පහුගිය සිකුරාදා. ඒ
කිව්වේ දෙසැම්බර් 6 වෙනිදා මගේ අතිජාත මිත්තර අසීම්, මටයි පොලොස් මාමාටයි
එවලා තිබ්බා අපූරු ආරාධනා පත්‍රයක්. සිරස News First, UN Volunteers සමඟ සමාජ සේවා දෙපාර්තමේන්තුව සංවිධානය කරපු V Awards 2013 අවසන් රාත්‍රිය බලන්න එන්න කියලා. Volunteering කියන එක ඔළුවට ගහපු එවුන් වෙච්චි අපිට ආයේ හිත හිතා ඉන්න
දෙයක් තිබ්බේ නෑ! එක පයින් එතන! තිබ්බේ සිරස රත්මලාන Stein Studio එකේ.
සමහර අය මේ අපූරු
වැඩසටහන live බලන්න ඇති එදා සිරසෙන්. මෙහෙමයි.මෙතෙක්
කාලෙකට මම රූප පෙට්ටියේ දැකපු වැඩසටහන් වලින් මගේ ඇස් දෙක තෙත් කරන්න පුළුවන්
වෙච්චි එකම වැඩසටහන මේක!
අපි මිනිස්සු. ඒ කිව්වේ
මනසින් උසස් යැයි කියා ගන්නා ජාතියක්. සමාජ සත්ත්වයෝ වෙච්චි අපි කරන සමහර වැඩ
දැක්කහම මනුස්සයෝ කියලා කියා ගන්නත් ලජ්ජා හිතෙනවා. එහෙව් වෙච්චි ලෝකෙක තමන්ගේ
ජීවිතය සමාජයේ දුක් විඳින මිනිස්සු වෙනුවෙන් කැප කරපු අපේ කාලයේ වීරවරු එකතු කරපු
අපූරු උත්සවයක්.
මේ සම්මාන ප්‍රදාන
උත්සවයට අයදුම්පත් දහස් ගණනක් අතරින් තේරුණු උදාර සමාජ සේවකයෝ 12 දෙනෙක් අවසන් වටයේ
තරඟකරුවන් විදිහට පෙනී සිටියා.
මේ අතරින් වසරේ හොඳම සමාජ සේවකයා විදිහට තේරුනේ බිහිරි
ජනතාව වෙනුවෙන් තමන්ගේ කාලය ධනය කැප කරපු ආනන්ද ගුරුගේ මහත්තයා. ඔහුත් ඒ වගේම ආබාධිතයෙක්.
තමන් විදිනවා සමාන වූ දුකක් විදින තාමගේම ජනතාව වෙනුවෙන් හැකි විදිහට උදව් කරන්න ඒ
අපූරු “මනුස්සයා” ඉදිරිපත් වෙලා තිබ්බා. සම්මානය ලබාගත්තට පස්සේ සංඤ භාෂාවෙන් ඔහු කරපු කතාව අංග කීරි ගැස්සුවා. මුදල් පස්සේ හබාගෙන යන
මිනිස්සු වෙච්චි අපිට හිතන්න ගොඩක් දේවල් එතන තිබ්බා. තමන්ගේම රැහේ එකෙක් ලස්සන
වේදිකාවක සම්මානයක් ගද්දි එන සතුට ඒ අහිංසක මිනිස්සුන්ගේ ඇස් වලින් දෝරේ ගැලුවා.
ලංකාවේ
හරියට youth ගැන කතා කරනවා. ආඩම්බරේකට වගේ යොවුන් පාර්ලිමේන්තුවක්
හිටං අපිට තියෙනවනේ. ;) හැබැයි අපේ රටේ වැඩක් කරන්න පුළුවං වෙච්චි youth වෙච්චි අපි සමාජෙට දෙන්නේ මොනවාද කියන එකනං පොඩි ප්‍රශ්නාර්ථයක්!
රියලිටි ෂෝ වලින් බිමට බැහැපු හතු පිපෙනවා වගේ එලියට බහින වීරයෝ ඉන්න රටක, වසරේ
හොඳම තරුණ සමාජ සේවකයා විදිහට සම්මාන ලබපු අරලියා අබේසේකර තරුණිය නමටම හරියන
විදිහට මුළු ලෝකෙටම සුවඳ බෙදන අපූරු චරිතයක්. ඈ මානසික උපදේශිකාවක්. තමන් ලබා ගත්ත දැනුම සමාජයෙන් කොන් වෙච්චි ජනතාවගේ
සුභ සිද්ධිය වෙනුවෙන් ඇය කැප කරලා. අපි???
මේ උදාර
සමාජ සේවකයෝ අතර හිටි සචින්ද දුලංජන තවත් අපූරු තරුණයෙක්. අපි සමාජයට අයිති නෑ
කියලා අත හැරලා දාපු අහිංසක මිනිස්සු වෙනුවෙන් කැප වෙච්චි ඔහු ඇත්තටම ධීර
තරුණයෙක්. කාඩ්බෝඩ් වීරයෝ පස්සේ යන අපේ තරුණ පරපුරට හොඳ ආදර්ශයක්. අපිත් එක්ක තරුණ
සමුළුවට සහභාගී උනා. ඇත්තටම ඔහු “මනුස්සයෙක්”.
මේ
කවුරුත් ලක්සෙට කොඩි දාපු ධන කුවේරයෝ නෙවෙයි! නැත්නම් මේ කවුරුත් සුදු නැෂනල්
ඇඳගෙන වියලි ආහාර පාර්සල් ටිකක් බෙදලා චන්දේ හිඟා කන තුට්ටු දෙකේ දේශපාලුවෝ
නෙවෙයි. මේ හැමෝම අපේ සමාජ පන්තියේ ජිවත් වෙන අපිත් එක්ක හුස්ම ගන්න මිනිස්සු.
වෙනස තියෙන්නේ තමන් එක්ක එකට වැටිලා ඉන්න මිනිස්සුන්ගේ නාඩි වැටෙන තාලේ උන්
හොයාගෙන. ඒ මිනිස්සුන්ට මොකක් හරි කරන්න ඕනේ කියලා උන්ට හිතිලා. ඒ “මනුස්සකම”.
සමාජ
සාධාරණත්වය උදෙසා කියලා කෑ ගහන අපේ කාලයේ “විරවරු” ගොඩක් කරන්නේ තේරෙන්නේ නැති වචන
වලින් මොනවාදෝ කියවන එක විතරයි. ලොකු ලොකු තැන් අල්ලන්න කලින් තමන්ගේ වටේ පිටේ එකට
හුස්ම ගන්න මිනිස්සු දිහා බලන්නවත් උන් ඉගෙන ගත්තොත්...
සමාජයේ විවිධ අහුමුලු
ස්පර්ශ කරමින් මේ උදාරතර මිනිස්සු ගැන නිර්මාණය වෙච්චි ඇස් තෙත් කරවන මේ video ටික බලන්න. අනිවාර්යෙන්ම... මෙගා බයිට් ටිකක් ගියාට කමක් නෑ. අත පය හතර හොඳට
තියෙන මිනිස්සු වෙච්චි අපි මොනවාද කරන්නේ කියලා පොඩ්ඩක් හිතලා බලන්න.
එතකොට
අපි?????
ආ.. තව දෙයක්.... අපිත්
මේ පුංචි පහේ සමාජ සත්කාරයක් කරන්න හිතුවා මෙදා සැරේ නත්තලට. අපි එකතු වෙන්නේ කළුතර මාක් ශ්‍රී සරණ නිවාසයට..
උදුවප් මාසේ 28 වෙනිදා. මේ බුකියේ event එක. කැමති කෙනෙක් ඉන්නවනම් අපිත් එක්ක යමු හිනා වෙන්න. අපේම සහෘදයොත් එක්ක.
"ජනතාව වෙත ගියෙමි.
ඔවුන් සමඟ ජිවත් වුනෙමි.
ඔවුන්ට ආදරය කලෙමි.
ඔවුන් දන්නා තැන සිට
පටන් ගත්තෙමි. ඔවුන් සතු දෙය මත ගොඩ නැංවූයෙමි.
මා කලේ එයයි."
දොස්තර ආරියසේන යූ ගමගේ.
සිරසෙන් කරපු මේ වැඩේ වටිනව...ඒ වටිනාකම වැඩිවෙන්නෙ අනිත් මිනිස්සුත් මේව ආදර්ශයට අරගෙන සමාජෙට වැඩක් කලොත් තමයි..
ReplyDeleteඅන්න ඒකයි! බලමු මිනිස්සු කොච්චර motivate වෙයිද කියලා..
Deleteමේ වගේ වටින ජීවිත අඩුයි අද හොයාගන්නත්.ඇසුරු කරන්න ලැබුන එකම වටිනවා
ReplyDeleteඒකනේ! කළු නික හොයනවා වගේ වෙලා මේ මිනිස්සු හොයන එක.
Deleteමේ වාගෙ "මනුස්සයන්" ගැන අහන්න ලැබීමත් වාසනාවක් නාඩි මලේ....
ReplyDeleteඒකනම් ඇත්ත
Deleteහ්ම්ම්....
Deleteහොද වැඩක් ඒ වගේම මේවගේ ලිපියක් ලිවිම ගැන ස්තුති
ReplyDeleteමාත් වොලන්ටියරින් කරපු කාලයක් තිබුනා :(
ReplyDeleteඇයි දැන් මොකෝ?
Deleteසිරසෙන් වගේම උබත් මේ මිනිස්සු ගැන රටටම කියපු එක මාර වටිනවා.. එල (y)
ReplyDeleteආදර්ශ ගැනීමයි බං වැදගත්.
Deleteඅපිව දැනුවත් කිරීම ගැන ස්තූතියි. ඇත්තටම අපිත් හරි ආත්මාර්තකාමි වෙලා නේද ?
ReplyDeleteනැත්නම්! හොඳටම ආත්මාර්ථකාමී වෙලා.
Deleteමේ ගැන ලියපු එක වටිනවා නඬියෝ.. මොකද රටේ කොයි දේවල් ගැන ආරංචි ඉක්මනට පැතිරුනත් මේවා එහෙම නැහැනේ..
ReplyDeleteඒ රටේ අවාසනාව
Deleteඋඹෙන් තමා අපි ඉතින් මේ වගේ විස්තරයක් දැනගන්නේ.
ReplyDeleteහොද විස්තරාත්මක ලිපියක්.
බොහොම ස්තුතියි.
Deleteඅරලිය මගේ ඒකකයේ වැඩ කරන්නේ. පහුගිය අවුරුදු දෙක තුල ඇය මා සමග මගේ ඒකකයේ රෝගීන් වෙනුවෙන් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කලා.
ReplyDeleteමට අහපු ගමන් හිතුනා. මම අහන්න කියලා හිටියේ කොහොමත්!
Deleteඅගනා සටහනක් මලයා... ඒ වගේම ඔබත් දිනෙක මෙවන් සම්මානයකින් පිදුම් ලබන්න සුදුස්සෙක්..
ReplyDelete:) සම්මාන ජීවිතය නෙවෙයි.. :)
Deleteතැනකුයි නාඩියා. මෙහෙම දෙයක් කරන්න හිතෙන එකම ඇති, ඒ වගේම සිරසින් මේ කරපු වැඩේ ගොඩක් වටිනවා. නමුත් ඊළඟට වෙන්නේ මේක හැම නාලිකාවකම කොපි කරලා එකෙන් වෙළඳ වාසි ගන්න හදන එක තමයි , මේකට මාකට් එකක් හදාගන්න දැන් අනිත් එවුන් කොපි ගැහිල්ල පටන් ගනියි.
ReplyDeleteසහතික ඇත්ත කතාවක්.
Deleteකොපි කලාට හරියට වැඩේ වෙයිද?
Deleteහ්ම්ම් අපුරු වගේම ගොඩක් වටිනා වැඩක්...
ReplyDeleteඒකනේ...
Deleteමමත් එන්නම් පුලුවන් උනොත් :)
ReplyDeleteඅර ඉවෙන්ට් ලින්ක් එකෙන් යන්නෙ අප් කමින් ඉවෙන්ට්ස් වලට මිසක් ඒ ඉවෙන්ට් එකට නෙමේ.. ඒක හදන්න.. මටත් එවන්න
අනිවා වරෙන්! ඔන්න මම උඹට invite කළා.
Deleteමේ යුඑන් ප්‍රොගෑම් එකට සිරිස පබිලිසිටය නොලැබුනා නං අපි ඒ ගැන ඒ තරං හිතන අය නෙමෙයි. හොද වැඩක්..
ReplyDeleteඒකයි වැඩේ! අපි බලන්නේ ඕන දෙයක් වැරදි විදිහට බලන්න නේ!
Deleteමේ වගේ මිනිස්සු ඇත්තටම රටකට වාසනාවක්. ඒ වගේම ඒ මිනිස්සු ගැන රටට හෙළිදරවු කරන්න කාලයක් වෙන් කරන එකත් ඒ වගේම වැදගත් වැඩක්.
ReplyDeleteඅනිවාර්යෙන්ම!
Deleteබොහොම හොඳයි. මෙවැනි දේ ගැන අහන්නත් සන්තෝසයි.
ReplyDeleteහරිම සන්තෝසයි!
Deleteදැන් ඔන්න බස්නාහිර චන්දෙ ලග ලගම එනව කියල කියනවනෙ.මේ දවස් වල අපේ ගම පළාත් වල මිනිස්සුන්ට දේශපාලනය කරන උදවිය මාර ලව්.බෙහෙත් දෙනව කන්නාඩි දෙනවා පුදුම ආදරයක් අෆ්ෆා..දෙපැත්තෙන්ම හිනා යනව යකෝ..
ReplyDeleteඅප්පේ... ඔන්න අපේ කට්ටිය අණ බෙර ගහන සමාජ සේවේ!
Deleteඇත්තටම මේ දෙය අප අතරේ බෙදා ගත් ඔබට ඉතාමත් ස්තුතියි
ReplyDeleteඇත්ත .......
Deleteඅර සරණ නිවාසය මාක් ශ්‍රී යනුවෙන් නිවැරදි විය යුතුයි මලේ...ඇත්තටම උඹ පොත් කාවෙක් නොවී මෙහෙම සමාජයේ කටයුතු වලට බැහැලා වැඩ කරන එක ගැන සතුටුයි. හැකි නම් මාධ්‍ය ආයතනයකටම සම්බන්ධ වෙන්න බලහං...ජීවිතේ බොහෝ දේ විදින්න පුලුවන් වෙයි එතකොට...බොට ජයම වේවා !
ReplyDeleteබොහොම ස්තුතියි අයියා. ඔන්න වැරැද්ද හැදුවා. පොත් කාවෙක් වෙලා කාටවත් වැඩක් නෑනේ! බලමු. ඉස්සරහදි එහෙම වෙයිද දන්නේ නෑනේ...
Deleteමෙවන් මිනිසුන්ට මාගෙ ආචාරය.උබටත් සුභ පතනව
ReplyDelete:)
Deleteහිමින් සීරුවෙ වීඩියො ටික බලන්නම්..මෙහෙම ඇගයීම් හැම අවුරුද්දෙම වෙනවා.. මෙවර සිරස කිරීමෙන් එය සමාජ්ය තුලට ගිහින් ලොකු වටිනාකමක් ඇතිවෙලා ගොඩක් අය මේ වගේ දේවල් කරන්න පෙළඹෙනවා නම් බහුතරයක් අසරණයන්ගෙ කඳුළු පිසලන්න මෙහෙයක් කරන තනි පුද්ගල උත්සාහයන් එකතු වෙලා ඒ ගොල්ලන්ගෙ ලෝකය එළිය වෙයි. නාඩියා කරන්නෙත් ඒ වගේ හොඳ දෙයක් තමයි..මේ තොරතුරු බෙදා හදා ගැනීමෙන්..
ReplyDeleteඒක තමයි වෙන්න ඕනේ! සමාජය ගැන හිතන මිනිස්සු ඇති වෙනවනම් ප්‍රශ්න ගොඩක් අඩු වෙයි..
Deleteමමත් සමාජ සේවකයෙක් වෙනවා. :)
ReplyDelete#hatsOff
Deleteමෙවන් මිනිසුන් ඇගයීම වටිනවා.
ReplyDeleteඔව් ඔව්!
Deleteමම ටීවී බැලිල්ල අත් ඇරලා නිසා මේ ලිපියෙන් තමයි විස්තර දැන ගත්තේ. මේ වගේ දේවල් කරන එක වටිනවා සුපර් ස්ටාර්වලට වැඩිය!
ReplyDeleteමමත් TV බැලිල්ල අත ඇරලා ගොඩක් කල්! අප්පේ සුපර් ස්ටාර්ස් ලා ගොඩක් කාඩ්බෝඩ් වීරයෝ විතරයිනේ!
Deleteමේ දේවල් පොඩි කාලේ ඉඳලාම කියලා දෙන්න ඕන දේවල් නාඩියෝ.. Charity begins at home.
ReplyDeleteඔව් ඔව්.. පොදී කාලේ පුරුදු උනාම දිගටම කරගෙන යයි.
Deleteසමාජ සේවය ස්ටේටස් පෙන්නන..ජීව දත්ත පත්‍රකාවෙ කොටසක් වෙච්ච සමාජයක ලක්සෙට කොඩිය දාපු නැති හදවත උණුවෙන මිනිස්සු ඉන්නවි කියල පෙන්නපු නාඩියට ස්තුතිය...මම හැමදාම කියන්නෙ සංවේදී මිනිස්සු දකින්නෙ නෑ බලනව..ඒයාලට ඇහෙන්නෙ නෑ අහනව...එහෙම මිනිස්සු බොහොම සවිඥානිකයි...උඹල අපි දැකල අතෑරලා දාන..ඇහිල අතෑරල දාන දේවල් මේ වගේ මිනිස්සු හදවතේ තැන්පත් කරගෙන...පිළිතුරැ හොයනව..ඉතාමත් වටිනා වැඩක්...
ReplyDelete//සංවේදී මිනිස්සු දකින්නෙ නෑ බලනව// මසුරන් වටින කතාව බං...
Deleteතියරිය ටොන් එකකට වඩා ප්‍රැක්ටිකල් අවුන්සෙ වටිනවා කියල කවුදෝ කියල තියෙනවා!!!!!!!!!!!!!!
ReplyDelete+++++++++++
Deleteනාඩියෝ......ඔය ආනන්ද ගුරුගේ මහත්මයා අතින් පෙන්වන සංඥාව මොකක්ද? දන්න කෙනෙක් ඉන්නවාද?
ReplyDeleteඅඩේ! ඒකනම් දන්නේ නෑ! බලමු දන්නා කියන කෙනෙක් ඉඳියි ද කියලා....
Deleteවෙලාවක බලන්න ඕනේ වීඩියෝ ටික...දැන් බැලුවොත් ..
ReplyDeleteඔයා ලියපු ලිපිය අගය කරනවා නාඩි...
මේකනම් හොඳම උත්සවයක්! මෙවැනි උදවියට තමයි සම්මාණ දෙන්න ඕනේ. යහපත් සත්ක්‍රියාවක්!!
ReplyDeleteසහතික ඇත්ත. අද කාලෙ ඇගයීම් ලැබෙන්නෙ ඒ වගේම වීරයො කියල කිරුලු පළඳින්නෙ බොරුවට කෑගහන මිනිස්සු. එහෙමත් නැතිනම් පාට පාට ඇඟේ උලාගෙන කැමරා ඉස්සරහ ඇඹරෙන මිනිස්සු. ඒ මිනිස්සුන්ගෙ පිට ඔපය විතරයි. ඇතුල හිස්. ආත්මාර්ථකාමී කම, උද්දච්චකම හිත් ඇතුලෙ පිරිල. නිහඬව, සමාජයට හිතාගන්නවත් බැරි තරම් සේවය කරන මිනිස්සු, තවත් මනුස්සයකුගෙ දුක නිවන්න තමන්ගෙ ජීවිතේ වටිනා කාලය කැප කරන මිනිස්සු ඇගයීමට ලක්වෙන්නෙ හරිම අඩුවෙන්. ගෑණු ළමයෙක් විදිහට අරලියා කරන සේවය ගැන පුදුම ගෞරවයක් හිතෙනවා. බහුතරයක් තරුණ අය තමන්ගේ ජීවිතේ ගැන විතරක් හිතල අනිත් අයගෙ ජීවිත යකාට ගියත් තමන්ට තමන්ගෙ පවුලෙ අයට හරියනව නම් එච්චරයි කියල හිතන්න පුරුදු වෙලා ඉන්න සමාජයක මේ වගේ අය විරලයි. ගිය පාර වගේම මේ පාරත් මේ උතුම් කාර්ය්‍යයට සහභාගි වෙන්න ඒ වගේම සුලු විදිහට හරි උදවු කරන්න ලැබීම ගැන සතුටුයි. මේ කාර්ය්‍යය ගැන බ්ලොග් අවකාශයෙත් මේ වගේ ඉඩක් ලබා දීම ගැනත් සතුටුයි.
ReplyDeleteආ ඒ වගේම තවත් දෙයක් මතක් කරන්න ඕනෙ. මෙයට මාධ්‍ය අනුග්‍රහය දැක්වුයේ සිරස නිව්ස් ෆස්ට්. මේක ප්‍රධාන වශයෙන්ම සංවිධානය කලේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ස්වේඡ්ඡා සංවිධානය. කිසිදු මුල්‍යමය ප්‍රතිලාභයක් නැතුව මේ වෙනුවෙන් පැය 24ම කැපකරපු එක්සත් ජාතීන්ගේ ස්වේච්ඡා සංවිධානයෙ වැඩකරන විශාල තරුණ පිරිසක් හිටියා. ඒත් ඒ අය හිටියෙ තිරය පිටුපස....
ReplyDeleteඅපිටත් දැනගන්න ලිව්වට තැන්කූ ඈ...
ReplyDelete