සීත හිමේ ගොඩක් කල්...
මම බලාගෙන හිටියා...
තනියම?
නෑ...
තනියම නෙවෙයි....
මගේ තනියට හිටියා...
හුළඟ...
නෑ?
ඔව්... හුළඟ හිටියා
මුමුණ මුමුණා...
මොනවද?
කාගෙන් කාගෙන් හරි
හොරෙන් අහුලා ගත්තු පෙම් පල හිලව්...
ඉතිං....?
නෑ.. මට මොකුත් හිතුනේ
නෑ...
මොකෝ මං බලං හිටියා
හුඟක් කල්...
තනියම?
නෑ...
තනියම නෙවෙයි
මගේ තනියට හිටියා
අහස....
නෑ?
ඔව්.. අහස හිටියා
ගෝරනාඩු කර කර..
ඇයි ඒ?
ලැබුනේ නෑ කියලා සීත හිම
ශිඛරේ ලැම තුරුලේ ඉන්නට...
ඉතිං...?
නෑ.. මට මොකුත් හිතුනේ
නෑ...
මොකෝ මං බලං හිටියා
හුඟක් කල්...
තනියම?
නෑ...
තනියම නෙවෙයි
මගේ තනියට හිටියා
මලක්....
නෑ?
ඔව්... තිබුනා මලක් මට පේන නොපෙනෙන ඈතක..
ඉතිං...?
නෑ.. මට මොකුත් හිතුනේ
නෑ...
මොකෝ මං බලං හිටියා
හුඟක් කල්...
තනියම?
නෑ.... මලත් එක්ක....
පහුගිය නාඩියේ තිබිච්ච පින්තුරේ දැකලා සිරා අයියා කියලා තිබ්බා ගොඩක් වෙලා බලාගෙන හිටියා කියලා. මමත් ගොඩක් වෙලා බලාගෙන හිටියා.. ඇස් දෙක බොඳ වෙනකම් ම...
බලා හිඳිමි දුර ඈතක ඇයි ඔබ ගීතය මතක් වුණා.
ReplyDeleteහ්ම්ම්.....
Deleteඅනේ මන්ද මේ කොල්ලොන්ට හිතෙන ඒවා.. හැක් හැක්. එළ අදහස නාඩියෝ. සිරා පින්තුරේ වෙන මොකක් හරි හෙව්වද මන්ද සත්ගුණවත් උනත් පොට්ට මීටර් එක තාම වැඩ නේහ.
ReplyDeleteමැලේ රාළ කියල තිබ්බා,
Deleteඅහිංසකයි රටක් වටියි - විවාහයට කෙනෙක් සොයයි... කියලා.
මට මතකයි. සිරාත් ස්වයං ඇප්ලිකේෂන් එකක් දලාතිබුනා ඒත් වැඩක් උනේ නැ
Deleteමේකට කියන්න තියෙන්නේ බන් ටෝච් එක අතේ තියාගෙන බැට්රි කැලි දිහා බලන් ඉන්නවා කියලා තමයි...... කවදාද දාලා පත්තු කරන්නේ කියලා
Delete@දේශකයා : මේකනම් ඇප්ලිකේෂන් එකක් නෙවෙයි!
Deleteනෙත් හතර මුණගැහුනද? එහෙම වුනානම් අලුත්ම කවියකට ප්‍රස්තූතයක් ...
ReplyDeleteමුණ ගැහිලා... නෑ වගේ තමා...
Deleteඅඩෝ සින්දු කැලි මතක් වුණා ,නියමයි ...අමුතුම අදහසක් පින්තුරේත් මරු ...
ReplyDeleteඑහෙනං සින්දුවක් දෙකක් කියමු
Deleteමලක් කියන්නෙ තනමල්විල එකක්ද. ඒව එක්කනං බලාගෙන ඉන්න කට්ටිය ඉන්නව ඕනතරං.
ReplyDeleteඒකක් නෙවෙයි මේ නම්...
Deleteඒ පින්තුරේ කියාගාන්න, හිතාගන්න බැරි මොකක්ද අමුතු දෙයක් කියනවා නාඩි...
ReplyDeleteඅප්පේ ඔව් බං...
Deleteහරිම අපුරුයි නාඩි අයියේ.. සිරාවටම කියාගන්න බැරි මොකක්ද එකක් තියෙනවා ඒ පින්තුරේ
ReplyDeleteමට මගේ නොවන මොකක් හරි එකක් වගේද?
Deleteඇත්තටම ඒ පින්තූරේ අමුතුම ලස්සනක් තියෙනවා ...
ReplyDeleteපින්තූරේ දිහා මමත් හුඟක් වෙලා බලන් හිටියා. ලියපු පද වැල් ටිකත් පින්තූරෙට හරියටම ගැලපෙනවා...
හ්ම්ම්... බොහොම ස්තුතියි ඈ...
Deleteඒ සිතුවිලි රොත්තට මම කැමති
ReplyDeleteමම නම් ඒ රොත්ත අත අරින්න කැමතියි
DeleteThis comment has been removed by the author.
ReplyDeleteහිතේ අදහස් හිර වෙලා
ReplyDeleteමාත් පිංතුරය දිහා බලන් හිටියා හුඟක් වෙලා
තනියම..
නෑ තනියට තිබ්බා උඹේ අපුරැ කවියක්
වෙනදා වගේම..
හ්ම්ම්... තනියට ඔන්න වැටක්!
Delete+++++++++++++++++++
සීතල වැඩි කමටම ලියවෙලාද මන්ද?අපුරුයි
ReplyDeleteසීතලේ ඉඳගෙන තමා ලිව්වේ....
Deleteලස්සන අදහස්...! :)
ReplyDelete:)
Deleteපොටෝවනම් සුපිරිමයි.. ලස්සන ලොකේෂන් එකක්..
ReplyDeleteනිසදැස උපරිමයි.
ස්තුතියි ඈ!
Deleteනාඩියා උඹ මාරයි
ReplyDeleteමාර නෑ මාර නෑ.. මං එහෙමයි
Deleteසොබාදහම එක්ක ඉන්නකොට තනි නෑ නාඩියෝ
ReplyDeleteඅනිවා.. ඒ තමයි තනිකමට හොඳම ඔසුව
Deleteපිස්සු හැදෙයි. සුපිරි අදහස මල්ලි. නිකම් කොයිල් වෙලා ගියා...
ReplyDeleteඅප්පේ ඒ මොකෝ කොයිල් උනේ?
Deleteපින්තූරෙට ලස්සන අදහසක් දාල තියන්නෙ.. මම නම් කොහොමත් ඔහොම පින්තුර වලට මනාපයි.. කොච්චර මනාපද කිව්වොත් රෙසලුෂන් එක ටිකක් හොඳට තියනව නම් ඩවුන්ලෝඩ් කරල බැක්ග්‍රවුන්ඩ් එකටත් දාල තියනව..
ReplyDeleteහ්ම්ම්.. මේකනම් ෆෝන් එකෙන් ගත්ත එකක් ඒ නිසා එච්චර resolution හොඳ නෑ
Deleteඅඩේ නියමයි ඈ..
ReplyDelete:)
Deleteසිරාවටම ලස්සන පින්තුරෙ.එකටම ගැලපෙන කවිය බොල
ReplyDeleteඒකනේ ඒකනේ....
Deleteකලාව උපදින්නේ හැමදාමත් සොභාව ධර්මයත් එක්ක..නියම කවියක්.....කියලා වැඩක් නෑ..best of luck. :)
Deleteඔව්..ඒකේ හරිම ගුප්ත කලාත්මක බවක් තියෙනවා.......
ReplyDeleteගුප්තයි මචං හැම දේම
Deleteකලාව හැමදාමත් උපදින්නේ සොභාව ධර්මයයි තනියයි එක්ක.නියම කවියක්..කියලා වැඩක් නෑ..best of luck :)
ReplyDelete