දිනය ඊයේය! ඊයේ කිව්වේ 27 ය! දවස මල් හතය! අන්තර්ජංජාලය
වැනසූ බ්ලොග්කරුවන් බ්ලොග්කාරිනියන් ගම්පහ මල් වත්ත වැනසුවේ ඊයේය!
බැලු බැලු අත මඩය! මංතුමා මඩ නොගසමි! සිදුවූ දෑ
කියමි! ;)
ඔන්න ඉතිං නාඩියාත් ගෙට්ටුවට යන්න කියලා උදේ
පාන්දරම ගෙදරින් පිටත් උනා කියමුකෝ...සිංහ ජෝඩුවත් මටත් කලින් එන්න පිටත් උනාලු!
හැබැයි ඉතිං මං එනකම් ඒ ඩබල ගම්පහට ඇවිත් හිටියේ නෑ කියලයි ආරංචිය! අනේ අනිච්චං ඒකෙත්
හැටි නේ!
වෙලාව උදේ 8.30 –
නාඩි - අයියේ..මම මේ ගම්පහ ස්ටේෂන් එක ළඟ ඉන්නේ..කස්ටිය
කොහෙද?
ප්රදීප් අයියා - මල්ලි අපි මේ දෙමටගොඩ...හරි හරි
වෙලාවට එනවා!
නාඩි - ^&%&%&$#!
යාන්තම් බස් ස්ටෑන්ඩ් එකට එද්දී දැකලා පුරුදු
එකෙක් බස් එකේ කිරනවා! හුටස් පටස්! අසම්මතයා! ඔන්න ඉතිං ඩබල බස් කට්ටක ගාටලා මල්
වත්ත යැයි හදුනා ගත ස්ථානයට සැපත් උනා.
නයි කයිද රෝස් පාන් කියපි! මඟුල් කාර් පෝලිමයි!
මල මඟුලයි! අසම්මතයා ඉතා චිත්තප්රිතියෙන් යුතුව කියා සිටියේ “මගේ මඟුලත් මම මේකේ
ගන්නවා බං” කියාය!
සිරා අයියාගේ ලෝ පරසිදු ස්කුටරය පට පට හඩින් ලඟා
වෙද්දී තව පොඩ්ඩෙන් රත්ගමයා ඇලට වැටෙනවාය!
“මොකෑ රත්තෝ උඹ බය උනේ?”
“නෑ බං මම හිතුවේ අර ජස්ටින් කාරයා බේබි බේබි
කියා කියා මේ පැත්තට එනවා කියලා!”
ඊලඟට තිබ්බේ ටිකට් ගන්නට පෝලිමය! ටිකට් කඩන සමියා
එකේ Lunch කියන තැන “K” අකුර
දැම්මේ “කුකුලා” සංකේතවත් කිරීමට බව ඔහු අවධාරණය කරන ලදී!
“මං දන්නවා ඉතිං චිකන් තියෙන්නේ කියලා! ඒත් සතා
මොකාද කියලා ලියන්න ඕනෙනේ බං!”
මේ අලකලංචි අතරතුර වී පොකුරු අයියා සිරාගේ
දඩුමොනරය පන්චිකාවත්තට export කිරීමට තැත් කල අවස්තාව නාඩි කාචයේ මෙසේ සටහන්
විය!
නාඩි තුමා පිට එල්ලගෙන සිටි විශේෂ බෑගය නැන්දා සොරා
ගැනීමට තැත් කල අවස්තාව ප්රවීන ඉන්දීය විකට නළු තරියාගේ කැමරාවේ මෙසේ සටහන්ව තිබී
ඇත!
කුලියට සොයාගෙන පැමිණි කාරය මල් වත්තට ඇතුල්
කිරීමට ගිය මලියාට වාහන පාක් ටිකක්ට් එකක් ගැනීමට රුපියල් 200ක් නොතිබි හිඟා කෑ
බවටද දුෂමාන ආරංචියක් පැතිර ගියාය!
කස්ටියම සෙට් වූ පසු හදුනවා දීමේ මෙව්වා එක තබන
ලදී! එහිදී හෙළි වූ විශේෂ කරුණක් වුයේ පවනි තරංගා යනු ලිංග විපර්යාසයට ලක්වූ
සුවිශේෂ ගැහැනියක් බවය.
සිරා අයියා විසින් මාස ගණනාවක් ප්රැක්ටිස් කර
ඉදිරිපත් කල රබර් කතාව ඉතා ලගන්නා සුළු විය! සිරා අයියා කියන විදිහට මුල්ම රබර්
මෙව්වා එකක් මොකක් හෝ සම්බන්ධයක් ඒ සත්ගුණවත් මනුස්සයාට තිබිය යුතුය!
දිනෙල්කයා - “මචං මෙකලු ලංකාවේ ලොකුම කඳ!”
නොහික්මුණු ඇය - “වෙන්න බෑ බං *$%&*%&
ඔයිට වඩා ලොකුයි!”
එසේ මෙසේ කෙසේ වී 96 ක්රිකට් කණ්ඩායමටත් උපදෙස්
දුන් සු-දී-ක අයියාගේ ප්රධානත්වයෙන් මහා ක්රිකට් සංග්රාමය ඇරඹුණි!
නංගි සමඟ පැමිණි ලජ්ජා ටැක්සි රජා ( LT රජා) බංකු අන්තයේ ක්රීඩා කළාය! මඩිස්සලේ ඉතා
දැක්ස අන්දමින් පන්දු රැක්කාහ! තරියා ඉතා අගනා ඉනිමක් ක්රීඩා කරමින් 0 වට දැවී
ගියේය! ස්කුබ්යා ද ඉතා සතුටින් බින්දුවෙන්
සැහීමකට පත්ව ක්රීඩාගාරයට පියමන් කරන ලද්දාහ!
දේවා සමඟ එක්වූ අහිංසක යැයි කියා ගන්නා සිංහයා
සිංහ දේනුවගේ චියර් කිරීම් මැද අති ප්රවේගකාරී ඉනිමක් ක්රීඩා කළේය!
මැච් එක එසේය! දැන් ලන්ච් ටයිම් ය! හුටස් පටස්! ලන්ච් නැත! කවුරුන් හෝ
අලුගුත්තෙරුවෙක් සෑමාගේ සපත්තු ජෝඩුව හන්ගලාය! ඒකාට නහයක් නොමැති එකෙක් බවනම්
ඉඳුරාම ප්රකාශ කල හැක!
මේ අලකලංචි මැද අයිස්, දුලා, නෙරන්ජි, උෂාන්, JD
සමඟ බස් රේඩියෝ කස්ටිය බස් එකේ ඇවිත් තිබුණාය! ඒ
සමඟ අයිස් ගේ ටකරන් වොයිස් එකෙන් මුළු ගම්පහ ප්රදේශයම ඒකාලෝක විය! කුරුල්ලෝ දසත්
පියාඹා ගීයෝය! බංකු වල අසරණව සිටි පෙම් ජෝඩු තැත් කිටි කිටියේ එක එකා වැළඳ ගන්නා
ලදී!
කෑම පැමිණියාය! ලොකු ජෝන් අයියා පපඩම් ඔක්කොම
හොරෙන් කෑ බවට ආරංචිය! දමිතා..සිතුම් පැතුමා එක්ක පපඩම් හොරකම් කල බවටද පොලිසියට
ආරංචි වී තිබේ!
අක්කෙක් සොයාගෙන පැමිණි අක්කපාලයා ප්රදීප් තුමා
අසලටම වී සිටීම කාටත් ප්රගේලිකාවක්ම විය! ඇපල් මල්ලි කාටදෝ කියා බත් කවා ගත් බවටද
ආරංචි පැතිර යමින් පවතී!
තරියා අනුෂ්කා නැතැයි කියා අඩමින් ඉස්මොල්ලේ යවා
ගද්දි රත්ගමයා අලුත ගෙනා මනමාලිත් එක්ක බත් කෑවාය!
තහනම් වචනයා නම් අවලං කතා සාගරයක්ය! යාමය ලියන
ඒකාට ඒවා අසා බඩේ රුජාවක් සෑදී ඉතා ඉක්මනට ගෙදර දුව ගියාය! අනේ දුක්කේ සංසාරේ!
කෑමෙන් පසු කස්ටිය තොප්පි පාස් කරගෙන තිබුණාය!
නාඩියා ඉස්පෙෂල් මිටීමක් තිබුන නිසා සුළු වෙලාවකට එතනින් බැහැර වූ බව කරුණාවෙන්
සලකන්න... ;)
හවස මැච් එක දැඩි හිරු රශ්මිය මැද්දේ ගලා යද්දී....
කැලණියේ කොල්ලන් පරදා දේවා සහ සිංහයා කප් එක වයඹට ගෙන ආවෝය! මල් හතය! අපිත් වයඹ
කොල්ලෝ තමයි හරිය!
ගවේශකයා බොලේ දෙක මෙන් පෙනුණු බව කියා ඉතාතදින් වැළපුනාය!
ගවේශකයා බොලේ දෙක මෙන් පෙනුණු බව කියා ඉතාතදින් වැළපුනාය!
රත්ගමිට සින්දු කවි කිරීමේ අපූරු හැකියාවක් ඇති
බව විදහ පාමින් ගීතයෙන් ගීතය විකාසනය විය! නෙරන්ජි නම් කිව්වේ ළමා සින්දුමය!
නලින් අයියා සින්දු කීමට නොහැකි බව පවසා බොරු ඇඩ්
එකක් දමන ලදී! අනේ ගුණේ අපි නොදන්න නලීන්! :පි
උමා අක්කා ට සුපිරිම ගේමක් දෙමින් අපේ සෑම් අයියා
2013 ගම්පහ බ්ලොග් ගේට්ටුවේ ගීතදේව සම්මානය දිනා ගන්නා ලදී! අවසානයේ 18 පහල
දරුවන්ට ඇස් වසා ගැනීමට කියා සිදුකල උම්මා වැස්ස අපි නම් දැක්කේ නැත!
අටම් අයියා අවසානයේ නැගී සිටිමින් කල කතාව තුලින්
ගම්ය වූයේ ශම්මි කෙල්ල ඛනිජ තෙල් සංස්ථාවේ වැඩ කරන බවය!
වැඩේ උනේ ඔහොමය! ආපු හැමෝම එලය!!! මාගේ මෙමරියටද
අතමක වූ කතා තිබිය හැක! මතක් වූ සැනින් කොටමි!ෆොටෝ ටික වටෙන් පිටෙන් හොයා ගතිමි!
අවසානයේ සභා තොමෝ සතුටින් නිවෙස් බලා?? ගිය බව ආරංචිය!
අයියා කියලා බලන්නෙ නැතුව අම්මපා මම මරණ තර්ජන කොරනවා ඇ.. සෙහ්.. (කෝමින් හරි දෙවෙනි පෝස්ටුවෙත් මඩ එච්චර නෑ)
ReplyDeleteමම එක........!!!!1
Deleteඅඩේ! මෙහෙම ගියොත් නම් සුදු වෑන් එකක් එයි වගේ!
Deleteඅඩෝ ශම්මිට මඩ ගහපු එකට මාගෙ බලවත් ප්රණාමය!!! මට මඩ ගහපු එකට මාගේ බලවත් මරණ තර්ජනය...
ReplyDeleteමොකෝ ... බන් ඇත්තට.. අයිය කෙනක් එක්ක හිටියා කියන්නේ.... :O අහෝ....
Deleteමොකද ඩෝ අඩෝ අඩෝ ගාන්නෙ...උඹ පොඩි එකා නේද ? දෙනවා දෙකක්....
Deleteඈ බං අක්කපාලයෝ උඹලා දෙන්න කෙක්කයි කොක්කයි වගේනේ බං!
Deleteකඳේ කථාව දැඩි ලෙස හෙලා දකිමි
ReplyDeleteසිරා , මු කොහෙන් රබර් කන දාගෙන හිටියද මන්ද රබර් කතාව අස්සේ
Deleteනෙදකින් විතරක්....තොපිලට ඔච්චර මහන්සි වෙලා, අපහාස විදගෙන ලංකාවෙ ලොකුම කද පෙන්නුවා...කෝ එකෙක්වත් පින්තූරයක් අරන් නෑ....
Deleteනොහික්මුණු - රබර්????
Deleteකොහේ ෆොටෝ ගන්නද සිරෝ! අපි වට පිට බල බලා නේ හිටියේ!
මට ඔය කද බලාගන්න බැරි වුනානේ..අපරාදේ...
Deleteela aaaaaaaa
ReplyDelete:)
Deleteහි හි... කෝ බං ෆොටෝ මදි... අනිත් එක කවුද කියාල හොයා ගන්න පුලුවන් වෙන්න එක්කෝ නම් ටික වත් දාපල්ලා.. කීප දෙනාවයි අඳුරගන්න පුළුවන්.. හි හි ( එහෙම කිව්වම දැං ඇත්ත නම් දාන්න එපා.. බ්ලොග් නම් දාන්න හොඳේ.. හි හි)
ReplyDeleteබුකියෙන් තම ෆොටෝ බලන්න වෙන්නේ හලේ..මේකේ data ඉවරයි! නම් ටික දානම්කො එහෙනම්...
Deleteඅඩේ ෂෝයි... සික් අවේ නැහැනේ... එලම එලයි...
ReplyDeleteඒකනේ! බක් මහ උළෙලට වරෙන්!
Deleteකට කනේ :D
ReplyDeleteහික්ස්!
Deleteමම සිහින උළෙලට එන්න කිව්වා කියල දාල නෑ..... තලාම තලායි .....
ReplyDeleteහයියෝ!!! ඕක ඉතිං කියන්නත් දෙයක්යැ! අපි ඔක්කොම අනිවා එනවනේ!! තලහ වෙන්න එපා ඈ!
Deleteතෝ යකෝ පාහරයා , මෙතනත් නොහික්මුණු ඇය කියල දාල , ඕක නොහික්මුණු ඇස යකෝ .
ReplyDeleteමම මේ පින්තුර වල වටේම හෙව්වේ බොට මඩ ගහන්න ටිකක් හොයාගන්න ,කොහෙද මු හැම එකේම අහිංසක පාර්ට් එක දාගෙනනේ
හැක් , ඛනිජ තෙල් සංස්ථාවේ
මේකා මරණවා කියන ලිස්ට් එකේ ඉහළින්ම ඉන්නෙ මමලු බොල... නාඩියො...
Deleteඅපි කොහොමත් අහිංසකයි රටක් වටියි තමයි බං... ;)
Deleteමේකා ඉක්මනට හිරේ යවන්න වෙයි අගේ සිරා අයියේ...
බය වෙන්න එපා සිරා අය්යේ,මම මරණවා කියලා හිතන් ඉන්න ලිස්ට් එකේ උඩින්ම ඉන්නෙ නොහික්මුණු ඇයනේ.. :D
Deleteජය ශ්රි!
ReplyDeleteමනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)
:)
DeleteAdo mata oka miss unata koma hari avurudu uthsaveta enava.gedara yanna thibbe nqthnam maath eye mal vaththe thama :)
ReplyDeleteඅනිවා වරෙන් ඈ!
Deleteඑල එල.. හොඳ හොඳ ඒවා එයි නේ ඉස්සරහට. අර රබර් ගහ මුල අළු පාටට තියන්නේ රබර් ඇට ද මචං :P
ReplyDeleteඑහෙම වෙන්ඩ ඇති මයෙ හිතේ.. ;)
Deleteමට මඩ වැදිලා නෑ.. හුරේ.. :D
ReplyDeleteළමා සින්දු ගීත කෝකිලාවිය! :P
Deleteනාඩියෝ මෙතන ෆොටෝ මදිය , මඩ ස්වල්පයක් තව දුරටත් එකතු කලේ නම් පදමට පැමිණේ
ReplyDeleteෆොටෝ නම් බුකියෙන් තමා! මඩ?? මේකේ නෑනේ බෝල.. ;)
Deleteහයියූ... ලබන අවුරුද්දෙ නම් අනිවා එනවා.. තාම මාව කවුරුවත් අඳුරන්නෙ නෑනේ :(
ReplyDeleteඅනිවා වරෙන් සිහින උළෙලට! අදුරගමු එතකොට!
Deleteයකෝ මුන්ට හරියට මදක් ගහගන්න් බෑනේ.. මෙව්වයෙ මදි යකෝ
ReplyDeleteමඩ ඉවත් කළා කියලෙන් බං උඩම ලියලා තියෙන්නේ!
Deleteනාඩියාට ඇඩ්රස් නැතිවෙන්නේ මම ශ්රාවක සීන් එක vs. HG සීන් එක ලියු දාටය.. එතකන් හිටු!!
ReplyDeleteහා..ලියපන්කො.... :)
Deleteඅම්මපා අහස පොලව වටපිටාව නුහුලන කතානේ මූ කියන්නේ..යකෝ මම පපඩමක් ඇහැටවත් දැක්කේ නෑ.. ඔක්කොම සිරා අයියා බෙදන මුවාවෙන් ගෙදර අරන් ගියා කියලයි ආරංචිය ආවේ
ReplyDeleteපපඩම් බෙදුවෙ නැද්ද කියලා නැන්ද ගෙන් අහලා බලපන්කො... අඩේ සිතුම් පැතුම් උඹ ආවද...මට කථා කරන්න අවස්ථාවක් ලැබුනෙ නෑනෙ බන්...
Deleteසිරෝ...උඹ සිරාවටම පපඩම් හොරෙන් කෑවද අයියේ?
Deleteඔන්න බලාහල්ලකෝ සිරා අයිය මගෙත් එක්ක කතාත් කළා..මං ් ආවද අහනවා. කොච්චි ටිකට් එකක් දීලා කෑම පැකට් එක ඉල්ලුව මතක නැතෙයි. මයික් එකක් අතට දීලා තමන් කවුද කියල හඳුන්වන්න කිව්වාම අඳුන ගන්න ලැබීම සතුටක් කියලත් කිව්වා
Deleteකෝච්චි ටිකට් එක හොදටම මතකයි...මට උඹේ මූණ මතක නෑ බං...ආයෙ වතාවක හමු වෙමු...
Deleteපපඩමට හෙන කේස් එකක් ගිහින්නේ ..හි හි ...ෆොටෝ ටිකක් වැඩිපුර තිබුනානම් හොඳයි නාඩියෝ ..අපි වගේ ගියේ නැති උන්ට බලන්න
ReplyDeleteපපඩම් පට පට!!
Deleteමන් කැච් අතෑරියේ ටෙනිස් බොලේ හින්දා බන් අපි ගමේ සෙල්ලම් කරන්නේ ලෙදර් බෝලෙන්නේ :D
ReplyDeleteඋඹලා අපි එක්ක වැඩිය කතා කරේ නැහැනේ.
උඹගේ ෆොටෝ එක කෝ බං.. අනිත් උන් නම් ටිකක් ටිකක් දැන ගන්න පුළුවන්.
Deleteහික්ස්! ඒක තමා නේද නිශානයෝ... අඩේ සිරාවටම මට වැඩිය කතා කරන්න බැරි උනා බං! සොරි ඈ!
Deleteadoo..
ReplyDeleteKoi polisiyenda ubata news eka dunne..
Papadam kawarenam api kalinma dakka..
Eka wenama kathawak.. :D
Api ahinsaka widiyata kawe bola..
Meka kiyala thiyena kathaawa..
Ai ubata papadam hambun nadda? :p
Ela ela..
Kattiyama set wima gana godak sathutui..
Aniwa ublage gdara enawa welawaka,hodata kanna bonna lasti karahan hode...
(y) Jayama Wewa !!!
උඹට වැඩක් නෑනේ පොලිසිය! එල එල! කලින් කියලා වරෙන්!!!
Deleteඑළ නාඩියා...උඹ ගල් වැලි ඉවත් කර ලිව්වෙ කවුරු හරි තර්ජනය කලාද ? කෙසේ වෙතත් සංවිධායක වැඩ අස්සෙ නිසා මට මේ ආපු උන් එක්ක කථා බහ කරන්න වෙලාවක් නැති වීම ගැන නම් දුක්වෙමි. දුර බැහැර ගෙවාගෙන ගම්පහට ඒම ගැන මගේ ආචාරය !
ReplyDeleteහ්ම්ම්..තර්ජනෙකුත් කළා...ඒක ගැන පස්සේ දානම්කො! එලටම වැඩේ කරලා තිබ්බා! සුපිරි ඈ අයියේ!
Deleteඔය පපඩම් මල්ලට වෙච්චදේ මම දන්නවා . බටගම චමියා ඒක ගෙදර අරගන ගියා හොරු අල්ලන්ඩ දාන්ඩ
ReplyDeleteහුටස් පටස්!!!
Deleteනඩියා මඩ ඉවත් කිරිමෙන් පෙනියන්නෙ කගෙන් හො පගාව ගෙන ඇති බවය
ReplyDeleteඅනේ එහෙම එකක් නම් ගත්තේ නෑ බොල...
Deleteඅඩේ උඹ පෝලිමට කැච් මිස් කරපු එක දාල නෑ නේ.
ReplyDeleteඋඹ ජොලි කොල්ලෙක් බං,.
පස්සෙ තව පොටෝ දාපන් ඈ..!
ඒ ආතල් එකටනේ බං.....
Deleteනියමයි නියමයි.... තව ෆොටෝ ටිකක් දැම්මා නම් හරි.....
ReplyDeleteහිටපිය මේ ෆොටෝ මෙනියාවට මොනවා හරි කරන්න!
Deleteෂෙහ් ... එතකොට අර හෙමිජ්ජ වගේ ඉන්නෙ නාඩියද.
ReplyDeleteමොනාද බං, ටිකක් වැඩිපුර ෆොටෝ ටිකක් දාපල්ලකෝ බලන්න.
සෑමට නම් උම්මත් හම්බු වෙල. මල්වත්තකටත් ගිහිල්ල අර සිරා කොළුව මොකද බං රබර් මුලක් බදන් ෆොටෝ ගහල තියෙන්නෙ, මෑන්ගෙ හැටිද.
ඒ මචං සිරාගේ හැටි! කඳවල් වලට හරි මනාපයි ලු!
Deleteදුක තමයි....
ReplyDeleteරංජනී!
Deleteකැතයි හොඳේ....
ReplyDeleteඒ මොකෝ???
Deleteකලින් දවසෙ සපත්තු දෙක හෝදපු නිසා මට හොයා ගන්න බැරි වුනේ. නැත්තං ඕක මම හොයාගන්නව බං. :)
ReplyDeleteමම දැන් සංගීත දිවියට යොමු වෙන්න බැලුවෙ :)
හා හා..ඒකටවත් යොමු වෙලා බලපන්කො... :)
Deleteසෑමො, ඔය ගීතයෙන් ගීතය වගේ එකකින් කප් එක(කප් එකක් කිව්වට මග් එකක්) ගැහුවට සිරාවටම සින්දු කියන්න ගිහින් අනිත් උන් මට ඉරිසියා කරන තැනට පත් කරන්න එපා... :P
Deleteඅනිවා මූ මේස් දෙක නොහෙදුවනම් කට්ටිය වෙලාසනම යනවා
Deleteඅඩෝ මං බිංදුවට දැවී ගියේ නෑ ඈ..
ReplyDeleteඅනික ගහපු ලකුණු ටිකත් තාක්ෂණය භාවිතා කරමින් ඉතා වෘතීය මට්ටමේ ක්රීඩා විලාශයක් පෙන්නුම් කරමිං තමා රැස් කලේ...
ඔව් ඔව්..එකනම් දැක්කා අපි!
Deleteනාඩි මලේ ඉස්තරම් ඈ....අපි ඉතිං උඹලට චියර් කොරමිං තමා කොනකට වෙලා හිටියේ....
ReplyDeleteහ්ම්ම් හ්ම්ම්...දැක්කා දැක්කා..... :)
Deleteබ්ලොග් ගේට්ටුවකුත් තිබිලානේ.... අපිත් එකට ගිහින්නේ... බලාගෙන යනකොට මඩ නොකා ලස්සනට ඉදලා තියෙන්නේ මම විතරනේ..
ReplyDeleteඔව් ඔව්.උඹ මහත්තයනේ!
Deleteසිංහයාගෙ පළවෙනි බෝලෙට කාගෙද පොලු ගියා, දෙවෙනි එකට ස්ටමප්...දැන් හැට්රික් ඔන්....ඒත් ඊ ළගට මෙන්න ඌම බැට් කරන්න එනවා,
ReplyDeleteමේ ලාන්තරස් ක්රිකට් බලලා මඤ්ඤං නොවුනා පුදුමයි...
ඒක තමයි හැට්රික් කියන්නේ! සු-දී-ක අයියාගේ අලුත්ම සොයා ගැනීම්!
Deleteමේකට එනකොට නාඩියාට කියල නාඩි වක්යාක් අහ ගන්න කියල හිතං ආවේ. ඒත් මේකව දැක්කම මට දුක හිතුණා.
ReplyDeleteඇයි බං දුක හිතුනේ කියපන්කො අයියේ?
Deleteඅදුන ගන්න ලැබීම සන්තෝසයි.. ක්රිකට් ක්රීඩාවට දක්ෂ බවක් නං පෙන්නුම් කරා.. නරකද ශ්රී ලංකා ක්රිකට් එකට ඇප්ලිකේෂන් එකක් එහෙම දැම්මොත් ;)
ReplyDeleteඑන්න කියලා පොරේ..යන්නේ නෑ! අනිත් කස්ටිය පව්නේ!
Deleteහික් හික් හික් පට්ටයි බං සෑහෙන්න ෆන් අරන් තියෙනවා වගේ.
ReplyDeleteසෑහෙන්න ගත්තා ඈ!
Deleteවැඩිපුර පින්තුරු සමග නම් ටිකත් දැම්මනම් තමා හොද.හොද හොද කතා එයිනෙ ඉස්සරහට.ගාල්ල,මාතර සෙට් එක ආව නැතෙය.අර නාඩියගෙ කතාව[සිංහරාජ] අහන් දුක්බරව හොටු සුරපු අක්ක කවුද?
ReplyDeleteහ්ම්ම් හ්ම්ම්..කවුද බං ඒ අක්කා?? ;)
Deleteයකෝ..මම සෙලීන එක්ක විවාහ ගිවිසගෙන ඉන්නේ...එක එක ගෑල්ලමයි ගැන කියලා අපේ සම්භන්දේ කඩන්න කටවත් බෑ///
ReplyDeleteඉතිං...අපි උඹේ සම්බන්දෙ කඩන්න හැදුවයැ බොල??
Deleteබොලා එකෙකුටවත් අනිත් එවුන්ගේ බින්දු මතක නෑ ඇයි මගේ එක විතරක් මතක් කරලා මාව පාරන්නේ...දුකයි ඈ
ReplyDeleteහරි යකෝ! ඉතිං සනත් 0 ට ගියොත් නේ බං අපි මතක් කරන්නේ...මුරලියා අගේ 0 ට ගියාට මොකුත් කියන්නේ නෑනේ! ඒකයි සින් කොන් එක!
Deleteඇස් වහක් කට වහක් නෑ නාඩියො ගල් වැලි නැති සුපිරි මඩ ලෝඩ් එක! මල් හතයි ඈ!
ReplyDeleteප.ලි: අර උම්මා එක 18+ ම නෙවේ..නිකන් 14+ වගෙ එකක්නෙ...නාඩියාට තාම 14ක් නැති නිසා දැක්කෙ නෑලු..
කෝ ඉතිං මඩ නෑනේ! ;) හ්ම්ම් හ්ම්ම්.. මට තව 16 යි මාසයයි ඈ! ;)
Deleteවෙලාවට මම ආවේ නැත්තේ..නැත්තම් වසලා හමාරයි :)
ReplyDeleteආවේ නැති අයට වෙනම මඩ ලෝඩ් එකක් තියනවා අවුරුදු උත්සවේදී දෙන්න!
Deleteනාඩියා එළ ආහ්..ලෙසටම ලියලා තියෙනවා...මට බෝල දෙක වුනේ නැ බොල..ඉස්පෙෂල් මිටිමෙන් පස්සේ මම හොදට ක්රීඩා කලා හරිය..
ReplyDeleteහ්ම්ම් හ්ම්ම්ම්..අපිත් ඒක නම් දැක්කා....
Deleteගල් වැලි නැති සුපිරි මඩ
ReplyDeleteසුපිරිම එක!
Deleteකස්සා ප්ලස් !! නාඩියෝ එල්ලමි උඹව !! >:(
ReplyDeleteහික්ස්! හික්ස්!!! කොහෙද එල්ලන්නේ??? :P
Deleteමෙයා කවදා ඉඳන්ද බ්ලොග් කියවන්න පටන් ගත්තෙ
Deleteගම්පහ ඇයන්ට ස්තුතීයි
ReplyDeleteඅනිවාර්යෙන්ම ස්තුති කරන්න ඕනේ...
Deleteමමත් ඇහුවෙ සමියගෙන් "මොකෝ බන් k එකක් දාල දුන්නෙ කියල ඌ කිවුවෙනම් මේකගෙ බැල්ම හින්ද දැම්ම කියල. මොනාද බන් අර ලොකු මල්ලෙ තිබුනෙ.
ReplyDeleteඅපේ අවිහිංසක බැල්ම බං..... ලොකු මල්ලේද??බිල්ලෙක් හිටියේ!
Deleteහැක් ... හැක් ... හොඳට ලියලා තියෙනවා .. කදිමයි ..
ReplyDeleteහ්ම්ම් හ්ම්ම්....
Deleteපඬුපුල්ආසනේ ඇයි යකෝ උණු වෙන්නෙ නැත්තෙ...හයියූ..මයෙ පපුව...:‘(
ReplyDeleteමොකෝ මොකෝ??පපුවේ අමාරුවක්ද???
Deleteමොනා වුනත් නොගිය අපිට කස්ටිය ගැන දැනුවත් කරාට තැන්කූ නාඩියො!බක්මහේ උළෙලට එන්නම් හොඳේ....
ReplyDeleteසෑමා හෙන ගායකයා ඌ තම ප්රසිද්දම එකා.
ReplyDelete