නාඩි සෙට් එක

Thursday, December 5, 2013

භූත රේල්ලුව

දෙසැම්බර් 5 ලංකාවට නොව මුළු ලෝකෙටම වැදගත් දවසක්ය! අපේ උත්තම පුරුෂයෝ අද උත්කුරුෂ්ට සොයා ගැනීමක් කලෝය! ප්‍රශ්න ගොඩකට එවෙලේම බඩු පැකට් විසඳුම් ගෝනි ගණන් ලැබිණි! අනේ වාසනාවන්!

අපි ඩයිවර් නැතිව කෝච්චි එලෝන තාක්සනේ සොයා ගත්තෙමු!

ලංකාවේ හැටි එහෙමය. මෙච්චර ලොකු වැදගත් සොයා ගැනීමක් කරලත් වැඩිය එලියට පහලියට ෂෝ එක දමන්නේ නැත. කියන්නේ අත් වැරදීමකින් හරි මොකක් හරි එකකින් කෝච්චිය අච්චර දුරක් හැල හොල්මනක් නැතිව ගෑටුවා කියාය! ඒ නිහතමානිකමය!

නිහතමානිකම වැඩිකමට එන්ජින් ඩයිවර් උන්නාන්සේ එක්ක ක්ලිනර් උන්නාන්සේගේත් සේවය අත් හිටෝලාය! සමහර විට තාක්ෂණික රහස් එලියට යයි කියා බයට වෙන්ඩත් පුළුවන!

දැන් ආයේ කෝච්චි එලෝන අයියලා ස්ට්‍රයික් කොලාට අවුලක් නැත! ඔටෝමටික් දුවන්ට පුළුවන! සිග්නල් කණු. ආරක්‍ෂිත ගේට්ටු මේ අටමන්ගල්ල මොකුත් ඕන වෙන්නේ නැත! ඇයි යකෝ අර මහ රෑ දුවන්ට පුළුවන් නම් කෝච්චි වලට හොඳට පේන දවල්ට කොහොම යන්ට පුළුවන් ඇත්ද!

කොහොමත් අපේ කෝච්චි දෙපාර්තමේන්තුවේ මාමලා හරිම ෂෝයි වැඩ කරන්ට හපන්නුය! කිලිනොච්චි යන්න රේල් පාර හැදුවෝය! ඒකනම් හොඳය! පලවෙනි දවසේ ඉන්දියන් සුරුට්ටුව යවන්න තියාගෙන චීන බඩ්ඩක් යවලා පරිප්පු කෑවාට කමක් නැත. 

දැන් අලුත්ම සෙල්ලම යාල් දේවි මෙලෝ රහක් නැති schedule එකකට දිවීමය! යාලේ ඔෆිස් ඇරිලා ගෙදර එන්ට යන්ට හිටිය උන්ට පාන්ය! ඒ මදිවට උදේට දෙනෝ දාහක් යන යාලේ wagon එකක් ගලවා observation පෙට්ටියක් සෙට් කරලාය! උතුරු දුම්රිය මාර්ගයට ඒ වගේ පෙට්ටියක් ඕනැද කියා මගේ ටිකිරි මොලයට නම් නොතේරේ! මොකෝ බැලු බැලු හැමදාම ඒක හිස් ය!

කොහොමත් වෙලාවක් කිව්වොත් කෝච්චිය එන්නේ එකේ ග්‍රිනිච් වෙලාවටය! සමහර විට එන්ජිම හදපු රටේ ටයිම් එකටය! 

කෝච්චි වල යන එන අපෙත් වැරදි තියනවාය! සමහර උන් හිතන්නේ කෝච්චිය කුණු බක්කියක් කියාය! රටේම තියන හා ජරාව ඒක අස්සේ දාල යනවාය! ඉතිං මෙලෝ මලදානෙකට යන්නට බැරිය!

හැමදාම කියන්නේ දුම්රිය සේවය පාඩු ලබන ආයතනයක් කියාය! හැබැයි හරි සැලසුමකට වැඩ කලොත් ලාභ ගන්නටද බැරිකමක් නැත!

කෝකටත් කියා ආයේ කෝච්චියේ යන්ඩ ඉස්සරලා එන්ජිමේ ඩයිවර් ඉන්නවද කියා බැලුවොත් ඇඟට ගුණය!!

ආ.. අනිත් සීන් එක ඔය භූත කෝච්චිය ඇවිත් නතර වෙලා තියෙන්නේ ආරංචි හැටියට ගල්කිස්ස හරියේය!

57 comments:

  1. භූත කෝච්චිය තනියමද එන්නෙ එදා වගේ ඩබල් දාලද ? :P

    කතාවක් තියනවනේ කෝච්චියක් වෙලාවට ආවොත් ඒ වෙලාවට ඇවිත් නෙමේ පැය 24ක් පරක්කු වෙලා කියලා :D

    ReplyDelete
    Replies
    1. අන්න මීට අවුරුදු 100කට කලිනුත් භූතකෝච්චියක් මෙදාවගේම ගිහිල්ලා.. භූත දෝස භූත දෝස!!

      Delete
  2. දුම්රිය තාක්ෂණ නිලධාරියකු විසින් රත්මලානේදී නවතා ඇත.
    නිලධාරීන් දෙදෙනකුගේ වැඩ තහනම්.

    ReplyDelete
  3. කෙසේ උනත් අපට ආඩම්බර වීමට කරණයක් ඇත. ඒ අපේ ඈයෝ තනියම යන එන්ජිමක් අටවගත්ත එකය, හැබැයි හිතුමතේට ඕවට වැඩ කරන්නට දෙන්නට බැරිය!
    යාලට observation එකක් අමුණා ඇත්තේ උතුරු, උතුරු-මැද ලංකාවේ සිරි නරබන්නටය, - නරබන එකෙක් නැතිය! හැමදාම ගාඩ් මහත්තයා විතරය! අන්තිමේදී අපි තැලිලාය.
    "අලි ....... අපි තැලෙයි" - කොහෙත් වෙන දේනේ !

    ReplyDelete
    Replies
    1. "අලි ....... අපි තැලෙයි" මේ අත්දකිමෙන්මද?

      Delete
  4. කොච්චි එන්ජිමේත් cctv කැමරා හයි කරලා තිබ්බා නම් එන්ජිම ස්ටාර්ට් කල හොල්මන අල්ලා ගන්න තිබුණි.

    ReplyDelete
  5. ලංකාවනේ ඉතිං.... ආයේ අමුතුවෙන් පුදුම වෙන්න දෙයක් නැනේ

    ReplyDelete
  6. ඔහොම තමයි ආශ්චර්යමත් රටක කටයුතු සිද්ධ වෙන්නේ. දැන් තියෙන්නේ ගිනස් පොතේ කට්ටියට ‍එන්න කියන එක තමයි!

    ReplyDelete
  7. වෙය අපි අඩම්බර විය යුතු කරුණකි..දැන් අයේ කොච්චී ඩ්‍රයිවර්ලා ස්ට්‍රයික් කරනු නැත ...බස් රථ වලටද ඉදිරියේදී මෙවැනි තාක්ෂණයක් ඉදිරිපත් කරයි නම් අපේ අශ්චර්‍යය වැඩි ඇතක නොවනු ඇත ....D

    ReplyDelete
    Replies
    1. අන්න මරු වැඩේ! අපේ කට්ටිය ළඟදීම ඕකත් කරලා බලයි.

      Delete
  8. කෝච්චිවලට කාන්තාවන් සඳහා වෙනම පෙට්ටියක් දාන්නට හදාපු එක නැවතුනේ ඇයි කියා අනාගත ජනාධිපති තුමා, වල්ගම මහතාගෙන්, සමාවන්න, වෙල්ගම මහතාගෙන් බයිලා මඩුවේදී ඇසුවාය. උන්නැහේ කීවේ එහෙම වෙනම යන්න බෑයි කියා කාන්තාවෝ එතුමාට කියුවාය කියාය. කතානායක තුමා කීවේ. ඒ ඉතින් ඔබ තුමා හිය නිසා වෙන්ට ඇති කියාය. කොහොමත් කාන්තාවෝ මික්ස් වෙලා යන්න කැමති බව උදේ ඔපීස් කෝච්චියක නැග්ගාම පේනවාය. නමුත් එයාලාට පෙට්ටි මතක් වෙන්නේ. ඔය පෙට්ටියක් ආස්සේ ළඟදීම පෙට්ටියක් කැඩුන වෙලාවටය.

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා කොහොම මේ පෙට්ටි පරිස්සම් කර ගන්නද කියලා.

      Delete
  9. // wagon එකක් ගලවා observation පෙට්ටියක් සෙට් කරලාය!//ඒවා සංවර්ධනයේ ලක්ෂණ මෙයා...ඔයා ඒකවත් දන්නේ නැතෙයි...

    ඒක නෙමේ මෙයා කෝච්චි ගැන ලියනවා වැඩියි,නැත්තං රේල් පීලි ගැන හරි ලියනවා.. :D

    ReplyDelete
    Replies
    1. අලේ.. මන්දා feeling love with කෝච්චි වගේ!

      Delete
  10. ඊරිසියාකාරයෝ, ඊරිසියාකාරයෝ, ඔය කෙරේ ටැස් කොරලා බලන එක විතරයි ඉස්සෙල්ලාම ඇන්ජිමක් යවලා. ඊට පස්සේ මගී දුම්රියක්ම යවන්නයි ප්ලෑන් කොරලා තිබුනේ. කොහෙද මේ අපේ මාද්දිය කාරයන්ටත් ඕනෑ නැති සුනඛ පශ්චාද්භාගයක් නැහැනේ. මොකද ආයේ ඔය ඩැයිවර් ලා කිලිනර් ලා බීලා ඉන්නවා කියලැයි. එයාලා ඇන්ජිම ඇතුලෙම බුදු කුටි තියාගෙන ඉන්නේ. ඕන්නං දුරගමන් යන කෝච්චියක ඩැයිවර් උන්නැහේගේ කට ඉඹලා බලන්න. සමන් පිච්ච සුවඳයි. මම පුද්ගලිකවම දන්නා නිසා කිව්වේ.

    ReplyDelete
    Replies
    1. ඒ සුවඳ එන්නේ ඇන්ජිමට ගහන ඒවා නිසා.. වැදගත් මිනිස්සුන්ට කතන්දර හදන්න එපා. එයාලා බොන්නෙ නෑ.. නානවා..

      Delete
    2. අනේ පව් අනේ. අන්ගේ අමාරුවට වෙන්න ඇති.

      Delete
  11. බලහං කව්රු හරි ගුගල් කාර් එකේ ගැජට් ටික ඕකේ හයි කොරලද කියලා

    ReplyDelete
  12. ඉක්මනට ඔය තාක්සනේට පේටන්ට් බලපත්තරේ ගත්තොත් හොදයි :D

    ReplyDelete
    Replies
    1. ඔව් නැත්නම් ඉන්දියාවෙන් වගේ හොරකම් කරන්න පුළුවන්.

      Delete
  13. අපි ඩයිවර් නැතිව කෝච්චි එලෝන තාක්සනේ සොයා ගත්තෙමු! ඒක නෙ නාඩියෝ ආශ්චර්ය :D

    ReplyDelete
  14. තියෙන පිස්සුත් හොඳ වෙනවා මේව දැක්කම.

    ReplyDelete
  15. මේ තරම් දියුණු තාක්ෂණයක් හිමිවීම ගැන අපි ආඩම්බර වෙන්න ඕන.මම හිතන්නෙ දියුණු රටවලත් මේක තවම පර්යේශන මට්ටමේ.හොරොවුපතාන දිහා තිබුනා හිතුමතේට යන බස්.මාරයි ඒකත් ඩ්‍රයිවර්ලස් ද මන්ද ශෝයිනේ

    ReplyDelete
    Replies
    1. හිතුමතේට යන කිව්වේ ඩ්‍රයිවර් නැතිවද ඈ?

      Delete
  16. ගනන් ගන්න එපා මචෝ..මේක ඉන්දියන් සාගරේ අමුතු ඇටේනේ.

    ReplyDelete
    Replies
    1. දැන් වෙන ඒවානම් හරිම අමුතුයි තමා.

      Delete
  17. මාත් අද ඕක පත්තරෙන් දැනගත්තා... තාක්සනේ මරු !

    ReplyDelete
  18. ඔන්න හසන්ත මහත්තයො අස්චරිය.

    ReplyDelete
  19. උඩරට මැනිකෙටයි පොඩි මැනිකෙටයි සාම්ප්‍රදායික එන්ජිම සහ පෙට්ටි කෝච්චිය වෙනුවට චීන පවර්සෙට් දැම්මට පස්සෙ ඒවගෙ තිබුන නැරඹුම් මැදිරි වලට කරන්න දෙකුත් ඕනනිසා කවුරුහරි මොලකාරයෙක් ඒවා යාල් දේවිට අමුනන්න ඇති.උඩරට මැනිකෙට පවර්සෙට් දැම්මහම නිකම් ඒක කෝච්චියක් නෙමෙයි වගෙ මටනම්.

    ReplyDelete
  20. අපි ඉස්කෝලේ යන කලේ පෙට්ටි ටික රත්මලානේ දාලා එන්ජිම වතරක් ලුනාව පැත්තට අවානේ බන් .... එත් ඩයියර් නැතුව

    ReplyDelete
  21. මීට අවුරුදු ගණනාවකට කලින් ඔය වගේ දෙයක් සිද්ධ වුණා,ඒ ෂන්ටින් එන්ජිමක් නොව පාරෙ දුවන එන්ජිමක් ඉබේ ගමන් කරන්නට පටන් ගැනීමයි.ඒකත් සිද්ධවුණේ මහ පාන්දර, දැනගත්ත ගමන් තනියම යන එන්ජිමට පාර ක්ලියර් කරලා දීල තව එන්ජිමක් අනික් පාරෙන් ගියා ගිහිං පානදුරට කිට්ටුවෙන්න කෝච්චි පාරවල් දෙක ගොඩක් දුරට එකලඟ යන තැනක් බලල තනියම යන එන්ජිමේ වේගයටම අනික් එන්ජිමත් ධාවනය කරනකොට එන්ජිමේ සහායකයා තනියම යන එන්ජිමට මාරුවෙලා එන්ජිම මෙල්ල කරගෙන ආපහු ගෙනාවා.
    ඒ කාලෙ නං වැඩේ ගැන පත්තරේ ගියාට මෙච්චර කතිකාවතක් ඇති වුණේ නෑ විවේචනය වුනෙත් නෑ මොකද ඒ දවස්වල බ්ලොග් කියල ජාතියක් තිබ්බේ නැති නිසා.
    මම මේ විස්තරේ ලිව්වෙ මේවගේ වැඩක් ලංකාවෙ සිද්ධවුණු පලවෙනි අවස්ථාව මෙය නොවේ කියල කියල දෙන්නයි මොකද බලපු කමෙන්ට් කරපු කවුරුත් මේ විස්තරය දැනගෙන ඉඳල නෑ කියල මට පෙනුණු නිසා.

    ReplyDelete
  22. ඔය ගිය එන්ජිමත් අවු:40ක් පමණ පරණය.. මීට අවු:100 කට කලිනුත් ඔය දවසෙම දුම්රියක් තනිවම ගොස් ඇති බව දිනමිණ පත්තරේ එදා පලවී තිබුනලු... බලන් ගියහම බූත කොච්චියක්ම තමයි.. කලින් රේල් පීලි ගැන ලියුව නිසා උබවත් උස්සන් යන්න බැරි නෑ පරිස්සමින් ඉඳපන්....

    ReplyDelete
  23. දුම්රියත් පෞද්ගලීකරණය කරන්න කාලෙකට කලින් උත්සාහයක් ගත්තා...මේ කුණුගොඩ අරන් ලාභයක් ලබන්න බෑ කියලා හැම කම්පැණියක්ම කියපු නිසා වැඩේ ජෝන් බාස්ට ගියා...ලංකාවෙ ලොකුම අවිනිශ්චිත ගිණුම වගේම වෘත්තීය සමිති වැඩි ගානක් තියෙන්නෙත් දුම්රියේලු....ඒ වගේද මේ නිව්ස් එක...දුම්රියක් රියදුරෙක් නැතුව ගියා කියන්නෙ....

    ReplyDelete
  24. 21 අපිට ඔක්ක එන්න බැරි කමක් නැත.හෝමාගමින් බුත කෝච්චියේ නැගල ගල්කිස්සෙන් බහින්න පුළුවන් යැ. :3 අහ් අදට හරියටම අවුරුදු සියකට කලින් එදා වගේ දවසක ( 1913-12-05 ) මෙහෙම්මම බුත කෝච්චියක් ගියා ලු කියල ස්වර්ණවාහිනියේ කිව්වලු

    ReplyDelete
  25. හොඳම සීන් එක නම් අන්තිමේ වැරදිකරු වෙලා තියෙන්නේ කෝච්චියම වීමයි. ඩ්‍රයිවර් මාමාද ක්ලිනර් අන්කල්ද නොදොස් බව ඒ කට්ටියගේ සංගමයක් පවසයි. තාක්ෂණික අන්කල්ලාගේද වැරද්දක් නෑලු. එතකොට බලාගෙන ගියාම කොච්චි එන්ජිම හිතුවක්කාර විදියට තනියම යන්න ගිහින්ද කොහෙද.

    ReplyDelete
  26. //සමහර උන් හිතන්නේ කෝච්චිය කුණු බක්කියක් කියාය! රටේම තියන හා ජරාව ඒක අස්සේ දාල යනවාය!// ඇත්ත කථාව. නයිට් මේල් එකේ සමහර පෙට්ටි වලට යන්න බැරිය. ගඳය. පෙට්ටි ගඳ ද?

    ReplyDelete
  27. මොකාක් හරි ලොල් සීං එකක් වෙන්ට ඇති. පරීක්ෂණ කොරලා හොයා ගන්නේ නැතැයි :D
    හැමදේම ආශ්චර්යට බාර දෙන්නත් බෑ.. ඔය සීං කෝන් එක දැනගත්තේ මේ පොස්ටුවෙන් හරිය. බොහොම ස්තුතියි..



    |මම| = බොර දියක ඉඳුවර

    ReplyDelete
  28. කෝච්චි ගැන නං කතා එමටය... ඊයෙ ගෙදර ගිය වෙලේ බූත කෝච්චිය ගැන කතාව ඇදිලා ආපු වෙලාවෙ දැනගත්ත විදියට ලියන්වලත් ස්ටේෂමක් හදලලු... 15 වෙනිද ඕපනින්ලු... කැලණිවැලි මාර්ගෙට දැනට තියෙන කේස් එක රේල් පාර වංගු වැඩි නිසා ස්පීඩ් කෝච්චි දාන්න බැරි එක... ඒ මදිවට මුන් අඩියෙන් අඩිය ස්ටේෂන් හදනව... පාදුක්ක ස්ටේෂන් එකේ නැවැත්තුව කෝචිචිය ෆුල් ස්පීඩ් එක ගන්නත් කලින් ලියන්වලට ඇවිල්ල ඉවරයි... වැඩිම උනොත් කිලෝමීටරයක් ඇති... ඊට කිලෝමීටරේකට විතර පස්සෙ වටරැක ස්ටේෂන් එක.. අර මං කලින් දවසක ලිව්ව වගේ පාදුක්කෙදි කෝච්චිය මිස් උනොත් බයිසිකලේ වටරැක ස්ටේෂන් එකට ඇවිත් කෝචිචිය අල්ලගන්න පුළුවන්... හැමතැනම අම්බලං වගේ ස්ටේෂන් ගහල කෝච්චියෙන් බාගයක්වත් දිග නැති ප්ලැඩ්ෆොම් එකක් ගහලා මහ ලොකුවට ඕපනිනුත් කරනවා.. ඔයහ හැමතැනම නවත්ත නවත්ත යන කෝච්චිය නිකං අපරාදේ මිනිස්සුන්ගෙ කාලෙ කනව.. කෝචිචිය කියන්නෙ හැම හෝල්ට් එකකම නවත්තන්න ඕනෙ ප්‍රයිවට් බස් එකක් වෙලා දැං.. අනේ මන්ද මුන් නං....

    ReplyDelete
  29. යට ඇදුම ්නැතුව උඩ ඇදුම් ඇන්දුවාට වැඩක් නැහැ.. ඒ වගේ කෝස්සි සේවෙම යලිත් මුලක ඉදලාම රී ස්ටක්සර් කරන්න ඕනි..ගොඩයන්න නම්..

    ReplyDelete
  30. මටත් ඔය නිව්ස් ව්ක ඇහුවාම මතක් වුණේ දැන් නම් කෝච්චි ඩ්‍රයිවර්ලා එහෙම ස්ට්‍රයික් කලාට කමක් නැහැ කියලා. බූත කෝච්චි තියනකන් අපිට වෙලාවට ගමනක් බිමනක් ගිය හැකි.

    මීට දුම්රිය ප්‍රමාදය නිසා බොහෝ පීඩාවට පත් මගියෙක්..

    ReplyDelete
  31. ඇති යංතං මෙච්චරකල් සුද්දගෙ කෝච්චි පාරෙ දුව දුව ඉන්න ගමං වැඩකට ඇති වැඩක් කළා.

    ReplyDelete
  32. එංගලන්තේ නම් තියෙනවා Docklands Light Railway කියලා ඩ්‍රයිවර්ස්ලා නැතිව දුවන කෝච්චි සේවයක්....කැමරොන් ආපු වෙලාවේ උගන්නලා යන්න ඇති.

    ReplyDelete
  33. මේක නම් භූත රේල්ලුවක්ම තමයි නාඩියෝ. ඇයි අපේ රටේම මේ වගේ අකටයුතු සිදුවෙන්නේ. උඹගේ ලිවීමේ ආර එළ මචං!

    ReplyDelete
  34. චින්-තනේ හෝම්මන් වෙන ආශ්චර්ය

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...