සිරිපා කරුණා සමය සිතල
උදුවප් මාසයේ නමෝ විත්තියෙන් පටන් ගත්තු වෙලේ ඉදන් අපේ උන් ලක ලැස්ති උනේ සිරිපා
කරුණා කරන්න. කොහොමෙන් කොහොම හරි ඉස්පාසුවක් හොයා ගන්න පුළුවන් උනේ 14, 15 වැටිච්ච
නිවාඩු දවස් දෙක! හරිම අමාරුවෙන් අනිත් වැඩ කටයුතු පස්සට දාල දවස් දෙක නිදහස් කර
ගත්තා.
මේ කට්ටිය කිව්වේ අපේ
විස්සවිද්‍යාලේ අතීසාර මිත්තරයෝ ටිකය!
13 වෙනිදා උදා විය!
වෙනසක් නැත! අම්බානෙකට වැඩය!
මම - මේ හෙට නේද බං සිරිපාදේ
යන්නේ..
පොලොස් මාමා - ඔව් ඔව් .
හෙට රෑ නේ! හරි! මම වෙලාවට නගින්නම් කෝච්චියට!
මම - ඔව් උඹට රෑ නැගලා
යන්න පුළුවන් &^%&*&!!
ඉතා සුන්දර ලෙස පොලොසා
මේ සැරෙත් වෙලාව අනාගෙන තිබ්බේය! කොච්චර කට පාඩම් කරලා යැව්වත් ඌ ට වෙලාවල් මතක
නැත! සාම්ප්‍රදනුකුලව ඌ මේ සැරෙත් train
එක මිස් කරගෙන බස් එකක
හැටන් ගෑටුවේය! ජොන්ටියා ද කොහේදෝ අවලමක ගොස් train එක මිස් කර ගත්තේය!
නාඩි උපදෙස් අංක 01 –
Trip එකක් යාමට දවසකටවත්
කලින් අතමක ලෙඩේ තියන උන් සිහි බුද්ධිය ඇති උන් එක්ක නතර කල යුතුය! නැත්නම් ඌ
නැගිටින්නේ කෝච්චි ගියාට පසුවය!
මංතුමා කල් වේලා ඇතිවම
නුවරට ගියේ දළදා මාලිගාව වැද පුදාගෙනම සිරිපා කරුණා කිරීමටය! ඔන්න ඔය අහු පහු
අස්සේ හෙන්ඩුවා...
හෙන්ඩු - මේ මචං කෝච්චිය
නුවරට එන්නේ නෑලු!
මං - එහෙනම් කොහාටද යකෝ
එන්නේ?
හෙන්ඩු - පේරාදෙණියට..
එහෙන් මෙහෙන් එන ඔක්කොම
ටික එකතු පහදු කරගෙන GIC එකේ train time table database එක හදපු එකාට පින්
දෙමින් අපි පේරාදෙණිය ට ගියෙමු!
නාඩි උපදෙස් අංක 02 –
ලංකාවේ train timetable කිසිදා විශ්වාස නොකරන්න!
12.19 කෝච්චිය ආවේය! ආයේ
පත්තරයක් එලා ගන්න ඉඩක් නැත! සූ ගෑවිල්ලේ සෙනගය! කොහොමෙන් කොහොම හරි අස්සේ පැක් වී
හැටන් වලට පැමිණියෙමු!
හැටන් වල සිට ගමන
නෝර්වුඩ් වලටය. අපේ සීනියර් අක්කා කෙනක් අසරණ අපිට කෑම වේලක් දීමට මග බලාගෙන
සිටියාය! සහෝදරත්වය… පොංගල් බත් කුඩක් ඉතුරු
නොකර ඉවර කිරීමට අපේ උන් වග බලා ගත්තෝය.
රෑ 8.30 විතර වෙන තුරු
නෝර්වුඩ් ගෘගස්ථ ක්‍රීඩාංගනයේ විවේක ගත් අපි නල්ලතන්නි බස් එකක එල්ලී සිරිපා
කරුණාවට පිටත් උනෙමු! අප්පේ.. බස් එකේ සැමන් අඩුක් කළාට දෙවැනි නැත! හරිම
අමාරුවෙන් එල්ලී හිටිගඩු පිපෙන සීතලේ නල්ලතන්නියට ලඟා උනෙමු!
නඩේ ගුරා FM මහත්තයාය! ;) ඉතුරු 23 දෙනාගෙන් බහුතරය කෝඩු ය! කිරි කෝඩු නම් නෙවෙයි ය! දඩු
කෝඩුය! පඬුරු ගැට ගසා රෑ 10 ට පමණ ඉහලට කරුණා කළෙමු.
දැන් සිරිපා කරුණාවේ
තුන් සරණේ ඇහෙන්නේ හරිම අඩුවෙන්ය! එක් නඩයක් තුන් සරණේ කැසට් එකක් ටිකක් සද්දෙන්
දමාගෙන යනවා මංතුමා දැක්කේය! නරකක් කියන්න බැරිය! නැතිනම් ඒ අපූරු රිද්මය සදහටම
නැතිවී යා හැක!
නිවාඩු දවස් දෙක නිසා උඩ
මළුවට යන හරිය වෙද්දී නම් ටිකක් සෙනගය! මහා ගිරි දඹ එහෙම නැග්ගේ අඩියෙන් අඩිය
නැවතී නැවතිය! උදේ 5.30 විතර වෙද්දී අපි උඩ මලුවේ!
පහුගිය දොහේ හෙලිකොප්ටර්
රාජයෝ උස්සාගෙන ආපු ගන්ටාර කුළුන ඇතුළු පුජා භාණ්ඩ මේ ටිකේ ලහි ලහියේ පිළියෙළ
වෙනවාය.
සිරිපා පියුම වැද පුදා
ටිකක් මහන්සි ඇරලා එහෙම පහලට එන ගමන පටන් ගත්තෙමු. කදුකර සදාහරිත වනාන්තරයකට උරුම
අපූරු සුන්දරත්වය ආපසු ගමනේදී අඩුවක් නැතිවම විඳ ගත්තෙමු.
ආපහු එන්න ලක ලැස්ති
උනෙත් train එකේ. කරුමෙකට වගේ ට්‍රේන්
එකේ ඇඟිල්ලක් ගහන්න ඉඩක් නෑ! නුවර ආපහු බස් එකේ ඇවිත් යාන්තම් රෑ දෙගොඩහරියේ ගෙදරට
ආවා. මතක් කරලා ආයේ මේ වගේ ට්‍රිපක් යන්න එහෙම ඉන්නවනම් ට්‍රේන් බුක් කරලා යන එක
තමයි හොඳම වැඩේ. අනිත් එක පුළුවන් නම් නිවාඩු දවස් මඟ අරින්න පුළුවන් තරම් උත්සාහ
කරන්න. නැත්නම් අධික තදබදය හින්දා විඩාවට පත් වෙන්න වේවි නිකම්ම...
නාඩි උපදෙස් අංක 03 –
සිරිපා කරුණා කරද්දී ඒ
සුන්දර පරිසරයේ අරුමැසිය විඳ ගැනීමට අමතක කරන්නෙපා! ලංකාවටම ආවේනික වෙච්චි කුරුළු
විශේෂ, සත්ත්ව විශේෂ, සුළඟින් කුරු වෙච්චි අපූරු ගස්, මීදුමෙන් වහිච්චි කඳු වැටී, ගස් මත වැවුනු ලයිකන, පාසි වගේ සොබාදහමේ අපූරු නිර්මාණ ගොඩක් ටිකක් විමසිල්ලෙන්
බැලුවොත් දකින්න ලැබෙයි.
"තනිකම" : Captured from Nokia Lumia 820 |
මතක් කරලා ඔයගොල්ලෝ
අරගෙන යන හැම දෙයක්ම ආපහු ගේන්න. පොලිතින් ප්ලාස්ටික්, චුයින්ගම් තලි, සිගරට් කොට
සිරිපා අඩවියට ඕනේ නෑ.. පිය සටහන් විතරක් තියලා එන්න.
නාඩියා with මෝබයිලා
අලුත් අවුරුද්දේ පොඩි
ගැජට් බැජට් එකක් නාඩියා දෙන්න හිතුවා. කොයි කවුරුත් හරි හරියට දැන් ඔය smartphone පාවිච්චි කරනවනේ! ඔන්න android කස්ටියටයි windows phone උදවියටයි නාඩි බ්ලොග් එකේ app එකෙන්ම නාඩි වැටෙන හැටි බලන්න පුළුවන්! බා ගෙනම බලන්නකෝ!!! ඇපල් මල්ලිලා ට
ළඟදීම දෙන්නම් ඈ!
Android කස්ටියට |
Windows උදවියට |
අපිත් යන්න ඉන්නේ ලඟදී. සිරීපාදේ නඟිනවා නම් රෑට තමයි එල....
ReplyDelete(සිරීපාදෙත් එක්ක බැඳුණ (අ)මිහිරි මතකයක් මට තියෙනවා. මේක බැලුවම ඒක මතක් වුණා.)
අමිහිරි මතක අයින් කරලා මිහිටි මතක විතරක් තියා ගන්න,,,
Deleteසිරීපාදේ යන මිනිස්සුන්ටවත් වාඩිවෙලා යන්න තරම් මැදිරි සහිත කෝච්චි දාන්න බැරි ඇමතියා තාච්චියක දැමිය යුතුයි.
ReplyDeleteතාච්චියේ දාල මදි!
Deleteඅපිත් ට්‍රේන් එකේ ගියේ අයියේ, අම්මයි මල්ලියි ,තාත්තයි මායි ,, නියමයි,ලිපියෙන් ඒක ආයේ මතක් උනා. app එක බගන්න් ඕනේ thanks
ReplyDeleteයකෝ මේ මූට මල්ලි කීවොත් උබ . . . . අපිට . . . .සීය කියයි නේ බොල. . . සන්සාරේ සන්සරේ. . ඉදගෙන . . .ඔදව්
Deleteහෑ.... අයියේ... ඔමයිය නිදිමතේ වෙන්ටැ... :P
Deleteඒක තමා මමත් මේ බැලුවේ...
Deleteහුටා මේ දැන් දැක්කේ ඈ.. සොරි වෙන්ටලා ..මං දන්නේ නැහැ නාඩි
Deleteමමත් තාම එකම එක පාරයි ගිහින් තියෙන්නේ.. ආයේම යන්න ඕන කමක් තියෙනවා බලමුකෝ..
ReplyDeleteආයේ යමු! වෙනස් පැත්තකින්
Deleteමෙන්න මූත් ඇප් එකක් දාලෝ..
ReplyDeleteආයෙත් අහලා! බෑ ගනින් ඉතිං
Deleteමම නං සිරිපාදේ ආයේ එන්නෑ කියල මහ මළුවෙදිම සද්දේ දාලා කියල ආවේ.. හැක්..
ReplyDeleteඋබ ගිය තැන ඉවරනේ.බල අර නලියට තග දාල උගෙ නොහහොබිනා දෙයක් ලොකෙට කියනව කියල බය කොරල පත්තරේ දා ගත්තනෙ නෙහ්
Delete. , .හ්ව්හ් හේ
බලාපල්ලකෝ කරලා තියෙන වැඩ!
Deleteඅපිත් ලබන මාසෙ යන්න ඉන්නෙ..
ReplyDeleteකරුණාවයි....
Deleteමම සිරීපාදෙ ගියොත් නම් ජර්සි ලොරියක් අරන් යන්න වෙයි හි හි....
ReplyDeleteඅප්පේ මොකෝ බං ඒ??
Deleteසීතලයිද
ReplyDeleteඔව් ඔව් යකෝ!
Deleteගිය පාර නං ගියා මේ පාර තාම නෑ.. ඊළග මාසෙ 1 නෙිද යනව...
ReplyDelete///මතක් කරලා ඔයගොල්ලෝ අරගෙන යන හැම දෙයක්ම ආපහු ගේන්න. පොලිතින් ප්ලාස්ටික්, චුයින්ගම් තලි, සිගරට් කොට සිරිපා අඩවියට ඕනේ නෑ.. පිය සටහන් විතරක් තියලා එන්න.////
මේ කතාවට නං මං එකෙන්ම එකග වෙනව
හුගක් අය සිසරපාදෙ ගියාම හැසිරෙන්නෙ ආයෙ කෙනෙක් මෙහෙ නාවට කමක් නෑකියල වගේ
ඒක තමා. වෙන්න නොයිඳුල් වනාන්තරයක් ඉඳුල් වෙන එක.
Deleteමම තාම ගිහින් නෑ ඕයි... හැම තූත්තු කුඩියෙම යනවා. මේකට යන්න වෙලාවක් නෑ :(
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
බලාපන්කෝ ඉතිං.. සෙට් වෙලා හරි යමු.
Deleteමාත් හය හත් පාරක්ම ගිහිල්ල තිබ්බත් ළඟකදි නං යන්න බැරි උනා. සිරීපාදෙ නෙමෙයි මොන පංසලක ගියත් පෝය දවසට/නිවාඩු දවස්වලට යන එකනං මම අකමැතිම වැඩක්. මොකද තමංගෙ පාඩුවෙ පරිසරය විඳගන්න ලැබෙන්නෙ නෑ සෙනග වැඩි නිසා.
ReplyDeleteඒකනම් ඇත්ත. ආයෙනම් ඒ වැරැද්ද කරන්න හොඳ නෑ.
Deleteමං නං දැන් යතොත් යන්නේ අවාරේ සිරිපාදේ තමා..
ReplyDeleteඅන්න බං බ්ලොග් ලියන උන් සැට්වෙලා ගියානම් මරු..!
Deleteඅඩේ.. යමුකෝ බං...
Deleteසිරී පාදේ යන්න අපිත් හරිම ආසාවෙන් ඉන්නවා... ලස්සන් පින්තූර ටික...
ReplyDeleteයමු එහෙනම්.....
Deleteමමත් දැන් හිතන් ඉන්නේ අවාරේ සිරිපාදේ යන්න
ReplyDeleteඑහෙනම් බ්ලොගියෝ ටික එකතු වෙලා යමු.
Deleteඅඩේ මම තවම ගිහින් නෑ නොවෑ ,යන්න ඕනි ..මාර අසයි යන්න ,ඉක්මනින්ම වෙලාවක් හදා ගන්න ඕන ,
ReplyDeleteඉක්මනට කරුණා කරපං....
Deleteමාත් තාම ගිහින් නෑ බන්, මේ අවුරුද්දෙවත් යන්න ඕන..
ReplyDeleteඔය බලපන්කො ඉතිං...
Deleteඅපි ගිය හොඳම ගමන නං ගියෙ එරත්න පාරෙ. අන්න පාරවල්. මා.......ර ලස්සනයි.
ReplyDeleteඒ පාරෙන් ලබන සැරේ කරුණා කරන්න ඕනේ බං
Deleteසික් මට තාම යන්න බැරි උනානෙ
ReplyDeleteසික්!
Deleteෂිට් මට තාම උපන්තේකට යන්න බැරි වුනානේ සිරි පාදේ :(
ReplyDeleteඔක්කොම යමු එහෙනම්
Deleteපින්තූරු මදි අනේ..........හ්ම්ම්
ReplyDeleteමං වැඩිය කැමරාව එලියට ගත්තේ නෑ අනේ.. ඒකයි
Deleteනාඩියෝ උඹගේ තොරතුරැ හා උපදේස වලට පිං! කියන්නත් ලැජ්ජයි බං මම තාම එක පාරක්වත් කරැණා කරලා නෑ නොවැ. අවුරැදු 30 වෙනකනුත් ලංකාවේ හිටියා. යන්න
ReplyDeleteහොඳම කාලේ මොකක්ද බං? උඹට ජය!!
අවුරුදු 70 විතර උනාම නරක නැහැ :D
Deleteමමත් එක වතාවක්වත් ගිහින් නැහැ. මටත් එක්කම පලයන්.
යන්න හොඳම මට හිතෙන විදිහටනම් ජනවාරි පෙබරවාරි වගේ කාලෙක සතියේ දවසක
Deleteකියන්න ලැජ්ජයි බං...මම තාම සිරීපාදෙ ගිහිල්ලා නෑ....සිරීපාදෙ ඇර ලංකාව පුරාම තියෙන ප්‍රධාන බෞද්ධ පූජා භූමි හැම එකකටම වගේ ගිහිල්ලා තියෙනවා උතුරු නැගෙනහිරත් ඇතුලුව....වතාවක් අපි කැළෑ මාර්ගයෙන් සිරිපා කරුණා කරන්න සැලසුම් කොලා...ඒ වතාවෙ සැලසුම ලත් තැනම ලොප් උනා....ආයෙත් දවසක් උදාවෙයි කියා සිතමි. තනිකම ෆොටෝ එක නම් පට්ටයි බං...මම සෑහෙන වෙලාවක් ඒ දිහා බලාන උන්නා....
ReplyDeleteතනිකම.. මටත් අමුතු දෙයක් හිතුනා බං අයියේ....
Deleteමම තාම කිරිකෝඩු අනේ.... යන්න ඕනෙ ලඟදිම. නාඩි ඩ්‍රොයිඩ් ඇප් එක එල. මාත් හදන්න ඕනෙ එකක්.
ReplyDeleteහයියෝ!!! එච්චර අමාරුවක් නෑ.. බස්සට කියන්නකෝ...
Deleteනියමයි නියමයි නාඩියා. අපි අන්තිමට ගියේ 2007දි. ඇත්තෙන්ම කෝච්චිය බුක් කරලා තිබ්බනම් වැඩේ ගොඩේ ගොඩ.
ReplyDeleteඔව් අප්පා ඒකනම් ඇත්ත
Delete//කරුමෙකට වගේ ට්‍රේන් එකේ ඇඟිල්ලක් ගහන්න ඉඩක් නෑ! //
ReplyDeleteමට කියපන් උබ මොකටද ඇගිලි ගහන්න ගියෙ.පඩුවෙ වාඩිවෙලා යන්නෙ නැතුව
බස් එකෙ ඔක කොරල අන්න හසරැල්ල හිරේ.හොද වෙලාවට බොට ඉඩක් නොතිබුනෙ.
Deleteඔය ඉතිං අපි ඇඟිලි ගහන්න ගියේ හොඳ හිතින්! ;)
Deleteඅවුරුදු කීපයක් පිට පිටම සිරිපාදේ ගිය හැටි මතක් වුනා. දැන් නම් සෑහෙන කාලෙකින් යන්න බැරි වුනා බං. සැට් එක විසිරිලා දස අත...
ReplyDeleteහ්ම්ම්.. බ්ලොග් සෙට් එක මොකෝ කියන්නේ??
Delete