සැප්තැම්බර්
මාසේ පළවෙනිදා මම නාඩියා හිටියේ කුමන කැලේ මැද්දේ....සත්තු බලන්න කියලා දවස තුනක්
විතර කැළැවල් ගානේ හිටියේ....ඔන්න මෝබයිලාවට මැසේජ් එකක් ආවා..මේ ගමන mobitel එකේ අක්කානෙවෙයි...ශාරුක් අයියත් නෙවෙයි..අමුතුම එකක්...
නාඩියා Youth fest 2012 ගියාට පස්සේ සමාජ
සේවා වැඩකටයුතු වලට සම්බන්ධ උනානේ...ඔන්න ඒකට සම්බන්ධ එකක්...Needy
Readers කියල IMCD එකෙන් කරන සමාජ
මෙහෙවරක්ලු...එන්න ඒ වැඩපිළිවෙලේ volunteer කෙනෙක් විදිහට වැඩ කරන්න කියල තමයි මැසේජ් ඒක ඇවිත්
තිබ්බේ..කොහොම කොහොම හරි...හොඳ දෙයක් නේ කියලා නාඩියා අතීසාර මිත්තර පොලොස් මාමත්
එක්ක ඔන්න ඒ වැඩේට සෙන්ටිමෙන්ටල් උනා....
මල් කැකුලකටපාට දෙන්න කියලා නාඩියා කෙටුවේ ඔන්න ඔය ගැන...
එදා අපි
ඉල්ලපු ඉල්ලීම් වලට ලංකාවේ විතරක් නෙවෙයි...ලෝකේ වටේම නාඩි වැටෙන මිනිස්සු හරිම
පුදුමාකාර විදිහට ප්‍රතිචාර දක්වලා තිබුනා...එදාම මට කතා කරපු දැනට දුර රටකට ගිහිං
ඉන්න මගේම ආදරණිය ගුරුතුමී ඒ පුංචි මල් කැකුළු වලට ලොකු පරිත්‍යාගයක් කළා...
බ්ලොග් ලෝකේ
අපේ අයත් හරිම ලස්සනට මේ සත්කාරයත් එක්ක
පෙළ ගැහුනා...BMICH එකේ පොත් ප්‍රදර්ශනේට
ආපු red riding hood, ධරණී,
මනියා,හිරුහිමාවී, සැගියා වගේ ගොඩක් කස්ටිය Needy Readers කස්ටියත් එක්ක එකතු උනා...(නාඩියා හොරෙන්ම
කස්ටිය එනවා බලාගෙන හිටියේ ඈ! ;) ) ධරණී ළමයා එයාම ලියපු පොතක් ගෙනත් දුන්නලු ඔන්න..ඒක
අලංක්රුතයි ඈ!
ඔක්තෝම්බර්
මාසේ 5 වෙනිදා හංවැල්ල තුන්නාන ශ්‍රී සුමනජෝති ඉස්කෝලේ පොඩි පහේ උත්සවයක් තියලා ඒ
පුංචි මල් කැකුළු වලට පොත් බෙදා දුන්නා...ලංකාව පුරා ඉස්කෝල..පුස්තකාල...සංස්කෘතික
මධ්‍යස්ථාන...මේ වගේ තැන් වලට Needy Readers අපේ කස්ටිය බෙදා දුන්නු පොත් ගාන 12,000 ත්
පැන්නුවා! ඒ ඔක්කොම ඉතින් නාඩි වැටෙන ඔයාලගේ අතින් දන් දීපු පොත්!
හැමෝටම එහෙනම්
ඔන්න ස්තූතියි කිව්වා... :)
ඔන්න SundayTimes එකෙත් අපි ගැන
ලියල තිබුනලු ඈ!ෆොටෝ එකේ හරිම ලස්සන කොල්ලෙක් ඉන්නවා නාඩියා කියල! ස්වාධිනරුපවාහිනියේත් අපි ගැන නිව්ස් එකක් දැම්මලු..
ආයේ කියල වැඩක් නෑ...Volunteer
team එකත් හරිම
ආතල්! පිස්සු බම්ප් වෙච්ච ජනතාවකගෙන් සැදුම් ලත් හරිම අපූරු කණ්ඩායමක්!
වැඩ කරන ගමන්
පිස්සු කෙලින්න දන්නෙම නෑ!
ඔයාල අපිට භාර
දීපු පොත් ඔක්කොම වගේ අපි එකතු කෙරුවේ බොරැල්ලේ මැගසින් ඒක ඉස්සරහ තිබිච්ච අපේ
උපාලි අයියගේ බෝඩිමේ...බෝඩිමේ ඉන්නේ හතර දෙනෙක් උනාට ඒ මාස දෙක තුනේ හැමදාම හය හත්
දෙනෙක් බෝඩිමේ නයිට ගහනවමයි...වහලේ ළඟටම ගොඩ ගැහිච්ච පොත් ගොඩවල් අස්සේ කාඩ්බෝඩ්
එලාගෙන නිදා ගත්ත හැටි...දෙමටගොඩ නයිට් කඩේ නිදා ගත්ත හැටි....සතුට වැඩිකමට
ගල්කිස්සේ මූදට පැන්න හැටි... NRPL 2012 වගේ හරිම ලස්සන මතකයන් ගොඩාරියක් මේත් එක්ක එකතු උනා..
ඔන්න ළමයිනේ Needy
Readers 2013 ත් තියන්නයි
අපේ ලෑස්තිය! ලංකාවේ දුර ඈත පළාත් වල අපේම නංගිලා මල්ලිලා ගොඩකට පොත් පත් බෙදා
දෙන්න අපි හිතාගෙන ඉන්නවා..
අපිත් එක්ක
එකතු වෙන්න කැමතිනම්...රටට සමාජෙට සේවයක් කරන්න ඕනේ කියල හිතෙනවනම්..... Needy
Reader 2013 Volunteer Team එකත් එක්ක
එකතු වෙන්න ඔයාටත් පුළුවන්...
වැඩි විස්තර
ඕනෙනං නාඩියා අතමන්නකෝ ඈ... :)
එල කිරි වැඩක් !
ReplyDeleteආයෙත් අහලා!
DeleteMan me kiyanna yana mewwa eka me nadiyata nam adhaala netha.eheth nokiyama beriya.
ReplyDeleteNadiyage nadi godak kiyewwe adaya.ewa nam maruya.maru kiynne mare maruya.pissu bamp wena tharamata alankruthaya...
Wedi wediyen naadi kotanta ideas pahala wewai bokkenma pathami :)
වෙරිම වෙරි තැන්කු ඈ! දිගටම මේ පැත්තේ නාඩි වැටෙන හැටි බලන්න එන්නකෝ ඈ....
Deleteඑල කිරි වැඩක් නාඩියත් ඉඳල හිටලා නාඩි වැටෙන වැඩක් කොරනවා කියලා දැනගන්න ලැබීම සතුටක් :)
ReplyDeleteඅපි හැමදාම ඉතින් නාඩි වැටෙන වැඩ තමා කොරන්නේ..ඉඳලා හිටලා අලුගුත්තේරු වැඩක් කොලාට... ;)
Deleteඒක ඉතින් වයසේ වැරැද්ද නේ
Deleteනියමයි! ඔබට ජය!
ReplyDeleteහ්ම්ම් හ්ම්ම්...ස්තූතියි ඈ... :)
Deleteඔබගේ සද් කාර්යයට සුබ පැතුම්. හෙට (30) දිනමිණ පත්තරෙත් යනවා බ්ලොග් කරුවන්ගේ සමාජ සද්කාරයයක් ඒ ඔයාලගේ එකමද මට මතක නැ හෙට බලන්න.
ReplyDeleteඑන්න සමකය වටේ රවුමක් යන්න
නළින් අයියා දිනමිණ පත්තරේ යන්නෙ බ්ලොග් අවකාශයේ මිතුරෝ සංවිධානය කරපු සත්කාර්යයේ විස්තර... අද (29/10/2012) අද පත්තරෙත් ඒ ගැන සටහන් වුනා. ඉදිරි දිණවල ලංකාවෙ අනිකුත් ජාතික පුවත්පත් වලත් ඒ බැවි ලියැවේවි.
Deleteකවුරු කලත් හොද දේ හොදමයි... මේ සත්කාර්යයත් බොහොම සාර්ථක වෙන්නට පතනවා... ආධාර දීමේදී සැබෑම අවශ්‍යතාවය ඇති පිරිසට තමයි ඒවා ලැබෙන්න ඕනෙ... ජය !
නලින් අයියේ..මේකත් ඒ වගේම සත්කාරයක් තමයි....අනිවා ඒක කියවන්නම්...
Deleteඔව් සිරා අයියේ....යමක් කමක් කර ගන්න පුළුවන් මිනිස්සු විදිහට අපිත් අතපය බදාගෙන හිටියොත්......??ඒක හොඳ නෑනේ නේද?
අනිවාර්යයෙන් නාඩියා... සල්ලි වලට ගන්න බැරි මනුස්සකමේ සතුට හොදින් විදින්න පුලුවන් මෙවැනි දේ කිරීමෙන්...
Deleteහි හි.. මාත් යන්තම් මේකට වත් අත දුන්නනේ.. පුදුම විදියට සතුටුයි... හි හි...
ReplyDeleteබලමු ඊළඟපාර මීට වඩා දෙයක් කරන්න පුළුවන් වෙයි...
පොත් ගුල්ලියෙක්ගෙන් සුභ පැතුමි....
බොහොත් බොහොත් තැන්කු ඈ!
Deleteහොඳ වැඩක්නේ.. සාර්ථක වෙන්නට පතනවා...ජයවේවා !
ReplyDeleteබොහොම ස්තූතියි... :)
Deleteබොහොම හොඳ වැඩක්, සියලු කටයුතු සාර්ථක වේවා මචෝ!!
ReplyDeleteතැන්කු වේවා මචෝ!
Deleteනාඩියා,
ReplyDeleteඅපි හැමෝම සමාජෙට බනිනව. ඒත් නාඩි ගැහෙන වැඩක් දැක්ක ගමන් අපේ නරක මිනිස්සු ගොඩක් දෙනෙක් හොඳ පැත්ත හැරෙනව. ඒක තමයි අපේ රටේ හැටි. මිනිස්සුන්ගෙ හොඳ මොනව හරි දෙයක් නිසා වැහිල තියෙන්නෙ. ඒත් උවමනාවක් උන ගමන් ඒ හොඳ උඩට එනව. තියෙන ප්‍රශ්නෙ ඒ හොඳ උඩට ගන්න පෙරමුණ ගන්න කෙනෙක් නැති එක. අන්න එතනදි තමයි උඹල වගගේ එවුන් හැබෑවටම නාඩි වැටෙන මිනිස්සු විදිහට ඉදිරිපත් වෙන්නෙ. එතකොට අපෙත් නාඩි වැටෙන බව අපිට දැනෙනව. අපේ නාඩි වැටෙන බව පෙන්නුවට උඹට පින්. උඹලගේ ඊලඟ සත් කාර්යයට හැකි උදව්වක් කරන්නං.
ජය වේවා.
ඒක ඇත්ත බං..මිනිස්සුන්ට අපි "ජිවත් වෙනවා" කියල මතක වෙන්නේ ජිවිතෙන් ගොඩක් කාලයක් ගියාට පස්සේ...
Deleteබොහොම ස්තූතියි ඈ.. :)
හුඟක් වටින වැඩක්.. සියලු කටයුතු සාර්ථක වේවා!
ReplyDeleteතැන්කු ඈ!
Deleteමටත් අත බැරිනං කකුලක් හරි දෙන්න ඕනි.. ඉන්න බලන්න කෝල් එකක් දෙන්න
ReplyDeleteඑල එල....කකුලක් හරි දීපන්කො! :D
Deleteබොහෝම පිංඅතේ වැඩක්.....ඔයාලට සුභ පතනවා තව තවත් මේ වගේ වැඩ කරන්න ශක්තිය ලැබෙන්න කියල.......
ReplyDeleteබොහොම ස්තූතියි... :)
Deleteනියමයි..
ReplyDeleteජය වේවා..
ජය!
Deleteසුපිරි වැඩක් ජයවේවා ...!!!
ReplyDeleteටැංකු ඈ!
Deleteඑල කිරි සුපිරි වැඩක්...! සාර්ථක වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා.
ReplyDeleteබොහොම ස්තූතියි !!!
DeleteThis comment has been removed by the author.
ReplyDeleteඅනිවා!!!!!
ReplyDeleteනාඩියා ..,අපට බැරිද පොත් ටිකක් පොස්ට් කරලා ලැබෙන්න සලස්වන්න..පුලුවන්නම් ඒ කොහොමද?කියන්න පුලුවන්ද?
ReplyDeleteකොහෙද පොත් ටික තියෙන්නේ කියන්න බලන්න...අපි එකතු කර ගන්න බලන්නම්.....
Deleteඔයාල එකතු කරන්න පටන් ගත්තම කියන්නකෝ!පොත් ටික තියෙන්නේ රත්නපුරේ!
Delete:D
රත්නපුරේ! කිසි ප්‍රශ්නයක් නෑ.... 071 666 3282 -උපුල් සේනානයක සහෝදරයාට කතා කරන්න...
Deleteබොහොම ස්තූතියි ඈ.. :)
එළ නියම වැඩක් බන්.
ReplyDeleteබලමු ඊලඟ එකට මාත් මොනවාහරි කරන්නම්
එල එල!
Deleteela..ela kiri wadak ne..all the best machoo...
ReplyDeleteතැන්කු ඈ!
Deleteනාඩියත් සෙල්ලං පොරක් නෙමෙයි නේද
ReplyDeleteසෙල්ලම් නෑ ඈ!
Deleteදැයේ දරුවන්ට දැනුම් සයුරෙන් දිය දෝතක් දුන්නු ඔබ සැම දෙනාටම පිං
ReplyDeleteබොහොම ස්තූතියි... :)
Deleteසුභ පැතුම්!
ReplyDeleteහොද වැඩක් ! සුබ පැතුම් !
ReplyDeleteඅද තමයි මේ පැත්තට අවේ අද ඉදන් ඉතින් හැමදාම කරක් ගැහුවට කමක් නැනේ :)
ඇවිත් යන්න එන්න, "The අච්චාරු පිටුව"
අදමයි ආවේ ..සුබ පැතුම..කවුරැ කවුරැත්
ReplyDeleteනිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!