නාඩි සෙට් එක

Thursday, August 1, 2013

සුභ සන්ධ්‍යාවක් වේවා!!!


උදේ අටයි පහයි.....ගොජ ගොජ සද්දේ දාගෙන යාල්දේවිය නාගොල්ලාගමින් අද්දදීම යාන්තම් එල්ලුනා. හොඳ වෙලාවට කන්දේ සුමනේ මාමාගේ බල්ලෝ ගිය බයිසිකලේ හරි ගෙදරින් එලියට බහිද්දිම හම්බ උනේ! නැත්නම් අදත් හුළං!
 
පෙට්ටි 4ක් 5ක් වත් ඇද ගත්තොත් නංගි ඊයෙත් නහයෙන් අඩ අඬා කියපු පොත් ලිස්ට් එක පුරෙන් ගන්න පුළුවන් වෙයි.

ටිනර් පතුරු ගැලවිලා දාඩියට කළු පාට වෙච්චි බොන්ගෝ එකත් අරගෙන මම කැන්ටිම් පෙට්ටියේ ඉදන් 3rd ක්ලාස් පෙට්ටි පැත්තට ඇදුනා. කවුරු මොනවා කිව්වත් හැමදාම වැඩිම කලෙක්ෂන් එක හම්බ වෙන්නේ ඒ පෙට්ටි වලින්! උගුර ලේ රහ වෙනකම් දෙකේ පෙට්ටි වල කෑ ගැහුවට අත් දිගට දාගෙන සැප සීට් වල දිග ඇදිලා යන අපේ මහත්තුරු නෝනලා පර්ස් එලියට අදින්න ටිකක් කම්මැලියි...

“වඩේ... වඩේ... වඩේ...ඉස්සෝ වඩේ...උම්බලකඩ වඩේ...පරිප්පු වඩේ...”

වඩේ මල්ලි කෑ ගහගෙන ගියා. මනුස්සයාට නම් අද බිස්නස් සරුයි වගේ. මිනිස්සු කෙල හල හලා වඩේ ගන්නවා...

මමත් උගුර පොඩ්ඩක් පාදලා පටන් ගත්තා...

“සඳ තනිවෙලා අහසේ... හිරු තනි වෙලා......”

කෝච්චියේ ඩක ඩකේ කන් හිල් කරාගෙන ඇතුලට බැස්සට උදේ බීපු ප්ලේන්ටියේ පිහිටෙන් මම මගේ සාක්කු පුරෝ ගන්න පටන් ගත්තා.
කෝච්චි පෙට්ටියේ කොනේම ලොකු කච කචයක්...

“අන්න මචං උඹේ යාලුවා අදත් ඇවිත්...”
“කවුද බං...?”

“අර සින්දු කියන අයියා...”
“ආ...ඉතිං මට මොකෝ...”

“හික්ස්.. මොකෝ අද මනෝ පාර ගහන්නේ නැද්ද?”

කැම්පස් සෙට් එක! හැමදාම සදුදා උදේට මේ පෙට්ටියේ සෙට් වෙන එකම සෙට් එක! ටිකක් විතර මහත හයියෙන් හිනා වෙන නංගි... හැමදාම ලොකු බෑග් එකක් අරගෙන පෙට්ටිය දෙවනත් වෙන්න කෑ ගහන කෙට්ටු මල්ලි.. හිනා වෙද්දී කම්මුලේ වලක් හැදෙන ලස්සන සුදු නංගි..... කට්ටියම එතන.... සෙට් එකම එකතු වෙලා එක කොල්ලෙක්ව චාටර් කරනවා...

“පියමන් කළා දෙදෙනෙක් සෙවණක් බලා.....”
“අහා...”

කොල්ලෝ කෙල්ලෝ ටික අත්වැල අල්ලනවා.මම අර කට්ටියම විහිළු කරන කොල්ලගේ මුණ බැලුවා. දැකලා පුරුදුයි වගේ....

ඔව්... ඉස්සර හැමදාම සදුදා උදේ යාල්දේවියේ එන කපල් එකේ පිරිමි ළමයා! ඒ කපල් එක මට අමතක උනේ නැත්තේ හැමදාම මම නැග්ගොත් කෝච්චියට ඒ ජෝඩුව ඉන්න තැනට ගිහින් සින්දුවක් කියන හින්දමයි! :D අනිවා රුපියල් 20ක් වත් දෙනවනේ! ඊටත් වඩා ඒ කෙල්ලගේ හිනාව... හිනා වෙද්දී එක දතක් වත් පේන්නේ නැති උනාට හරිම සිරියාවන්ත හිනාව...

හැබැයි හුඟ කාලෙකින් ඒ ජෝඩුව කෝච්චියට නැග්ගේ නෑ. අද කොල්ලා විතරක් තනියම... එහෙනම් ඒකත්.....

“උයනක් පිරි පිපි මල් අද පර වෙලා.....”

“ඒයි... මූඩ් ගහන්නේ නැතිව ඉදපන් යකෝ! මූදේ ඉන්නේ එක මාලුවද!”

අර සෙට් එකම තනියම සීට් එකක ඉගෙන හිටිය කොල්ලට කින්ඩි දානවා.. ඌ මාත් එක්කත් හිනා වෙලා වෙනදා වගේම රුපියල් 20ක් දුන්නා...

මම ඉස්සරහට ගියා... අර කොල්ලා නැගිටලා දොර ගාවට ඇවිත් එළිය බලාගෙන ඉන්නවා.. බර කල්පනාවක්...

“මල්ලි.. මොකෝ තනියම...? අර නංගි.....”
“ආ.... එයා අයියේ වෙන කැම්පස් එකකට ගියා...”

“ඒත් ඉතිං කතා බහ කරනවා ඇතිනේ...”
“නෑ.......”
 ඌ අහිංසක විදිහට හිනා උනා......

“තේරෙයි තේරෙයි තේරෙයි.... සුභ සන්ධ්‍යාවක් වේවා.....”

මම එහා පෙට්ටියේ සින්දු කියන්න පටන් ගත්තා....


  

36 comments:

  1. පව් අප්පා... වෙන මොනවා කියන්නද....?

    ReplyDelete
  2. ඔව් ඔව් ඔබතුමා ජෝදුවකට සින්දු 3-4ක් වත් කියනවානේ.... මොනවා කරන්නද මචං උඹත් ජීවත්වෙන්න එපැයි...
    නාඩියාට නං හොද හැටි අත්දැකීම් තියනවා නේ!!...

    ReplyDelete
    Replies
    1. නැත්නම්.... ඔව්නේ බං ඉතිං අවුරුද්දක් තිස්සේ දකින කරන දේනේ!

      Delete
  3. පව් නේ ඒ කොල්ලා බූට් එකක් කාලා. ඊලඟ දවසෙ ඉඳන් ඌට විරහ ගීත ගායනා කරපන් නාඩියෝ...

    මම දුලාගේ අඩවියේ™ දුලා
    පුලුවන් වෙලාවක් ඇවිත් යන්න අමතක කරන්න එපා:- දුලාගේ අඩවිය | Dula's Place

    ReplyDelete
  4. ඔය වගේ කතා බොහොම සුලභයි නාඩියෝ. නියම කතාවක්.

    ReplyDelete
  5. ලස්සනයි සහෝ...එක කතාවෙන් කතා ගොඩක්ම කියලා තියනවා...

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. මටත් එහෙම හිතුණා.

      Delete
    2. ඔව්... මම හැදුවේ ඔය අන්තිම කතාව කියන්න විතරක් නෙවෙයි.

      Delete
  6. සිංදුවටම ගැලපිලා. වෙනස් විදියක් වගේ :) 

    ReplyDelete
  7. අර කොල්ලට කෝච්චියට පනින්න හිතුනෙ නැද්ද.

    ReplyDelete
    Replies
    1. ආයේ හම්බ වෙච්ච වෙලාවක අහලා බලන්නම්....

      Delete
  8. ඇඩෙනවා .
    දුකයි .
    ශෝකය .
    විප්‍රලම්භ ශ්රුන්ගාරය .
    පස්චාත් තාපය .
    විලයනයේ ගුප්ත තාපය .

    ReplyDelete
    Replies
    1. තව ටික වෙලාවක් ගියා නම් උඹේ ශෝකෙ ඉවර වෙන්නෙ බයෝ ක්ලාස් එකෙන්. :D

      Delete
    2. ඈ බං පස්චාත් තාපය කියන්නේ මොකද්ද???

      Delete
  9. හ්ම් ... නාඩි වැටෙන මිනිස්සු. ඒ මිනිස්සුන්ට විතරයි හැඟීම් දැනීම් දැනෙන්නෙ, අනික්වා නිකන්ම යන්ත්‍රනේ.

    ReplyDelete
  10. ඒ කොල්ලා හොඳ කොල්ලෙක් නේ.... කෙල්ල නැති උනත් උෟ රුපියල් 20 දුන්නනේ...

    ReplyDelete
  11. නාඩියා ටිකක් වෙනස් කතාවක් ලියල තියන්නෙ.. එලස් ! :)

    ReplyDelete
  12. ඔය කෝච්චියේ ගිය කෙනෙක් හැටියට අර මූඩ් ගහන කොල්ලා පෙනුමෙන් ගොඩක් නාඩියා වගේමයි කියලා මතකයි.. මොනා කරන්නද මතන්... හැමදාම වගේ අදහස් ගැලපුමට නම් ඔන්න සුපිරි..

    ReplyDelete
    Replies
    1. ඔන්න ඉතිං නිර්ලජ්ජිත මඩක්!!!

      Delete
  13. හ්ම්ම්ම්... පියෝ ලව්... මොනා කරන්නද ඉතිං දෙයියනේ...

    Bora Diyaka Induwara

    ReplyDelete
  14. මාර ගැලපිල්ලක් නෙව

    ReplyDelete
  15. පව් ඕයි,
    එක නෙවෙයි අර //"හැමදාම ලොකු බෑග් එකක් අරගෙන පෙට්ටිය දෙවනත් වෙන්න කෑ ගහන කෙට්ටු මල්ලි."// කියන්නේ අර නාඩියා කියන එකාද..? හැක් හැක්...!

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...