කඩමාල්ලක් ඇඟේ දවටාගෙන කොණ්ඩය රැවුල වවාගෙන
පොලිතින් කොළ, පත්තර ඇඟේ ඔතාගෙන පාරේ තොටේ ඉන්න මිනිස්සු ඔබ දැකලා ඇති...
සමහර විට ඒ මිනිස්සුන්ට බැනලා ඇති! නැත්නම් පව්
අසරණයෝ කියලා රුපියල් කාසියක් නැත්නම් කොලයක් ඒ දිහාට විසික් කරන්න ඇති..ඒත්.....
ඒ අයත් අපේම සහෝදරයෝ කියලා අපි හිතුවද????
නාඩියා අද කොටන්නේ නාඩි හිතට තදින් වැදිච්ච
දෙයක්! පාරේ තොටේ නිතරම යන එන මිනිහා වෙච්චි නාඩියා ට මේ වගේ මානසික ආබාධ තියෙන
හිසට වහලක් නැති මිනිස්සු අනන්තවත් හම්බ වෙනවා! ඒ මිනිස්සු හයියෙන් හිනා වේවි
හිටියත් ඒ හිනාව පිටිපස්සේ හැංගිච්ච තනිකම..අසරණකම....ඒ වටකුරු ඇස් අස්සේ හැංගිලා
තියනවා කියලා නාඩියාට හිතුන වාර අනන්තයි!
“සලමන්”! නාඩි පුරේ පැත්තේ හරිම ප්‍රසිද්ධ
චරිතයක්. පොඩි මානසික ආබාධයක් තියනවා..මහ පාරේ තමයි දවසේ වැඩි හරියක් ඉන්නේ...ලොකු
මල්ලක් කරේ දාගෙන දිග පොල්ලක් අතේ අරගෙන තමයි ඉන්නේ... හැබැයි අපේ පැත්තේ නාඩි
වැටෙන මිනිස්සු ඒ අසරණයාට හැමදාම කන්න බොන්න දෙනවා! මනුස්සයා කිසිම කරදරයක් නොකර පාඩුවේ
ඉන්නවා! හැබැයි මොනවා හරි කියලා විහිළු කලොත් එහෙම ගලකින් වත් ගහනවා...
නම නොදන්න තවත් මේ වගේ අසරණයෙක් මට හම්බ උනා...
තනියම දේශපාලන කතාවක් කරනවා වගේ කතා කර කර පාරේ එහෙ මෙහෙ යන එක තමයි එයා කරන්නේ...
දවසක් මම මහා වැස්සේ රෑක ගෙදර එද්දී අර මනුස්සයා ලයිට් කණුවක් එක ලොකු කතාවක්!
හිනා වෙන්න එපා!!!!!!! අපි අඩන්නයි ඕනේ!!
මනස නොවැඩුණු..නැත්නම් මොකක් හරි හේතුවක් නිසා
මනස විකෘති වෙච්ච දහස් ගානක් අපේ අය අපිත් එක්කම හුස්ම ගන්නවා. ඒත්... ඒ අය අපෙන්
වෙන් කරලා...නැත්නම් “පිස්සෝ” කියලා හංවඩු ගහලා.. අංගොඩ පටෝලා ප්‍රශ්නේ ඉවර කරමු
කියලයි අපි හිතාගෙන ඉන්නේ...
මචං ලා..මචීලා.... අනන්ත සසරේ අපිත් අනන්ත පව්
කරන්න ඇති..අපිට වඩා ඩින්ගිත්තක් වැඩියෙන් පව් කරපු අය අර විදිහට දුක් විදිනවා ඇති!
දැන්වත් අපි වෙනස් වෙමු! වෙනස්ම ඇසකින් අපිත් එක්කම ඉන්න ඒ අය දිහා බලන්න අපි
පුරුදු වෙමු...
ඇත්ත තමයි නාඩියෝ. මේ කතාව නම් මටත් බොක්කටම වැදුනා...
ReplyDeleteහ්ම්ම්....
Deleteමම නම් දැං ඔය වගේ දේවල් වලට මූණ දෙනවා අඩුයි.. ඒත් ඉස්සර නම් ඇති වෙන්න ඔය වගේ හිතිලා තියෙනවා...
ReplyDeleteඒ මොකෝ දැන්??
Deleteකතාව ඇත්ත බං. සමහරු ඔය වගේ අයව විහිලුවට ගන්නවා. ඒ වුනාට ඒත් මිනිස්සු. අපි මෙහෙම හිටියට අපිට මොනවා වෙයිද කවුද දන්නේ.
ReplyDeleteඅන්න ඒක තමයි ගොඩක් යට තේරෙන්නේ නැත්තේ...
Deleteඒකනම් ඇත්තමය නාඩියෝ.අංගොඩ ගිහින්ම බලන්න ඕනා,ඒ අපි හිනා වෙන මිනිස්සු කරල තියෙන නිර්මාණ.හොඳ මානසිකත්වයේ ඉන්නවයි කියන අපි මොනාද කරන්නෙ කියල හිතෙනව.
ReplyDeleteහ්ම්ම්...මමත් ඒ ගැන ඇහුවා!
Deleteaththamai nadiyo ube kathawa sahathika aththa..
ReplyDeleteTrain wala yana godak aya nam dannawa ati eka manussayek innawa,eyage athak apranikai eya tamai godak station wala wawila tiyana kalawa,walpala sudda karanne...
Pissek wage hitiyata harima hoda manussayek,onama kenek ekka hodata kathabaha karala.udawu karala innawa.godak aya eyata pissu kiyala hithuwata minihata athi pissuwak na..
Gampaha - Polgahawela athara station wala tamai meya godak inne..
Kanna tika dunnahama,tani athin wisi kaththen wisi gagaha apuruwata lassanata station awata sudda karanawa. Ath dekenma wada karanna puluwn manussayekutawt bruwa ati e karana dewal e tharam apuruwata karanna.
E wage kihipa denekma matath munagahila tiyenawa..
අන්න බලපන් ඒ මනුස්සයා කරන සත්කාර්ය.....
Deleteකතාව ඇත්ත ඒත් කියපං මස්සිනා මේකට අපට සාමාන්‍ය මිනිහෙකුට කළ හැකි දේවල් මොනවද කියලා.පෝස්ටුව සංවේදියි තමා ඒත් කළ හැකි දේ යෝජනා කරහං මලයා.
ReplyDeleteමෙහෙමයි මුඋලින්ම කරන්න ඕනේ අපි හිතන පතන විදිහ වෙනස් කර ගන්න එක..අනිත් එක තමයි අපිට පුළුවන් විදිහට ඒ අසරණ අය ගැන හොයලා බලන එක..මම දන්නා විදිහට ඒ අයව රැක බලා ගන්න..ප්‍රතිකාර කරන්න භාර ගන්න තැන් තියනවා..අපිට පුළුවන් නම් ඒ අයව ඒවාට යොමු කරන්න..ඒක ලොකු දෙයක් වෙයි ඒ අයට...
Deleteඇත්ත කතාව යාලු ..සමහර වෙලාවට පිස්සු කියන අයට වඩා සමහරු පිස්සෝ
ReplyDeleteඒ වගේ තමා...
Deleteමන් කවදාවත් පිස්සෙක්ට,පි කෙනෙක්ට විහිලු කරලා නැහැ බන් මටත් හරිම අනුකම්පාවයි එහෙම අය ගැන.
ReplyDeleteහ්ම්ම් හ්ම්ම්...
Deleteකතාව ඇත්ත. සමහර වෙලාවට අපිට තරම් පිස්සු නෑ කියල හිතෙනව ඒ මිනිස්සුන්ට. මං ඉස්සර මානසික රෝගීන් ඉන්න වාට්ටුව පැත්තට හේතුවක් නැතත් නිතරම ගියා. සිංදු කියල විනෝදෙන් ඉන්න හැටි දැක්කම ඒ ජීවිතෙ වාසනාවන්තයි කියල හිතුන.
ReplyDeleteපාරෙ ඉන්න එහෙම අයට නම් මං කවදාවත් උදව් කරල නෑ. එහෙම කරන්න අවස්තාවක් ලැබිල නෑ. ඔය අතරෙ රස්සාව විදිහටත් එහෙම කරන අය ඉන්නව කියන එකත් අමතක කරන්න බෑ.
එහම අයත් ඉන්නවා අනිවාර්යෙන්ම.....
Deleteකතාව ඇත්ත.... නාඩි වැටෙන මිනිහෙකුට විතරයි ඒක තේරෙන්නේ...
ReplyDeleteඇත්ත...
Delete
ReplyDeleteමචන් කියන්න ඕනේ ටික ඔක්කොම කියල තියෙනවා..
මේ මන් වෙන තැනක දාපු කමෙන්ට් එකක් , මේකේ උනත්
මන් කිව්වේ මේ දේ ගැන .උබ ඒක ගොඩක් පැහැදිලිව කියල
තියෙනවා..ගොඩක් හොඳයි මේ දේ ගැන ලිව්ව එකට ...
\\\ තව තව තුවාල නොවී ඉන්න ----.මිනිස්සු බෙහෙත් දෙන්න වගේ ඇවිත්
යනින් ගමන් ඇගිල්ලෙන් ඇනගෙන යනවා.තුවාල වෙන්න වෙන්න ඔයාව
බාර ගන්න කෙනෙක් නැහැ .
මිනිස්සු හරිම දස්සයි තව කෙනෙක්ව මානසිකව රිද්දන්න , තුවාල කරන්න.
මේ ලෝකේ ගොඩක්ම ආදරය සෙනෙහස ඕනේ අපි " පිස්සෝ " කියන
අයට ..ඒත් ඒ අයට සමාජෙන් මොනවද ලැබෙන්නේ ?
" අන්න පිස්සෙක් , මොන්ගලයෙක් " වගේ වචන නේද ?
මට මේ දැන් පණ දෙන්න ඉන්න මිනිස්සුන්ගේ ඔහොම තැන් පෙන්නන්න
පුළුවන් .
මේ ලෝකෙම නරා වලක් ,
සෙන්ට් පව්ඩර් අනූන .
පියරු බබීල පිරුණ ! ////
ඒක තමයි මචං!! ලෝකෙම නරා වලක් වෙලා තමයි!
Deleteහ්ම්ම්ම්ම්ම්ම්ම්ම්.. මුලින්ම හිතන විදිය ව්නස් කර ගන්න ඕන
ReplyDeleteඅන්න ඒක තමයි කරන්න ඕනේ!
Deleteඅපි මොකද බං කරන්ඩ ඕන
ReplyDeleteහිතන පතන විදිහ වෙනස් කරන එක තමයි මුලින්ම කරන්න ඕනේ...
Deleteහොද සිහියෙන් ඉන්න මිනිස්සු ලෝකෙට පේන්න කරන බොරු රග පෑම දැක්කම හිතෙනව මේ මිනිස්සු ඊට වඩා අවන්කයි කියල...
ReplyDeleteඇත්තටම ඒ මිනිස්සු අවංකයි!
Deleteඋබ කියන කථාව ඇත්ත බං ...මමත් ඕන තරම් කීයක් හරි දීලා ගිහින් ඇති... ඒ කුම්මහි කමට වත් වෙන එහෙකටවත් නෙවෙයි බං.. එතනින් එහාට කරන්න දෙයක් නැතිකමට
ReplyDeleteමේ පෝස්ටුව උපරිම සංවේදී බං
එතනින් එහාට කරන්න ඕනේ දේ දැන්වත් අපි හිතන්න ඕනේ බං...
Deleteසබ්බේ පුතුජ්ජනා උන්මත්තකා ලු නෙ... සකල ලෝ වැසි පෘතග්ජනයෝ අඩු වැඩි වශයෙන් සියලු මනෝරෝග වලින් පෙලෙන්නෝ වෙත් ලු... එබැවින් මොකෙක් හෝ පෘථග්ජනයෙක් එබන්දෙකුටම “පිස්සෙක්“ යැයි කීම වනාහි සිරිමලියට විග්‍රහ කර ගත නොහැකි මාන්දමික කරුණකි.“මේක පිස්සු ලෝකයක්“ වන්නේ එබැවිනි.
ReplyDeleteඑසේය! මේක අනිවාර්යෙන්ම පිස්සු බම්ප් වූ ලෝකයකි!
Deleteමානසික ආබාධ, ශාරීරීක අඩුකම් තියෙන අයට උසුළු විසුළු අඩංතේට්ටම් කිරීම නොදියුණු ගෝත්‍රික ලක්‍ෂණයකි.
ReplyDeleteඒඛ මේ ලෝකෙන් උතුම් රටේ උතුම් සිංහල ජාතියට කොහෙන් ආවද මන්දා? සමහර විට පර සුද්දාගෙන් බෝවුණා විය හැකියි.
එසේ විය හැකියි! සොයා බැලිය යුතුයි!
Deleteහැට් ඔෆ් නාඩියො.....
ReplyDelete:)
Deleteමම ඔය ක්‍රමය දන්නා දවසේ ඉඳල අනුගමනය කරනවා මම එක්ක ඉන්න එකෙක්ටවත් මම එහෙම කරන්න දෙන්නේ නැහැ සිරාවටම.
ReplyDeleteඅන්න මචං සුපිරි වැඩක්!
Deleteහැමදාමත් ජිවත් වෙන්න ආපු උන් කරන වැඩ.ඊළඟ අත්මයක් නැ කියලා හිතාන ඉන්නේ.ඒත් ඒවා විඳවන්න දවසක් එනවා.
ReplyDeleteමනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)
හ්ම්ම්....
Deleteකථාව ඇත්ත......... :(
ReplyDelete....
Deleteඉස්කෝලෙ යන දවස්වල නම් ඔය වගේ හිඟන මනුස්සයෙක්, පිස්සු මනුස්සයෙක් දැක්කම මටත් මාර අප්සට්. හුඟ වෙලාවක් ඒ ගැන හිතනව. ඒත් පස්සෙන් පහු ඒකට හුරු වුනා. ඇත්තම කිව්වොත් එහෙම අයත් ලෝකෙ ඉන්නව කියල තත්ත්වය අවබෝධ කරගත්තට පස්සෙ ඒක නොතකා ඉන්න එක තමයි හොඳම වැඩේ කියල මම හිතා ගත්තා. නැත්නම් ඉතිං මම ඒ ගැන හිතන්න හිතන්න මමත් මානසිකව වැටෙනව. ඒක තමයි ජීවිතේ හැටි, මොනව කරන්නද?
ReplyDeleteහ්ම්ම්...නොතකා ඉන්න එක නෙවෙයි බං කරන්න ඕනේ..ඒ අයට උදව් කරන එක....
Deleteහ්ම් ... මට නිකමට හිතුන උඹ ඕක කියයි කියල. උදව් කියල අපි මොනව කරන්නද බං. ඔන්න මම කෝටිපතියෙක් උනානම් ඒ මිනිස්සු වෙනුවෙන් මොකක් හරි වැඩපිළිවෙලක් කරන්න තිබුන මගේ සල්ලි යොදවල. මම බලයක් තියෙන නිලධාරියෙක් වත් උනානම් බලධාරීන්ගෙ අවධානය යොමුකරල රජය ගනනෙවත් සුබසාධන වැඩපිළිවෙලක් කරන්න තිබුන. දැන් ඉතිං මට පුළුවන් ලොකුම දේ වැඩිම උනොත් රුපියල් 10 ක් 20 ක් දීල නිකා ඉන්න එක. ඒකෙන් ඒවගේ මනුස්සයෙක්ට ඇති වැඩේ මොකක්ද? දැන් කියන්නෙපා මේ ලෝකෙ වැඩ කරල තියෙන්නෙ බලපුළුවන්කාර මිනිස්සු විතරක් නෙවි කියල, ඇත්ත, ඒත් මම එහෙම කැපකිරීම් කරන්න පුළුවන් කෙනෙක් නෙවි. ඒක මගේ හැටි, ඉතිං ... පුළුවන් අයට ඒ වැඩේ භාර දීල මම පැත්තකට වෙල මගේ පාඩුවෙ ඉන්නව.
Deleteඋඹ මම කියපු දේ වරදවා වටහාගෙන. මම දැන් කාලයක් තිස්සෙ අනිත් අය වෙනුවෙන් දුක් වෙන එක පසුතැවෙන එක පුළුවන් තරම් අඩු කරනගන්න උත්සාහ කරනව, මගේ මානසික සෞඛ්‍ය වෙනුවෙන්. ඒක උඹට තේරුම් ගන්න ටිකක් අමාරුවෙයි. අවුලක් නෑ, මාව තේරුම්ගන්න මම ආශ්‍රයකරන අයටත් අමාරු ඇති. මම ඕව හිතන්නෑ බං. පුළුවන්තරම් සතුටින් ඉන්න උත්සාහ කරනව මිසක්.
මට තේරෙනවා උඹ කියන එක... ඒත් මචං අපි තනි තනියෙන් හරි දෙයක් කරන්න ඕනේ... අපිට ඒ දේ කරන්න පුළුවන්! බල ඇත්තෝ දෙයක් කරනකම් අපි කවදාවත් බකන් නිලන් ඉඳලා බෑ!
Deleteඔය මානසික අඩුපාඩු කම් තියන අයට ඇත්තටම පිස්සු පිස්සු නැහැ. ඒ වගේ අයට පිස්සෝ කියන උන්ට තමයි පිස්සු.
ReplyDeleteමං තුමාට දවසක් නුවර මහ ඉස්පිරිතාලේ දී ඔය මානසික රෝගයක් නිසා රෝහල් ගත කරපු කෙනෙක් හමු උනා. උගෙත් එක්ක කතා කලාම තමයි මට තේරුනේ අපිට තමයි පිස්සු කියලා. ඒ කතා කීපයක් පොස්ට් එකකින් දාන්නම්.
එල! ඉක්මනට ඒ පොස්ට් ටිකත් දාමු!
DeleteThis is one of the best 'NAADI' ever !! :)
ReplyDeleteස්තුතියි!
Deleteඔලුවටත් හදවතටත් එක ලෙස වදින සුපිරි නාඩියකි. අපි හැමෝම නාඩි වැටෙන මිනිස්සු.
ReplyDelete