නාඩි සෙට් එක

Sunday, November 17, 2013

CHOGM ගිය නාඩියා


මේ ටිකේ ලංකාවේ කඩේ පිලේ වෙලේ ඉපනැල්ලේ වැඩියෙන්ම කතා වෙන්නේ CHOGM ගැන. ඕන චුයින්ගම් එකක් කියලා නාඩියා CHOGM ගත වෙච්චි හැටි කොටන්න හිතා ගත්තා. නාඩියාත් ඔන්න CHOGM ගියා. CHOGM කියන්නේ Commonwealth Heads Of Governments Meeting කියන එකලුනේ! නාඩියා සහභාගී උනේ ඊට සමගාමිව පවත්වපු Commonwealth Youth Forum ( පොදු රාජ්‍ය මණ්ඩලීය තරුණ සමුළුව) කියන එකට! තිබ්බේ හම්බන්තොට මාගම් රුහුණුපුර අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේ(MRICC)!

චෝගම් අස්සේ මොකෝ උනේ. හොරෙන් පිල්ලි ගහපු සල්ලි නාස්ති අරවා මේවා කතා කරන්න... ලංකාවෙන් මේක ප්‍රයෝජනයක් ගත්තද නැත්නම් කාගේ කාගේ හරි පුද්ගලික උවමනා එපාකම් මේකෙන් සපුරා ගත්තද කියන ඒවා කතා කරන්න මං තුමා හිතුවේ නෑ! ඒ ඔක්කොම පාට කන්නාඩි අයින් කරලා ස්වාධින පුද්ගලයෙක් විදිහට මම ඒ දවස් පහ හයේ ගත්ත අත්දැකීම් ටිකක් කොටන්න හිතුවා!

මිට මාස දෙක තුනකට කලින් බුකියේ දාල තිබ්බා මේ සමුළුවට තරුණ නියෝජිතයෝ තෝරා ගන්නවා කියලා! නාඩියා ත් ඉතිං නිකම් ඉන්න බැරි කමට කියලා තිබ්බ විදිහට abstract එකක් ලියලා කරලා යැව්වා! ඉන්ටවිව් දෙක තුනක් තිබ්බා. අමුතු අමුතු ප්‍රශ්න ඇහුවා. කොහොම කොහොම හරි අන්තිමට කෝල් එකක් ආවා ලංකාව නියෝජනය කරන්න තෝරාගෙන ඉන්න නියෝජිතයෝ 25න් එකෙක් මංතුමා කියලා! නියෝජනය කලේ IMCD ආයතනය.

මෙන්න මේ විදිහට තමයි ඔය තිබිච්ච එකේ official media release එක තිබ්බේ...

9 වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුඵවට සමගාමීව 9 වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය තරුණ සමුඵව මෙම 10 දා පෙ.ව 11 අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හම්බන්තොට මාගම් රුහුණුපුර ජාත්‍යන්තර සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයේදී ආරම්භ විය. මෙම 10 වැනි දා සිට 14 වැනි දා දක්වා පැවැත්වෙන මෙම සමුඵව සදහා රටවල් 44 තරුණ නියෝජිතයන් 102 දෙනෙකු ද නිරීක්ෂකයන් 20 දෙනෙකුද , කාර්ය සාධන බලකාය සදහා 05 දෙනෙකුද , ශ්‍රිලංකාවේ නියෝජිතයන් 25 දෙනෙකුද, නිරීක්ෂකයන් 20 දෙනෙකුද, කාර්ය සාදක බලකාය සඳහා 05 දෙනෙකුද සහභාගිවීමට නියමිතය. ශ්‍රී ලංකාව ඇතුඵ පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල් 54 ක තරුණ නායක නායිකාවන් ගේ ප්‍රධානත්වයෙන් 1997 වර්ෂයේදී ආරම්භ වූ මෙම තරුණ නායක සමුඵවේ 08 වැනි තරුණ නායක සමුඵව 2011 වර්ෂයේදී ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවරදී පැවැත්වූ අතර වසර 02 කට වරක් මෙම සමුඵළු පැවැත්වේ. මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය තරුණ සමුඵවේදී ඒ ඒ රටවල් අභිනවයෙන් එකගවූ පොදු රාජ්‍ය මණ්ඩලීය තරුණ කවුන්සිලය හා එහි ව්‍යවස්ථාව අනුමත කර විධායක මණ්ඩලයක් පත්කර ගැනීම විශේෂ සිදුවීමක් වනු ඇත.මෙම නව නිළධාරී මණ්ඩලය ඉදිරි සතියේදී කොළඔදී පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුඵවේදී රාජ්‍ය නායකයන් මුණගැසීමටද නියමිතය. 2013 වර්ෂයේදී පැවැත්වෙන මෙම පොදු රාජ්‍ය මණ්ඩලීය තරුණ නායක සමුඵව පොදු රාජ්‍ය මණ්ඩලීය තරුණ ජනයාගේ හැරවුම් ලක්ෂයක් බවට පත්වනු ඇතැයි පොදු රාජ්‍ය මණ්ඩලීය ලේකම් කාර්යාලයේ තරුණ කටයුතු පිළිබද අධ්‍යක්ෂිකා කැතරින් එල්ස් පැවසීය. මේ සදහා ශ්‍රීලංකාවේ යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මැතිතුමා විසින් තරුණ කාර්ය සාධන බලකායක් පත්කර ඇත. මෙම සමුඵවේදී උප මාතෘකා 08 යටත් කරුණු සාකච්ඡා වට ගැනීමට නියමිතය. ඒවා නම් • 2015 න් පසු ජාත්‍යන්තර සංවර්ධන සැලැස්ම සදහා තරුණයන්ගේ කාර්යභාරය ප්‍රතිසංවිධානය සහ සමාජ ඒකාබද්ධතාවය. සුබසාධනය සහ සංවර්ධන ක්‍රියාවලිය අරමුණු සපුරාලන ගුණාත්මක අධ්‍යාපනයක්.. තරුණයන් උදෙසා ශිෂ්ඨ සමිපන්න ඵලදායි රැකියා අවස්ථා උත්පාදනය ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ලිංගික හා ප්‍රජනන සෞඛ්‍යය අයිතිවාසිකම් තරුණ කටයුතුවල වෘත්තීයභාවය ඇතිකිරීම
මෙම සමුඵව ආරම්භයේදී වෙනස් වූ හැකියාවන් සහිත තරුණ තරුණියන් ඉදිරිපත් කළ සංස්කෘතික ප්‍රසංගය අතිගරු ජනාධිපතිතුමා ප්‍රමුඛ සියලුම ආරාධිත අමුත්තන්ගේ හා සහභාගිකයන්ගේ නෙතට කදුලක් එක්කළ දර්ශනයක් විය.
පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල වයස අවුරුදු 18 ත් 29 අතර තරුණ තරුණියන් සහභාගිවන මෙම තරුණ සමුඵව ශ්‍රිලංකාවේ යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය , ජාතික තරුණ සේවා සභාව හා පොදු රාජ්‍ය මණ්ඩලීය ලේකම් කාර්යාලයේ තරුණ කටයුතු අංශය, පොදු රාජ්‍ය මණ්ඩලීය තරුණ හුවමාරු කවුන්සිලය එක්ව සංවිධානය කරනු ලැබේ.

මං තුමා ඔය කරුණු අටෙන් සහභාගී උනේ  අරමුණු සපුරාලන ගුණාත්මක අධ්‍යාපනයක්” සහ “තරුණයන් උදෙසා ශිෂ්ඨ සමිපන්න ඵලදායි රැකියා අවස්ථා උත්පාදනය” කියන කරුණු දෙකේ විවාද සඳහා. මොකෝ රාජ්‍ය විශ්වවිද්‍යාල ශිෂයෙක් නිසා මම ආස කලේ පොඩ්ඩක් අධ්‍යාපනේ ගැන කතා කරන්න. රැකියා ගැන කතා කරන්න යන්න හිතුවේ ඉස්සර ඉදන්ම ඔලුවේ වැඩ කරන මගේම කියලා business එකක් පටන් ගැනීමේ ඇම්ම තව පොඩ්ඩක් වැඩි කර ගන්න.

ලංකාව නියෝජනය කරන අපේ අය අතරේ සුවිශේෂ පුද්ගලයෝ හිටියා. ආබාධිත පරිගණක දෘඩාංග ශිල්පියෙක්, ඒත් එක්ක ලංකාවේ ආදිවාසි ජනතාව නියෝජනය කරන තරුණයෙක් වගේ අය. 

පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් ඇතුලෙන් ඉන්දියාව, ඔස්ට්‍රේලියාව, එංගලන්තය ආදී රටවල් ඇතුළු රටවල් 44කින් ආපු තරුණ නියෝජනය දවස් 5ක් තිස්සේ මේ කරුණු ගැන සාකච්චා පවත්තලා අන්තිමට සකස් කලා “Declaration by the young people of the commonwealth Hambantota, Sri Lanka 2013” කියන පත්‍රිකාව. මේකේ අඩංගු උනේ අර ඉහල තියෙන බරසාර කරුණු 8 සම්බන්ධයෙන් රටවල් වල ආණ්ඩු කරයුතු කරන්න ඕනේ ආකාරය දක්වන ලියවිල්ලක්! කොහොමෙන් කොහොම හරි මේක සම්මත වෙලා කෙරිලා ඉවට වෙද්දී එක දවසක පාන්දර 3යි! (සම්මත කරන්න එච්චර අමාරු උනේ ඇයි මොනවාද තිබ්බ ප්‍රශ්න කියන ඒවා ඉතිං...... )

මම දැක්ක විදිහට ඒ යෝජනාවලියේ තියෙන කරුණු හරියට ක්‍රියාත්මක උනොත් තරුණ ගැටළු ගොඩකට විසදුම් හොයන්න පුළුවන්!

කතා බහ කරගෙන යද්දී දැක්ක දෙයක් තමයි අප්‍රිකා මහද්විපේ සමහර අයට තවම අධ්‍යාපනය කියන එක prestige දෙයක් විතරයි! ඒ රටවල් වල ප්‍රාථමික අධ්‍යාපනයට නැඹුරු වෙන ප්‍රතිශතය හරිම අඩුයි! අඩු වයස් විවාහ, විරැකියාව, ව්‍යවසායකත්වය වගේ කරුණු කාරණා වලට අපූරු විසඳුම් ගොඩක් තරුණ නියෝජිතයෝ ඉදිරිපත් කලා.

තව කොටන්න ගියොත් පණ යනකම් කොටන්න පුළුවන්! වෙච්චි කෙරිච්චි ආතල් සිද්ධි, දුක හිතෙන සිද්ධි එමටයි! හැබැයි ඒ ඔක්කොම මටනම් මිල කරන්න බැරි අත්දැකීම්!
 ඒත් එක්ක ගොඩ නැගිච්ච සම්බන්ධතා...... ;)

මේ CYF එකේදී මම අහපු ලස්සනම කතන්දරේ. සම්පුර්ණ ඇත්ත. මොකෝ මේ කියන මනුස්සයා එක්ක හම්බවෙලා කතා කරලා තමයි මේ කියන්නේ.

මේ ඉන්නේ රවී තේජා මුතු. ඉන්දියන් ජාතික තරුණයෙක්. අවුරුදු 22යි! Green Energy තමයි මිනිහා කරන business එක! සාර්ථක ව්‍යවසායකයෙක් . මෙයා ඉන්දියාවේ තියෙන දුප්පත් කරන්ට් නැති ගමකට දෙනවා solar powered ලාම්පු! හැබැයි ලාම්පුවේ power එක දවස් එකෙන් දෙකෙන් ඉවරයි! කොහොමද ආයේ charge කරගන්නේ ??? මිනිහා දීලා තියෙන්නේ මරු උත්තරයක්! Solar charging panel එක හයි කරලා තියෙන්නේ ගමේ ඉස්කෝලේ! ගෙදර ළමයා ඉස්කෝලේ ගියොත් විතරක් ළමයට පුළුවන් අර ලාම්පුව එදා දවසට ඉස්කෝලෙන් charge කරගෙන එන්න! එක ගලෙන් කුරුල්ලෝ දෙන්නයි! 

තරුණ මොළයක්.. තරුණ ශ්‍රමයක් හරිම අපූරු විදිහට ලෝකේ වෙනස් කරන්න යොදවලා... 

ඇයි අපිට බැරි??????

37 comments:

  1. හරිම වටිනා තොරතුරැ රාශියක් උඹේ ලිපියෙන් දැණගත්තා. අපේ රටෙත් හොඳ නිර්මාණාත්මක අදහස් තියෙන තරැණ තරැණියෝ කොච්චර ඉන්නවද හිටියද ඒත් කිසිම දේකට තැනක් නොදෙන එකනේ වැඩේ.
    නැවත එන්නම්. උඹට ජය!!!

    ReplyDelete
  2. ආඩම්බරයි පුතේ ^_^

    එෆ් බි එකේ දැක්ක වරින් වර පොටෝ.. ඒත් මං බැලුව ඒ මොටෝ කියලා..

    ජය වේවා!!

    ReplyDelete
  3. අවසාන එක අපිත් බැලුවා. තව විස්තර කියලා ලිපියක් දැම්මා නම් සුපිරි

    ReplyDelete
  4. කම්මැලි නැතිව තව විස්තර ඇතුව ලිපියක් දාන්න නාඩියෝ...

    මම හිතන්නෙ ඔයාට ලැබිලා තියෙන්නෙ ජීවිතේට ලොකු අත්දැකීම් සම්භාරයක්...ඒ ගැන සතුටුයි නාඩි.

    ReplyDelete
  5. ඉන්දියාවේ ඉන්නවා සෑහෙන්න දක්ෂයෝ රටේ විශාලත්වය අනුව දෝ........ කියලත් වෙලාවකට හිතෙනවා ඇයි අපට ලංකාවෙන් ඔවැනි දේවල් අහන්න ලැබෙන්නේ නැත්තේ කියල.

    ReplyDelete
  6. තව තවත් අත්දැකීම් බෙදාගන්න

    ReplyDelete
  7. ඕනම කෙනෙකුට අවස්ථාව ලැබුණාම තමා එවන් දේක වටින කම තේරෙන්නේ.. ඒත් අවස්ථාව කී දෙනකුටද ලැබෙන්නේ. එතනත් ගැටලුවක් නේද මලයා. මෙවන් සමුළුවක් නියෝජනය කරන්න ඉඩ නොලද ඔබේම සරසවියේ අනෙක් අය මේ සමුළුව ගැන දරණ අදහස් හා දැන් ඔබේ අදහස් අතර සන්සන්ධනයක් ද කළ යුතුයි නේද?
    ඒ කෙසේවෙතත් තරුණ ඔබ මේ ලද අවස්ථාව මහගුම අවස්ථාවක් බවත් එය ඔබේ දිවියේ කිසිදිනක අමතක නොවන බවත් මට විශ්වාසයි.
    ඒ එක්කම දැන් ඔබට වැටහෙනවා ඇති නේද යම් කිසි දෙයක් දෙස පාට කණ්ණඩිවලින් බැලීමේ ආදීනවත්.

    ReplyDelete
    Replies
    1. උඹ කඩේ ගියාට පොඩි උන් කඩේ යවන්න පුරුදු කරන්න එපා නලින්...මේ චෝගම් කියලා රෙද්දක් අටවලා මේ යක්කු නාස්ති කලේ කාගෙ සල්ලිද ? උන් ගෙවල් වලින් අරන් ආපුවද ? ලොකුවට වැඩේ ඉස්සරහට දාලා මහ එකා පොඩි උන් එක්ක ඇති තරම් හොරා කනවා...ඒවා තව රස කරකර අනුමත කරන උඹලා වගේ උන් ඉන්නකං ලංකාව වල පල්ලට යන එක නවත්තන්න මේ කපේට බෑ...

      දැන් තියෙන්නෙ සමුළුවට ගෙනාපු බෙන්ස් කාර් 54 බෙදා ගන්නා නාඩගම...කෝටිගානක් වියදම් කරලා මේවා ගෙනාවට චාර්ලිස් ගොයියා වගේම එංගලන්ත අගමැතිවරයත් තමන්ගේම Range Rover ජීප් භාවිතා කලේ...රාජපස්ස පවුල බෙදාගෙන ඉතිරි වෙන ඒවා බෙදාගන්න වල් ඇමතියො දැන් කුකුල් පොරයකලු...උන්ට ඉතිං බෙදා ගන්න දෙයක් ඉතිරිවෙන එකක නෑ...රාජපස්සලා කියන්නෙ ඉතිං කාපාලුවෝ වර්ගයක්නෙ....

      නාඩියා මහත් උජාරුවෙන් දාපු මේ උත්සවේ ගැන මට කියන්න තියෙන්නෙ මල්ලි...රටේ මළගමට වල කපන...රටට අහිතකර වැඩකට තමයි උඹ මේ පුක උඩදාගෙන ගිහින් තියෙන්නෙ.....

      Delete
    2. මහින්දා ගොයියා අඩබෙර ගහලා චෝගම් තියලා රාජ්‍ය නායකයො කී දෙනාද ආවෙ...දැන් ඉතිං මාස 3 ක් ඇතුලත මානව හිමිකම් පරීක්ෂනත් පවත්වලා වාර්තාවත් දීපල්ලකො...ෂැම්පො දාලා පාරවල් හේදුවටත් පාඩුයි...

      Delete
    3. ඇනෝ.......හරිදේට හරි කියන්නත්....වැරදි දේට වැරදි කියන්නත් පුරුදු වෙමු. නාඩියා කියන්නේ එ තුලින් දුටුව හරි දෙයක්...තව බොහෝ දේවල් ඇති හරි හෝ වැරදි..නලීන් කියන්න සුදානම් හැම දෙයකටම වඩා මම නාඩියා කියන්න හදනදේට ඇහුම්කන්න දෙන්න සූදානම්. නලීන් හැම දේම හරි කියන්න හදනවා වගේම, ඇනෝ උඹ...හැම දේම වැරදි කියන්න හදන එක සාධරණ නැහැ.

      තරුණයා කියන්නේ ඩලස්ගේ කටපාඩමින් කියවන සාමා අමර පොතේ ඉන්න මරා බේබීලා වෙච්ච බඩ මහත කාලකන්නි විතරක් නෙවෙයි. මගෙන් පසු පරම්පරාවේ නොවිකිනෙන කොටසකුත් ඉන්නවා. නාඩියා කොයි කොටසටද අයිති වෙන්නේ කියල තීරනය කරන්න වෙන්නේ ඌ ලියන දේ කොහොම උනත් ඌ කරන දේ දිහා නිරීක්ෂනය කරලා. අපි බලන් ඉමු. ඊට පස්සේ ගහමු.

      Delete
    4. නලින්, ඇනෝ, අරූ සහ නාඩියා,
      මේකෙ සාර්ථක අසාර්ථක භාවය තීරණය වන්නේ ගනුලැබූ තීරණ කොතෙක් දුරට ක්‍රියාත්මක වෙනවාද යන්න මත. මොකද ඕන කෙනෙකුට පුළුවන් සල්ලි තියනව නම් දක්ෂයන් ටිකක් එකතු කරගෙන සංදර්ශනයක් පෙන්වන්න. නමුත් ඉන් එහාට යම් වැඩපිලිවෙලක් තිබියයුතුයි.

      දැන් ඉන්දියන්කාරය ප්‍රායෝගික වැඩක් කරල තියනව. උඹලගෙ කණ්ඩායමේ ඉන්න උදවිය කරල තියෙන්නෙ මොනවද කියන එකත් උඹලගෙ ප්ලෑන් වලට අනුග්‍රහය කොතෙක් දුරට ලැබෙනවද කියන එකත් තමයි අපිට වැදගත්.


      Delete
    5. http://sinhala.lankanewsweb.com/news/10454-2013-11-17-10-27-04

      නාඩියෝ........උඹ එතන හිටිය කෙනෙක් නිසා මේ කියන කතාව ඇත්තද කියපං.

      Delete
  8. උඹේ අත්දැකීම් තව ලියපන්.මේ ඉන්න ඉන්දියානු තරුණයාගේ අදහස නම් නියමයි.ඒ වගේ තව දේවල් ටිකක් ලියපන්.

    ReplyDelete
    Replies
    1. ඔව් නාඩි. අපි චෝගම් ගියෙ නෑ නෙ :)

      Delete
  9. රවී තේජා මුතු යනු මහත්මා ගන්ධි තුමාගේ න් පැවතෙන්නෙක් වෙන්න ඇති.

    ReplyDelete
  10. නාඩියෝ ඉන්දියාවේ විතරක් නෙවෙයි ලංකාවෙත් ඔය වගේ තරුණ කොල්ලො කෙල්ලො ඉන්නව මාරම ටැලන්ට්..වැඩේ තියෙන්නෙ එයාලට ඉස්සරහට එන්න දෙන්නේ නැහැ..ඒ දේවල් වලට වගකිවයුත්තෝ අද සද්ද වහල..මේක ඇවිල්ල මුළු රටේම අවාසනාව..

    ReplyDelete
  11. අනෙ බන් කම්මැලි නැතුව ඔක අපිත් එක්ක බෙදා ගනින් බන්.

    ReplyDelete
  12. ආඩම්බරයි නාඩියෝ සිරාවට.... පොටෝ දැක්කා..

    මම හිතන්නේ එක පොස්ට් එකකින් නතර වෙන්න බැරි වෙයි වගේ....නරකද තව විස්තර එක්ක කිව්වොත්, අර දුක හිතෙන කතා අරවා, මෙව්වා ටික දාලා.

    ReplyDelete
  13. කෝ කෝ අර බදාගෙන හිටිය කළු ගෑනු ළමයා ගැන එහෙම ලියපන් ^_^

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  14. සිරාවටම උඹ ගැන ආඩම්බරයි (y)
    රයිටර් කිව්වා වගේ එතැනදී කතා කරපු දේවල් ගැන විස්තර ඇතුව තවත් පෝස්ට් දෙක තුනක් දාන්න.

    ReplyDelete
  15. යකෝව්.. අන්න අදහස්.. ඒ ඉන්දියාවෙ නොවැ..

    අපේ එවුන්ගෙන් වැඩක් ගන්න කාලයක් එහෙමත් එයිද බං..

    ReplyDelete
  16. මොනාද අප්පා සුට්ටයිනෙ ලියලා තියෙන්නෙ. චෝගම් පෝස්ට් තුන හතරක් ලිවුවානම් මොකද? (හැබැයි නාඩියෝ චෝගම් නාඩගමේ වරුණාව නැතුව ඒකෙන් ඔයා ගත්තු අත්දැකීම් ගැන ලියාපු එක නම් කීයත් වටී.)

    ලියන්නකෝ මේ වගේ කස්ටියට ආදර්ශයක් ගන්න පුලුවන් චෝගම් අත්දැකීම් එක්ක තව ලිපියක්.

    ඒ.... අර පැළ හිටවිල්ල ගැනත් කියන්ට. උසට හරියන නංගියෙක් හම්බෙලා තිවුනෙ. :P

    ReplyDelete
  17. චෝගම් විකාරය ගැනමොනවා කිව්වත් මේ වගේ වෙන රටවල් වලින් ආපු අයත් එක්ක අදහස් හුවමාරු කරගන්ට අවස්ථාවක් ලැබිච්ච එක කොයි තරම් දෙයක්ද?

    ReplyDelete
  18. ඇයි අපිට බැරි

    ඕක ඇවිත් සෑහෙන්න හිතන්න ඕන ප්‍රශ්ණයක්..

    ReplyDelete
  19. ඇයි අෆ්ෆා මූටම හැම එකම ලැබෙන්නෙ ? ලංකාවෙ IT සම්බන්ඳ දෙයක් තිබ්බත් මූ එතන, චුයින්ගම් එකක් තිබ්බත් මූ එතන... ෂුවර් එකටම නාඩියා යනු ඇමති පුතෙක්ද දන්නෑ...
    එහෙම නැත්නම් නාඩියා යනු අසාමාන්‍ය ටැලන්ට් එකක් තියෙනෙ කොල්ලෙක්..

    ReplyDelete
  20. උඹ මේක චෝගම් නොකියා වෙන මොකක් හරි එකකට ගිය විස්තරයක් විදියට දැම්මා නම් හෝයි ගාලා විස්තර අහන්න කට්ටිය ඉඳියි. අපේ රටේ මිනිස්සු හරි කුහකයි. මොන දේ තිබුණත් ඒකෙ වැරදි අඩුපාඩු පැත්තෙන් තමයි මුල ඉඳලා බලන්න සුදානම්. දේශපාලනය දුෂිත බව ඇත්ත. ලංකාව වගේ රටකින් දූෂිත නැති දේශපාලනයක් දකින්න අමාරුයි.
    මොනවා වුණත් අපි දන්න කියන කොල්ලෙක්ට මේ වගේ අවස්ථාවක් උදා වෙච්චි එක ගැන මම හදවතින්ම සතුටු වෙනවා. ඒ වෙන දෙයක් හින්දා නෙවෙයි, මේ අයත් සමග සබඳතාව දිගටම පවත්වාගෙන, ඒ එක්-එක් රටවල් වල අය සමග අදහස් හුවමාරු කරගෙන, ලෝකය පිලිබඳ දැනුමක් ලබා ගන්න. අදටත් මට විවිධ රටවල මිතුරු මිතුරියන් ඉන්නවා ඒ වගේ අදහස් හුවමාරු කර ගන්න. මම හිතනවා මලයා මේකෙන් උපරිම ප්‍රයෝජනය ලබා ගත්තා කියලා. කිව්වත් වගේ පිළිවෙළකට අදහස් ටික ගොණු කරානම් තමා හොඳ.

    ReplyDelete
  21. නාඩිය සතුටුයි පුතා.
    මම බලාපොරොත්තු වුන ලිපියක්.
    චුයින්ගම් එක ගැන තියෙන්නේ මගේ වෙන අදහසක්.
    නමුත් අපේ එකෙක් මේකට සහභාගී වුනොත් හොදයි කියන සිතිවිල්ල මට තිබ්බ.
    ඉඩ ලැබෙන පරිදි එහිදී වූ තවත් විස්තර ලියපන් කොල්ලෝ.

    ReplyDelete
  22. (y) Nadiyoo..
    Kwru mnwa kiwath hoda saha naraka 2kama tibbath hoda de api gaththanam harine..
    Kammali nathuwa thawa wisthara liyahan saththalanee... Jayama wewa !!!

    ReplyDelete
  23. ඉන්දියාවෙ එහෙම උනත් ලංකාවෙ එහෙම වෙන්න (දෙන්නෙ) නෑ.
    තව ටිකක් විස්තර ලියමු.

    ReplyDelete
  24. නියම කොල්ලෙක්නේ.... උබ ලබාගත්ත අත්දැකීම් විතරක් නෙවි හිටපු අනික් රටවල අය බෙදා ගත්ත එයාලගේ අත්දැකීමුත් අපිට කියහන් මචෝ

    ReplyDelete
  25. මගේ මාධ්‍යවේදී මලයත් ඔය උත්සවේ වාර්තා කරන්න ඇවිල්ලා තිබුනා....විදේශික වාර්තා කරුවන් සැට් එකක් එක්ක කිලිනොච්චියටත් ගිහින් තිබුනා ඊට පස්සෙ...

    ඒවා අතුරු කථා...අර සාරිය ඇදලා උඹට තුරුලු වෙලා හිටිය කලු නගාව ආපහු රට යැව්වෙ හිතකින්ද කොලුවො ?

    ReplyDelete
  26. ශික් අප්පා,
    Apply කරලත් නොගිය එක ගැන දුක හිතෙන්නේ මේවා දැක්කම තමයි

    ReplyDelete
  27. අදයි කියවන්න අවස්ථාවක් ලැබුනේ. අපේ ඉක්කෝලෙ කොල්ලෙක් චෝගම් ගියා කියපුවාම කාටද අප්පේ ආඩම්බර. තරුණ සමුළුවේ ප්‍රකාශනය කියෙව්වා. ඒ දේවල් අපේ රටට විශේෂයෙන්ම ගොඩක් වැදගත්. ක්‍රියාත්මක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැබැයි ඊළග පෝස්ට් එකේ කියලා තියෙන //ප්‍රාථමික අධ්‍යාපනය නොලබපු// අය ලංකාවෙත් නැතුවා නෙමෙයි. මගේ ඒකකයට ආවොත් 50ක් විතර දෙන්න පුළුවන්. සුබපැතුම්. ජය...!

    ReplyDelete
    Replies
    1. ප්‍රදීප්.......හැකි වෙලාවක උත්තරයක් දෙන්න.....ප්‍රාථමික අධ්‍යාපනයක් නොලබපු කියන දෙයින් අදහස් වෙන්නේ කිසිම දවසක පාසැල් නොගියපු කියන එකද? යම්කිසි මානසික ආබාධයන් තිබී, නමුත් පාසල් ගිය..එහෙත් ඒ ක්‍රමය තුල පාසැල් යැවීම තේරුමක් නැති බව වටහාගෙන එයින් බැහැරවෙන්න සිදුවුනු කෙනෙක් තමයි මගේ නංගී....ඒ දවස්වල තිබුනේ අපිට තිබුනු ආර්ථික තත්වයත් එක්ක නාරාහේන්පිට චිත්‍රා රෝඩ් ආබාධිත දරුවන් වෙන්වූ පාසල විතරයි. මා මේ කියන්නේ 1970 අග භාගයයි. එම පාසලෙන් කියා තිබෙන්නේ , එතන නේවාසික හෝ අර්ධ නේවාසික සිසුන් හා සසඳා බැලීමේදී අපේ නංගී එතරම් මානසික දුර්වලතාවයක නැති බවත් එතැන සිටියහොත් ඇය චිත්‍රා රෝඩ් සිටි දරුවන් අනුගමනය කර තව තවත් මානසික ව්‍යකූලතාවයකට පත් විය හැකි බවත්ය.

      මගේ දෙමව්පියන් කියනා පරිදි ,දොස්තරවරුන් පවසා ඇත්තේ ඇය අවුරුදු 10ක් නම් ඇයගේ මොලය හැසිරෙන්නේ වයස අවුරුදු 5ක පමණ දරුවකුගේ වශයෙනි. දැන් ඇය වයස අවුරුදු 40 පසුවී ඇත. මම මෙහෙම ලියන එක නාඩියාටත් ඔබටත් අපහසු විය හැක. ඇය දැන් අවශ්‍යයි කියන්නේ විවාහයයි. ඒ ශාරිරික උවමනාවක් විය හැක. මම ඇය ගැන අහිංසකාවියේ නමින් කවියක් ලියා ඇත.

      නාඩියා සහ ප්‍රදීප්.......මට සමාවන්න....මෙය චෝගම් වලට අදාල නැත.

      Delete
    2. මානසික හා කායික ආබාධයන් සහිත අයට අමතරව විවිධ හේතු නිසා පාසල් අධ්‍යාපනය නොලැබූ අය ඉන්නවා මිත්‍රයා. අපේ ඒකකයට එන්නෙ මානසික රොගී වූවන්ම නෙමෙයි. රක්ෂිත බන්ධනාගාරගත වූවන්. සමහර අය ගැහැණු ළමයි. ඔවුන්ව පාසල් යවලාම නැහැ. දුප්පත් කම, නොදන්නා කම හෝ උවමනාවක් නැති කම විය හැකියි. ඔබ විශ්වාස කරන එකක් නැහැ. කිසිම දවසක පාසල් නොගිය අවුරුදු 30 ක කඩවසම් තරුණයෙක් මට හමුවුනා මෑතකදී.

      Delete
    3. ප්‍රශ්නයක් නැහැ මචං අරූ, මේ වගේ සංවාද ඇති වෙන්න ඕනේ...
      ප්‍රදීප් අයියේ කාටද ඉතිං ආඩම්බර.. පන්නල ජාතික පාසල් විදුහල් මාතාවට මිසක්..

      Delete

Related Posts Plugin for WordPress, Blogger...