නාඩි සෙට් එක

Saturday, February 9, 2013

කැලේ පැන්නෙමි!

මේ දවස් වල නාඩි තුමා බරටම වැඩය! Exam කියා එකක් තියනවාය! ඩේටාබේස් කෑලි...ලින්ක් ලිස්ට්...ලිනක්ස් කර්නල්...ජාවා අනම් මනම් ඔලුව වටේ කැරකෙනවාය... නිවී හැනහිල්ලේ නාඩියක් කොටා බාන්නවත් වෙලාවක් කලාවක් නැති තරම්ය!

එහෙම එකක් කියා පරිගණකගත  වීමටම බැරිය! අනිවා කර්නල් එක අවුල් ගොස් මෙමරි ඩම්ප් වීමට ඇති සම්භාවිතාව ඉතා වැඩිය! 9 කාමරේ දිවි ගෙවන බයිගෙදර මනියාට එසේ වී ඇත.ඌ දැන් හීනෙනුත් කපල් සිම් එකක් ගැන කියවයි!බ්ලොග් අවකාසෙන් තාවකාලික විශ්‍රාම ලබා සිටින සැගියාට ද ලින්ක් ලිස්ට් එකක් උණ්ඩුක පුච්චේ හිරවී ගිය සතියේ ඒ මොකද්ද එක අයින් කර දැම්මාය!(අයින් කර දැම්මේ මොකද්ද කියා තාම ඌ පවසන්නේ නැත!)

ආදර කතා ලියමින් යුගයේ ආදර බ්ලොග්කතාකරු ලෙස පෙනී සිටීමට තැත් කල පොලොස් මාමා අතුරුදහන්ය! උගේ ලෙයින් ජනිත වූ පූස් පැටව් 4දෙනෙක් පමණක් චැස් චැස් ගගා සිටිති! ඌ දැන් තාත්තා කෙනෙකි!

මේ අන්ද කයිප්පු ජනතාව සමඟ සිටීමෙන් මටද බ්‍රෂ් යාමට ඉඩ ඇති නිසා මම වනාන්තර ගත වීමට තීරණය කලෙමි! සදාදර හිතාදර බයෝ මිත්තර පරුවා ඕනෑම කැලෑ ගමනකට එවරෙඩිය!

මා සිටිනා සරසවිය ස්වභාව සෞන්දර්යේ මහඟු දායාද රැසක් වට කොට ගත් අති සුන්දර බිම් කඩකි...පසෙකින් දම් සුවඳ විසිරෙනා මිස්සක පව්වය...කනදරාව පිස හමා එන මද නල කුරුළු කෙවිලියන්ට පෙම් ගී ගයන්නට චාමර සලයි.. (මේ මං තුමා නම් ඔන්න ඔය ගී ගයන්නේ නෑ ඔන්න ඈ!)

සරසවිය වට කොට ඇති මිහින්තලා අභය භුමිය කුරුළු පාරාදීසයකි.මහාචාර්ය සරත් කොටගම විද්වතාද ගිය සතියේ මේ පැත්තේ සංචාරය කර තිබුනේ ඒ අසිරිය විද ගන්නටය.

මංතුමාද මාගේ සිඟිති කැමරා පොඩියද රැගෙන කුරුල්ලෙක් දෙන්නෙක් කොටා ගන්න කියා වනාන්තරය පීරමින් ඉදිරියට ගමන් කරන ලද්දාහ.

එකෙක් දෙන්නෙක් කොටා ගන්නට පුළුවන් උනේය! තවත් ලස්සන දර්ශන නම් ඕනෑ තරම් තිබුනේය! හසු කර ගන්නට කැමරාවේ පවර් එක මදිය! අනිච්චේ දුක්කේ...

Spotted Dove (Spilopelia chinensis)

Red-Vented Bulbul (Pycnontus cafer)


මේනම් මම කලින් කැලේ පැන්න වෙලාවේ කොටපු ඒවා ටිකක්ය! බලලා කමෙන්ට් එකක් දාලා යනවානම් හොඳාය!
Changeable Hawk-Eagle (Nisaetus cirrhatus)
White-Billed Sea-Eagle (Haliaeetus leucogaster)


Painted Stork (Mycteria leucocephala)



පරිසරය වනාහි අවුල් වූ  සිත් සතන් සනසන්නා වූ අද්විතීය ඔසුවකි.සොභා දහම් මාතාවට ආදරය කරන්න.නිතැතින් ඇය ඔබට ආදරය කරාවි.

66 comments:

  1. අපි පරිසරය රස විඳීම චිකිත්සාවක් විදියටත් භාවිතා කරනවා. Nature Therapy කියල. හිත හෑල්ලු කරගන්න වටිනා ක්‍රමයක්. ජය...!

    ReplyDelete
    Replies
    1. හිත ඇත්තටම සැහැල්ලු වෙනවා පරිසරයත් එක්ක ජිවත් වෙද්දී..

      Delete
  2. අම්මප පින්තුර ටිඅක් නම් මම සිරා හිතුවේ උබ මේ වෙන කොයින් හරි කොපියක් ගහල කියල

    ReplyDelete
    Replies
    1. බලපන්කො ඉතිං! අපි ෆොටෝ එකක් ගැහුවත් කොපියක් කියලා හිතන්නේ!

      Delete
  3. කැලේ පනින්න වෙලාවක් නෑ , මාර්තුවල පනින්න තමයි බලන් ඉන්නේ , අගෙයි

    ReplyDelete
    Replies
    1. එල එල! මාර්තු වල අනිවා පැනපන්!

      Delete
  4. ස්වභාවධර්මයට අපි අනුගත වි යුතු අතර ස්වභාවධර්මය අපට උවමනා විදියට හසුරුවා ගැනිම නොකළ යුතුය.වටිනා පින්තුර ටිකක් එහෙමත් තියෙන්නෙ.සුන්දර පරිසරයක්
    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම අපි ඒ රිද්මයට අනුගත විය යුතුයි.

      Delete
  5. කැලේ පැන්න කියලා මටත් ආරංචි. කොහොම වෙතත් මෙදා පාර අර උලව්ව ලියලා ප්‍රතිපල එනකොට පනින්න කැලා මදි වෙනවා සුවර්. කොටන්න වෙලාවක් කොඉන්ද බන්. සූ ගාල වඩා. ලැබුන වෙලාවක් කොටනවා.. හොහ් හෝ

    ReplyDelete
    Replies
    1. අනි අනි! යාල පැත්තටවත් පනින්න වෙයි මගේ හිතේ!

      Delete
  6. අම්මපා මේ ඔයා ගත්තු ඒවද ඇ??

    ReplyDelete
    Replies
    1. නැත්නම්! වෙන කවුරු හරි කියලද හිතුවේ...?

      Delete
  7. එහෙනං මේකයි මේ උබ කැලේ කපන උංට විරුද්ධව මං ලවුවා මාධ්‍ය හසුරවන්නේ..
    ජයවේවා ඈ....

    ReplyDelete
  8. මේ දවස් වල කැලේ පනින්න බෑනේ මල්ලි වහිනවා හයියෙන් :) :)
    පින්තුර ටික නම් ඉස්තරම්ය.....

    ReplyDelete
    Replies
    1. වැස්ස පායපුවහම කැලේ පනින්නකෝ එහෙනම් ඈ!

      Delete
  9. ෂා...සිරාවටම පින්තූර ටික නියමයිනේ..

    ReplyDelete
  10. පින්තුර ටිකනම් සුපිරි මචං! එළ

    ReplyDelete
  11. පින්තූර ටික හොඳයි මචං. අර තුන් වෙනි පින්තුරේ තමයි මං වඩාත් කැමති. අන්තිම පේලි දෙක නම් මසුරන් කතාවකි.

    ReplyDelete
  12. පින්තූර ටික නම් ශෝයි....

    ReplyDelete
  13. නයිස් බොස්......පට්ට පට පට

    ReplyDelete
  14. කපොල් සිම් එකක් ගැන උබනම් මේ ලගදි කියෙව්ව මට මතකයි... හීනෙන් පේන්නෙනම් මටත් උබට පෙනෙන එව්වම තමයි ඉතින්... පොඩ්ඩක් ඉදින්කෝ, මේ ඉලව්වවල් ඉවර වෙනකන්...

    ReplyDelete
    Replies
    1. මට පේන ඒවා උඹට පෙන්නේ කොහොමද බං??? මම මොනවාද කපල් සිම් ගැන කියෙව්වේ! උඹනේ බං ඒ ගැන දන්නේ!

      Delete
    2. බයිගෙදර මනියාට - මොබිටෙල් කපල් සිම් තියෙනවා. කාඩ් දාන එව්වා.. මාසෙටම 152 රී ලෝඩ් එකක් දැම්මම ඇති. මමත් ඊයෙ ගත්තා

      Delete
  15. නාඩි මලයෝ ලිපියත් සිරා පිංතුර ටික එයිටත් වඩා සිරා... මේ පිංතුර ගත්තේ ටෙලි ලෙන්සයකින් නෙමේ නේද මලේ
    මලයා රජ රට ද ඉන්නේ

    ReplyDelete
    Replies
    1. එහෙම ලෙන්ස් එකකින් නෙවෙයි අයියේ...එහෙම ඒවා මා ළඟ නෑ! Fuji T300 point & shoot බට්ටෙක්ගෙන් තමයි මේවා ගත්තේ...
      ඔව්නේ...රජරට ඉන්නේ...

      Delete
  16. හොද ලිපියක් යාළුවා.අපේ පැත්තෙත් ඇවිදින් යන්න http://sinhapedia.blogspot.com

    ReplyDelete
  17. එළකිරි වගේ පොටෝ කෑලි ටික

    ReplyDelete
  18. අර උඩම තියන ෆොටෝ කෑල්ලෙ ඉන්න කුරුල්ලගෙ නම මුකක්ද බං

    ReplyDelete
    Replies
    1. ඒකාට කියන්නේ පෙම් කුරුල්ලා කියලා බං! ;)

      Delete
  19. උඹ කැලේ පැන්න කිව්වම මම හිතුවෙ වෙන එකක් බං.

    ඇත්තටම මේ ළඟකදි ඉඳල මටත් ඡායාරූප කලාව ගැන ටිකක් හිත ඇදිල යනව බං. මමත් හිතන් ඉන්නෙ පොඩ්ඩක් ට්‍රයි කරල බලන්න.

    ReplyDelete
    Replies
    1. ට්‍රයි කරපන් ට්‍රයි කරපන්! වැරදෙන එකක් නෑ... :)

      Delete
  20. ඊළඟට මිනිස්සුන්ගෙ දුක්ඛිත ජීවිතේ පොටෝ ටිකක් ගහල දාපන්කො..

    ReplyDelete
    Replies
    1. හරි...ට්‍රයි එකක් දෙන්නම්....

      Delete
  21. අර උඩ තිබ්බ ඩේටා බේස් ලින්ක් ලිස්ට් මතක් කරන්න එපා. එපා වෙලා ඉන්නේ... :(
    පින්තූර ටික පට්ටයි ඈ...

    ReplyDelete
    Replies
    1. අප්පේ ඔව් බං! කවුද මේවා හොයා ගත්ත එකා??? තැන්කු ඈ!

      Delete
  22. නාඩියාගේ ඇහේ නාඩි පට්ට විදිහට වැඩ කරන බවක් පෙනේ. පින්තුර ටික කදිමය...ආතල්ය..මනහරය..සුපිපිය

    ReplyDelete
  23. සෑහෙන්න "අප්" වෙලා තිබිච්චි මගේ නාඩිය "කූල්" කොළාට ඉස්තුතියි!! පට්ට ෆොටෝ ටික..

    ReplyDelete
    Replies
    1. අප්පේ...මොකෝ මේ "අප්" වෙලා තිබ්බේ???

      Delete
  24. අපි ඒ දවස් වල කැලේ පැනපු හැටි මතක් වුනා මේක දැක්කම..අපි පොටෝ ගත්තෙ නැහැ හැබැයි කොටගම සර් අපට දීලා තිබූ කුරුල්ලන් හදුනා ගැනීමට උදව් වන පින්තූර පොතක්..සමහර කුරුල්ලන්ගෙ නම් වාසගම් අපිට මතක තියාගන්න බැරිතරම් දිගයි.. "වත රතු මල් කොහා" "හිස සුදු ශාරිකාවා" "රතු නලල් කොට්ටෝරුවා"...මොනා උනත් කැලේ පැනලා ආපහු එන කොට අපි සොබා දහම ගැන ගොඩාක් දේවල් ඉගෙන ගෙනයි එන්නෙ..කැලේදි අපි සාමාන්ය ජීවිතයෙදි ඉගෙන ගන්නවට වඩා කොච්චර දේවල් ඉගෙන ගන්නවද?

    ReplyDelete
    Replies
    1. අප්පේ ඔව්! "Practical Pocket Guide to the Common Birds of Sri Lanka" පොත ගැන වෙන්න ඇති අක්කා මේ කියන්නේ.... :)

      Delete
  25. නාඩියට අපි කින්ඩිය දැම්මට...මේකා රටක් වටින කොලුවෙක්නෙ හැබෑවටම...පින්තූර ටික නම් මල් හතයි බන්...

    ReplyDelete
    Replies
    1. ඒකනේ ඉතිං...මැණික් ගල් වගේ මනුස්සයෝ හැංගිලා තමයි ඉන්නේ..... :)

      Delete
  26. කාලෙකින් කැලේ පාන්නේ නැහැ. කලාත්මක පින්තූර ටිකක්.

    ReplyDelete
  27. පින්තූර ටිකනම් සුපිරි.. මාත් ආසම වැඩක් තමා ඕක.. ඒත් කෝ දැන් දැන් වෙලාවක් නෑනේ කිසි දේකට..

    ReplyDelete
    Replies
    1. වෙලාවක් කොහෙන් හරි හොයාගෙන කලත් එපා වෙන්නේ නැති වැඩක්!

      Delete
  28. පරිසරය වනාහි අවුල් වූ සිත් සතන් සනසන්නා වූ අද්විතීය ඔසුවකි.සොභා දහම් මාතාවට ආදරය කරන්න.නිතැතින් ඇය ඔබට ආදරය කරාවි.
    මේ කථාව නම් ඇත්තම ඇත්ත...
    ෆොටෝ ටිකත් හරිම ලස්සනයි. මගෙත් ආසම විෂයක් photography

    ReplyDelete
  29. ආව් ආව්....ලත්තන පොතෝ තික....^_^

    ReplyDelete
  30. යකෝ එක වසරෙන් පස්සේ උබ කැලේ පැන්න කියල මන්
    දැක්ක :D

    අම්මප මහද්වීප කීපෙක සත්තු උබ එක සවාරියෙන් දැකල..
    මේවානම් නාඩි ඈ ....!

    ReplyDelete
    Replies
    1. හික්ස්! ඒ මොකෝ 1 වසරෙන් පස්සේ කැලේ පනින්නේ...?
      මහද්වීප කිපෙක නෙවෙයි..මේ ඔක්කොම ලංකාව ඇතුලේ ඒවා..
      ෆොටෝ ඇල්බම් එකේ තියෙන්නේ මම සැප්තැම්බර් මාසේ යාල,කුමන,පානම පැත්තේ ගිහින් ගත්ත ෆොටෝ ටිකක්.උඩින් තියෙන ඒවා මිහින්තලේ අවට ගත්ත ඒවා...

      Delete
  31. පට්ටයි ඈ.උඹ එදා වගේම තවත් කැලේ පනිනවද?කමක් නෑ.කොහෙම උනත් මරු පොටෝ ටික.

    ReplyDelete
  32. ඒක නෙමෙයි බන්.. කොහොමද අරුන් ඔක්කොගෙම නම් මතක තියගන්නෙ.මටනම් ඔක්කොම උන් පරෙය්යො වගේ

    ReplyDelete
    Replies
    1. guide එකෙන් තමා බං හොයා ගන්නේ....

      Delete

Related Posts Plugin for WordPress, Blogger...