පීලි දෙකම එක වගේ.....
එකම හැඩ...එකම ගනකම......
කාටවත් කරදරයක් නොවී....
මජං තැවරිච්ච සිල්පර කොට උඩ.....
බලං ඉන්නවා හැමදාම...
හම්බෙන්නේ නෑ කවදාවත්ම....
කොතනදිවත්.....
එකම හැඩ...එකම ගනකම......
කාටවත් කරදරයක් නොවී....
මජං තැවරිච්ච සිල්පර කොට උඩ.....
බලං ඉන්නවා හැමදාම...
හම්බෙන්නේ නෑ කවදාවත්ම....
කොතනදිවත්.....
ඒත්......
ටොන් ගානක් බර සිතුම් පොදියක්
ඒ උඩින් යනවා හැමදාම......
ඒකනම් ඇත්ත රජෝ! කෙටියෙන් අදහස් ගොන්නක්....බොහොම අඟෙයි!!!
ReplyDeleteබොහොම ස්තුතියි!
Deleteසිතුම් පොදි වල බර නම් රේල් පීලි වලට කවදාවත්ම දැනෙන එකක් නැති වෙයි..
ReplyDeleteහ්ම්ම්.. ඒක තමා ප්රශ්නේ....
Deleteහ්ම්ම්ම්ම්
ReplyDeleteහ්ම්ම් හ්ම්ම්ම්...
Deleteඔවු අප්පා...
ReplyDeleteනැත්නම් අප්පා!
Deleteහ්ම්ම්, පද වැල් වගේ ම සැඟවුණ අදහසත් අපූරු යි!
ReplyDelete:)
Deleteඒ උනාට, කෝච්චි, පීලී පැන්න වෙලාවට, එක්කාසු වෙලා තියෙනවා මම දැකලා තියෙනවා...
ReplyDelete:DD
Deleteඇයි සුනාමියට දෙක බදාගෙන තුරුළු කර ගත්තේ.
Deleteඒ ඉතිං exceptional cases! :D
Deleteසිල්පර කොට නැත්තං සිතුම් පොදියයි රේල් පීලියි කොහේ නවතියිද දන්නෑ.
ReplyDeleteඑකනං කියන්න බෑ!
Deleteපවුල් ජීවිතේ.......
ReplyDeleteටිකක් විතර හරි.....
Deleteකෙටියෙන් කිව්වොත් බං ඕක අපේ විවාහ දිවිය වගෙයි. ඔය එකතුවීම ඉඳ හිට වෙන දෙයක් කිව්වනම් හරි මොකද දෙන්නගේ අදහස් එකිනෙකට ගැලපෙන්නේ බොහොම කලාතුරකින්. අනෙක්වා ගලපාගත් යුතුවේ.
ReplyDeleteඑහෙමත් එකක් තියනවා තමා...
DeleteHariyata mage sihine wage
ReplyDeleteඒකත් එහෙමද එතකොට...
Delete//ටොන් ගානක් බර සිතුම් පොදියක්
ReplyDeleteඒ උඩින් යනවා හැමදාම......//
හෑ...................
හා හා කාගෙද දැං? :D
අනේ මන්දා ඉතිං කාගේද කියලා.. කාගේ කාගේත් එහෙම වෙන්නැති!
Deleteපීලි දෙකක් උඩ සිහින ගොඩක්.
ReplyDeleteඅනි අනි...
Deleteමචන් රේල් පිලි දෙක එකිනෙකා හම්බ උනොත් කොච්චිය පිලි පනිනව.එතකොට අර සිතුම් පොදිය බිදෙනව.
ReplyDeleteඒක තමයි ඉතිං පීලි දෙකක් තියෙන්නේ පනින්නේ නැති වෙන්න.
Deleteසුනාමියෙදිත් පීලි එකතුවෙලා තියෙනව මම දැක්ක නාඩියො
ReplyDeleteකලින් කිව්වා වගේ exceptional case තමා!
Deleteරේල් පාර දිගේ ඉන්න දෙන්නෙක්ට රේල් පාර ඉවරවෙනකල්ම අත් අල්ලාගෙන වැටෙන්නේ නැතුව යන්න පුළුවන් නම් කොච්චර දෙයක් ද..?
ReplyDeleteඑකම පාරේ යනවට වඩා රේල් පාරක් දිගේ අත් අල්ලන් යන්න මම ආසයි.
ඒක නම් ලොකුම දෙයක්! කරන්න අමාරු .. ඒත් කරන්න සුන්දර වැඩක්....
Deleteටොන් ගානක් බර සිතුම් පොදියක්
ReplyDeleteඒ උඩින් යනවා හැමදාම......
හඬ හඬා...
විලාප දිදී....
ඒත් ඒ විලාපේ හරිම සුන්දරයි...
Deleteටොන් ගානක් බර සිතුම් වලට කරදරයක් නැතිව තියෙන්න රේල් පීලි දෙක එකතු නොවී තියන එක හරිම වැදගත් මොකද රේල් පීලි එකතු උනොත් මහා "අවුලක්"..
ReplyDeleteනැත්නම් නැත්නම්! හරිම "අවුලක්"!!!
Deleteඒ වුනාට ඈතම ඈත පේනවා නේද රේල් පීලි දෙක එකතුවෙලා වගේ. අන්න ඒ වගේ එකතුවෙන්න හිතන්න .
ReplyDeleteහ්ම්ම් හ්ම්ම්.. ඒත් මිරිඟුවක් වෙයිද???
Deleteඋඹේ සිතුවිල්ල පොඩි උනාට නිකමට හිතලා බලහං දුම්රිය ඇතුලෙ තියෙන උප සංස්කෘතියත් එක්ක ගත්තම මොන තරම් ගනුදෙනු තියෙනවද...කී දෙනෙක් කෝච්චියෙදි ලව් කරලා බැදලා දරුවො හුරතල් කරනවද...මගේ කෝච්චි ජීවිතය ගැන තවම මොකුත් ලියලා නෑ..ඉදිරි දිනයක බලමු...
ReplyDeleteඒක තමා..... ලියමු බලන්න ඔය ගැනත්....
Deleteඔය දෙක එකතු නොවී තියෙන තාක් කල් හොඳයි.
ReplyDeleteඒ මොකෝ???
Deleteමහගම සේකරයන්වත් එකපාරටම ඔළුවට ආවා......
ReplyDeleteවිශිෂ්ඨයි නාඩියෝ!!!!!!!!!!!!
බොහොම ස්තුතියි.. මහගම සේකරයින්?? ඇයි ඒ??
Deleteමෙහෙනම් තියෙනවා තනි පිල්ලේ යන කෝච්චියක්...... අපි වගේ ..... (වෑරදුනාවත්ද මන්දා මම වගේ)
ReplyDeleteහ්ම්ම් හ්ම්ම්.. අපි වගේ තමා! ;)
Deleteසිල්පර කොටත් තව ටික කාලයයි.. කොන්ක්‍රීට් කොට ඒවා ආක්‍රමණය කරනවා
ReplyDeleteකවියක් කියෝලා ඉවර උනාම අන්තිමට පොල්ලෙන් ගැහුවා වගේ තිය කවි පට්ට...
සිතුම් පොදිය කියන වචනෙන් ඒ දේ නියමෙට කළා ඈ
ඒත් ලී කොටේ තියෙන සුන්දරත්වය නෑ......
Deleteමට මගේම නොවන මගේම රේල් පීලි 2ක්ම තිබුණා
ReplyDeleteඅපේ අප්පේ.....
Deleteඅපූරුයි නාඩියෝ....
ReplyDeleteනාඩියා පොඩි කාලෙ අපිත් එක්ක එක කඩු පන්තියෙ ඉඳගෙන පොයම් කෑලි අමුණද්දි මම හීනෙකින්වත් හිතුවෙ නෑ ඊට අවුරුදු දහයකට දොළහකට පස්සෙත් නාඩියාගෙ මේ තරම් විශිෂ්ඨ නිර්මාණ රසවිඳින්න ලැබෙයි කියලා. ඇත්තටම හරිම ආඩම්බරයි මල්ලි ඔයාගෙ හැකියාව ගැන.
බොහොම ස්තුතියි අක්කා.... කවද්ද හිතුවේ එදා පන්තියේ කොනකට වෙලා සද්ද නැතිව හිටිය ගෑනු ළමයා මෙච්චර සද්ද බද්ද දාන කෙනෙක් වෙයි කියලා!
Deleteඅදත් කෝච්චියේ ගෙදර ආවේ... ඒ නිසා මේ පද පේළිය වෙනදාටත් වඩා හිතට දැණුනා....
ReplyDeleteදිනපතා.....දුම්රියෙන් එහෙමෛහ ගිහින්..මමත් කයියක් ලිව්ව මහව ගැන...උඹටත් දැනිල තියෙනව..රේල්පීලි උඩ දුවන බලාපොරොත්තු ගැන
ReplyDelete