නාඩි සෙට් එක

Sunday, November 24, 2013

රේල් පාර

 පීලි දෙකම එක වගේ.....
එකම හැඩ...එකම ගනකම......
කාටවත් කරදරයක් නොවී....
මජං තැවරිච්ච සිල්පර කොට උඩ.....
බලං ඉන්නවා හැමදාම...

හම්බෙන්නේ නෑ කවදාවත්ම....
කොතනදිවත්.....

ඒත්......

ටොන් ගානක් බර සිතුම් පොදියක්
උඩින් යනවා හැමදාම......

54 comments:

  1. ඒකනම් ඇත්ත රජෝ! කෙටියෙන් අදහස් ගොන්නක්....බොහොම අඟෙයි!!!

    ReplyDelete
  2. සිතුම් පොදි වල බර නම් රේල් පීලි වලට කවදාවත්ම දැනෙන එකක් නැති වෙයි..

    ReplyDelete
  3. හ්ම්ම්ම්ම්

    ReplyDelete
  4. හ්ම්ම්, පද වැල් වගේ ම සැඟවුණ අදහසත් අපූරු යි!

    ReplyDelete
  5. ඒ උනාට, කෝච්චි, පීලී පැන්න වෙලාවට, එක්කාසු වෙලා තියෙනවා මම දැකලා තියෙනවා...

    ReplyDelete
  6. සිල්පර කොට නැත්තං සිතුම් පොදියයි රේල් පීලියි කොහේ නවතියිද දන්නෑ.

    ReplyDelete
  7. පවුල් ජීවිතේ.......

    ReplyDelete
  8. කෙටියෙන් කිව්වොත් බං ඕක අපේ විවාහ දිවිය වගෙයි. ඔය එකතුවීම ඉඳ හිට වෙන දෙයක් කිව්වනම් හරි මොකද දෙන්නගේ අදහස් එකිනෙකට ගැලපෙන්නේ බොහොම කලාතුරකින්. අනෙක්වා ගලපාගත් යුතුවේ.

    ReplyDelete
  9. //ටොන් ගානක් බර සිතුම් පොදියක්
    ඒ උඩින් යනවා හැමදාම......//

    හෑ...................

    හා හා කාගෙද දැං? :D

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා ඉතිං කාගේද කියලා.. කාගේ කාගේත් එහෙම වෙන්නැති!

      Delete
  10. මචන් රේල් පිලි දෙක එකිනෙකා හම්බ උනොත් කොච්චිය පිලි පනිනව.එතකොට අර සිතුම් පොදිය බිදෙනව.

    ReplyDelete
    Replies
    1. ඒක තමයි ඉතිං පීලි දෙකක් තියෙන්නේ පනින්නේ නැති වෙන්න.

      Delete
  11. සුනාමියෙදිත් පීලි එකතුවෙලා තියෙනව මම දැක්ක නාඩියො

    ReplyDelete
    Replies
    1. කලින් කිව්වා වගේ exceptional case තමා!

      Delete
  12. රේල් පාර දිගේ ඉන්න දෙන්නෙක්ට රේල් පාර ඉවරවෙනකල්ම අත් අල්ලාගෙන වැටෙන්නේ නැතුව යන්න පුළුවන් නම් කොච්චර දෙයක් ද..?
    එකම පාරේ යනවට වඩා රේල් පාරක් දිගේ අත් අල්ලන් යන්න මම ආසයි.

    ReplyDelete
    Replies
    1. ඒක නම් ලොකුම දෙයක්! කරන්න අමාරු .. ඒත් කරන්න සුන්දර වැඩක්....

      Delete
  13. ටොන් ගානක් බර සිතුම් පොදියක්
    ඒ උඩින් යනවා හැමදාම......

    හඬ හඬා...
    විලාප දිදී....

    ReplyDelete
    Replies
    1. ඒත් ඒ විලාපේ හරිම සුන්දරයි...

      Delete
  14. ටොන් ගානක් බර සිතුම් වලට කරදරයක් නැතිව තියෙන්න රේල් පීලි දෙක එකතු නොවී තියන එක හරිම වැදගත් මොකද රේල් පීලි එකතු උනොත් මහා "අවුලක්"..

    ReplyDelete
    Replies
    1. නැත්නම් නැත්නම්! හරිම "අවුලක්"!!!

      Delete
  15. ඒ වුනාට ඈතම ඈත පේනවා නේද රේල් පීලි දෙක එකතුවෙලා වගේ. අන්න ඒ වගේ එකතුවෙන්න හිතන්න .

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් හ්ම්ම්.. ඒත් මිරිඟුවක් වෙයිද???

      Delete
  16. උඹේ සිතුවිල්ල පොඩි උනාට නිකමට හිතලා බලහං දුම්රිය ඇතුලෙ තියෙන උප සංස්කෘතියත් එක්ක ගත්තම මොන තරම් ගනුදෙනු තියෙනවද...කී දෙනෙක් කෝච්චියෙදි ලව් කරලා බැදලා දරුවො හුරතල් කරනවද...මගේ කෝච්චි ජීවිතය ගැන තවම මොකුත් ලියලා නෑ..ඉදිරි දිනයක බලමු...

    ReplyDelete
    Replies
    1. ඒක තමා..... ලියමු බලන්න ඔය ගැනත්....

      Delete
  17. ඔය දෙක එකතු නොවී තියෙන තාක් කල් හොඳයි.

    ReplyDelete
  18. මහගම සේකරයන්වත් එකපාරටම ඔළුවට ආවා......

    විශිෂ්ඨයි නාඩියෝ!!!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි.. මහගම සේකරයින්?? ඇයි ඒ??

      Delete
  19. මෙහෙනම් තියෙනවා තනි පිල්ලේ යන කෝච්චියක්...... අපි වගේ ..... (වෑරදුනාවත්ද මන්දා මම වගේ)

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් හ්ම්ම්.. අපි වගේ තමා! ;)

      Delete
  20. සිල්පර කොටත් තව ටික කාලයයි.. කොන්ක්‍රීට් කොට ඒවා ආක්‍රමණය කරනවා

    කවියක් කියෝලා ඉවර උනාම අන්තිමට පොල්ලෙන් ගැහුවා වගේ තිය කවි පට්ට...

    සිතුම් පොදිය කියන වචනෙන් ඒ දේ නියමෙට කළා ඈ

    ReplyDelete
    Replies
    1. ඒත් ලී කොටේ තියෙන සුන්දරත්වය නෑ......

      Delete
  21. මට මගේම නොවන මගේම රේල් පීලි 2ක්ම තිබුණා

    ReplyDelete
  22. අපූරුයි නාඩියෝ....
    නාඩියා පොඩි කාලෙ අපිත් එක්ක එක කඩු පන්තියෙ ඉඳගෙන පොයම් කෑලි අමුණද්දි මම හීනෙකින්වත් හිතුවෙ නෑ ඊට අවුරුදු දහයකට දොළහකට පස්සෙත් නාඩියාගෙ මේ තරම් විශිෂ්ඨ නිර්මාණ රසවිඳින්න ලැබෙයි කියලා. ඇත්තටම හරිම ආඩම්බරයි මල්ලි ඔයාගෙ හැකියාව ගැන.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අක්කා.... කවද්ද හිතුවේ එදා පන්තියේ කොනකට වෙලා සද්ද නැතිව හිටිය ගෑනු ළමයා මෙච්චර සද්ද බද්ද දාන කෙනෙක් වෙයි කියලා!

      Delete
  23. අදත් කෝච්චියේ ගෙදර ආවේ... ඒ නිසා මේ පද පේළිය වෙනදාටත් වඩා හිතට දැණුනා....

    ReplyDelete
  24. දිනපතා.....දුම්රියෙන් එහෙමෛහ ගිහින්..මමත් කයියක් ලිව්ව මහව ගැන...උඹටත් දැනිල තියෙනව..රේල්පීලි උඩ දුවන බලාපොරොත්තු ගැන

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...