අලුත් අවුරුද්දේ පළවෙනි
නාඩිය ටිකක් වෙනස් විදිහකට කොටන්න හිතුවා. දැන් ඉතිං ඔක්කොම දවසේ වැඩි දවසක් ජිවත්
වෙන්නේ පරිගණක රාජයා එක්කනේ! අපේ සමහර උන්ට නම් ඉතිං ලැපී නැත්නම් ජිවිතයක් නෑ. මංතුමාටත්
එසේම තමා. ඔය පරිගණක රාජයෝ එක්ක ගනුදෙනු කරන්න යමක් කමක් කරන්න පුළුවන් එකා වෙච්චි
මට ඔය අන්ජබකල් වෙච්චි ලැප් කේස්.. මැෂින් කේස් බර ගානක් අහන්න වෙනවා. “අනේ මේක
හදලා දෙන්නකෝ...” වැඩියෙන්ම ඉතිං බවලත් උදවිය ගෙන් තමයි.
මංතුමා කල්පනා කළා ඒ
හින්දා පොඩි පොඩි උපදෙස් වගේ මෙව්වා ටිකක් දෙන්න කියලා අලුත් අවුරුද්දේ.
මට ඕනේ මොකද්ද?
මැෂින් එකක් ගද්දි
පොඩ්ඩක් බලන්න ඕනේ මට මේක ඕනේ මොකටද කියලා. මොකෝ ලියුමක් ටයිප් කරලා film එකක් බලලා Facebook යන්න වගේ පොඩි වැඩවලට
ලොකු RAM තියෙන VGA
තියෙන මැෂින් ඕනේ නෑ.
බොරු සල්ලි නාස්තියක්. හැබැයි ඉතිං programming
කරන්න එහෙම අදහසක්
තියනවනම් RAM එක හොඳ මැෂින් එකක් ගන්න
එක ඇඟට ගුණයි. අනිත් එක ඔය laptop එකක් එහෙම ගනිද්දී review ටිකක් එහෙම කියවලා ගන්න. සල්ලි ටිකක් වියදම් කරන එකේ හොඳ
එකක් ගන්න බලන්න.
පරිස්සම
මෙහෙමයි මං හිතන විදිහට
මේ ලැප්ටොප් වලට ඉතිං බබා වගේ සැප දෙන්න ඕනේ නෑ.මගේ එක 2011 අප්‍රේල් වල ගත්ත දවසේ
ඉඳන් මේ වෙනකම් අඩුම ගානේ දවසකට පැය 18ක් වත් on! බබා වගේ වැඩ! හැබැයි
ඉතිං ඔය ලැප් ඒක උඩ තියාගෙන චොක්ලට් කන ඒවා. කිරි බොන්න ගිහිං හලා ගන්න ඒවා වගේ
ඒවානම් කරන එක පව් ඈ! පුළුවන් හැමවෙලේම ලැප්ටොප් වල ventilation holes ඇරිලා තියන විදිහට තියන්න. පොඩි බ්‍රෂ් එකක් අරගෙන
සතියකට සැරයක් වත් ඒවා පිහලා දානවනම් හොඳයි.
Operating System එක
අපි වැඩිය සැලකිලිමත්
වෙන්නේ නැති දෙයක් තමයි මේක. ගොඩක් කස්ටිය හිතාගෙන ඉන්නේ windows තමයි ඉතිං එකම එක කියලා. නරකක් නෑ ඒකෙත්. මෙහෙමයි OS එක දාද්දි machine එකේ hardware requirements වලට හරියන එකක් දාන්න බලන්න. Windows family එකේ අලුතින් ඇවිත් තියන ජනෙල් 8 (Windows 8.1 එකත් තියනවා හරිය) ගොඩක් machine එක්කනම් හොඳට වැඩ කරනවා.
හැබැයි ඉතිං Windows පාවිච්චි කරනවානම් මම
දෙන අවවාදේ තමයි Original Software එකක් පාවිච්චි කරන්න
කියන එක. ටිකක් සල්ලි යනවා තමයි. හැබැයි performance අතින් පැහැදිලි වෙනසක්
තියනවා. කොහොම උනත් pirated
software පාවිච්චි කරන එක වැරදියි
නේ. (තොටනම් ඉතිං මොකෝ නිකම්ම හම්බ වෙනවනේ කියලා බැනපන් දැන්!)
සල්ලි ගෙවන්නත් අකමැතියි
නම් ඉතිං තියන හොඳම විසඳුම තමයි Free
& Open Source (FOSS) පැත්තට හැරෙන එක. Ubuntu, Fedora,
Hanthana Linux, Cent OS වගේ ඒවායින් තමන්ට
ගැලපෙන එකක් දා ගත්තහම ලේසියි. කට්ටිය කිව්වට ඒවාගෙන් වැඩ කරන එක අමාරුයි කියලා
මොකෝ අපේ අය ඒවා දාගෙන ලොකු system ගහන්න යන්නේ නෑනේ.
සාමාන්‍ය පාවිච්චියට පංකාදු පහයි ඉතිං. හැබැයි මේ වගේ OS එකක් install කරගන්න එක ටිකක් කල්පනාවෙන් කර ගන්න එක හොඳයි.
අලුතින් එන Dell laptop වල එහෙම Ubuntu
දාලමයි එන්නේ. එහෙම එකක්
windows වලට හරවා ගන්නවනම් දන්නා කියන කෙනෙක්ට කියලා hard එකේ partition ටික හරියට හදාගෙන දාන්න.
නැත්නම් ඉතිං ටිකක් ලෙඩ දෙනවා.
Software කෝටියයි
Application software
install කරද්දී අපිට ඕනේ ඒවා
විතරක් දා ගන්න. හිතන්න මට ටික දවසකට විතරක් video ටිකක් edit කරගන්න තියනවා කියලා. එහෙනම් ඒ editing software එක පාවිච්චි කරලා ඉවර
උනාට පස්සේ uninstall කරලා දාන්න. Setup එක ඕනෙනම් තියාගන්න පස්සේ ඕනේ උනොත් ආයේ දා ගන්න. අනිත් එක ඔය free software එහෙම පාවිච්චි කරද්දී ටිකක් පරිස්සමින්. ගොඩක් ඒවා අස්සේ
තව එක එක ඕනේ නැති දේවලුත් install වෙනවා.
Internet Downloading
දැන් ඉතිං හැමෝම internet එක්ක බද්ධ වෙලා ඉන්න එකේ අපි ගොඩක් දේවල් බාගන්නවා.
හැබැයි මම දැකලා තියනවා මේ download
කිරිල්ලත් එක්ක browser එක පිරෙන්නම එක එක add-on install වෙලා. Homepage මාරු වෙලා එක විකාරයයි. ඒ හින්දා මොකක් හරි download
කරන්න යද්දී එන message ටික එහෙම හොඳට කියවලා බලන්න.නැත්නම් වෙන්නේ machine එක slow වෙන එක විතරයි.
C එකේ නෙවෙයි desktop එකෙයි save කලේ.
අද තියන ගොඩක් මැෂින් වල
ලොකු hard එකක් තියන නිසා ඒක partition කරලයි තියෙන්නේ. එහෙම
තියෙද්දී රීතියක් විදිහට C drive එකට අපි OS එක දානවා. Software ටිකත් දානවා. එහෙම එකේ
අනිත් තියන ෆිල්ම් සින්දු අනම් මනම් ටිකත් ඒක අස්සෙම පුරවන්න යන්නෙපා. ලබ්බේ ඇතුලේ
තොවිලේ වගේ තියෙයි එතකොට! ඔය desktop
එකත් තියෙන්නේ C එකේම තමයි ඈ! :D
පුළුවන් තරම් අලුත්
දේවල් හොයන්න. දැන ගෙන කලොත් ඔය මැෂින් වලට මොකුත් වෙන්නේ නෑ! ඕවා හදලා තියෙන්නේ
වැඩ ගන්න. හැබැයි computer එකේ වහලෙක් වෙන්නේ නැතිව
computer එක වහලෙක් කර ගන්න. හැබැයි තමන්ගේ ලැපී ගණිකාවක් කරන්න නම් එපා ඈ! තමන්ගේ ගෑනු ළමයා වගේ බලාගන්න. ;)
ආයු බෝ වේවා!!!
හොද ලිපියක් නාඩි අයියේ /// හැබැයි ඉතිං ඔය ලැප් ඒක උඩ තියාගෙන චොක්ලට් කන ඒවා. කිරි බොන්න ගිහිං හලා ගන්න ඒවා වගේ ඒවානම් කරන එක පව් ඈ!/// මේක දකින මේ වෙලාවෙත් මං රසම රස ස්ට්‍රරෝබරි චොක්ලට් එකක් කනවා..කීබෝර්ඩ් එකත් ටිකක් කනවා.. කලින් එකේ පුංචි සත්තු වගයක් එලියට එන්න පටන් ගත්තම තමයි කලින් කරන්න පටන් ගත්තේ.. ඇත්තටම ලැප් එකේ අනවශ්‍ය ගොඩක් දේවල් මාත් පුරෝගෙන හිටියා මේ වගේ ලිපියක් කියෝලා ගොඩක් අනවශ්‍ය දේවල් ඉවත් කළා... ඒ වගේම දැන් මං පසු තැවෙනවා ලොකු ගානක් වියදම් කරලා ලැප් එකක් ගත්ත එක ගැනත්.. මේකෙන් මං කරන්නේ ඉතාම සාමන්‍ය දේවල් ටිකක් විතරයි,... දැන් මොනා කරන්නද ඊලග පාර වත් ඔයාගේ උපදෙස් ටික අනුව එකක් තෝරාගන්නවා .හොද ලිපියක්
ReplyDelete/// හැබැයි තමන්ගේ ලැපී ගණිකාවක් කරන්න නම් එපා ඈ! තමන්ගේ ගෑනු ළමයා වගේ බලාගන්න. ;)// පරිස්සමෙන් පරිහරණය කරන්න කියලා වෙන්ටැති මේ කියන්නේ ඉදගෙන :)
Deleteඔව් ඔව්.. ඉඳගෙන හරි හිටගෙන හරි පරිස්සමෙන් පාවිච්චි කරන්න ඕනේ...
Deleteසිරාම ලිපියක් නාඩියා...
ReplyDeleteස්තුති වේවා!!
Delete"ලැප්ටොප් වලට ඉතිං බබා වගේ සැප දෙන්න ඕනේ නෑ" මේක නම් ඇත්ත කතාව බන් ලැප් විතරක් නෙමේ කිසිම ඉලෙක්ට්‍රොනික් භාණ්ඩයකට බබාට වගේ සැප දෙන්න ඕන නෑ...සැප දිදී පරිස්සම් කරන සමහර ඒවට වඩා දසවද දිදී පාවිච්චි කරන ඒව කල්පවතිනවා :D
ReplyDeleteඔව් ඔව්... අත්දැකීමෙන් කියන්න පුළුවන්
Deleteහරිම වැදගත් ලිපියක් ... අදයි මේ පැත්තට ආවේ ...
ReplyDeleteඑහෙනම් ඉතිං දිගටම එන්න. මඟ බලාගෙන ඉන්නම්...
Deleteහිහී මතෘකාව දැක්කම හිතුවේ නම් මේ උපෙදෙස් පත්‍රිකාවක් කියල නෙවේ!!! :D
ReplyDeleteබොහොම වටින ලිපියක් නාඬි, අර software ඔනේ වෙලාවට විතරක් පාවිච්චි කරල uninstall කරන්න කියන වැඩේ මට කම්පනාවට ආවේ මේක කියෙව්වම..බොහොම ස්තූතියි ඔන්න!!
හික්ස්! ඔව් ඔව් අද ඉදන්ම මේ විදිහට බේත් ගන්න. :D
Deleteමදි බං තව ඕනා..
ReplyDeleteඅපි වගේ නොදන්න උන්ට..!
හරි හරි! දෙන්නම් ඉස්සරහට!
Delete//desktop එකත් තියෙන්නේ C එකේම තමයි// නාඩියෝ ඔය ෆොටෝ එක මගෙ ඩෙස්ක්ටොප් එක වගේමයි.
ReplyDeleteඅද හව්ස ඉතාම දුක්බර ලෙස මගේ ලැපාගෙ කී බෝඩ් රාජයා මලා. ඒම එකපාරට පලාතකම keys මැරෙන්නෙ කෝමද? අපේ බස්ස නම් කියන්නෙම මම ඒක උඩ ඉඳගැනීම වගේ ගොන් වැඩක් කරන්න ඇති කියලයි. :(
එපා වෙනෝ අනේ මේම අකුරු අතගගා ටයිප්කිරිල්ල.
බස්ස හරි වෙන්ට ඕනෙ :-D
Deleteපල පල කුරුට්ටි.... :P
Deleteමගේ කී බෝඩ් එක ගිය සුමානේ රිප්ලේස් කරා. ඇල්වතුර වීදුරුවක් නිවලා බොන්න ගිහිල්ලා ලැප්ටොප් එක උඩට වැටුනා.
Deleteහරි එහෙනම් කි බෝඩ් එකට බබා හම්බවෙන්න ලඟයි වගේ
Deleteවටිනා උපදෙස් ටිකක් නාඩියා. මමත් අනුගමනය කරන ක්‍රම තමයි ඕවා. මම මේ දැන් ඉන්න ලැප් එකටත් කුක්කු වැටිලා keyboard එක පිස්සු නටන්න ගත්තා. එක ගලවලා usb යතුරු පුවරුවක් ගහගෙන තමයි මේ ඉන්නේ.
ReplyDeleteබලපන් පොඩ්ඩක් ලැප් එක සුද්ද කරලා ගලවලා හරියයිද කියලා.
Deleteela AH
ReplyDelete:)
Deleteබොහොම වැදගත් ලිපියක්.. :)
ReplyDeleteඋපදෙස් මේ විදිහට පිළිපදිනවා නම් හොඳා...
Deleteමාත් මේ එක ලැපක මදර් බෝඩ් එකට කෙල වෙලා අලුත් එකක් ගත්ත විතරයි. අර මගුල තුන් පාරක් හැදුවා. කොම්පැණියෙදි ස්ටාට් වෙනවා. ගෙදර ආපුවම නෑ.
ReplyDeleteආ අහන්න ලැබීම සතුටක් ඩූඩ් අයියා ලප හදාගෙන දැන් ඉතින් සැපට ලියන්න තමයි තියෙන්නේ
Delete///කොම්පැණියෙදි ස්ටාට් වෙනවා. ගෙදර ආපුවම නෑ.////
Deleteමචං ඩූඩ්.......ගේ මිදුලේ පහනක් පත්තුකරලා දෙහි ගෙඩි දෙකක් කප්පවාපන්.
ඕකට කියන්නෙ භූමි දෝශ කියල. මාත් ඔයවගේ දේවල් අත්දැකල තියෙනව. මැෂින් එකක් වැඩ කරන්නෙ නෑ කියල කිවුවට පස්සෙ අරං ආපුවම අගේට වැඩකරනව. ආයෙ තිබ්බ තැනට ගෙනිච්චම වැඩ කරන්නෙ නෑ.
Deleteමම හිතන්නෙ 'අරූ' කියපු දේ කළානං හරියයි. :D
භුමි දෝෂ ද කොහෙද තමා! නැත්නම් ගෙදර power supply එක check කර ගන්න
Deleteවැදගත් ලිපියක් ! ස්තුතියි
ReplyDelete:)
Deleteඅවුරුද්දේ වැඩ අල්ලන්නත් එක්ක හොද ලිපියක් නාඩියා.. වැඩේ ඉතින් ඔය මෙතන ඉදන් මල් කඩන ගමන් කන බොන වෙලාවට පරිස්සම් කර ගන්න එක තමා.. අනික්වනම් ඉතින් ඕකේ..
ReplyDeleteඅන්න ඒකත් අත ඇරගන්න බලන්න
Deleteලැපී ගණිකාවක් කරන්න නම් එපා ඈ! තමන්ගේ ගෑනු ළමයා වගේ බලාගන්න. ;)////මෙ කතාව නම් එලය නමුත් කරන්න අමාරුමත් ඔකමය ,හා නැත්ද හොදයි ..:D:D
ReplyDeleteThis comment has been removed by the author.
Deleteමමනං අනිත් මොනවා දුන්නත් මේක දෙන්නේ නෑ
Deleteඇත්ත බං කෙල්ලෝ ඩෙස්ක්ටොප් එකේ සේව් කරගෙන සී‘ එක කනවා. කොල්ලන්ගෙ තියෙන්නේ ඩෙස්ක්ටොප් එකේ ෂෝට් කට් විතරයි. අනික මැසේජ් නොකියවා ඩවුන්ලෝඩ් වීම් මගින් බ්‍රවුසර් එක පට්ට ස්ලෝ වෙනවා.
ReplyDeleteමේව හොද වැඩ. ජය වේවා..
ඔව් බං! කොච්චර කියලා දුන්නත් ඒවමයි කරන්නේ ආයේ!
Deleteනාඩියාගෙන අලුත් අවුරුද්දට උපදෙස මාලාවක්....! නාඩි කොම්පීතර සායනය
ReplyDeleteඉස්සරහටත් කොටන්නද සායනය?
Deleteඔව් බං අපේ මලයත් ලැපා ගණිකා වෘත්තියේ යොදවල ඔන්න ඒඩිස් හදාගෙන.. හොද ලිපියක්..
ReplyDeleteපව් යකෝ
Deleteසිරාවටම වටිනවා මචෝ ප්‍රෝ උපදෙසක්. :)
ReplyDeleteප්‍රෝ මත් නෑ.. ;)
Deleteඅපොයි ඔව්, දැන් සොෆ්ට්වෙයාර් එකක් ඉන්ස්ටෝල් කරද්දි එන මැසේජ් අකුරක් නෑර
ReplyDeleteකියවන්න ඕන. ඉස්සර වගේ එන ඔක්කොම ඕකේ ඕකේ කරගෙන ගියොත් හෑටහුටාමාරක්
ලට්ට පට්ට ඒකත් එක්ක ඉන්ස්ටෝල් වෙනවා. :D
ඔව් ඔව්. නැත්නම් කපෝති
Delete//හැබැයි computer එකේ වහලෙක් වෙන්නේ නැතිව computer එක වහලෙක් කර ගන්න.// මම හිතන්නෙ මේක තමා වැදගත් ම වැකිය. වටින උපදෙස් ටිකක් නාඬියෝ!
ReplyDeleteහ්ම්ම්...
Deleteඅලුත් අවුරුද්දෙ හොද දේකින්ම වැඩ අල්ලල වගේ..
ReplyDeleteඅලුත් විදිහට වැඩ අල්ලන්න හිතුවා
Deleteමාත් මගේ ලැපී ට හරී.....ආදරෙයි.......
ReplyDeleteඅනේ ඉතිං.. ;)
Deleteමගේ ලැපා මගේ අණට කීකරු නැත. හොරෙන් හොරෙන් මගේ වීදුරුවෙන් මූ බොන බව මම දැණ ගත්තේ පසුගිය සතියේය.
ReplyDeleteවටිනා ලිපියක් නාඩියෝ!!!
හෆ්ෆා! දඩු කඳේ ගහන්න ඕනේ වරදක්!
Deleteකොම්පියුටර් වලට විතරක් නෙමෙයි කිසිම ඉලෙක්ට්‍රොනික්, ඉලෙක්ට්‍රික් බඩුවක වහලෙක් වෙන්න ඕන නෑ ඒ එක්ක එන මැනුවල් එකේ තියෙන උපදෙස් හරියට පිළිපදිනවනං. ඒ වගේම තමයි ඔය ඩවුන්ලෝඩ් කරන ඒවයෙත් ඒව එක්ක අමතරව ඩවුන්ලෝඩ් වෙන දේවල් ගැන දැනුවත් කරල තියෙනව.
ReplyDeleteහොඳ ලිපියක් නාඩියා.
අපේ ප්‍රියන්තත් කාලෙකට ඉස්සර ඩෙක්ස්ටොප් ගැන ලිවුව.
එකනේ! අපේ අය කියවනවා බොහොම අඩුයි
Deleteමගේ එකා දැන් කරන්ට් එකට ගැහුවෙ නැත්නම් විනාඩි පහෙන් ඕෆ්, අලුත් බැටරියක් දාන්න වෙයි වගේ
ReplyDelete:( බැටරි සීන්!
Deleteවටිනා ලිපියක්...
ReplyDelete:)
Deleteනියම ලිපියක් ගොඩාක් අයට වැදගත්....
ReplyDeleteඒකනේ දාන්න හිතුවේ.. :)
Deleteමේක දාපු එකනම් හොදයි මචෝ ..
ReplyDeleteහැබැයි වින්ඩෝස් මාර්කට් කරන්න බෑ.. ;)
නියම ලිපියක් මචං...
හ්ම්ම්.... මාකට් කරන්න ඕනේ නෑනේ.. කට්ටියම පාවිච්චි කරනවනේ...
Deleteමමත් blog එක ආයෙත් ලියන්න පටන් ගන්න හිතුවේ නාඩියාගේ නාඩි වැටිලා තමා..:) ඒක තමයි ඔයා ලියන දේවල් වල විශේෂත්වය..ජීවිතේ ගැන, වගේම අපිට අමතකවෙන ගොඩාක් දේවල් ආයෙත් මතක් කරලා දෙන එක..
Deleteමේ post එකේ අන්තිමට මම ගොඩාක් කැමතියි.ඇත්ත..මටත් මගේ lepa මගේ පිරිමි ලමයා වගේ :)ඒකට මම ආදරේට නමකුත් දාලා තියෙන්නේ :D
බොහොම හොඳයි ආයේ පටන් ගත්ත එක. දිගටම ලියමු දැන්. මමත් මගේ එක්කෙනාට නමක් දාල තියෙන්නේ... ;)
Deleteකලින් දැන ගෙන හිටිය දේවල් වලට වඩා තව දේවල් ඉගෙන ගත්තා. නියමයි.
ReplyDelete:)
Deleteතේරෙන භාෂාවෙන් තාක්ෂණය.. එල වැඩක් කොල්ලා. (y)
ReplyDeleteඑල එල.කාලෙකින් ආවෙ.නියමයි.මාත් එහෙම කොරන්නම්කො....
ReplyDelete