නැගිට ඉදිව් නිල් කොඩි තොග ගෙන අතට...
කෑමට බත් පාර්සල දෙයි හෙට දවාල ට...
හවසට නිකං ගල් බොමු තනි උගුරක ට...
හිරුණිලා දුමින්දලා අත් අල්ලන් යා වී...
රතු කොළ පාට කොඩි කඳුලින් තෙත් වේ වී...
හවසට පාරේ බැරියර් ලඟ තග දා වී...
ගෙවපං ලයිට් බිල් දැං මගෙ බඩ යා වී...
කෑමට බත් පාර්සල දෙයි හෙට දවාල ට...
හවසට නිකං ගල් බොමු තනි උගුරක ට...
හිරුණිලා දුමින්දලා අත් අල්ලන් යා වී...
රතු කොළ පාට කොඩි කඳුලින් තෙත් වේ වී...
හවසට පාරේ බැරියර් ලඟ තග දා වී...
ගෙවපං ලයිට් බිල් දැං මගෙ බඩ යා වී...
කියපං කට වහං හිටියා හොඳට ඇතී...
'දිනවව් අපේඅතිගරු මිහිඳු ජනපතී...
කේ එෆ් සී කෑම කෑමට මුදල් නැතී...
මෙහෙමයි ගෙවෙන්නේ අපෙ මැයි දිනය නිතී...
]ඇම්සීඇස්
]McS
මෙන්න ඇත්ත.
ReplyDeleteවෙන්න ඇති!
Deleteහෙහ්..හෙහ්...
ReplyDeleteහික්ස් හික්ස්!!!
Deleteරට(අපි ) සංවර්‍දනේ වෙනකොට ඔහොම තමයි
ReplyDeleteබිල් නගිනවා ලෝකෙ කොයි රටෙත් එකයි (අපි කනවා තොපි ගෙවිය යුතුයි )
මැයි දිනේ දිවිදුන්නේ අපේ එකෙක් තමයි (සුදු කොඩි නම් නොවැනිය යුතුයි )
සරම කැහැපට ගැහැව්වා පුලුවන් නම් වරෙව්
අන්න එහෙම වරෙව්!
Deleteරට පෙරට අපේ පස්සට ...
ReplyDeleteජය වේවා, ,,,!! සුබ අනාගතයක් ...!!
එසේම වේවා!
Deleteදැන් කම්කරුවො මැයි පෙළැපාලි යන්නෙත් අපේ ජනාධිපතිතුමාට ජයවේවා කිය කිය..
ReplyDeleteඑහෙමලු තමා!
Deleteමැයි දිනේ දේසපාලකයින් පසුපස යන බොහෝ ජනතාවට බත් පැකට් එකට එහා ගිය අරමුණක් තියෙනවා...ඒවා වෙනුවෙන් එයාල පෙනී සිටිනවා...
ReplyDeleteඅඩුම තරමෙ තමන් වෙනුවෙන් හරි එයාල පෙනී සිටිනවා...
නමුත් මේ නරමවාදයට එරෙහි පිරිස කොහේද පෙල ගැහනේනෙ? සයිබරයේ අහුමුලු වලල විතරයි නේද?
එහෙම වෙන්නත් හේතු ඇති! මොකෝ මර්දනේ ගොඩක් බලවත් වෙලානේ!
Deleteහ්ම්.. මැයි රැලි...
ReplyDeleteහ්ම්ම්....
DeleteLiya la tiyenne hariyata ekaka kattiyak witarai weradi karanne wage. Ohoma be owa minisunta , kiyawana ayata wadinna liyanawanam pata kannadi galawala liwwanam hari,
ReplyDeleteනෑ මචං! අපි හැමෝම වැරදියි!
Deleteහෙට සිට පුරුදු විදියට අපි වැඩට යති.
ReplyDeleteඅනිවා!
Deleteතිත්ත ඇත්ත... ++++ හොඳටම ලයික් ඈ...
ReplyDeleteහිරුණිලා දුමින්දලා අත් අල්ලන් යා වී...
ReplyDeleteමේක නම් හෙට අනිද්දම වේවි...
වෙන දවසට අපි හයියෙන් හිනැහේවි....
Deleteමරු, අපේ මැයි, අදෝමැයි
ReplyDeleteඑමමයි! එසේමැයි!
Deleteළෝකේ කොයි රටෙත් බඩු මිළ වැඩි වෙනවා මිසක් අඩු වෙන්නෙ නෑ.
ReplyDeleteඑක්කෙනුකුට මාසෙකට කන්න යන්නේ 2500 යි.
භූමිතෙල් වලින් ඉව්වනම් මාසික වියදම 900 යි.
- බන්දුල ගුණවර්ධන (ආන්ඩුවේ සිටිනා විට.)
*කෙනුත් හිනා!
Deleteඅපිට සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ReplyDeleteඑසේම වේවා!
Deleteපට්ට ආ
ReplyDeleteමොනා වුනත් ඇත්තම ලියලා තියෙනවා!
ඒකනේ!
Deleteසුභ අනාගතයක් වේවා!!
ReplyDeleteඅපිට!
Deleteහික්... හික්...
ReplyDeleteහික්ස්!!!!
Deleteලෝකේ ලොකුම කැබිනෙට්ටුව අපේ දෝ
ReplyDeleteලෝකේ වැඩිම හොරකම් ටික අපේ දෝ
ලෝකේ ලොකුම ලයිට් බිලත් අපේ දෝ
සේරම හොරු දැන් දැන් මෙහෙ එවි දෝ
කන්න අඳින්නට එක පඩියෙන් නොහැකි රටේ
ඉන්න හිටින්නට ගේ දොර නොමැති රටේ
යන්න ගන්න වාහනයක් නොමැති රටේ
ආශ්චර්ය විතරයි අද අඩුව රටේ
රොකට් යැව්වා ලෝකෙට අපි හඬගාලා
ලම්බෝගිනි වගේ බඩගිනි සූ ගාලා
රුසියන් කෙල්ලෝ විත් නැටුවේ බඩගාලා
ලයිට් බිලට කෙලියා නේද හිටු ගාලා
රෑට රෑට රේස් පැද්දා ලයිට් දමා
පොඩි මිනිහට විද්දේ බිල මුලට දමා
කරන්ට් වදිනවා පෙර පිං අගින් දමා
දෙයියෝ බලාපං මගේ රට උඩින් තෙමා
මේවා මහිංන්ද මාමිත් බලන්න ඕනි අප්පා.. :D
ReplyDeleteඑපා ඕයි! මම සුදු වෑන් වලට බයයි!
Deleteඅද හෙට එයි එස් බී අපේ ලොකු මාමා
ReplyDeleteවනසයි අපිව ලෙසටම ගොන් තෙල් ගාලා
මැයි නම් ඉතින් බොරුවක්මැයි නාඩිය දීලා
බස් එක ආවේ 12යි 30හ පහුවීලා.....
මටත් බස් නම් එපා උනා එදා!
Deleteමොනවා නැතත් එතුමා නිසානේ අපි පාරේ බැහැල යන්නේ. :P
ReplyDeleteඒකනේ! නැත්නම් කොහේ යන්නද!
Deleteසහතික ඇත්ත නාඩියෝ
ReplyDeleteමේකනම් සිරාම නාඩියක්. මෙච්චරකල් මට හමුවුණ හොඳම යථාර්ථවාදී කවිය
ReplyDelete