙන් ඉන්න. ආයෙමත් AL clz යන්න ආසයි බන් :/

    ReplyDelete
    Replies
    1. අපිත් ආසයි බං! කෝ ඒත් චෑන්ස් එකක්!

      Delete
  29. මල්ලි උබ ආයෙත් පටං ගත්තද? :/ උබව හදන්න බෑ :/

    ReplyDelete
  30. අපිනං ඉතින් වුර්තීමය වසයෙන් අවුරුදු ගනං ඒ ලෙවල් කරපු කොල්ලෝ :D ඒව ගැන ඉතින් කුමන කතාද :3

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ උඹ AL වලින්ම ඩිග්‍රිය කරලා තියෙන්නේ නේද?

      Delete
  31. සුපිරියි...ඒ කාලේ මතක් උනා විතරක් නෙමෙයි මැවිලත් පෙනුනා :)

    ReplyDelete
    Replies
    1. අප්පේ..මොනවාද මැවිලා පෙනුනේ?

      Delete
  32. නියමයි.. ආයෙත් යන්න හිතෙනවා

    ReplyDelete
  33. අපි නං ක්ලාස් ෆීස් වලින් ට්‍රිප් ගියා.. බිව්වා.. පව් දුප්පත් සල්ලි.. එළිකිරි පහයි නාඩියෝ

    ReplyDelete
    Replies
    1. හික්ස්! ඒ කාලෙනේ බං! අවුලක් නෑ...

      Delete
  34. මාන්දමික ගතියෙන් මෙව්වා මතක් කරලා උඹ මාවත් ඇවටියෙල් කෙරෙව්වා

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...