නාඩි සෙට් එක

Friday, August 2, 2013

දයාබර වැම්පියර්තුමනි




අපි ඔබතුමාට මෙසේ රපෝර්තු කරමු...
 
හයක් හතරක් නොදන්නා මෝඩ අමනයන් රැලක් හිටියා එකතු වී මහ පාරේ!
යකෝ! කාගේ හයියෙන්ද අපි දාපු කාපට් උඩ උන් නිදා ගෙන සිටින්නේ!
කාන්තාරේ පණ අදින මි හරක් ඔටු රැලක් සේ තප්පුලෑවා උන් “වතුර” කියා!

උන්ගේ අම්මලාට @#^$ ඇයි යකෝ තියෙන්නේ බෝතල් ඇමරිකන් වෝටර් පුරෝලා!
එවන්නේ බවුසර් හැමදාම තොපිට නාන්න කරන්න රෙන්න පුක හෝදන්න!
ආදරයෙන් කියා දුන්නා අපේ සෙනෙවිතුමා උඩ නැගලා ජීප් එකේ!

ඒ මෝඩ ඔටු රැළ මැද සිවුරක් පොරවා ගත් එකෙක්
මතක හැටියට පුදුමාතලන් යන්න ඉස්සරලා පිරිත් නූල් බැන්ද හාමුදුරුනමක්!
එලෝ විකාරෙන් මෙලෝ නන් දොඩෝනවා අපි දැක්කා ඇස් දෙකට!

උන් දන්න මල ඉලව්!
ඔට්ටපාලු ගලවන මේ මෝඩ හැත්ත දන්නවයැ කාර්මික විප්ලවේ!
වතුර පොඩ්ඩක් ගඳ ගැහුවට කළු පාට උනාට ඔය තියෙන්නේ බොන්න නාන්න රෙන්න ඕසෙට!
යන්න කිව්වට ගියෙම නෑ!

ඔබතුමා කිව්වනේ දෙන්න කියලා ඇට්ටි හැලෙන්න....
දුන්නා යමරෙට! ඇතුලේ ඉන්න උනුත් එලියට ඇදලා සැලකුවා!

මොක්කුද වදුරෝ රැලක් ගහනවා උඩක ඉදන් ෆොටෝ කරනවා වීඩියෝ!
ඇරියා උන්ටත් හොඳවයින් පොලු පාරවල් දෙක තුනක් !
තිබ්බා T56 එකෙන් මලකඩ කැඩෙන්නත් එක්ක ආසාවට (ඉස්සරහට තව වැඩට ඕනෙත් කිව්වනේ!)
2යි ලු down! අපරාදේ.... ශික්!

ආ....අමතක උනා....
දයාබර වැම්පියර්තුමනි, අපේ ආඩම්බරකාර පියාණෙනි,
ගෙනාවා මෙන්න ලේ! හොඳ එක! සුපිරි එක! උණු උණු එක! රතු එක!
ආසයි නේ! මතක් කරලා මල්ලිටත් දෙන්න! වැයික්කියේ ඒවාට ආස ඇතිනේ එතුමත්!

ආ..... ආයේ වැඩක් තිබ්බොත් කියන්න හොඳේ!

62 comments:

  1. හීනියට ඇනපු ලොකු ටොක්කක්

    ReplyDelete
    Replies
    1. ටොකු ඇනලා විතරක් නම් මදි වගේ...

      Delete
  2. මේක බුකියෙ දැකපු කමෙන්ට් එකක්

    //බොන්න වතුර ඉල්ලo පාරට බයින්න මුන්ට පිස්සුනෙ අයිෂෙ.
    එක්කො ඉල්ලපිය වරායක්.,
    එයාපෝට් එකක්..
    සල් මල් කුළුනක්..
    නයිට් රේෂ් එකක්..
    දැයට කිරුළක්..
    සැටලයිට් එකක්..
    ඇමරිකo පුබ්බෝල්...
    මුනාද මේ මුන් ඉල්ලුවෙ?
    තූ නොදකිo වෙඩි තියපු එකමයි හොද.. ඈස්චර්යටත් කැලලක් මුo //

    ReplyDelete
  3. දයාසිරි මහත්තයා මොකද දන්නෑ කියන්නේ?

    ReplyDelete
    Replies
    1. ඒකාට ඕවා වැඩක් නැහැ.නාකිවෙන්න කලින් ඇමති කමක් ගන්න ඕනලු.

      Delete
    2. රතුපස්වල කියන්නේ කොහෙද කියලා ඇහුවලු.

      Delete
    3. තව කෝටි වලින් කීයක් හරි දෙන්න ඇති කට පියාගෙන ඉඳපන් කියලා!

      Delete
  4. ලේ විතරක් මදි බෝල
    ගෙනෙන් තව බිල්ලක්
    හවස සාදයට බබකිව් එකට් .....!!
    කොම්පැනියේ ලොක්කොත්
    උන් ඔක්කොම එන සාදයට
    සව්දිය පුරන්න .....!!
    ඔන්න ඕකුන්ට වතුර නැත්තං
    විස්කි
    බොන්ඩ කියපන් .....!!

    ReplyDelete
  5. පින් කෙත හෙළ රන් දෙරණේ යලි උපදින්නට
    හේතු වාසනා වේවා ..හේතු වාසනා

    ReplyDelete
  6. උඹ වගේ උන් රටට ආඩම්බරයක්...
    අද ෆුල් මූඩ් අවුට්...
    ඒත් කොමෙන්ට් කලේ.. ඒ තරම් ඉස්තරම්...

    ReplyDelete
  7. උඹ වගේ උන් රටට ආඩම්බරයක්...
    අද ෆුල් මූඩ් අවුට්...
    ඒත් කොමෙන්ට් කලේ.. ඒ තරම් ඉස්තරම්...

    ReplyDelete
    Replies
    1. මූඩ් අවුට් ගහලා විතරක් හිටියොත් මදි.. මොකක් හරි කරන්න වෙනවා!

      Delete
  8. අනේ අපි කවදාක හිනැහෙමුද මේ රටේ......

    ReplyDelete
    Replies
    1. ලංකාවෙ ඉන්න අයගෙ මුවට එන්නෙ නැහැ සිනා මේ හැතිකරේ ඉන්නකං
      පිට රටවල සිටින අපට මේව අහල/දැකල හිතට එන්නෙ අනිච්චං දුක්කං.

      Delete
  9. ජන්දයක් ලග තියාගෙන කවදාවත් උන දේවල් නම් නෙමේ මේ වෙන්නේ..... එහෙන් එක එක ඒවගේ ගණන් වැඩි කරනවා.... මෙහෙන් වතුර කෙස්... මොනවද මන්දා

    ReplyDelete
    Replies
    1. චන්ද මොනවාද බං මේ වගේ අය තව ඉන්නවනම්....

      Delete
  10. තොපිට මක්කටෙයි වතුර?බීපියව් පැස්පි කුකා කූලා..
    වැසිකිලි ගිහින් උලාගනියව් කඩදාසි කොළයක් $&*කේ!
    ලෝකෙ අනිත් උන් ඔක්කොම සංවර්දනේ වෙනෝ.
    මුංට තමා බැරි හැත්ත!
    සැලකුවා මදි තොපිට!!!

    ReplyDelete
  11. ජනතා නැගිටීම හමුදා මගින් මර්ධනය කරන්න හැමදාම පුළුවන්ද? ජෙනරාල් ආවොත් හමුදා පාලනයක් එයි කිව්ව සංවේදී ජන නායකයා කෝ දැං?

    ReplyDelete
    Replies
    1. ජෙනරාල් චන්දෙ ඉල්ලපු වෙලාවෙ ඉඩි අමීන් ‍ෆිල්ම් එක පෙන්නලා මිනිස්සුන්ට කියන්න හැදුවා එයා හමුදා පාලකයෙක් වෙයි කියලා.නමුත් ලංකාවෙ මිනිස්සුන්ට දැන් වෙලා තියෙන්නෙ ඒකමයි කියලා තවම තේරිලා නෑ.හැම මගුලටම විසඳුම් ඉල්ලන්නෙ ආරක්ශක ලේකම්ගෙන්. එයා දන්න එක තමයි දෙන්නෙ.අපේ පචවංශ මේ ගැන කට ඇරල නැද්ද ?

      Delete
    2. පචවංශ මලයා කට පියාගෙන.. ආචාරියා නම් ගේමට බැහැලා අනාගෙනලු!

      Delete
  12. උඹල එකතු වුනොත්,මහින්දයය්,ගෝටය් කියන්නෙ නිකම්ම නිකම් බිංකුන්ඩො දෙන්නෙක් ඒත් ඒක උඹල තේරුම් අරගෙන නැහැ.

    ReplyDelete
    Replies
    1. අපි උඹලා ඔක්කොම එකතු විය යුතුයි!

      Delete
  13. මම ඔය මගුල ගැන කියවන එක නැතැත්තුවා. ඒත් උඹේ ක්‍රිෙය්ටිව් අයිඩියා එක හින්දයි ආවේ.. අපි කීබොඩ් වීරයෝ විතරයි නේ බං. ඇත්ත ලෝකේදි අනිත් උං වගේම හැංගෙනවා..

    ReplyDelete
    Replies
    1. දුකෙන් වුනත් ගහමි වැටක්
      ++++++++++++++++++

      Delete
    2. කී බෝඩ් වීරයෝ විතරක් වෙලා බෑ බං! සාමාන්‍ය සමාජේදීත් අපි කතා කරන්න වෙනවා!

      Delete
  14. ඉල්ලන ඉල්ලන ගානේ කතිරේ ගහල වැරදුනාම බැනල අපහු කතිරේ ගහල වැරදුනාම බැනල අපහු කතිරේ ගහල ....ඔහොම දීල මඳි බන් අපිට ...

    ReplyDelete
    Replies
    1. නැත්නම්! තව සැරට දෙන්න තිබ්බේ!

      Delete
  15. වතුර මොටද ගල් තිබෙනා මේ කාලේ..........

    ReplyDelete
  16. වැදෙන්න කියලා තියෙන්න

    ReplyDelete
  17. ඇත්තමයි නාඩි මලේ, මුන්ට වෙඩි තියන්නමයි ඕනේ, සංවර්ධන දර්ශකේ "වීයාග්‍රා ගහපු ...යිය" වගේ නගිනකොට එනවා මෙතන වතුර හිඟන්න.

    ReplyDelete
    Replies
    1. වෙඩි මදි! මල්ටි බැරල් වගේ ගහන්න ඕනේ!

      Delete
  18. කිරිබත් කමු, ප්‍රිති වෙමු. මිනිස්සු මරලා, මිනිස්සු මරලා!

    ReplyDelete
  19. ප්‍රකාශිත යුද්ධයක් තියෙන අවස්ථාවක, අවි ගත් ත්‍රස්තවාදීන්ට පහරදීම සහ රතුපස්වල නිරායුධ උද්ගෝශකයන්ට පහරදීම සන්සංදනය කරන්න එපා. ඒ දෙක සිද්ධි දෙකක්.
    (සමහරු බොරදියේ මාලුබාන්න හදනවා.ඒකයි මෙහෙම ලියුවේ)

    ReplyDelete
  20. දිය බිඳක් වෙනුවෙන් හඬන මිනිසුන් අද කඳුළු වගුරන්නේ මල මිනි ගොඩක් වෙනුවෙනි. දිය පොදක් වෙනුවෙන් පාරට වැටුන මිනිසුන් අද ජීවිතයේ සමීපතයන් වෙනුවෙන් මලගම් සමරන්නේ හදපිරි ප්‍රීතියෙන් නොවේ.

    ලංකාවේ ආශ්චර්ය මෙය ද ?

    වැලිවේරියේ ත්‍රස්තයන් හා ජල බිඳුවක මහිම. එන්න බොර දියට ගොඩවී ඉඳුවර මලට පැන් පොදක් ඉසින්න.

    ReplyDelete
    Replies
    1. ආශ්චර්යවත් මල මිනී සංස්කෘතිය!

      Delete
  21. වැහි වතුර තුරුවලට
    හොද වතුර තරු වලට
    මඩ වතුර නැති අපිට
    .....ටි ගහල මදි තොපිට

    ReplyDelete
    Replies
    1. මේක කුරුටු ගීයක්. සීගිරියෙවත් ඔය කැම්පස්වල තියෙන එකක් වත් නෙමේ

      Delete
  22. සොල්දාදුවා කියන්නේ සාඩම්බර මිනිහෙක් . නමුත් මේ කරලා තියෙන දේ කරලා තියෙන්නේ මනුස්ස හැඟිම් නැති පුද්ගලයෙක්.

    ReplyDelete
    Replies
    1. යුද ජය මහරජටත් අයිතිනම් මේකට සොල්දාදුවන් පිට පමණක් වරද පැටවවිම සාධාරණද???????

      Delete
  23. බැස්සොතින් පාරට
    ආයෙමත්
    හුස්ම ගන්නට පවා
    ඇති අයිතිය
    ඇහිරුණ විටදී...
    නගමින් ජන හඬ
    සමග ජන රැලි
    එරෙහිව බාධක පවුරු
    වැට කඩුලුවලට...
    යන්නට වෙන බවට
    පරලොව විසුමට
    දුන් "පෙර අනතුරු ඇඟවීමද"
    මීළඟ ජීවිතය
    බිලි ගන්නට පෙර.

    ReplyDelete
  24. දෙකයි නෙවෙයි මලේ හතයි

    ReplyDelete
  25. ලේ බොමු.. O.o වෙන කොරන්න දෙයක් නෑ..

    ReplyDelete
  26. වෙන ඕනේ දෙයක් වෙච්චාවේ...
    අහස කඩාගෙන වැටුනාවේ...

    ගණන් ගන්න එපා.. ඔව්වා සුළු දේවල්
    හිනාවෙලා අපි ඉඳිමු ඔහේ......

    අපේ ජාතික ගීය දැන් සෑහෙන කාලෙක ඉඳන් මේක තමා..මොකද අපි දේශප්‍රේමී ජනතාවක්නේ....

    ReplyDelete
  27. Kurahan satake ekaage achchige redda ban,sirawata thwa ohoma balagena hitiyoth waha kalath marenna wei apita

    ReplyDelete
  28. ඒ මිනිස්සුමයි ගහගෙන තියෙන්නේ.අපේ දේශප්‍රේමී ජනය ළග එන චන්දෙදිත් අපටම කතිරෙ දෙන්න හදද්දි බටහිර කුමන්ත්‍රණ වලට අහුවෙලා අපේ රණවිරැවන්ව පාවල දෙන්න නේද හදන්නේ.ඈ.....සුදු වෑන් එකක යන්න ආසද?

    ReplyDelete
  29. ගොඩා...........ක් කල්පනා කරන්න ඕනි.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...