නාඩි සෙට් එක

Monday, January 28, 2013

ගල් වැලි මඩ ඉවත් කර ඇත!








දිනය ඊයේය! ඊයේ කිව්වේ 27 ය! දවස මල් හතය! අන්තර්ජංජාලය වැනසූ බ්ලොග්කරුවන් බ්ලොග්කාරිනියන් ගම්පහ මල් වත්ත වැනසුවේ ඊයේය!

බැලු බැලු අත මඩය! මංතුමා මඩ නොගසමි! සිදුවූ දෑ කියමි! ;)

ඔන්න ඉතිං නාඩියාත් ගෙට්ටුවට යන්න කියලා උදේ පාන්දරම ගෙදරින් පිටත් උනා කියමුකෝ...සිංහ ජෝඩුවත් මටත් කලින් එන්න පිටත් උනාලු! හැබැයි ඉතිං මං එනකම් ඒ ඩබල ගම්පහට ඇවිත් හිටියේ නෑ කියලයි ආරංචිය! අනේ අනිච්චං ඒකෙත් හැටි නේ!

වෙලාව උදේ 8.30 –
නාඩි - අයියේ..මම මේ ගම්පහ ස්ටේෂන් එක ළඟ ඉන්නේ..කස්ටිය කොහෙද?

ප්‍රදීප් අයියා - මල්ලි අපි මේ දෙමටගොඩ...හරි හරි වෙලාවට එනවා!

නාඩි - ^&%&%&$#!

යාන්තම් බස් ස්ටෑන්ඩ් එකට එද්දී දැකලා පුරුදු එකෙක් බස් එකේ කිරනවා! හුටස් පටස්! අසම්මතයා! ඔන්න ඉතිං ඩබල බස් කට්ටක ගාටලා මල් වත්ත යැයි හදුනා ගත ස්ථානයට සැපත් උනා.

නයි කයිද රෝස් පාන් කියපි! මඟුල් කාර් පෝලිමයි! මල මඟුලයි! අසම්මතයා ඉතා චිත්තප්‍රිතියෙන් යුතුව කියා සිටියේ “මගේ මඟුලත් මම මේකේ ගන්නවා බං” කියාය!

සිරා අයියාගේ ලෝ පරසිදු ස්කුටරය පට පට හඩින් ලඟා වෙද්දී තව පොඩ්ඩෙන් රත්ගමයා ඇලට වැටෙනවාය!

“මොකෑ රත්තෝ උඹ බය උනේ?”

“නෑ බං මම හිතුවේ අර ජස්ටින් කාරයා බේබි බේබි කියා කියා මේ පැත්තට එනවා කියලා!”


ඊලඟට තිබ්බේ ටිකට් ගන්නට පෝලිමය! ටිකට් කඩන සමියා එකේ Lunch කියන තැන “K” අකුර දැම්මේ “කුකුලා” සංකේතවත් කිරීමට බව ඔහු අවධාරණය කරන ලදී!

“මං දන්නවා ඉතිං චිකන් තියෙන්නේ කියලා! ඒත් සතා මොකාද කියලා ලියන්න ඕනෙනේ බං!”

මේ අලකලංචි අතරතුර වී පොකුරු අයියා සිරාගේ දඩුමොනරය පන්චිකාවත්තට export කිරීමට තැත් කල අවස්තාව නාඩි කාචයේ මෙසේ සටහන් විය!

නාඩි තුමා පිට එල්ලගෙන සිටි විශේෂ බෑගය නැන්දා සොරා ගැනීමට තැත් කල අවස්තාව ප්‍රවීන ඉන්දීය විකට නළු තරියාගේ කැමරාවේ මෙසේ සටහන්ව තිබී ඇත!

කුලියට සොයාගෙන පැමිණි කාරය මල් වත්තට ඇතුල් කිරීමට ගිය මලියාට වාහන පාක් ටිකක්ට් එකක් ගැනීමට රුපියල් 200ක් නොතිබි හිඟා කෑ බවටද දුෂමාන ආරංචියක් පැතිර ගියාය!

කස්ටියම සෙට් වූ පසු හදුනවා දීමේ මෙව්වා එක තබන ලදී! එහිදී හෙළි වූ විශේෂ කරුණක් වුයේ පවනි තරංගා යනු ලිංග විපර්යාසයට ලක්වූ සුවිශේෂ ගැහැනියක් බවය.

සිරා අයියා විසින් මාස ගණනාවක් ප්‍රැක්ටිස් කර ඉදිරිපත් කල රබර් කතාව ඉතා ලගන්නා සුළු විය! සිරා අයියා කියන විදිහට මුල්ම රබර් මෙව්වා එකක් මොකක් හෝ සම්බන්ධයක් ඒ සත්ගුණවත් මනුස්සයාට තිබිය යුතුය!

දිනෙල්කයා - “මචං මෙකලු ලංකාවේ ලොකුම කඳ!”

නොහික්මුණු ඇය - “වෙන්න බෑ බං *$%&*%& ඔයිට වඩා ලොකුයි!”

එසේ මෙසේ කෙසේ වී 96 ක්‍රිකට් කණ්ඩායමටත් උපදෙස් දුන් සු-දී-ක අයියාගේ ප්‍රධානත්වයෙන් මහා ක්‍රිකට් සංග්‍රාමය ඇරඹුණි!

නංගි සමඟ පැමිණි ලජ්ජා ටැක්සි රජා ( LT රජා) බංකු අන්තයේ ක්‍රීඩා කළාය! මඩිස්සලේ ඉතා දැක්ස අන්දමින් පන්දු රැක්කාහ! තරියා ඉතා අගනා ඉනිමක් ක්‍රීඩා කරමින් 0 වට දැවී ගියේය! ස්කුබ්යා ද  ඉතා සතුටින් බින්දුවෙන් සැහීමකට පත්ව ක්‍රීඩාගාරයට පියමන් කරන ලද්දාහ!

දේවා සමඟ එක්වූ අහිංසක යැයි කියා ගන්නා සිංහයා සිංහ දේනුවගේ චියර් කිරීම් මැද අති ප්‍රවේගකාරී ඉනිමක් ක්‍රීඩා කළේය!

මැච් එක එසේය! දැන් ලන්ච් ටයිම් ය!  හුටස් පටස්! ලන්ච් නැත! කවුරුන් හෝ අලුගුත්තෙරුවෙක් සෑමාගේ සපත්තු ජෝඩුව හන්ගලාය! ඒකාට නහයක් නොමැති එකෙක් බවනම් ඉඳුරාම ප්‍රකාශ කල හැක!

මේ අලකලංචි මැද අයිස්, දුලා, නෙරන්ජි, උෂාන්, JD සමඟ බස් රේඩියෝ කස්ටිය බස් එකේ ඇවිත් තිබුණාය! ඒ සමඟ අයිස් ගේ ටකරන් වොයිස් එකෙන් මුළු ගම්පහ ප්‍රදේශයම ඒකාලෝක විය! කුරුල්ලෝ දසත් පියාඹා ගීයෝය! බංකු වල අසරණව සිටි පෙම් ජෝඩු තැත් කිටි කිටියේ එක එකා වැළඳ ගන්නා ලදී!

කෑම පැමිණියාය! ලොකු ජෝන් අයියා පපඩම් ඔක්කොම හොරෙන් කෑ බවට ආරංචිය! දමිතා..සිතුම් පැතුමා එක්ක පපඩම් හොරකම් කල බවටද පොලිසියට ආරංචි වී තිබේ!

අක්කෙක් සොයාගෙන පැමිණි අක්කපාලයා ප්‍රදීප් තුමා අසලටම වී සිටීම කාටත් ප්‍රගේලිකාවක්ම විය! ඇපල් මල්ලි කාටදෝ කියා බත් කවා ගත් බවටද ආරංචි පැතිර යමින් පවතී!

තරියා අනුෂ්කා නැතැයි කියා අඩමින් ඉස්මොල්ලේ යවා ගද්දි රත්ගමයා අලුත ගෙනා මනමාලිත් එක්ක බත් කෑවාය! 

තහනම් වචනයා නම් අවලං කතා සාගරයක්ය! යාමය ලියන ඒකාට ඒවා අසා බඩේ රුජාවක් සෑදී ඉතා ඉක්මනට ගෙදර දුව ගියාය! අනේ දුක්කේ සංසාරේ!

කෑමෙන් පසු කස්ටිය තොප්පි පාස් කරගෙන තිබුණාය! නාඩියා ඉස්පෙෂල් මිටීමක් තිබුන නිසා සුළු වෙලාවකට එතනින් බැහැර වූ බව කරුණාවෙන් සලකන්න... ;)

හවස මැච් එක දැඩි හිරු රශ්මිය මැද්දේ ගලා යද්දී.... කැලණියේ කොල්ලන් පරදා දේවා සහ සිංහයා කප් එක වයඹට ගෙන ආවෝය! මල් හතය! අපිත් වයඹ කොල්ලෝ තමයි හරිය!

ගවේශකයා බොලේ දෙක මෙන් පෙනුණු බව කියා ඉතාතදින් වැළපුනාය!

රත්ගමිට සින්දු කවි කිරීමේ අපූරු හැකියාවක් ඇති බව විදහ පාමින් ගීතයෙන් ගීතය විකාසනය විය! නෙරන්ජි නම් කිව්වේ ළමා සින්දුමය! 

නලින් අයියා සින්දු කීමට නොහැකි බව පවසා බොරු ඇඩ් එකක් දමන ලදී! අනේ ගුණේ අපි නොදන්න නලීන්! :පි

උමා අක්කා ට සුපිරිම ගේමක් දෙමින් අපේ සෑම් අයියා 2013 ගම්පහ බ්ලොග් ගේට්ටුවේ ගීතදේව සම්මානය දිනා ගන්නා ලදී! අවසානයේ 18 පහල දරුවන්ට ඇස් වසා ගැනීමට කියා සිදුකල උම්මා වැස්ස අපි නම් දැක්කේ නැත!

අටම් අයියා අවසානයේ නැගී සිටිමින් කල කතාව තුලින් ගම්‍ය වූයේ ශම්මි කෙල්ල ඛනිජ තෙල් සංස්ථාවේ වැඩ කරන බවය!

වැඩේ උනේ ඔහොමය! ආපු හැමෝම එලය!!! මාගේ මෙමරියටද අතමක වූ කතා තිබිය හැක! මතක් වූ සැනින් කොටමි!ෆොටෝ ටික වටෙන් පිටෙන් හොයා ගතිමි!

අවසානයේ සභා තොමෝ සතුටින් නිවෙස් බලා??  ගිය බව ආරංචිය!  

115 comments:

  1. අයියා කියලා බලන්නෙ නැතුව අම්මපා මම මරණ තර්ජන කොරනවා ඇ.. සෙහ්.. (කෝමින් හරි දෙවෙනි පෝස්ටුවෙත් මඩ එච්චර නෑ)

    ReplyDelete
    Replies
    1. අඩේ! මෙහෙම ගියොත් නම් සුදු වෑන් එකක් එයි වගේ!

      Delete
  2. අඩෝ ශම්මිට මඩ ගහපු එකට මාගෙ බලවත් ප්‍රණාමය!!! මට මඩ ගහපු එකට මාගේ බලවත් මරණ තර්ජනය...

    ReplyDelete
    Replies
    1. මොකෝ ... බන් ඇත්තට.. අයිය කෙනක් එක්ක හිටියා කියන්නේ.... :O අහෝ....

      Delete
    2. මොකද ඩෝ අඩෝ අඩෝ ගාන්නෙ...උඹ පොඩි එකා නේද ? දෙනවා දෙකක්....

      Delete
    3. ඈ බං අක්කපාලයෝ උඹලා දෙන්න කෙක්කයි කොක්කයි වගේනේ බං!

      Delete
  3. ක‍ඳේ කථාව දැඩි ලෙස හෙලා දකිමි

    ReplyDelete
    Replies
    1. සිරා , මු කොහෙන් රබර් කන දාගෙන හිටියද මන්ද රබර් කතාව අස්සේ

      Delete
    2. නෙදකින් විතරක්....තොපිලට ඔච්චර මහන්සි වෙලා, අපහාස විදගෙන ලංකාවෙ ලොකුම කද පෙන්නුවා...කෝ එකෙක්වත් පින්තූරයක් අරන් නෑ....

      Delete
    3. නොහික්මුණු - රබර්????
      කොහේ ෆොටෝ ගන්නද සිරෝ! අපි වට පිට බල බලා නේ හිටියේ!

      Delete
    4. මට ඔය කද බලාගන්න බැරි වුනානේ..අපරාදේ...

      Delete
  4. හි හි... කෝ බං ෆොටෝ මදි... අනිත් එක කවුද කියාල හොයා ගන්න පුලුවන් වෙන්න එක්කෝ නම් ටික වත් දාපල්ලා.. කීප දෙනාවයි අඳුරගන්න පුළුවන්.. හි හි ( එහෙම කිව්වම දැං ඇත්ත නම් දාන්න එපා.. බ්ලොග් නම් දාන්න හොඳේ.. හි හි)

    ReplyDelete
    Replies
    1. බුකියෙන් තම ෆොටෝ බලන්න වෙන්නේ හලේ..මේකේ data ඉවරයි! නම් ටික දානම්කො එහෙනම්...

      Delete
  5. අඩේ ෂෝයි... සික් අවේ නැහැනේ... එලම එලයි...

    ReplyDelete
  6. මම සිහින උළෙලට එන්න කිව්වා කියල දාල නෑ..... තලාම තලායි .....

    ReplyDelete
    Replies
    1. හයියෝ!!! ඕක ඉතිං කියන්නත් දෙයක්යැ! අපි ඔක්කොම අනිවා එනවනේ!! තලහ වෙන්න එපා ඈ!

      Delete
  7. තෝ යකෝ පාහරයා , මෙතනත් නොහික්මුණු ඇය කියල දාල , ඕක නොහික්මුණු ඇස යකෝ .
    මම මේ පින්තුර වල වටේම හෙව්වේ බොට මඩ ගහන්න ටිකක් හොයාගන්න ,කොහෙද මු හැම එකේම අහිංසක පාර්ට් එක දාගෙනනේ

    හැක් , ඛනිජ තෙල් සංස්ථාවේ

    ReplyDelete
    Replies
    1. මේකා මරණවා කියන ලිස්ට් එකේ ඉහළින්ම ඉන්නෙ මමලු බොල... නාඩියො...

      Delete
    2. අපි කොහොමත් අහිංසකයි රටක් වටියි තමයි බං... ;)
      මේකා ඉක්මනට හිරේ යවන්න වෙයි අගේ සිරා අයියේ...

      Delete
    3. බය වෙන්න එපා සිරා අය්යේ,මම මරණවා කියලා හිතන් ඉන්න ලිස්ට් එකේ උඩින්ම ඉන්නෙ නොහික්මුණු ඇයනේ.. :D

      Delete
  8. Ado mata oka miss unata koma hari avurudu uthsaveta enava.gedara yanna thibbe nqthnam maath eye mal vaththe thama :)

    ReplyDelete
  9. එල එල.. හොඳ හොඳ ඒවා එයි නේ ඉස්සරහට. අර රබර් ගහ මුල අළු පාටට තියන්නේ රබර් ඇට ද මචං :P

    ReplyDelete
  10. මට මඩ වැදිලා නෑ.. හුරේ.. :D

    ReplyDelete
    Replies
    1. ළමා සින්දු ගීත කෝකිලාවිය! :P

      Delete
  11. නාඩියෝ මෙතන ෆොටෝ මදිය , මඩ ස්වල්පයක් තව දුරටත් එකතු කලේ නම් පදමට පැමිණේ

    ReplyDelete
    Replies
    1. ෆොටෝ නම් බුකියෙන් තමා! මඩ?? මේකේ නෑනේ බෝල.. ;)

      Delete
  12. හයියූ... ලබන අවුරුද්දෙ නම් අනිවා එනවා.. තාම මාව කවුරුවත් අඳුරන්නෙ නෑනේ :(

    ReplyDelete
    Replies
    1. අනිවා වරෙන් සිහින උළෙලට! අදුරගමු එතකොට!

      Delete
  13. යකෝ මුන්ට හරියට මදක් ගහගන්න් බෑනේ.. මෙව්වයෙ මදි යකෝ

    ReplyDelete
    Replies
    1. මඩ ඉවත් කළා කියලෙන් බං උඩම ලියලා තියෙන්නේ!

      Delete
  14. නාඩියාට ඇඩ්රස් නැතිවෙන්නේ මම ශ්‍රාවක සීන් එක vs. HG සීන් එක ලියු දාටය.. එතකන් හිටු!!

    ReplyDelete
  15. අම්මපා අහස පොලව වටපිටාව නුහුලන කතානේ මූ කියන්නේ..යකෝ මම පපඩමක් ඇහැටවත් දැක්කේ නෑ.. ඔක්කොම සිරා අයියා බෙදන මුවාවෙන් ගෙදර අරන් ගියා කියලයි ආරංචිය ආවේ

    ReplyDelete
    Replies
    1. පපඩම් බෙදුවෙ නැද්ද කියලා නැන්ද ගෙන් අහලා බලපන්කො... අඩේ සිතුම් පැතුම් උඹ ආවද...මට කථා කරන්න අවස්ථාවක් ලැබුනෙ නෑනෙ බන්...

      Delete
    2. සිරෝ...උඹ සිරාවටම පපඩම් හොරෙන් කෑවද අයියේ?

      Delete
    3. ඔන්න බලාහල්ලකෝ සිරා අයිය මගෙත් එක්ක කතාත් කළා..මං ් ආවද අහනවා. කොච්චි ටිකට් එකක් දීලා කෑම පැකට් එක ඉල්ලුව මතක නැතෙයි. මයික් එකක් අතට දීලා තමන් කවුද කියල හඳුන්වන්න කිව්වාම අඳුන ගන්න ලැබීම සතුටක් කියලත් කිව්වා

      Delete
    4. කෝච්චි ටිකට් එක හොදටම මතකයි...මට උඹේ මූණ මතක නෑ බං...ආයෙ වතාවක හමු වෙමු...

      Delete
  16. පපඩමට හෙන කේස් එකක් ගිහින්නේ ..හි හි ...ෆොටෝ ටිකක් වැඩිපුර තිබුනානම් හොඳයි නාඩියෝ ..අපි වගේ ගියේ නැති උන්ට බලන්න

    ReplyDelete
  17. මන් කැච් අතෑරියේ ටෙනිස් බොලේ හින්දා බන් අපි ගමේ සෙල්ලම් කරන්නේ ලෙදර් බෝලෙන්නේ :D
    උඹලා අපි එක්ක වැඩිය කතා කරේ නැහැනේ.

    ReplyDelete
    Replies
    1. උඹගේ ෆොටෝ එක කෝ බං.. අනිත් උන් නම් ටිකක් ටිකක් දැන ගන්න පුළුවන්.

      Delete
    2. හික්ස්! ඒක තමා නේද නිශානයෝ... අඩේ සිරාවටම මට වැඩිය කතා කරන්න බැරි උනා බං! සොරි ඈ!

      Delete
  18. adoo..
    Koi polisiyenda ubata news eka dunne..
    Papadam kawarenam api kalinma dakka..
    Eka wenama kathawak.. :D

    Api ahinsaka widiyata kawe bola..
    Meka kiyala thiyena kathaawa..
    Ai ubata papadam hambun nadda? :p

    Ela ela..
    Kattiyama set wima gana godak sathutui..

    Aniwa ublage gdara enawa welawaka,hodata kanna bonna lasti karahan hode...

    (y) Jayama Wewa !!!

    ReplyDelete
    Replies
    1. උඹට වැඩක් නෑනේ පොලිසිය! එල එල! කලින් කියලා වරෙන්!!!

      Delete
  19. එළ නාඩියා...උඹ ගල් වැලි ඉවත් කර ලිව්වෙ කවුරු හරි තර්ජනය කලාද ? කෙසේ වෙතත් සංවිධායක වැඩ අස්සෙ නිසා මට මේ ආපු උන් එක්ක කථා බහ කරන්න වෙලාවක් නැති වීම ගැන නම් දුක්වෙමි. දුර බැහැර ගෙවාගෙන ගම්පහට ඒම ගැන මගේ ආචාරය !

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්..තර්ජනෙකුත් කළා...ඒක ගැන පස්සේ දානම්කො! එලටම වැඩේ කරලා තිබ්බා! සුපිරි ඈ අයියේ!

      Delete
  20. ඔය පපඩම් මල්ලට වෙච්චදේ මම දන්නවා . බටගම චමියා ඒක ගෙදර අරගන ගියා හොරු අල්ලන්ඩ දාන්ඩ

    ReplyDelete
  21. නඩියා මඩ ඉවත් කිරිමෙන් පෙනියන්නෙ කගෙන් හො පගාව ගෙන ඇති බවය

    ReplyDelete
    Replies
    1. අනේ එහෙම එකක් නම් ගත්තේ නෑ බොල...

      Delete
  22. අඩේ උඹ පෝලිමට කැච් මිස් කරපු එක දාල නෑ නේ.

    උඹ ජොලි කොල්ලෙක් බං,.

    පස්සෙ තව පොටෝ දාපන් ඈ..!

    ReplyDelete
  23. නියමයි නියමයි.... තව ෆොටෝ ටිකක් දැම්මා නම් හරි.....

    ReplyDelete
    Replies
    1. හිටපිය මේ ෆොටෝ මෙනියාවට මොනවා හරි කරන්න!

      Delete
  24. ෂෙහ් ... එතකොට අර හෙමිජ්ජ වගේ ඉන්නෙ නාඩියද.

    මොනාද බං, ටිකක් වැඩිපුර ෆොටෝ ටිකක් දාපල්ලකෝ බලන්න.

    සෑමට නම් උම්මත් හම්බු වෙල. මල්වත්තකටත් ගිහිල්ල අර සිරා කොළුව මොකද බං රබර් මුලක් බදන් ෆොටෝ ගහල තියෙන්නෙ, මෑන්ගෙ හැටිද.

    ReplyDelete
    Replies
    1. ඒ මචං සිරාගේ හැටි! කඳවල් වලට හරි මනාපයි ලු!

      Delete
  25. කලින් දවසෙ සපත්තු දෙක හෝදපු නිසා මට හොයා ගන්න බැරි වුනේ. නැත්තං ඕක මම හොයාගන්නව බං. :)

    මම දැන් සංගීත දිවියට යොමු වෙන්න බැලුවෙ :)

    ReplyDelete
    Replies
    1. හා හා..ඒකටවත් යොමු වෙලා බලපන්කො... :)

      Delete
    2. සෑමො, ඔය ගීතයෙන් ගීතය වගේ එකකින් කප් එක(කප් එකක් කිව්වට මග් එකක්) ගැහුවට සිරාවටම සින්දු කියන්න ගිහින් අනිත් උන් මට ඉරිසියා කරන තැනට පත් කරන්න එපා... :P

      Delete
    3. අනිවා මූ මේස් දෙක නොහෙදුවනම් කට්ටිය වෙලාසනම යනවා

      Delete
  26. අඩෝ මං බිංදුවට දැවී ගියේ නෑ ඈ..
    අනික ගහපු ලකුණු ටිකත් තාක්ෂණය භාවිතා කරමින් ඉතා වෘතීය මට්ටමේ ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කරමිං තමා රැස් කලේ...

    ReplyDelete
  27. නාඩි මලේ ඉස්තරම් ඈ....අපි ඉතිං උඹලට චියර් කොරමිං තමා කොනකට වෙලා හිටියේ....

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් හ්ම්ම්...දැක්කා දැක්කා..... :)

      Delete
  28. බ්ලොග් ගේට්ටුවකුත් තිබිලානේ.... අපිත් එකට ගිහින්නේ... බලාගෙන යනකොට මඩ නොකා ලස්සනට ඉදලා තියෙන්නේ මම විතරනේ..

    ReplyDelete
  29. සිංහයාගෙ පළවෙනි බෝලෙට කාගෙද පොලු ගියා, දෙවෙනි එකට ස්ටමප්...දැන් හැට්‍රික් ඔන්....ඒත් ඊ ළගට මෙන්න ඌම බැට් කරන්න එනවා,
    මේ ලාන්තරස් ක්‍රිකට් බලලා මඤ්ඤං නොවුනා පුදුමයි...

    ReplyDelete
    Replies
    1. ඒක තමයි හැට්‍රික් කියන්නේ! සු-දී-ක අයියාගේ අලුත්ම සොයා ගැනීම්!

      Delete
  30. මේකට එනකොට නාඩියාට කියල නාඩි වක්යාක් අහ ගන්න කියල හිතං ආවේ. ඒත් මේකව දැක්කම මට දුක හිතුණා.

    ReplyDelete
    Replies
    1. ඇයි බං දුක හිතුනේ කියපන්කො අයියේ?

      Delete
  31. අදුන ගන්න ලැබීම සන්තෝසයි.. ක්‍රිකට් ක්‍රීඩාවට දක්ෂ බවක් නං පෙන්නුම් කරා.. නරකද ශ්‍රී ලංකා ක්‍රිකට් එකට ඇප්ලිකේෂන් එකක් එහෙම දැම්මොත් ;)

    ReplyDelete
    Replies
    1. එන්න කියලා පොරේ..යන්නේ නෑ! අනිත් කස්ටිය පව්නේ!

      Delete
  32. හික් හික් හික් පට්ටයි බං සෑහෙන්න ෆන් අරන් තියෙනවා වගේ.

    ReplyDelete
  33. වැඩිපුර පින්තුරු සමග නම් ටිකත් දැම්මනම් තමා හොද.හොද හොද කතා එයිනෙ ඉස්සරහට.ගාල්ල,මාතර සෙට් එක ආව නැතෙය.අර නාඩියගෙ කතාව[සිංහරාජ] අහන් දුක්බරව හොටු සුරපු අක්ක කවුද?

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් හ්ම්ම්..කවුද බං ඒ අක්කා?? ;)

      Delete
  34. යකෝ..මම සෙලීන එක්ක විවාහ ගිවිසගෙන ඉන්නේ...එක එක ගෑල්ලමයි ගැන කියලා අපේ සම්භන්දේ කඩන්න කටවත් බෑ///

    ReplyDelete
    Replies
    1. ඉතිං...අපි උඹේ සම්බන්දෙ කඩන්න හැදුවයැ බොල??

      Delete
  35. බොලා එකෙකුටවත් අනිත් එවුන්ගේ බින්දු මතක නෑ ඇයි මගේ එක විතරක් මතක් කරලා මාව පාරන්නේ...දුකයි ඈ

    ReplyDelete
    Replies
    1. හරි යකෝ! ඉතිං සනත් 0 ට ගියොත් නේ බං අපි මතක් කරන්නේ...මුරලියා අගේ 0 ට ගියාට මොකුත් කියන්නේ නෑනේ! ඒකයි සින් කොන් එක!

      Delete
  36. ඇස් වහක් කට වහක් නෑ නාඩියො ගල් වැලි නැති සුපිරි මඩ ලෝඩ් එක! මල් හතයි ඈ!

    ප.ලි: අර උම්මා එක 18+ ම නෙවේ..නිකන් 14+ වගෙ එකක්නෙ...නාඩියාට තාම 14ක් නැති නිසා දැක්කෙ නෑලු..

    ReplyDelete
    Replies
    1. කෝ ඉතිං මඩ නෑනේ! ;) හ්ම්ම් හ්ම්ම්.. මට තව 16 යි මාසයයි ඈ! ;)

      Delete
  37. වෙලාවට මම ආවේ නැත්තේ..නැත්තම් වසලා හමාරයි :)

    ReplyDelete
    Replies
    1. ආවේ නැති අයට වෙනම මඩ ලෝඩ් එකක් තියනවා අවුරුදු උත්සවේදී දෙන්න!

      Delete
  38. නාඩියා එළ ආහ්..ලෙසටම ලියලා තියෙනවා...මට බෝල දෙක වුනේ නැ බොල..ඉස්පෙෂල් මිටිමෙන් පස්සේ මම හොදට ක්රීඩා කලා හරිය..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් හ්ම්ම්ම්..අපිත් ඒක නම් දැක්කා....

      Delete
  39. ගල් වැලි නැති සුපිරි මඩ

    ReplyDelete
  40. කස්සා ප්ලස් !! නාඩියෝ එල්ලමි උඹව !! >:(

    ReplyDelete
    Replies
    1. හික්ස්! හික්ස්!!! කොහෙද එල්ලන්නේ??? :P

      Delete
    2. මෙයා කවදා ඉඳන්ද බ්ලොග් කියවන්න පටන් ගත්තෙ

      Delete
  41. ගම්පහ ඇයන්ට ස්තුතීයි

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම ස්තුති කරන්න ඕනේ...

      Delete
  42. මමත් ඇහුවෙ සමියගෙන් "මොකෝ බන් k එකක් දාල දුන්නෙ කියල ඌ කිවුවෙනම් මේකගෙ බැල්ම හින්ද දැම්ම කියල. මොනාද බන් අර ලොකු මල්ලෙ තිබුනෙ.

    ReplyDelete
    Replies
    1. අපේ අවිහිංසක බැල්ම බං..... ලොකු මල්ලේද??බිල්ලෙක් හිටියේ!

      Delete
  43. හැක් ... හැක් ... හොඳට ලියලා තියෙනවා .. කදිමයි ..

    ReplyDelete
  44. පඬුපුල්ආසනේ ඇයි යකෝ උණු වෙන්නෙ නැත්තෙ...හයියූ..මයෙ පපුව...:‘(

    ReplyDelete
    Replies
    1. මොකෝ මොකෝ??පපුවේ අමාරුවක්ද???

      Delete
  45. මොනා වුනත් නොගිය අපිට කස්ටිය ගැන දැනුවත් කරාට තැන්කූ නාඩියො!බක්මහේ උළෙලට එන්නම් හොඳේ....

    ReplyDelete
  46. සෑමා හෙන ගායකයා ඌ තම ප්‍රසිද්දම එකා.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...