නාඩි සෙට් එක

Friday, August 23, 2013

කොටු : කවියක් කතා කරයි - අංක 02

පහුගිය නාඩිය කස්ටිය පොඩ්ඩක් අන්ද මන්ද කොලා කියලා ටිකක් සද්ද බද්ද ආවා. කොරන්ඩ දෙයක් නෑ! ඒ ඉතිං නාඩියාගේ  හැටි! තියෙන මල ඉලව් හංගලා හරි කොටලා දානවා!

ඒකෙ අන්තිමට “To be continued… “ කියලා තිබ්බනේ. මේ ඒ ටික.

මේ නාඩියේදී මම පොඩ්ඩක් ස්ත්‍රීවාදී වෙන්ඩ (ත්‍රස්තවාදී නෙවෙයි ඈ) හිතුවා. හැබැයි ඉතිං වරද පටවන්න යන්නේ පිරිමි සනුහරේට විතරක් නෙවෙයි. මේකට ඉතිං දෙගොල්ලොම සම්බන්ධයි!

මේකේ ඒකෙ තිබ්බේ මෙච්චරයි...


එච්චරයි!

හැබැයි කමෙන්ට් ටික කියෙව්වහම කස්ටිය අපි හිතනවාටත් වඩා දුර හිතලා වගේ පේනවා. කවුරු කිව්වත් නැතත් ලිඳ ළඟ සංගම් වල office chat box වල මදි නොකියන්න තියෙන මාතෘකාවක්නේ මේක!

කොටු?? මොනාද ඒ??

කාට කාටත් තේරෙන විදිහට කිව්වොත් ස්ත්‍රී පුරුෂ අසම්මත සම්බන්ධතා....
 
මනුස්සයා කියන්නේ සමාජ සත්ත්වයෙක්. මනුස්ස සමාජය හොද නැගිලා තියෙන්නේ සමාජ සම්බන්ධතා මත. කාටවත් වෙන්වී තනිවී ජිවත් වෙන්න ඇත්තටම හැකියාවක් නෑ.

මෙහෙම තියෙන සමාජේ ලස්සන වෙන්නේ ආදරය කියන අපූරු අකුරු හතර උඩට සමපාත වෙච්චි පවුල කියන සංකල්පය ගොඩ නගාගන්න දායක වෙන ස්ත්‍රී පරානයක් හෑ පුරුෂ පරාණයක් අතර ඇති වෙන අන්තර්පුද්ගල සම්බන්ධතා නිසා. (බර වැඩිද මන්දා...) 

මේ සම්බන්ධතාවට අරුත් එක්කාසු කරන්නේ ලිංගිකත්වය! ඇත්ත. කවුරු කවුරුත් එලිපිට් කතා කරන්න බය උනත් ලෝකේ හැම දෙයක්ම රදා පවතින්නේ මේ ලිංගිකත්වය මත.. නැත්නම් ලිංගික ආකර්ෂණය මත...ටිකක් හිතලා බලන්න කතාව බොරුවක්ද කියලා...

මෙන්න මේ විදිහට සංවිධානය වෙලා තියෙන සමාජේ දෙදරලා ඉරි තලාලා යන්න හේතු වෙන එක කාරණයක් තමයි මම කලින් කිව්වා අනියම් සම්බන්ධතා...

හංගන්න දෙයක් නෑ.. කාගේ කාගේත් කිල්ලෝට වල හුණු ඩිංග ඩිංග හරි තියනවා... 

ඒත්.....
පෘතජනයෝ වෙච්චි අපිට හිතේ උපදින හැඟීම් 100% පාලනය කරගන්න බැරි උනාට හිතන්න පුළුවන් වෙච්චි සත්ත්වයා “මිනිසා” විදිහට හැඟීම් පාලනය කරගෙන ජිවත් උනොත් ලෝකේ මීට වඩා ලස්සන තැනක් වෙයි නේද???

“ලීලයි කමලයි චම්පයි රේඛායි භානුමතියි නයනායි සඳරේඛායි කස්ටියම කොටු නොවී අපේම සහෝදරියෝ... උනොත්...(අනිත් පැත්තටත් අදාලයි ඈ)

අපි ඔක්කොම වැදගත් වෙයි නේද මචං???

43 comments:

  1. ආදරය කියන දේ මිනිස්සුන්ව පින්වන තවත් එක හැඟීමක් විතරයි.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.. එක්තරා දුරකට.. හැබැයි සමහර වෙලාවට මිනිස්සු ජිවත් කරවනවා...

      Delete
  2. නාඩි මලේ, මෙව්වා ඉතින් කියලත් බෑ ,නොකියත් බෑ.

    ReplyDelete
    Replies
    1. ඔව් ඉතිං කවුරු කොහොම හරි කියන්නත් එපැයි!

      Delete
  3. Replies
    1. මොනවද බං මකලා දාන්නේ මල දානේ දාහංකෝ

      Delete
    2. හික්ස්!! බරටම වැරදිලා වගේ!

      Delete
  4. අනේ මන්ද නඩියෝ... උඹ හිතනවා වැඩියි, මයේ හිතේ!!! අපිට නං පස්නයක් නෑ. හැබැයි සමහරුන්ට නං රිදිලා කියලයි ආරංචිය උඹ කෝකටත් පරිස්සමට.....

    ReplyDelete
    Replies
    1. හාකෝ හාකෝ! කෝකටත් පරිස්සම හොඳයි!

      Delete
  5. ඇත්ත.. විරුද්ධ ලිංගිකයන් දෙන්නෙක් කාලයක් දිගටම ආශ්‍රය කරද්දි එකිනෙකා ගැන හැඟීමක් ඇති වෙන්නෙ නෑ කියනව නම් ඒක බොරුවක්

    ReplyDelete
    Replies
    1. ඒකනේ!! ඕකට අපේ එකෙක් මාරු කතාවක් කියනවා. හම්බ වෙච්ච වෙලාවක කියන්නම්.

      Delete
  6. මචං නාඩියා, මේකෙන් දැන් බඩේපාර වදින්නේ ඉතින් අපි දන්න කියන "කොටුවාට" තමා ඕන්.....

    ReplyDelete
    Replies
    1. කොටුවට විතරක්ද බන් ලියපු නාඩියාටත් බඩේ පාරනේ :P ඒත් කතාව අමුලික ඇත්ත මචෝ...

      Delete
  7. නාඩියෝ මේකට කියන්න තියන උත්තරය හමු වු විටෙක කියන්නං.

    ReplyDelete
  8. විවිධත්වයට හෑමොම ආසයි නෑ කියනවනම් බොරු

    ReplyDelete
    Replies
    1. ඇත්ත.. ඒත් ඒක නීති විරෝධී නම්?

      Delete
  9. මිනිසා කියන වචනෙ ඇතුලෙම ඒම වෙන්න ඕනි කියල තියනවනේ..

    ReplyDelete
  10. ළගදි දවසක මහාචාර්ය කාලෝ පොන්සේකා මහතාගේ දේශනයක් අහන්න ලැබුණා .... එතැනදී එයා කිව්වා ලෝකයේ මිනිසා දියුණුම සත්වයා බවට පත් උනේ හේතු 2ක් උඩ ඒ තමයි හොද මොලයක් හා අහවල් එක නිසාය කියලා...... අම්මප බලන් ගියාම කතාව ඇත්ත .... ඒ නිසා පලවෙනි එකින් හොදට කල්පනා කරලා දෙවෙනි එකෙන් හොදට වැඩ ගනිල්ලා .....

    ReplyDelete
  11. මූ කොටුවක් පැනලා වගේ....

    ReplyDelete
    Replies
    1. ඔන්න ඉතිං රෝන් ටෝක් දෙන්න යනවා!

      Delete
  12. දෙන්න අතරෙ සම්බන්ධයක් තියෙනවනං කොටු ඕන නෑනෙ.

    ReplyDelete
    Replies
    1. යහපත් අර්ථාන්විත සම්බන්ධයක්.

      Delete
  13. මිනිසා මිනිසෙක් වෙන්නෙ ම සංස්කෘතිය නිසා නේ.

    ReplyDelete
    Replies
    1. මිනිසා මිනිසෙක් වෙන්නෙ හිතන්න පුළුවන් හින්දා කියල මට හිතෙන්නෙ.. මනුස්සකම ඊට පස්සේ... සංස්කෘතිය ඊට පස්සේ .... ඔහොමයි මට හිතෙන්නෙ...

      Delete
    2. මෙහෙමයි! ඔය තුනම සම සමාව ඕනේ මම හිතන විදිහට.

      Delete
  14. හොඳ වෙලාවට මං කලින් එකත් කියෙව්වෙ අද.. හි හි

    උඹ ඔහොම හිතුවට ඊළඟට සමාජයට එන්න ඉන්න පරම්පරාව දැන් හිතන්නේ ඔය විදියට තමයි නාඩියො.. ඒක හිටපු සහ ඉන්න පරම්පරාවල වැරැද්ද... කොටින්ම කිව්වොත් අපේ වැරද්ද... ඒත් අපි තාමත් පහුගිය හපන්කම් චුයිංගම් වගේ හප හප රස විඳිනවා... අපි වැරුද්ද තේරුම් අරන්වත් හදාගෙන වත් නෑ....

    මේක කියන්න හිතුනේ අද අටම්ගේ පෝස්ට් එකයි, ඒකට වැටිච්ච කමෙන්ට් එකකුයි හින්ද...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්... කියවලා බලලම එන්නම්කෝ,.

      Delete
  15. පෘතජනයෝ වෙච්චි අපිට හිතේ උපදින හැඟීම් 100% පාලනය කරගන්න බැරි උනාට හිතන්න පුළුවන් වෙච්චි සත්ත්වයා “මිනිසා” විදිහට හැඟීම් පාලනය කරගෙන ජිවත් උනොත් ලෝකේ මීට වඩා ලස්සන තැනක් වෙයි නේද???


    අනිවාර්යෙන්ම!

    ReplyDelete
  16. මිනිස්සු අනිත් සත්වයන්ගෙන් වෙනස් වෙන්නේ හැඟීම් පාලනය කරගන්න පුළුවන් හින්දා නේද? ඒත් හැඟීම් පාලනය කරගන්න බැරි අවස්ථාවල් නැතුවාම නෙවෙයි.

    ReplyDelete
  17. උඹ මෙන් ..
    මාත්,,
    සිරා ,, පෘතක්ජනයෙක්..
    ඉතින්,,,
    තව මොනවද,,

    අරකෙ කොමෙන්ට් එකක් කෙටුවේ නැත්තේ කොයි පැත්තට කරකෙයිද දන්නේ නැහැනේ (දන්නවනේ විදිය ^_^ )

    මනස වැඩ කරන හැටි දැනගන්න පුලුවන්නම්...

    ජයෙන් ජය ,,

    ReplyDelete
  18. හැම මිනිහටම හැඟීම් 100% පාලනය කරගෙන ජීවත් වෙන්න පුළුවන් වුනා නම්.පොලිසි, පොලිසිය, නීතිය හා සාමය ආරක්ෂා කරන උදවියගේ රස්සා නැති වේවි.

    ReplyDelete
  19. අපි ඔක්කොම මිනිස්සුනේ බං....

    ReplyDelete
  20. උඹ වගේ අපිත් කොටු පනිනවා කියලා හිතුවද ? අනේ මගෙ කට...

    ReplyDelete
  21. නාඩියෝ කොටුත් නරකම නැහැ කොටු නොවෙනතාක් කල්

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...