නාඩි සෙට් එක

Thursday, February 28, 2013

කටුව : කවියක් කතා කරයි - අංක 01


කවියක් කියන්නේ රටාවකට ඇමිනිච්ච අකුරු ගොඩකට...ඒ අකුරු ඇමිණිලා හැදිච්ච වචන හරඹය එක්කෙනෙක්ට “කවියක්” වෙද්දී තවත් කෙනෙක්ට ඒක විකාරයක් වෙන්න පුළුවන්...

“කවිය නැති වෙලා...” කියලා සමහරු කෑ ගහද්දි නාඩියා මේ හදන්නේ මං තුමා හිතන විදිහට කවියට අලුත් පණක් දීපු “බ්ලොග් කවිකාරයෝ” ලියපු කවි මරන්න!

මරන්න කිව්වේ ඒ අකුරු අස්සේ හැංගිලා ගුලිවෙලා තියෙන අපූරු රහස් අපිට තේරෙන විදිහට එලියට ඇදලා දාන්න!

බලමු...ගල් වදින්නත් පුළුවන්..මල් පුදන්නත් පුළුවන්! කරගෙන යමු....අපිට පුළුවන් විදිහට....

මුලින්ම මරන්න තෝරා ගත්තේ නාඩියා කියලා එකෙක් ඊයේ පෙරේදා ලියපු “කවියක් වගේ එකක්”! මාතලන් ලොක්කා තමයි කියලා ගිහින් තිබ්බේ “ඉතිං උඹම පටන් ගනින්” කියලා! ඔන්න මම පටන් ගත්තා.. සමහර කවි වගේ ඒවා ටියුබ් ලයිට් වෙන අපි කාටත් මේක නම් පොඩි හින්ට් පාරක් වෙයි නේ...

ඔන්න ඒක

ඇත්තටම කිව්වොත් මේක මේ ලියපු එකාගේ..ඒ කියන්නේ නාඩියා කියන එකාගේ පොඩි අත්දැකීමක්...කවුරු මොනවා කිව්වත් මොන මොන චොකා බයිලා ගැහුවත් “ආදරය” කියන්නේ කාගේ කාගේත් අන්ගේ හිරි ගඩු පුප්පවන...සමහර වෙලාවට පිස්සු වට්ටවන අමුතුම එකක්...
කොහොමෙන් කොහොම හරි මේ තුමාත් ඒ ලෝ දහමට යටත් උනා..හැබැයි...ඒක පාර්ශවික ආදරයක්! දෙවන පාර්ශවය මේ ගැන හාන්කවිසියක් දන්නේ නෑ...! ( පිස්සු නේ!) .කොහොමෙන් කොහොම හරි විපරම් කරලා බලනකොට ඒ සොඳුරු සිතැත්තී මගේම කර ගන්න බාධක ගොඩයි.. “ආදරයට වැට කඩුලු..සිමා නෑ ...” කියලා කවුදෝ කෙනෙක් කියලා තිබ්බට අසම්මතයට එකතු වෙලා off road යන්න බැරි වෙන්න තවත් බැමි ගොඩකින් මාව වෙලලා තිබ්බා...
මම ඒක හිතින් අත ඇරියා! හැබැයි කාලාන්තරයක් තිස්සේ හිතේ අස්සක ගුලි වෙලා පැසවපු ඒ හැඟීම් එක පාරින් අයින් කරලා දාන්න කියලා වටේ ඈයෝ කිව්වත් කළු ලෑල්ලක හුණු කුරකින් ඇඳපු ඉරක් මකලා දානවා වගේ ඒක ලේසි වැඩක් උනේ නෑ!
පැසවපු තුවාලයක් වගේ ඒ සිතුවිල්ල මට හැමදාම රිදුම් දුන්නත් කුළුදුලේ ඉපදිච්ච ඒ සිතුවිල්ලට මම හැමදාම ලෝබයි...

ගැලෙව්වත් ඒ ක‍ටුව..
විශ උනත් ඒ ක‍ටුව...
අහවරයි සිදුරු කර..
රිදුම් දෙන හදවතම...!
වී පොකුරේ වීයා ඒ කවිය කියවලා මෙහෙම කියලා ගිහින් තිබ්බා...ඇත්ත... සිදුරු කරපු ඒ හදවතට එබිලා බලන්න පුළුවන් තවත් සිතැත්තියෙක් එනකම් ඒ හදවත බලාගෙන ඉන්නවලු....
මෙහි සිටින
අප හැමට
වැදී ඇත කටුව
කෙදිනක හෝ
කොතැනක
ගලවනු බොරු
මියෙන තුරු
සුදීක අයියා අකුරු කරලා තිව්වේ ඒ විදිහට...  14 වෙනිදාට සිමා නොවිච්ච “ආදරය” කියන අකුරු හතරට නියම අර්ථය දීපු ඒ “කටුව”, අඩි හයේ පෙට්ටියක මහ පොළොවේ පස් වෙන දවස වෙනකම් අමතක කරන්නනම් බැරි වෙයි.
ඔන්න ඔහොමයි ඒ කතන්දරේ.... බලමු ඉස්සරහට කලින් ලියපු කවිත් එක්කම මරන්නම්කෝ.....

50 comments:

  1. සාහිත්‍යයේ එන කවියක් කියන්නෙයි මෙතන?
    අයි මීන් විස්ස විජ්ජාල සහිත්‍යයේ...

    ReplyDelete
  2. කටුව ගැලෙව්වාත්
    යම් දිනක..,
    සිදුරු වූ තුවාල කැළල නම්,
    බැරි වෙයි මකන්න
    සදහටම.........

    (‍Y) අදහස මරු නාඩියෝ!!

    ReplyDelete
    Replies
    1. අම්මේ ඔව්..කවදා නම් මකන්නද ඒ කැළල...

      Delete
  3. කලින් එකෙත් කිව්වා වගේ මගෙත්ලෝබකම හින්දා තමා කෙල වෙලා තියෙන්නේ

    ReplyDelete
  4. ඔහොම ඒවා කාටත් තියනවා බං. ඒවා මේ විදිහට පද වලට පෙරලුනාම ලස්සන නිර්මාණ තමයි. උඹගේ ඒ කවිය නම් සිරාවටම ලස්සනයි මචං..

    ReplyDelete
    Replies
    1. පොඩි උත්සාහයක් විතරයි ඒ....

      Delete
  5. මට කවි බෑ.... ඒක නිසා බැලුවා කියන්න මේ කමෙන්ට් එක දාලා ෂේප් එකේ මාරු වෙනවා කොල්ලෝ..... හි හි

    ReplyDelete
    Replies
    1. ඔහේ පල! මෙන්න මෙයාට මේ වචන තේරෙන්නේ නෑලු!

      Delete
  6. මම කිව්ව දේ හරි. :)

    ReplyDelete
  7. ඇත්ත.
    ඒ වාගේම අවංක ආදරයට අදරවන්තයා හෝ ආදරවන්තිය මියදුනත් අමතක කරන්න බැරි විය යුතුයි. කාලය සමග වැලලී ගියත් එය සදාතනික වැලලී යාමක් නොව. මොහොතක නැවත මතකයේ නැගෙනවා නොවේ ද?

    ReplyDelete
    Replies
    1. හැම මොහොතේම මතකයට නැගෙයි..එයයි අරුමය...

      Delete
  8. ආදරය වනාහී...තේරුමක් නැති අකුරු හතරකට තේරුමක් දෙන්න උත්සහ කිරීමකි....

    ReplyDelete
  9. කතා කරන්න එපා ඔය ඉලව් ප්‍රේම පුරාන ගැන කවි වලින් වත් ,මට මේ ඇපත් නැති වෙලා ඉන්නේ මේ දවස් ටිකේ ,

    ReplyDelete
  10. කියෙව්වෙමි. කවි බැරිමි. යමි. යළි එමි.

    ReplyDelete
    Replies
    1. කවි බැරි නම් වෙන්ඩම බැරිය!

      Delete
  11. අළුත් දෙයක් පටාන් අරන් වගේ!! ජය වේවා!

    ReplyDelete
  12. ගලවන්නට හැකි වුනත් ඒ කටුව
    ඇති වූ සිදුර වසාලිය නොහැකියි කිසිවකින්
    ගලවන්නට නම් මගකදී කටුව
    නොගසා සිටින්නට තිබුණි පසුව ඇතිවන රිදුම් ගැන සිතා

    ගැලීවිය කටුව
    විවර විය සිදුර
    ලේ බිංදු විසිරිලා
    අප්‍රාණික විය මම

    ReplyDelete
    Replies
    1. මෙන්න මෙයා කවියකුත් හදාගෙන ඇවිත්!
      හ්ම්ම්...කතාව ඇත්ත..ඒත් කොහොමද එහෙම ඉන්නේ?

      Delete
    2. හදාගෙන ආවේ නෑ බොල,, මගේ පරම චින්ත මෙව්වා එකට ඔන් ද ස්පොට් ආවේ,, කොහොම ඉන්නෙද??

      Delete
    3. නෑ මම කිව්වේ කටුව නොගසා ඉන්නේ...?

      Delete
  13. //“ආදරය” කියන්නේ කාගේ කාගේත් අන්ගේ හිරි ගඩු පුප්පවන...සමහර වෙලාවට පිස්සු වට්ටවන අමුතුම එකක්...//
    සම්පූර්ණ ඇත්ත...:(

    ReplyDelete
    Replies
    1. අත්දැකීමෙන් වගේ කියන්නේ..... ;)

      Delete
  14. ඇනෙන තුරු දන්නේ නැහැ
    නොඇනුනොත් වැඩක් නැහැ
    ගැඹුරටම ඇනෙන තුරු
    වේදනා දැනෙන් නැහැ ...

    - කටුව -

    ReplyDelete
    Replies
    1. ඇනුනාට පසු ඒ වේදනා...
      දැනුනාට නිමක් නෑ!

      Delete
  15. සුව වුනත් විස සිදුර
    කකියයි තාමත්
    හදවත සොඳුර
    දකින විට කැළල
    හිරි වැටෙයි
    මුළු ගතම

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්....
      ඒ විස සිදුර මකාලන්නට...
      පැලැස්තරයක්...?

      Delete
  16. කවිය ගැන කියනවනම් උබේ කවිය සුප්ප... ඔය සිද්දිය දන්න එකෙක් විදිහට මම අදටත් කියන්නෙ... උබ ඔය මවාගෙන ඉන්න බාදා ,උඹ හිතන තරම් ලොකූ බාදා නෙව්යි... ඔය කවිය ලියවුනු එක හොදයි... ඒත් ඔය කවිය වෙනස් කරල ලියන්න වැඩකරන්න උබට තාමත් අවස්තාව තියනවා...

    ReplyDelete
  17. රිදුම් දී ඇනුන තැන
    පැස්වමින් වේදනා නැගෙනු වුව
    වේදනාවද සැපක් බව
    කියනවා විඳින ඇතැම් අය...
    නමුත්...
    ක‍ටුව ගලවනු වෙනුවට
    වේදනා දෙවන වණයම
    කපා විසි කෙරුවා මම
    යලිත් ක‍ටුවක් නොඇමිනෙන ලෙස....

    කවිය මරු හොඳේ....

    ReplyDelete
    Replies
    1. අන්න මරු වැඩේ!
      වණයාම නෙවෙයි කකුලම...
      ගලවා විසි කරන්නට ඇත්නම්...
      නොපෙනෙනා ඈතකට!

      Delete
  18. හ්ම්ම්... හ්ම්ම්.... කවිය ලස්සනයි....
    ඔය ප්‍රශ්නෙ ගොඩක් දෙනෙක් මුණ දෙන ප්‍රශ්නයක් තමා....

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්..බලපුවහම universal ප්‍රශ්නයක්!

      Delete
  19. අනේ මටනං ඔය කවි බෑ බං...
    මොනා කරන්නද??????

    ReplyDelete
    Replies
    1. අනේ බොරු නොකියා ඉඳින්!

      Delete
  20. හික් හික් හික් මට කවි අරහං කොල්ලෝ

    ReplyDelete
    Replies
    1. බලාගෙන එහෙනම් කියවන්නේ!

      Delete
  21. මට බැහැ බන් මේකට කමෙන්ට් කරන්න.

    ReplyDelete
  22. කීමට වදන් නැත...

    ReplyDelete
  23. හුඟක් හිතුවා මොකක්ද දාන්නේ කියලා ලියන්න මුකුත් හිතෙන්නෙම නැ
    ආදරය ගැන කවි ලියන එක නවත්තලා තියෙන්නේ මල්ලි :( :(

    ReplyDelete
  24. කටුවක් ඇනි ඇත දැන් හදවත පතුලේ
    කටුවක් නිසා ඇතිවෙයි දුක් හැම වෙලේ
    කටුවක් ඇද දමා සුවකල හැකි වෙලේ
    කටුවට බැඳී නිසා පෙම එය නොකරමි රාලේ

    ReplyDelete
  25. ෆස්ට් ලව් එක මතක කරන්න අමාරුයි...

    ReplyDelete
  26. ලකෆ්‍රෑන්ස් නමින් මෙතෙක් කල් අනිකුත් බ්ලොග්කරුවන්ට අපහාස වන අන්දමේ බ්ලොග් අඩවියක් පවත්වාගෙන යාමට නොදැනුවත්වම දායක වීම ගැන ඔබ සියලු දෙනාගෙන් කොන්දේසි විරහිතව සමාව ඉල්ලා සිටිමි. බ්ලොග් අවකාශය තුල මිතුරන් යැයි මා මෙතෙක් සිතා සිටි කතන්දර/වැප්/ඕනමැන්ටල් යන අපාය සහායක මිතුරන් නිසා මට මේ කරුමෙට දායක වීමට සිදුවිය. අදින් පසු මම ඉහත නම් කියූ උන් සමග ඇයි හොදයියක් නැත. කරුණාකර පෙර මෙන් මා පිළිගෙන මට සමාව දෙන්න....ඔබේ මිත්‍රත්වයේ හස්තය මා වෙත දිගු කරන්න.

    ජංගම දුරකථනයට දිනපතා පැමිණෙන මරණ තර්ජන නිසා බක්මහා උළෙලට සහභාගි විය නොහැක.

    ස්තූතියි,

    මම ඔබේ හිතවත් අභීත

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...