නාඩි සෙට් එක

Tuesday, November 27, 2012

"සී-හෙළ" නාඩියාගේ අතිවිශේෂ හෙළිදරව්ව!


මා හිතාදර නාඩි ප්‍රිය ජනතාවනි, හෙළයෙක් වශයෙන් අපට ඉතා ආඩම්බර විය හැකි අති මනලෝලි සොයාගැනීමක් ඔබ හමුවේ තැබීමට අවසර....

නාඩියා නාඩිරත්න (එනම් මං තුමා) මේ උත්කෘෂ්ට සොයා ගැනීම සිදු කලේ assignment එකක් නට්ටටම කෙලවී ඇති අති පජාත අවස්තාවක නොවන බව කරුනාවෙන් සලකන්න...මෙය වනාහි හෙළයන්ගේ ප්‍රෞඩත්වය හා තාක්ෂණික දැනුම් සම්භාරය ලොවට හඩගා කියන්නා වූ තවත් එක් ස්වර්ණමය අවස්ථාවකි!

රාවණා යුගයේ සිට පැවත එන ඉපැරණි පුස්කොල පොත් වල ෆොටෝ එක්ක අති ඉපැරණි තාක්ෂණික වාර්තා ගැඹුරින් විශ්ලේෂණය කිරීමෙන් මෙම මතය සනාත කල හැකි බවට දෙස් විදෙස් බොහෝ වියතුන් මට ඊ පණිවිඩ හා ඇස්.ඇම්.ඇස් ඒවා ඇත...ඒ වගත් මෙසේම....

ඔබ C දන්නවාද??එය හුදෙක් ඉංගිරිසි භාෂාවේ තුන් වෙනි අකුර නොවේ! C වනාහි තුන් වෙනි පරම්පරාවේ පරිගණක භාෂාවක් ලෙස හදුන්වන මෙව්වා එකකි...ඒ ගැන ඔබට වැඩි දුර කරුණු මේක ඔබා දැන ගත හැක.

නාඩියා කැම්පස් ගත වීමෙන් පසු පළමු සමාසිකයේ(එය අනේ අනිච්චං හේතු නිසා නමාසිකයක් බවට පත් විය) මේ C අකුර පිලිබඳ ඉගෙන ගැනීමට නියමිතව තිබුණි...දැනටද එහි ඇති කෙළිලොල් බව නිසා මං තුමා ඒ පිලිබඳ වැඩි දුර පරීක්ෂණ පවත්වමින් සිටිමි.දැනට හෙළි වී ඇති ,ඔබාමා ප්‍රමුඛ බටහිර ගැති විජාතික බලවේග විසින් සඟවා තබාගෙන ඇති C පිළබඳ හෙළි නොවූ තතු මෙසේය!

C භාෂාවේ සම්භවය හා විකාශනය හෙළදිව ඇසුරින් සිදුවී ඇත!

බොහෝ පරිගණක භාෂා වල මූලය C වන්නා සේම සිංහලයේද මුලය C ය!
C-හෙළ > සී-හෙළ > සිනහෙළ > සිංහල

නුතනයේ අපි C ක්‍රමලේඛයක් compile කරනවා කියයි! නමුත් පුරාණ පුස්කොල පොත් වල දක්වා ඇත්තේ අපේ පුරාණ මෘදුකාංග ඉංජිනේරුවන් එය “කපෝති” කරනවා ලෙස හැදින්වූ බවයි!
Compile > කොම්පයිල් > කොපාල් > කෝපත් > කපෝති 

එහිදී දෝෂයක් පැන නැගීම “error” එකක් ලෙස හැදින්වුවද එහි විකාශනය සිදු වී ඇත්තේ
Error > එරර් > එරෙන් > එරෙනවා ලෙසටය!

ආඩම්බරයි නේද හෙලයිනි....

එසේම bug යන වචනයද “බොග” යන වචනය ඇසුරින් තනා ගත් එකක් බව පැහැදිලි වන්නේ දෙකම අනවශ්‍ය අවස්ථා වල පැන නැගී ප්‍රශ්න ඇති කරන බැවිනි!

එසේම මෙහිදී භාවිතා වන data type හෙවත් දත්ත වර්ග ද සිංහල ඌරුවට අනුව හැඩ ගැසී ඇති අපුරුව බලන්න.
Int > ඉන්ට් > ඉන්ට > ඉලක් > ඉලක්කම්
Double > ඩබල් > දශම් > දශම
Char > චා > චාටර් (මෙය එක් සංකේතයක් පමණක් ගබඩා කල හැකි කුජිත එකක් බැවින් ඉපැරණි මෘදුකාංග ඉංජිනේරුවන් මේ නාමය භාවිතා කරන්නට ඇත)

එසේම මෙහි ඇති array යන යෙදුම දත්ත ගබඩා කිරීම වියන්ගාර්තයෙන් ප්‍රකාශ කිරීමට ඉතා අපුරුවට යොදා ගෙන ඇත!
දොර ඇරේ” යන යෙදුම විමසා බලන්න..එහි “ඇරේ” යන පදයෙන් යම් කිසි විවෘත වීමක් අදහස් කරයි..එසේම සී භාශාවේද “array” යන්නෙන් දත්ත ගබඩා කරන ස්ථානයක් විවෘත කරනවා මෙන් අදහසක් ගෙන දේ!

මේ ආකාරයෙන් විමසා බලන කල්හි “සී” යනු හෙළයන්ගේම තවත් සාඩම්බර නිපැයුමක් බව අප පිලි ගත යුත්තේමය!

සියලු C කාරයෝ ගොඩ යත්වා!!!!



ප.ලි - දයාබර කොම්පිතර හිතැති ජනතාවනි, මේ ඔබේ හුදු පහන් සංවේගය තකා කෙටූ නාඩියකි! දවසම අඟල් 14.1 දිහා ඔටවාගෙන බලා සිටීමෙන් මෙවැනි දාර්ශනික අදහස් පහල විය හැක!ප්‍රවේශම් වන්න!


ලයික් එකක් දාලම යමු ඈ!

65 comments:

  1. ආ උඹටත් හැදුනද අසනීපේ.. ප්‍රීතී ප්‍රීතී ප්‍රීතී නාඩි

    ReplyDelete
    Replies
    1. මොන අසනීපේද බං! එහෙනම් ප්‍රීති ඈ!

      Delete
  2. එල නාඩි!!! අපිත් (c හෙළ) ලේසි නෑ බලන් ගියාම. උඹගේ සොයා ගනීමට ජයවේවා..!! පැහැදිලි කිරීමේ පහසුවට ඉස්කිරින් සොට් එකකුත් දාල තියන්නේ :D :D
    සතියකට එකක් වත් මෙහෙම නාඩියක් වැටෙනවා නම් මරු..

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා! ඔන්න සොට් එකකුත් තියනවා! සතුයකට සැරයක් නේ...බලමු බලමු.... :)

      Delete
  3. පට්ට ආ නාඩියෝ.සිංහලෙන් නාඩි වැටෙන එකෙක් ඉන්න එකත් සතුටකි :D

    ReplyDelete
    Replies
    1. අඩේ ඕනේ භාෂාවකින් ඕනේ ජාතියකින් නාඩි වැටෙන්නේ එකම විදිහට බං

      Delete
  4. wargapurnikawa hodai balagena yanakota mu liyana keppath ekka. He he
    Ela ela man nam owata kemathei.

    ReplyDelete
    Replies
    1. මේවා කෙප්ප නෙවෙයි බං! අලුත්ම සොයා ගැනීම්!

      Delete
  5. මෙයාටත් රාවනා ලෙඩේ බෝ වෙලා වගේ...කමක් නැ කමක් නැ සතුටුයි.. ඒත් ඔලුව නරක් කරගන්න නම් එපා.
    සමකය වටේ (samakaya wate)වෙනසක් කළා. එන්න රවුමක් දාන්න වෙනස ගැන අදහසකුත් කියලම යන්න.

    ReplyDelete
    Replies
    1. හප්පේ නෑ! මේවා රාවණා ගේ කාලේ ඉඳන් එන පොත් වල තිබ්බා කියල තමයි කිව්වේ..! එයා වැඩිය මේකට සම්බන්ධයක් නෑ!

      Delete
  6. මෙයා මාර හෙළයෙක්නේ !
    :D

    ReplyDelete
  7. හික්ස්... මේ වගේ ඒවා පහල වෙලා නතර වෙච්ච එකම මදෑ,...

    ReplyDelete
    Replies
    1. තාම නතර වෙලා නෑ වගේ.......තව එනවා වගේ තේරෙනවා!

      Delete
  8. මම කිව්වා කියලා හිතාගන් ...

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  9. මෙච්චර කල් c කොලා මේවා නිකම් වත් හිතුනේ නෑනෙ....

    ReplyDelete
    Replies
    1. ඒකනේ!!! හිමිට හිමිට හිතපන්! නැත්නම් අන්ද කයිප්පු වෙන්න පුළුවන්!

      Delete
  10. පිස්සු හැදෙන සඳ.... නාඩියාට වෙච්ච වැඩේ .. හයියෝ.....
    ජයරත්ත මහත්තයා ආගිය අතක් නැති නිසා උඹලාවත් මේ වැඩේ දිගටම ඇඳගෙන යන එක හොඳයි...

    ReplyDelete
    Replies
    1. අප්පේ දිගටම ඇදගෙන ගියොත් ලෙචා මගේ බෙල්ල මුලින්ම shut down කරලා දායි!

      Delete
  11. උඹට වර්ගපූර්නිකාවේ ආචාර්යා තුමා නඩු දායි යකෝ කෙප්ප කෙලිනවට.

    ReplyDelete
    Replies
    1. අනේ! Cතාසියක් එවයිද දන්නේ නෑ නේ?

      Delete
  12. නියම ම පිස්සුවක් C කළ හරියක්.ජය වේවා!

    ReplyDelete
  13. ආ... බලනකොට හෙළුවෙන්ම වනලා තියනවානේ

    ReplyDelete
  14. aththa mata nam epa wela me raawanage wikarai
    e ayage Compile > කොම්පයිල් > කොපාල් > කෝපත් > කපෝති wage
    wihilu wadai...

    ReplyDelete
    Replies
    1. මේ ඔබේ ලේ පිරිසිදු කර ගැනීම සඳහාය! :)

      Delete
  15. ‘නාඩියාගේ අතිවිශේෂ හෙළිදරව්ව‘ කිව්වම මම හිතුවෙ මූ මේ ‘අතිවිශේෂ‘ ගැන කතාකරනවය කියල. මේ වෙන වැල් බයිලයක්නේ, චෑහ් ..

    ReplyDelete
    Replies
    1. හික්ස්! අති විශේෂ වගේ තමයි! බයිලා නෙවෙයි බං මේ C !

      Delete
  16. ඇත්තටම බැරැක් ඔබාමවත් කරලා නැතුව ඇති මෙච්චර හොඳ හෙලිදරව්වක්.. මටත් සතුටුයි නදියා ත් සී කරනවා කිවම...

    කවුරැ කවුරැත්
    නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!

    ReplyDelete
    Replies
    1. හික්ස්! ඒකනේ...ඔබාමා මේවා දන්නේ නෑ බං!

      Delete
  17. ඒ පාර උඹත් පටන් ගත්තාද බන් අර රාවණා වගේ ලයින් දෙන්න... හිකිස් ඊයෙ පෝයත් තිබ්බ හින්ද මොකුත් නොහිතා ඉන්නංකෝ!!
    (මොනව උනත් වටින ඉතිහාස කරුණු ටික..අපරාදේ කියන්න බෑ..)

    ReplyDelete
    Replies
    1. පෝය ඊයේද?? අප්පට සිරි! ඒක තමා!

      Delete
  18. ඔබතුමා රාවණා යුගයට අයත් බ්ලොග් පිටු වැඩි වශයෙන් පරිහරණය කරන බව පෙනේ, මේ පිළිබඳව අවධානයෙන්, පාලනයකින් යුතුව කටයුතු කරන්නේනම්, අනාගතයේ සෑදිය හැකි ධරුණු ගණයේ අසනීපයකින් වැළකීමේ අවස්ථාව ඔබ සථුඉ.....

    ReplyDelete
  19. C කාරයොන්ට ජය වේවා!!! අපිට ජයවේවා!!!! හඳ පායනකොට මොකක්ද මොදුවෙනවලුනේ මී ජයගෙ පිස්සුව මේකටත් හැදීගෙන එනවද කොහේ.

    ReplyDelete
    Replies
    1. මී ජයා ගේ තරම් එකක්නම් මටනං නැතෝ!!

      Delete
  20. අඩෝ පට්ට සීන් එක නේ!!! එහෙනං ඔය සුද්දෝ හෝ ගාලා වැඩ දාන්නේ අපේ ගැජට් වලින් ඈ..... ආඩම්බරයි!!!

    ReplyDelete
    Replies
    1. ඒකනේ ඒකනේ!! අපිට අගයක් නෑ ඉතිං!

      Delete
  21. අම්මට සිරි නාඩියගේ C කසාදය නරකටම හිටලා නෑ එහෙනම්. දැන් C වලින් කපෝති කරනකොට එරාගෙන බොගද set වෙනවා කියල නේද ඔය කියන්නෙ.

    ReplyDelete
    Replies
    1. නැත්නම් නැත්නම්..ඒක තමා මේ වෙලා තියන්නේ....!

      Delete
  22. අඩො මෙක නම් ෆට්ටම ෆට්ට

    ReplyDelete
  23. අපිත් අවා මේ පැත්තට ඇවිත් යන්න.. නියම පොස්ට් එකක් ඇමරිකන් කාරයෝ අදවෙනකන් පාවිචි කරලා තියෙන්නේ අපේ බාසවනේ

    ReplyDelete
    Replies
    1. නැත්නම් නැත්නම්...අපේ එක තමා!!

      Delete
  24. උඹේ මේ උත්කෘෂ්ඨ සොයා ගැනීම ගැන කියවලා මගේ හෙළු ලේ කකියනවා බොල... බොට ජයම වෙන්න ඕනෙ.... ඔලුව තදට කොහෙ හරි වැදුනා නම් දේශීය නිෂ්පාදනයක් එතන හොදින් ගල්වා තදින් අතුල්ලනු.

    ReplyDelete
    Replies
    1. දේශීය නිෂ්පාදනයක් කිව්වේ අයියේ.....දංකොටු එකක් වගේද...?

      Delete
    2. හයියූ උඹ හිතන දේවල්... මම කිව්වෙ අර ............වෙද මහතෙකි ඔබෙ ගෙදර වර්ගය ගැන.

      Delete
  25. අද තමයි මචෝ මේ පැත්තට ආවේ ,,,
    පොස්ටුවනම් ෆට්ට ආ ...
    ජයෙන් ජය !!!

    ඇවිත් යන්න එන්න " The අච්චාරු පිටුව "

    ReplyDelete
    Replies
    1. තැන්කු ඈ!! එල එල දිගටම වරෙන්කෝ එහෙනම්!

      Delete
  26. මම හිතුවේ මීවන පලානයාගේ දිෂ්ටියක්වත් බොට වැහිලද කියලා හෙහ් හෙහ් හෙහ් හේ

    ReplyDelete
  27. නාඩියා පලවෙනි සිංහල ප්‍රොග්‍රෑම් එක කොම්පයිල් කොරද්දි ෂැගියත් ලග හිටිය මත්කද...???????

    ReplyDelete
    Replies
    1. නැත්නම් නැත්නම්! හිටියා නේන්නම්!

      Delete
  28. ප්‍රින්ට්එෆ් ("ඇයි යකෝ මේක අවුරුද්දකට කලින් හොයා නොගත්තෙ. \ඇන් එහෙනම් දෙයියනේ කියල සිංහලෙන්ම ප්‍රෝග්‍රෑමෙ ටයිප් කරල ගොඩ දානවනේ.. ")සෙමිකෝලං.

    ReplyDelete
    Replies
    1. යකෝ සෙමි කෝලන් අතමක උනානේ!!

      Delete
  29. Thamange jathiya apahasayata lak karana konda pana nethi niwatayo

    ReplyDelete
  30. පිස්සූ ඈ මම සර්ච් කලේ වර්ගපූර්ණිකාව හම්බුනේ මේක . හෙළ ජොගී

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...