නාඩි සෙට් එක

Tuesday, January 7, 2014

දයාබර පරිගණිකාව


අලුත් අවුරුද්දේ පළවෙනි නාඩිය ටිකක් වෙනස් විදිහකට කොටන්න හිතුවා. දැන් ඉතිං ඔක්කොම දවසේ වැඩි දවසක් ජිවත් වෙන්නේ පරිගණක රාජයා එක්කනේ! අපේ සමහර උන්ට නම් ඉතිං ලැපී නැත්නම් ජිවිතයක් නෑ. මංතුමාටත් එසේම තමා. ඔය පරිගණක රාජයෝ එක්ක ගනුදෙනු කරන්න යමක් කමක් කරන්න පුළුවන් එකා වෙච්චි මට ඔය අන්ජබකල් වෙච්චි ලැප් කේස්.. මැෂින් කේස් බර ගානක් අහන්න වෙනවා. “අනේ මේක හදලා දෙන්නකෝ...” වැඩියෙන්ම ඉතිං බවලත් උදවිය ගෙන් තමයි.

මංතුමා කල්පනා කළා ඒ හින්දා පොඩි පොඩි උපදෙස් වගේ මෙව්වා ටිකක් දෙන්න කියලා අලුත් අවුරුද්දේ.

මට ඕනේ මොකද්ද?

මැෂින් එකක් ගද්දි පොඩ්ඩක් බලන්න ඕනේ මට මේක ඕනේ මොකටද කියලා. මොකෝ ලියුමක් ටයිප් කරලා film එකක් බලලා Facebook යන්න වගේ පොඩි වැඩවලට ලොකු RAM තියෙන VGA තියෙන මැෂින් ඕනේ නෑ. බොරු සල්ලි නාස්තියක්. හැබැයි ඉතිං programming කරන්න එහෙම අදහසක් තියනවනම් RAM එක හොඳ මැෂින් එකක් ගන්න එක ඇඟට ගුණයි. අනිත් එක ඔය laptop එකක් එහෙම ගනිද්දී review ටිකක් එහෙම කියවලා ගන්න. සල්ලි ටිකක් වියදම් කරන එකේ හොඳ එකක් ගන්න බලන්න.

පරිස්සම

මෙහෙමයි මං හිතන විදිහට මේ ලැප්ටොප් වලට ඉතිං බබා වගේ සැප දෙන්න ඕනේ නෑ.මගේ එක 2011 අප්‍රේල් වල ගත්ත දවසේ ඉඳන් මේ වෙනකම් අඩුම ගානේ දවසකට පැය 18ක් වත් on! බබා වගේ වැඩ! හැබැයි ඉතිං ඔය ලැප් ඒක උඩ තියාගෙන චොක්ලට් කන ඒවා. කිරි බොන්න ගිහිං හලා ගන්න ඒවා වගේ ඒවානම් කරන එක පව් ඈ! පුළුවන් හැමවෙලේම ලැප්ටොප් වල ventilation holes ඇරිලා තියන විදිහට තියන්න. පොඩි බ්‍රෂ් එකක් අරගෙන සතියකට සැරයක් වත් ඒවා පිහලා දානවනම් හොඳයි.

Operating System එක

අපි වැඩිය සැලකිලිමත් වෙන්නේ නැති දෙයක් තමයි මේක. ගොඩක් කස්ටිය හිතාගෙන ඉන්නේ windows තමයි ඉතිං එකම එක කියලා. නරකක් නෑ ඒකෙත්. මෙහෙමයි OS එක දාද්දි machine එකේ hardware requirements වලට හරියන එකක් දාන්න බලන්න. Windows family එකේ අලුතින් ඇවිත් තියන ජනෙල් 8 (Windows 8.1 එකත් තියනවා හරිය) ගොඩක් machine එක්කනම් හොඳට වැඩ කරනවා. හැබැයි ඉතිං Windows පාවිච්චි කරනවානම් මම දෙන අවවාදේ තමයි Original Software එකක් පාවිච්චි කරන්න කියන එක. ටිකක් සල්ලි යනවා තමයි. හැබැයි performance අතින් පැහැදිලි වෙනසක් තියනවා. කොහොම උනත් pirated software පාවිච්චි කරන එක වැරදියි නේ. (තොටනම් ඉතිං මොකෝ නිකම්ම හම්බ වෙනවනේ කියලා බැනපන් දැන්!)

සල්ලි ගෙවන්නත් අකමැතියි නම් ඉතිං තියන හොඳම විසඳුම තමයි Free & Open Source (FOSS) පැත්තට හැරෙන එක. Ubuntu, Fedora, Hanthana Linux, Cent OS වගේ ඒවායින් තමන්ට ගැලපෙන එකක් දා ගත්තහම ලේසියි. කට්ටිය කිව්වට ඒවාගෙන් වැඩ කරන එක අමාරුයි කියලා මොකෝ අපේ අය ඒවා දාගෙන ලොකු system ගහන්න යන්නේ නෑනේ. සාමාන්‍ය පාවිච්චියට පංකාදු පහයි ඉතිං. හැබැයි මේ වගේ OS එකක් install කරගන්න එක ටිකක් කල්පනාවෙන් කර ගන්න එක හොඳයි.

අලුතින් එන Dell laptop වල එහෙම Ubuntu දාලමයි එන්නේ. එහෙම එකක් windows වලට හරවා ගන්නවනම් දන්නා කියන කෙනෙක්ට කියලා hard එකේ partition ටික හරියට හදාගෙන දාන්න. නැත්නම් ඉතිං ටිකක් ලෙඩ දෙනවා.

Software කෝටියයි

Application software install කරද්දී අපිට ඕනේ ඒවා විතරක් දා ගන්න. හිතන්න මට ටික දවසකට විතරක් video ටිකක් edit කරගන්න තියනවා කියලා. එහෙනම් ඒ editing software එක පාවිච්චි කරලා ඉවර උනාට පස්සේ uninstall කරලා දාන්න. Setup එක ඕනෙනම් තියාගන්න පස්සේ ඕනේ උනොත් ආයේ දා ගන්න. අනිත් එක ඔය free software එහෙම පාවිච්චි කරද්දී ටිකක් පරිස්සමින්. ගොඩක් ඒවා අස්සේ තව එක එක ඕනේ නැති දේවලුත් install වෙනවා. 

Internet Downloading

දැන් ඉතිං හැමෝම internet එක්ක බද්ධ වෙලා ඉන්න එකේ අපි ගොඩක් දේවල් බාගන්නවා. හැබැයි මම දැකලා තියනවා මේ download කිරිල්ලත් එක්ක browser එක පිරෙන්නම එක එක add-on install වෙලා. Homepage මාරු වෙලා එක විකාරයයි. ඒ හින්දා මොකක් හරි  download කරන්න යද්දී එන message ටික එහෙම හොඳට කියවලා බලන්න.නැත්නම් වෙන්නේ machine එක slow වෙන එක විතරයි.


C එකේ නෙවෙයි desktop එකෙයි save කලේ.

අද තියන ගොඩක් මැෂින් වල ලොකු hard එකක් තියන නිසා ඒක partition කරලයි තියෙන්නේ. එහෙම තියෙද්දී රීතියක් විදිහට C drive එකට අපි OS එක දානවා. Software ටිකත් දානවා. එහෙම එකේ අනිත් තියන ෆිල්ම් සින්දු අනම් මනම් ටිකත් ඒක අස්සෙම පුරවන්න යන්නෙපා. ලබ්බේ ඇතුලේ තොවිලේ වගේ තියෙයි එතකොට! ඔය desktop එකත් තියෙන්නේ C එකේම තමයි ඈ! :D

පුළුවන් තරම් අලුත් දේවල් හොයන්න. දැන ගෙන කලොත් ඔය මැෂින් වලට මොකුත් වෙන්නේ නෑ! ඕවා හදලා තියෙන්නේ වැඩ ගන්න. හැබැයි computer එකේ වහලෙක් වෙන්නේ නැතිව computer එක වහලෙක් කර ගන්න. හැබැයි තමන්ගේ ලැපී ගණිකාවක් කරන්න නම් එපා ඈ! තමන්ගේ ගෑනු ළමයා වගේ බලාගන්න.  ;)

ආයු බෝ වේවා!!!   

70 comments:

  1. හොද ලිපියක් නාඩි අයියේ /// හැබැයි ඉතිං ඔය ලැප් ඒක උඩ තියාගෙන චොක්ලට් කන ඒවා. කිරි බොන්න ගිහිං හලා ගන්න ඒවා වගේ ඒවානම් කරන එක පව් ඈ!/// මේක දකින මේ වෙලාවෙත් මං රසම රස ස්ට්‍රරෝබරි චොක්ලට් එකක් කනවා..කීබෝර්ඩ් එකත් ටිකක් කනවා.. කලින් එකේ පුංචි සත්තු වගයක් එලියට එන්න පටන් ගත්තම තමයි කලින් කරන්න පටන් ගත්තේ.. ඇත්තටම ලැප් එකේ අනවශ්‍ය ගොඩක් දේවල් මාත් පුරෝගෙන හිටියා මේ වගේ ලිපියක් කියෝලා ගොඩක් අනවශ්‍ය දේවල් ඉවත් කළා... ඒ වගේම දැන් මං පසු තැවෙනවා ලොකු ගානක් වියදම් කරලා ලැප් එකක් ගත්ත එක ගැනත්.. මේකෙන් මං කරන්නේ ඉතාම සාමන්‍ය දේවල් ටිකක් විතරයි,... දැන් මොනා කරන්නද ඊලග පාර වත් ඔයාගේ උපදෙස් ටික අනුව එකක් තෝරාගන්නවා .හොද ලිපියක්

    ReplyDelete
    Replies
    1. /// හැබැයි තමන්ගේ ලැපී ගණිකාවක් කරන්න නම් එපා ඈ! තමන්ගේ ගෑනු ළමයා වගේ බලාගන්න. ;)// පරිස්සමෙන් පරිහරණය කරන්න කියලා වෙන්ටැති මේ කියන්නේ ඉදගෙන :)

      Delete
    2. ඔව් ඔව්.. ඉඳගෙන හරි හිටගෙන හරි පරිස්සමෙන් පාවිච්චි කරන්න ඕනේ...

      Delete
  2. සිරාම ලිපියක් නාඩියා...

    ReplyDelete
  3. "ලැප්ටොප් වලට ඉතිං බබා වගේ සැප දෙන්න ඕනේ නෑ" මේක නම් ඇත්ත කතාව බන් ලැප් විතරක් නෙමේ කිසිම ඉලෙක්ට්‍රොනික් භාණ්ඩයකට බබාට වගේ සැප දෙන්න ඕන නෑ...සැප දිදී පරිස්සම් කරන සමහර ඒවට වඩා දසවද දිදී පාවිච්චි කරන ඒව කල්පවතිනවා :D

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්... අත්දැකීමෙන් කියන්න පුළුවන්

      Delete
  4. හරිම වැදගත් ලිපියක් ... අදයි මේ පැත්තට ආවේ ...

    ReplyDelete
    Replies
    1. එහෙනම් ඉතිං දිගටම එන්න. මඟ බලාගෙන ඉන්නම්...

      Delete
  5. හිහී මතෘකාව දැක්කම හිතුවේ නම් මේ උපෙදෙස් පත්‍රිකාවක් කියල නෙවේ!!! :D
    බොහොම වටින ලිපියක් නාඬි, අර software ඔනේ වෙලාවට විතරක් පාවිච්චි කරල uninstall කරන්න කියන වැඩේ මට කම්පනාවට ආවේ මේක කියෙව්වම..බොහොම ස්තූතියි ඔන්න!!

    ReplyDelete
    Replies
    1. හික්ස්! ඔව් ඔව් අද ඉදන්ම මේ විදිහට බේත් ගන්න. :D

      Delete
  6. මදි බං තව ඕනා..
    අපි වගේ නොදන්න උන්ට..!

    ReplyDelete
  7. //desktop එකත් තියෙන්නේ C එකේම තමයි// නාඩියෝ ඔය ෆොටෝ එක මගෙ ඩෙස්ක්ටොප් එක වගේමයි.

    …අද හව්ස ඉතාම දුක්බර ලෙස මගේ ලැපාගෙ කී බෝඩ් රාජයා මලා. ඒම එකපාරට පලාතකම keys මැරෙන්නෙ කෝමද? අපේ බස්ස නම් කියන්නෙම මම ඒක උඩ ඉඳගැනීම වගේ ගොන් වැඩක් කරන්න ඇති කියලයි. :(

    …එපා වෙනෝ අනේ මේම අකුරු අතගගා ටයිප්කිරිල්ල.

    ReplyDelete
    Replies
    1. බස්ස හරි වෙන්ට ඕනෙ :-D

      Delete
    2. පල පල කුරුට්ටි.... :P

      Delete
    3. මගේ කී බෝඩ් එක ගිය සුමානේ රිප්ලේස් කරා. ඇල්වතුර වීදුරුවක් නිවලා බොන්න ගිහිල්ලා ලැප්ටොප් එක උඩට වැටුනා.

      Delete
    4. හරි එහෙනම් කි බෝඩ් එකට බබා හම්බවෙන්න ලඟයි වගේ

      Delete
  8. වටිනා උපදෙස් ටිකක් නාඩියා. මමත් අනුගමනය කරන ක්‍රම තමයි ඕවා. මම මේ දැන් ඉන්න ලැප් එකටත් කුක්කු වැටිලා keyboard එක පිස්සු නටන්න ගත්තා. එක ගලවලා usb යතුරු පුවරුවක් ගහගෙන තමයි මේ ඉන්නේ.

    ReplyDelete
    Replies
    1. බලපන් පොඩ්ඩක් ලැප් එක සුද්ද කරලා ගලවලා හරියයිද කියලා.

      Delete
  9. බොහොම වැදගත් ලිපියක්.. :)

    ReplyDelete
    Replies
    1. උපදෙස් මේ විදිහට පිළිපදිනවා නම් හොඳා...

      Delete
  10. මාත් මේ එක ලැපක මදර් බෝඩ් එකට කෙල වෙලා අලුත් එකක් ගත්ත විතරයි. අර මගුල තුන් පාරක් හැදුවා. කොම්පැණියෙදි ස්ටාට් වෙනවා. ගෙදර ආපුවම නෑ.

    ReplyDelete
    Replies
    1. ආ අහන්න ලැබීම සතුටක් ඩූඩ් අයියා ලප හදාගෙන දැන් ඉතින් සැපට ලියන්න තමයි තියෙන්නේ

      Delete
    2. ///කොම්පැණියෙදි ස්ටාට් වෙනවා. ගෙදර ආපුවම නෑ.////

      මචං ඩූඩ්.......ගේ මිදුලේ පහනක් පත්තුකරලා දෙහි ගෙඩි දෙකක් කප්පවාපන්.

      Delete
    3. ඕකට කියන්නෙ භූමි දෝශ කියල. මාත් ඔයවගේ දේවල් අත්දැකල තියෙනව. මැෂින් එකක් වැඩ කරන්නෙ නෑ කියල කිවුවට පස්සෙ අරං ආපුවම අගේට වැඩකරනව. ආයෙ තිබ්බ තැනට ගෙනිච්චම වැඩ කරන්නෙ නෑ.

      මම හිතන්නෙ 'අරූ' කියපු දේ කළානං හරියයි. :D

      Delete
    4. භුමි දෝෂ ද කොහෙද තමා! නැත්නම් ගෙදර power supply එක check කර ගන්න

      Delete
  11. වැදගත් ලිපියක් ! ස්තුතියි

    ReplyDelete
  12. අවුරුද්දේ වැඩ අල්ලන්නත් එක්ක හොද ලිපියක් නාඩියා.. වැඩේ ඉතින් ඔය මෙතන ඉදන් මල් කඩන ගමන් කන බොන වෙලාවට පරිස්සම් කර ගන්න එක තමා.. අනික්වනම් ඉතින් ඕකේ..

    ReplyDelete
  13. ලැපී ගණිකාවක් කරන්න නම් එපා ඈ! තමන්ගේ ගෑනු ළමයා වගේ බලාගන්න. ;)////මෙ කතාව නම් එලය නමුත් කරන්න අමාරුමත් ඔකමය ,හා නැත්ද හොදයි ..:D:D

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. මමනං අනිත් මොනවා දුන්නත් මේක දෙන්නේ නෑ

      Delete
  14. ඇත්ත බං කෙල්ලෝ ඩෙස්ක්ටොප් එකේ සේව් කරගෙන සී‘ එක කනවා. කොල්ලන්ගෙ තියෙන්නේ ඩෙස්ක්ටොප් එකේ ෂෝට් කට් විතරයි. අනික මැසේජ් නොකියවා ඩවුන්ලෝඩ් වීම් මගින් බ්‍රවුසර් එක පට්ට ස්ලෝ වෙනවා.

    මේව හොද වැඩ. ජය වේවා..

    ReplyDelete
    Replies
    1. ඔව් බං! කොච්චර කියලා දුන්නත් ඒවමයි කරන්නේ ආයේ!

      Delete
  15. නාඩියාගෙන අලුත් අවුරුද්දට උපදෙස මාලාවක්....! නාඩි කොම්පීතර සායනය

    ReplyDelete
  16. ඔව් බං අපේ මලයත් ලැපා ගණිකා වෘත්තියේ යොදවල ඔන්න ඒඩිස් හදාගෙන.. හොද ලිපියක්..

    ReplyDelete
  17. සිරාවටම වටිනවා මචෝ ප්‍රෝ උපදෙසක්. :)

    ReplyDelete
  18. අපොයි ඔව්, දැන් සොෆ්ට්වෙයාර් එකක් ඉන්ස්ටෝල් කරද්දි එන මැසේජ් අකුරක් නෑර
    කියවන්න ඕන. ඉස්සර වගේ එන ඔක්කොම ඕකේ ඕකේ කරගෙන ගියොත් හෑටහුටාමාරක්
    ලට්ට පට්ට ඒකත් එක්ක ඉන්ස්ටෝල් වෙනවා. :D

    ReplyDelete
  19. //හැබැයි computer එකේ වහලෙක් වෙන්නේ නැතිව computer එක වහලෙක් කර ගන්න.// මම හිතන්නෙ මේක තමා වැදගත් ම වැකිය. වටින උපදෙස් ටිකක් නාඬියෝ!

    ReplyDelete
  20. අලුත් අවුරුද්දෙ හොද දේකින්ම වැඩ අල්ලල වගේ..

    ReplyDelete
    Replies
    1. අලුත් විදිහට වැඩ අල්ලන්න හිතුවා

      Delete
  21. මාත් මගේ ලැපී ට හරී.....ආදරෙයි.......

    ReplyDelete
  22. මගේ ලැපා මගේ අණට කීකරු නැත. හොරෙන් හොරෙන් මගේ වීදුරුවෙන් මූ බොන බව මම දැණ ගත්තේ පසුගිය සතියේය.

    වටිනා ලිපියක් නාඩියෝ!!!

    ReplyDelete
    Replies
    1. හෆ්ෆා! දඩු කඳේ ගහන්න ඕනේ වරදක්!

      Delete
  23. කොම්පියුටර් වලට විතරක් නෙමෙයි කිසිම ඉලෙක්ට්‍රොනික්, ඉලෙක්ට්‍රික් බඩුවක වහලෙක් වෙන්න ඕන නෑ ඒ එක්ක එන මැනුවල් එකේ තියෙන උපදෙස් හරියට පිළිපදිනවනං. ඒ වගේම තමයි ඔය ඩවුන්ලෝඩ් ‍කරන ඒවයෙත් ඒව එක්ක අමතරව ඩවුන්ලෝඩ් වෙන දේවල් ගැන දැනුවත් කරල තියෙනව.

    හොඳ ලිපියක් නාඩියා.

    අපේ ප්‍රියන්තත් කාලෙකට ඉස්සර ඩෙක්ස්ටොප් ගැන ලිවුව.

    ReplyDelete
    Replies
    1. එකනේ! අපේ අය කියවනවා බොහොම අඩුයි

      Delete
  24. මගේ එකා දැන් කරන්ට් එකට ගැහුවෙ නැත්නම් විනාඩි පහෙන් ඕෆ්, අලුත් බැටරියක් දාන්න වෙයි වගේ

    ReplyDelete
  25. වටිනා ලිපියක්...

    ReplyDelete
  26. නියම ලිපියක් ගොඩාක් අයට වැදගත්....

    ReplyDelete
  27. මේක දාපු එකනම් හොදයි මචෝ ..
    හැබැයි වින්ඩෝස් මාර්කට් කරන්න බෑ.. ;)
    නියම ලිපියක් මචං...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.... මාකට් කරන්න ඕනේ නෑනේ.. කට්ටියම පාවිච්චි කරනවනේ...

      Delete
    2. මමත් blog එක ආයෙත් ලියන්න පටන් ගන්න හිතුවේ නාඩියාගේ නාඩි වැටිලා තමා..:) ඒක තමයි ඔයා ලියන දේවල් වල විශේෂත්වය..ජීවිතේ ගැන, වගේම අපිට අමතකවෙන ගොඩාක් දේවල් ආයෙත් මතක් කරලා දෙන එක..
      මේ post එකේ අන්තිමට මම ගොඩාක් කැමතියි.ඇත්ත..මටත් මගේ lepa මගේ පිරිමි ලමයා වගේ :)ඒකට මම ආදරේට නමකුත් දාලා තියෙන්නේ :D

      Delete
    3. බොහොම හොඳයි ආයේ පටන් ගත්ත එක. දිගටම ලියමු දැන්. මමත් මගේ එක්කෙනාට නමක් දාල තියෙන්නේ... ;)

      Delete
  28. පොඩි බැච් එකේ මල්ලියෙක්...January 13, 2014 at 7:38 AM

    කලින් දැන ගෙන හිටිය දේවල් වලට වඩා තව දේවල් ඉගෙන ගත්තා. නියමයි.

    ReplyDelete
  29. තේරෙන භාෂාවෙන් තාක්ෂණය.. එල වැඩක් කොල්ලා. (y)

    ReplyDelete
  30. එල එල.කාලෙකින් ආවෙ.නියමයි.මාත් එහෙම කොරන්නම්කො....

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...